الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الواقعة හි පරිවර්තනය
Verse 1
ﮃﮄﮅ
ﮆ
සිදු වන දෑ සිදු වූ විට
Verse 2
ﮇﮈﮉ
ﮊ
එම සිදුවීම බොරුවක් නොවෙයි.
Verse 3
ﮋﮌ
ﮍ
(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.
Verse 4
ﮎﮏﮐﮑ
ﮒ
මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට
Verse 5
ﮓﮔﮕ
ﮖ
තවද කඳු සුනු විසුනු කිරීමෙන් සුනු විසුනු කරනු ලැබූ විට
Verse 6
ﮗﮘﮙ
ﮚ
එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
Verse 7
ﮛﮜﮝ
ﮞ
එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහුය.
Verse 8
ﮟﮠﮡﮢﮣ
ﮤ
එනම් දකුණු පසට වූ ජනයා. එම දකුණු පසට වූ ජනයා යනු කවරෙක් ද?
Verse 9
ﮥﮦﮧﮨﮩ
ﮪ
තවද වම් පසට වූ ජනයා. එම වම් පසට වූ ජනයා යනු කවරෙක් ද?
Verse 10
ﮫﮬ
ﮭ
පෙරටුගාමීහු පෙරටු ගාමීහුය.
Verse 11
ﮮﮯ
ﮰ
ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.
Verse 12
ﮱﯓﯔ
ﯕ
(ඔවුන්) සැපවත් උයන්හිය.
Verse 13
ﯖﯗﯘ
ﯙ
මුල් අයගෙන් වූ පිරිසකි.
Verse 14
ﯚﯛﯜ
ﯝ
තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.
Verse 15
ﯞﯟﯠ
ﯡ
(ඔවුන්) අලංකාර කරන ලද කවිච්චි මතය.
Verse 16
ﯢﯣﯤ
ﯥ
ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.
Verse 17
ﭑﭒﭓﭔ
ﭕ
ළමා විය සදාතනික වූ ළමුන් ඔවුන් වටා යති.
Verse 18
ﭖﭗﭘﭙﭚ
ﭛ
දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)
Verse 19
ﭜﭝﭞﭟﭠ
ﭡ
එයින් ඔවුනට හිසේ රුදාව ඇති නොවේ. තවද ඔවුන් මත් නොවෙති.
Verse 20
ﭢﭣﭤ
ﭥ
ඔවුන් තෝරා ගන්නා පරිදි පලතුරු සමග
Verse 21
ﭦﭧﭨﭩ
ﭪ
ඔවුන් ආශා කරන පරිදි කුරුලු මාංශ සමග
Verse 22
ﭫﭬ
ﭭ
තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.
Verse 23
ﭮﭯﭰ
ﭱ
(ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය
Verse 24
ﭲﭳﭴﭵ
ﭶ
ඔවුන් (මොලොවෙහි) සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.
Verse 25
ﭷﭸﭹﭺﭻﭼ
ﭽ
ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.
Verse 26
ﭾﭿﮀﮁ
ﮂ
ශාන්තියයි ශාන්තියයි යනුවෙන් පවසනු ලැබීම මිස. (වෙන කිසිවකට සවන් නොදෙති.)
Verse 27
ﮃﮄﮅﮆﮇ
ﮈ
දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?
Verse 28
ﮉﮊﮋ
ﮌ
(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහිය.
Verse 29
ﮍﮎ
ﮏ
තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතරය.
Verse 30
ﮐﮑ
ﮒ
දිගු කරනු ලැබූ සෙවණැලි අතරය
Verse 31
ﮓﮔ
ﮕ
ගලා යවනු ලබන ජලය අතරය.
Verse 32
ﮖﮗ
ﮘ
බොහෝ පලතුරු අතරය.
Verse 33
ﮙﮚﮛﮜ
ﮝ
කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
Verse 34
ﮞﮟ
ﮠ
උස් ව තබන ලද ඇතිරිලි අතරය.
Verse 35
ﮡﮢﮣ
ﮤ
නියත වශයෙන්ම අපි ඔවුන් (අලංකාර) නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
Verse 36
ﮥﮦ
ﮧ
එවිට අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.
Verse 37
ﮨﮩ
ﮪ
පෙම්බර සම වයසැති
Verse 38
ﮫﮬ
ﮭ
දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)
Verse 39
ﮮﮯﮰ
ﮱ
(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි
Verse 40
ﯓﯔﯕ
ﯖ
තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.
Verse 41
ﯗﯘﯙﯚﯛ
ﯜ
තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?
Verse 42
ﯝﯞﯟ
ﯠ
(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය.
Verse 43
ﯡﯢﯣ
ﯤ
කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.
Verse 44
ﯥﯦﯧﯨ
ﯩ
තවද (එහි) කිසිදු සිසිලක් හෝ අලංකාර දර්ශනයක් හෝ නැත.
Verse 45
ﯪﯫﯬﯭﯮ
ﯯ
නියත වශයෙන්ම ඔවුහු එයට පෙර (මෙලොවෙහි) සැප විඳින්නන් ලෙස සිටියහ.
Verse 46
ﯰﯱﯲﯳﯴ
ﯵ
තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටින්නන් වූහ.
Verse 47
තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් සිටියහ.
Verse 48
ﰀﰁ
ﰂ
“අපගේ මූලාරම්භක මුතුන් මිත්තන් ද?”
Verse 49
ﰃﰄﰅﰆ
ﰇ
“නියත වශයෙන්ම මූලාරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය) නුඹ පවසනු.
Verse 50
ﰈﰉﰊﰋﰌ
ﰍ
නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති” යැයි
Verse 51
ﭑﭒﭓﭔﭕ
ﭖ
අහෝ බොරුකාර නොමග ගියවුනි!
Verse 52
ﭗﭘﭙﭚﭛ
ﭜ
අනතුරු ව නියත වශයෙන්ම නුඹලා zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.
Verse 53
ﭝﭞﭟ
ﭠ
එවිට එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.
Verse 54
ﭡﭢﭣﭤ
ﭥ
ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.
Verse 55
ﭦﭧﭨ
ﭩ
පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.
Verse 56
ﭪﭫﭬﭭ
ﭮ
මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.
Verse 57
ﭯﭰﭱﭲ
ﭳ
අපය නුඹලා ව මැව්වේ. එහෙයින් නුඹලා සත්‍යය කළ යුතු නොවේ ද?
Verse 58
ﭴﭵﭶ
ﭷ
නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
Verse 59
ﭸﭹﭺﭻﭼ
ﭽ
එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නේ අප ද?
Verse 60
නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. අපි අසරණයින් නොවෙමු.
Verse 61
නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලා ව (යළි) බිහි කිරීමටත්
Verse 62
ﮐﮑﮒﮓﮔﮕ
ﮖ
තවද මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
Verse 63
ﮗﮘﮙ
ﮚ
නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
Verse 64
ﮛﮜﮝﮞﮟ
ﮠ
එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අප ද?
Verse 65
ﮡﮢﮣﮤﮥﮦ
ﮧ
අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.
Verse 66
ﮨﮩ
ﮪ
“නියත වශයෙන්ම අපි ණය කාරයෝ වෙමු.”
Verse 67
ﮫﮬﮭ
ﮮ
“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” (යැයි පවසති)
Verse 68
ﮯﮰﮱﯓ
ﯔ
නුඹලා පානය කරන ජලය දෙස නුඹලා නිරීක්ෂා කොට බැලුවෙහු ද?
Verse 69
එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපද?
Verse 70
ﯝﯞﯟﯠﯡﯢ
ﯣ
අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?
Verse 71
ﯤﯥﯦﯧ
ﯨ
නුඹලා දල්වන ගින්න විමසිල්ලෙන් බැලුවෙහු ද?
Verse 72
ﯩﯪﯫﯬﯭﯮ
ﯯ
එහි ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අප ද?
Verse 73
ﯰﯱﯲﯳﯴ
ﯵ
අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගී(අවශ්‍යතා ඇත්ත)න්ට භාණ්ඩයක් ලෙසින් අපි එය පත් කළෙමු.
Verse 74
ﯶﯷﯸﯹ
ﯺ
එහෙයින් නුඹගේ අති මහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.
Verse 75
ﯻﯼﯽﯾﯿ
ﰀ
එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.
Verse 76
ﰁﰂﰃﰄﰅ
ﰆ
තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.
Verse 77
ﭑﭒﭓ
ﭔ
නියත වශයෙන්ම එය ගෞරවනීය කුර්ආනයකි.
Verse 78
ﭕﭖﭗ
ﭘ
ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහිය.
Verse 79
ﭙﭚﭛﭜ
ﭝ
එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති.
Verse 80
ﭞﭟﭠﭡ
ﭢ
ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.
Verse 81
ﭣﭤﭥﭦ
ﭧ
නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නොසලකා හරින්නන් ලෙස සිටිනුයේ එහෙයින් ද?
Verse 82
ﭨﭩﭪﭫ
ﭬ
තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන්ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?
Verse 83
ﭭﭮﭯﭰ
ﭱ
(කෙනෙකුගේ ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට
Verse 84
ﭲﭳﭴ
ﭵ
නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහුය.
Verse 85
තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් වෙමු. නමුත් නුඹලා නොදකිනු ඇත.
Verse 86
ﭾﭿﮀﮁﮂ
ﮃ
එහෙයින් නුඹලා වගකිව යුත්තන් නොවන්නෙහු නම්
Verse 87
ﮄﮅﮆﮇ
ﮈ
(නුඹලා සිතන පරිදි) නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය නැවත ගෙන එනු.
Verse 88
ﮉﮊﮋﮌﮍ
ﮎ
එහෙයින් ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතුරින් වූයේ නම්
Verse 89
ﮏﮐﮑﮒ
ﮓ
සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද වෙති.
Verse 90
ﮔﮕﮖﮗﮘﮙ
ﮚ
ඔහු දකුණු පස ජනයා අතුරින් වූ කෙනෙකු වූයේ නම්
Verse 91
ﮛﮜﮝﮞﮟ
ﮠ
එසේ නම් දකුණු පස ජනයා අතුරින් වූ ඔබට ශාන්තියයි.
Verse 92
ﮡﮢﮣﮤﮥﮦ
ﮧ
ඔහු නොමග ගිය බොරු කරන්නන් අතුරින් වූයේ නම්
Verse 93
ﮨﮩﮪ
ﮫ
එවිට ලෝ දියෙන් වූ නවාතැනකි.
Verse 94
ﮬﮭ
ﮮ
තවද නිරා ගින්නෙහි දැවීමකි.
Verse 95
ﮯﮰﮱﯓﯔ
ﯕ
ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන්ම මෙයමය.
Verse 96
ﯖﯗﯘﯙ
ﯚ
එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.
تقدم القراءة