الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා ق හි පරිවර්තනය
Verse 1
ﭑﭒﭓﭔ
ﭕ
කීර්තිමත් අල් කුර්ආනය මත දිවුරමින්.
Verse 2
නමුත් අවවාද කරන්නෙකු ඔවුන් අතුරින්ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූහ. එවිට “මෙය පුදුම සහගත කරුණකි”යැයි දේව ප්‍රතික්ෂේපකයෝ පැවසූහ.
Verse 3
“අප මිය ගොස් පස් බවට පත් වූ විට (යළි ජීවය දෙනු ලබන්නේ) ද? එය අන්ත හැරී ඒමකි.
Verse 4
මහපොළොව ඔවුන්ගෙන් අඩු කර දමන දෑ ගැන සැබැවින්ම අපි දනිමු. තවද අප අබියස ආරක්ෂිත පුස්තකයක් ඇත.
Verse 5
නමුත් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝය. එවිට ඔවුහු අවුල් සහගත තත්ත්වයක වූහ.
Verse 6
ඔවුනට ඉහළින් ඇති අහස දෙස අපි එය ඉදි කර ඇත්තේ කෙසේ දැයි ද තවද අපි එය අලංකාර කර ඇත්තේ කෙසේ දැයි ද ඔවුහු නොබැලුවෝ ද? තවද පලුදු කිසිවක් එයට නැත.
Verse 7
තවද මහපොළොව අපි එය දිගු හැර එහි කදු ස්ථීරව හෙළුවෙමු. තවද අපි ඒ තුළ මනහර සෑම වර්ගයක්ම යුගල වශයෙන් හට ගැන්වූයෙමු.
Verse 8
ﮙﮚﮛﮜﮝ
ﮞ
(එසේ කළේ තම පරමාධිපති වෙතට) යොමු වන සෑම ගැත්තෙකුටම පෙන්වා දීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.
Verse 9
තවද අපි අහසින් ආශීර්වාද ලත් ජලය පහළ කළෙමු. එමගින් අපි වතු යායන් හා අස්වැනු නෙළනු ලබන බීජ ද හට ගැන්වූයෙමු.
Verse 10
ﮪﮫﮬﮭﮮ
ﮯ
තවද එහි එකිනෙකට ඇමුණුනු වලු සහිත උසින් පවතින ඉඳි ගස් ද (අපි හට ගැන්වූයෙමු.)
Verse 11
(එය) ගැත්තන්හට පෝෂණයක් වශයෙනි. තවද අපි එමගින් මියගිය භූමියක් ජීවමාන කළෙමු. (මිනි වළෙන්) බැහැර වීම ද එලෙසය.
Verse 12
ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද රස් වාසීහු ද සමූද් ජනයා ද
Verse 13
ﯤﯥﯦﯧ
ﯨ
ආද් ජනයා ද ෆිර්අවුන් ද ලූත්ගේ සහෝදරයෝ ද
Verse 14
අයිකා වාසීහු ද තුබ්බඃ ජනයා ද බොරු කළෝය. මේ සියල්ලෝම දහම් දූතයින් බොරු කළෝය. එහෙයින් මාගේ අවවාදය ඉෂ්ට විය.
Verse 15
මුල් මැවීමෙන් අපි ආයාසයට පත්වූයෙමු ද? නැත, (මිය ගිය පසු) නව මැවීම ගැන ඔවුහු සැකයෙහි වෙති.
Verse 16
සැබැවින්ම අපි මිනිසා මැව්වෙමු. තවද ඔහුගේ සිත කවර දෙයක් කොඳුරන්නේ ද එය අපි දන්නෙමු. තවද ගෙල නහරට වඩා අප ඔහු වෙත සමීපය.
Verse 17
එවිට දකුණු පසින් හා වම් පසින් වාඩි වී සිටින (රකීබ් අතීද් යන) වාර්තාකරුවන් දෙදෙනා සටහන් කර ගනිති.
Verse 18
ඔහු ඉදිරියේ අසලින් සිට (සියල්ල) නිරීක්ෂා කරන අයගෙන් තොර ව කිසිදු වදනක් ඔහු උච්චාරණය නොකරයි.
Verse 19
මරණයේ වේදනාව සැබෑ ලෙසින් පැමිණ ඇත. “නුඹ ඉන් මඟ හරිමින් සිටි දෑ එයයි.
Verse 20
තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. අවවාදයේ දිනය එයයි.
Verse 21
ﮆﮇﮈﮉﮊﮋ
ﮌ
තවද සෑම ආත්මයක්ම එය මෙහෙයවන්නෙකු හා සාක්ෂිකරුවෙකු සමග පැමිණ ඇත.
Verse 22
“සැබැවින්ම නුඹ මේ ගැන නොසැලකිලිමත් කමෙහි සිටියෙහිය. (දැන්) අපි නුඹේ තිරය නුඹෙන් ඉවත් කළෙමු. එහෙයින් අද දින නුඹේ බැල්ම (සැලකිලිමත් කමින්) තියුණුය.”
Verse 23
ﮚﮛﮜﮝﮞﮟ
ﮠ
“මෙය මා සතු ව සටහන් කරනු ලැබූවක්” යැයි ඔහුට සමීපයෙන් සිටින්නා පවසනු ඇත.
Verse 24
ﮡﮢﮣﮤﮥﮦ
ﮧ
“හිතුවක්කාර දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන,
Verse 25
ﮨﮩﮪﮫ
ﮬ
යහපත දැඩි ලෙස වළක්වාලන, සීමාව ඉක්මවා ගිය, සැකයෙන් පසුවන
Verse 26
අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කර ගත් සෑම කෙනෙකුවම නිරය තුළට නුඹලා දෙදෙනා හෙළනු. එවිට දැඩි දඬුවමට ඔවුන් දෙදෙනා හෙළනු.” (යැයි අල්ලාහ් අණ කරයි.)
Verse 27
“අපගේ පරමාධිපතියාණනි, මා ඔහුව නොමග යැව්වේ නැත. නමුත් ඔහු අන්ත මුළාවෙහි විය” යැයි ඔහුට සමීපත මිතුරා (ෂෙයිතාන්) පවසනු ඇත.
Verse 28
“මා ඉදිරියේ නුඹලා තර්ක නොකරනු. සැබැවින්ම මෙම අවවාදය නුඹලා වෙත මම ඉදිරිපත් කර ඇත්තෙමි.
Verse 29
මා ඉදිරියේ එම ප්‍රකාශය වෙනස් කරනු ලබන්නක් නොවෙයි. තවද මම ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවෙමි.”
Verse 30
“නුඹ පිරුණෙහිදැ?”යි අපි නිරයට පවසන දින “(මීට අමතර ව) තවත් යමක් වැඩියෙන් තිබේ දැ”යි එය විමසයි.
Verse 31
ﰁﰂﰃﰄﰅ
ﰆ
තවද දුරස්ථභාවයකින් තොර ව බිය බැතිමතුන් හට (ස්වර්ග) උයන සමීප කරවනු ලැබේ.
Verse 32
ﰇﰈﰉﰊﰋﰌ
ﰍ
නැවතත් නැඹුරු වූ සෑම කෙනෙකු සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ මෙයයි.
Verse 33
ඔවුහු අදෘශ්‍යමානයේ දී මහා කරුණාන්විතයාණන්ට බිය වී නැඹුරු හදවතකින් පැමිණ ප්‍රවේශමින් කටයුතු කරමින් සිටී ය.
Verse 34
ﰖﰗﰘﰙﰚﰛ
ﰜ
නුඹලා එහි සාමයෙන් ඇතුළු වනු. එය සදාකාලික දිනයයි.
Verse 35
ﰝﰞﰟﰠﰡﰢ
ﰣ
ඔවුනට එහි ඔවුන් කැමති දෑ ඇත. තවද (ඊට) අමතර දෑ ද අප අබියස ඇත.
Verse 36
මොවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුනට වඩා ඔවුන් බලයෙන් වඩාත් ශක්තිමත් වූහ. එවිට ඔවුහු (ඉන් පළා යන්නට) දේශයන්හි සැරිසරන්නට වූහ. (ඔවුනට) කිසිදු පිළිසරණක් වී ද?
Verse 37
කවරෙකුට හදවතක් වී ද එසේ නැතහොත් ඔහු සාවධානයෙන් සවන් යොමු කළේ ද ඔහුට නියත වශයෙන්ම එහි මෙනෙහි කිරීමක් ඇත. ඔහු සාක්ෂිකරුවෙකි.
Verse 38
තවද සැබැවින්ම අපි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයක් තුළ මැව්වෙමු. තවද කිසිදු වෙහෙසක් අපට ඇති නොවීය.
Verse 39
එහෙයින් ඔවුන් පවසන දෑ මත නුඹ ඉවසීමෙන් සිටිනු. හිරු උදාවීමට පෙර ද එය අවරට යෑමට පෙර ද නුඹ නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් සුවිශුද්ධ කරනු.
Verse 40
ﮊﮋﮌﮍﮎ
ﮏ
තවද රාත්‍රියේ ද සුජූද් කිරීමෙන් පසු ව ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.
Verse 41
තවද සමීප ස්ථානයක සිට අමතන්නා අමතන දිනයට නුඹ සවන් දෙනු.
Verse 42
සැබෑ ලෙසින්ම මහා හඬට ඔවුන් සවන් දෙන දිනයයි. එය බැහැර වීමේ දිනයයි.
Verse 43
ﮡﮢﮣﮤﮥﮦ
ﮧ
නියත වශයෙන්ම අපි ජීවය දෙන්නෙමු. තවද අපි මරණයට පත් කරන්නෙමු. තවද අප වෙතය නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ.
Verse 44
මහපොළොව ඔවුන්ගෙන් පැළී කඩිනමින් වෙන් ව යන දිනයයි. එයයි එක්රැස් කිරීම. එය අප වෙත පහසුය.
Verse 45
ඔවුන් පවසන දෑ පිළිබඳ මැනවින් අපි දැන සිටිමු. නුඹ ඔවුන් වෙත (බලහත්කාරයෙන්) බලකරන්නෙකු නොවේ. එහෙයින් මාගේ අවවාදයට බිය වන්නන්හට නුඹ අල් කුර්ආනය මෙනෙහි කරනු.
تقدم القراءة