الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الأعراف හි පරිවර්තනය
Verse 1
ﭑ
ﭒ
අලිෆ්, ලාම්, මීම්, සාද්
Verse 2
(මෙය) එමගින් නුඹ අවවාද කරනු පිණිස ද දේව විශ්වාසවන්තයින්ට උපදෙසක් ලෙස ද නුඹ වෙත පහළ කරන ලද දේව ග්‍රන්ථයයි. එබැවින් මෙමගින් නුඹේ හදවතෙහි ව්‍යාකූලභාවයක් ඇති නොවිය යුතුය.
Verse 3
නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා අනුගමනය කරනු. තවද ඔහු හැර (වෙනත් දෑ) භාරකරුවන් ලෙස ගෙන නුඹලා අනුගමනය නොකරනු. ස්වල්ප වශයෙනි නුඹලා උපදෙස් ලබනුයේ.
Verse 4
ගම්මාන කොතරම් අපි විනාශ කර ඇත්තෙමු. අපගේ දඬුවම රාත්‍රිය ගත කරමින් සිටිය දී හෝ ඔවුන් දහවල් කාලයේ නින්දෙන් සිටිය දී හෝ ඒ වෙත පැමිණියේය.
Verse 5
අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ අපි අපරාධකාරයින් ව සිටියෙමු යැයි පැවසීම මිස ඔවුන්ගේ ප්‍රකාශය නොවීය.
Verse 6
ﮉﮊﮋﮌﮍﮎ
ﮏ
කවරෙකු වෙත (දූතත්වය) එවනු ලැබුවේ ද ඔවුන් පිළිබඳ ව සැබැවින්ම අපි විමසන්නෙමු. එමෙන්ම එවනු ලැබූවන් පිළිබඳ ව ද අපි විමසන්නෙමු.
Verse 7
ඥානාන්විත ලෙසින් අපි ඔවුනට විස්තර කරන්නෙමු. තවද අපි (එයින්) සැඟවූවන් නොවූයෙමු.
Verse 8
එදින තක්සේරු කිරීම සැබෑවකි. එබැවින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද ජයග්‍රහකයෝ ඔවුහුමය.
Verse 9
තවද කවරෙකුගේ තුලාවන් සැහැල්ලු වූයේ ද ඔවුන් අපගේ වදන් පිළිබඳ ව අසාධාරණ ලෙස ක්‍රියා කළ හේතුවෙන් තමන්ටම අලාභහානි කර ගත්තෝ ඔවුහුමය.
Verse 10
තවද සැබැවින්ම අපි නුඹලාට මහපොළොවේ පහසුකම් සලසා දුනිමු. එමෙන්ම එහි නුඹලාට ජීවනෝපාය මාර්ගයන් ද ඇති කළෙමු. නුඹලා කෘතඥවනුයේ ස්වල්පයකි.
Verse 11
තවද සැබැවින්ම අපි නුඹලා ව මවා පසු ව නුඹලා ව හැඩ ගැන්වූයෙමු. පසුව නුඹලා සුජූද් (සිරස බිම තබා ආචාර) කරනු යැයි මලක්වරුන්ට පැවසුවෙමු. එවිට ඉබ්ලීස් හැර ඔවුහු සුජූද් කළෝය. ඔහු සිරස නමන්නන් අතුරින් නොවීය.
Verse 12
මා නුඹට නියෝග කළ අවස්ථාවෙහි නුඹ සිරස නොනැමීමට නුඹ ව වැළැක් වූයේ කුමක් ද? යැයි (අල්ලාහ්) පැවසුවේය. (එවිට) මම ඔහුට වඩා ශ්‍රේෂ්ඨය. නුඹ මා මවා ඇත්තේ ගින්නෙනි. නුඹ ඔහු මවා ඇත්තේ මැටියෙනි යැයි ඔහු පැවසීය.
Verse 13
එසේ නම් නුඹ මෙයින් පහළට බසිනු. මෙහි උඩඟුකම් පෑම නුඹට නොවීය. එබැවින් නුඹ පිට ව යනු. නියත වශයෙන්ම නුඹ පහත් අය අතුරිනි යැයි ඔහු පැවසුවේය.
Verse 14
ﭲﭳﭴﭵﭶ
ﭷ
ඔවුන් (මළවුන්ගෙන්) නැගිටුවනු ලබන දින දක්වා මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු (ෂෙයිතාන්) කීවේය.
Verse 15
ﭸﭹﭺﭻ
ﭼ
නියත වශයෙන් නුඹ අවකාශය දෙනු ලැබූවන් අතුරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
Verse 16
නුඹ මා නොමඟ යැවූ බැවින් නුඹේ ඍජු මාර්ගයෙහි ඔවුනට එරෙහි ව (බාධකයක් ලෙස) වාඩි වෙමි යැයි පැවසුවේය.
Verse 17
පසු ව මම ඔවුන්ගේ ඉදිරි පසින් ද ඔවුන්ගේ පසුපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙමි. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදීන් ලෙස නුඹ නොදකිනු ඇත.
Verse 18
මෙහි සිට නුඹ අවමානයට ලක්වූවකු සේ හා පලවා හරිනු ලැබූවකු සේ පිට ව යනු. ඔවුන් අතුරින් කවරෙකු නුඹ ව අනුගමනය කළේ ද සැබැවින්ම නුඹලා සියල්ලන්ගෙන්ම නිරය පුරවන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
Verse 19
තවද අහෝ ආදම් ! ඔබ හා ඔබේ බිරිය ස්වර්ගයේ වාසය කරනු. ඔබ දෙපළ කැමති අයුරින් අනුභව කරනු. නමුත් මෙම ගසට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහුය.
Verse 20
ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙසින් ආවරණය කරනු ලැබූ දෑ ඔවුන් දෙදෙනාගෙන් හෙළි කිරීමට ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට කුකුස ඇති කළේය. තවද නුඹලා දෙදෙනා මලක්වරුන් දෙදෙනෙකු වීමට හෝ නුඹලා දෙදෙනා සදාතනිකයින් අතුරින් වීමට හෝ මිස නුඹලා දෙදෙනාගේ පරමාධිපති නුඹලා දෙදෙනා ව මෙම ගසින් වැළැක්වූයේ නැතැයි ඔහු පවසා සිටියේය.
Verse 21
ﯰﯱﯲﯳﯴ
ﯵ
සැබැවින්ම මම (මේ ගැන) නුඹලා දෙදෙනාට උපදෙස් දෙන්නන් අතුරින් වීමි යැයි ඔවුන් දෙදෙනාට ඔහු දිවුරා පැවසුවේය.
Verse 22
රැවටීමෙන් ඔවුන් දෙදෙනා ව ඔහු පහත් කළේය. පසු ව ඔවුන් දෙදෙනා එම ගසින් රස වින්ද කල්හි ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ග උයනේ කොළයකින් ඔවුන් දෙදෙනා මත වසා ගැනීමට ඔවුන් දෙදෙනා තැත් කළෝය. තවද මෙම ගසින් මා නුඹලා දෙදෙනා නොවැළැක්වූයෙම් ද තවද සැබැවින්ම ෂෙයිතාන් නුඹලා දෙදෙනාට ප්‍රකට සතුරා යැයි මම නුඹලා දෙදෙනාට නොකීවෙම් දැයි පවසා ඔවුන් දෙදෙනාගේ පරමාධිපති ඔවුන් දෙදෙනා ව ඇමතීය.
Verse 23
අපගේ පරමාධිපතියාණනි ! අපි අපටම අපරාධ කර ගත්තෙමු. තවද නුඹ අපට සමාව නොදුන්නේ නම් එමෙන්ම නුඹ අපට කරුණා නොකළේ නම් සැබැවින්ම අපි පාඩු විඳින්නන් අතුරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ.
Verse 24
නුඹලා පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරුය. තවද නුඹලාට නියමිත කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි ඔහු පැවසුවේය.
Verse 25
එහි නුඹලා ජීවත් වනු ඇත. තවද එහිදී ම නුඹලා මරණයට පත් වනු ඇත. තවද එයින්ම නුඹලා බැහැර කරනු ලබනු ඇත යැයි ඔහු පැවසුවේය.
Verse 26
ආදම්ගේ දරුවනි ! නුඹලාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරන්නා වූ වස්ත්‍රය ද අලංකාරය ද සැබැවින්ම අපි නුඹලා වෙත පහළ කළෙමු. දේව බිය හැඟීම යන වස්ත්‍රය වන එයමය ශ්‍රේෂ්ඨ වනුයේ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතුරිනි. (එය) ඔවුන් මෙනෙහි කරනු පිණිසය.
Verse 27
ආදම්ගේ දරුවනි ! නුඹලාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරන්නා වූ වස්ත්‍රය ද අලංකාරය ද සැබැවින්ම අපි නුඹලා වෙත පහළ කළෙමු. දේව බිය හැඟීම යන වස්ත්‍රය වන එයමය ශ්‍රේෂ්ඨ වනුයේ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතුරිනි. (එය) ඔවුන් මෙනෙහි කරනු පිණිසය.
Verse 28
ඔවුන් යම් අශික්ෂිත දෙයක් කළ විට ‘අපගේ මුතුන්මිත්තන් මේ මත සිටිනු අපි දුටුවෙමු. තවද අල්ලාහ් අපට මෙය අණ කර ඇත’ යැයි පැවසුවෝය. (නබිවරය) නියත වශයෙන්ම අල්ලාහ් අශික්ෂිත දෑ පිළිබඳ ව අණ නොකරයි. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පවසන්නෙහු ද?
Verse 29
මාගේ පරමාධිපති යුක්තිය අණ කර ඇතැයි (නබිවරය !) නුඹ පවසනු. සිරස නමන සෑම ස්ථානයකම නුඹලාගේ මුහුණු ස්ථාපිත කරනු. තවද නුඹලා ඔහුට පමණක් දහම පුද කොට අවංකයින් ලෙසින් ඔහුගෙන් අයැද සිටිනු. නුඹලා ව ඔහු ආරම්භ කළාක් මෙන් නුඹලා නැවත (ඔහු වෙතම) හැරී යනු ඇත.
Verse 30
පිරිසකට ඔහු මඟ පෙන්වීය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි මුළාව නියම විය. නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ්ගෙන් තොර ව ෂෙයිතානුන් ව හිත මිතුරන් ලෙස ගත්තෝය. තවද සැබැවින්ම තමන් යහමඟ ලැබූවන් යැයි ඔවුහු සිතති.
Verse 31
ආදම්ගේ දරුවනි, (සලාතය සඳහා) සිරස නමන සෑම ස්ථානයකම නුඹලාගේ අලංකාරත්වය ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්තිකාරයින් ව ප්‍රිය නොකරයි.
Verse 32
තම ගැත්තන්හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණයන්ගෙන් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය !) නුඹ පවසනු. මෙය මෙලොව ජීවිතයේ ද විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙසය.
Verse 33
මාගේ පරමාධිපති තහනම් කර ඇත්තේ අශික්ෂිත දෑ ද එයින් එළිපිට වන දෑ ද රහසිගතව වන දෑ ද පාපය ද යුක්තියකින් තොර ව සීමාව ඉක්මවීම ද කවර දෙයක් පිළිබඳ ව අල්ලාහ් කිසිදු සාධකයක් පහළ නොකළේද එවැන්නකින් ඔහුට නුඹලා ආදේශ තැබීම ද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පැවසීම ද වේ යැයි (නබිවරය !) නුඹ පවසනු.
Verse 34
සෑම සමූහයකටම නිශ්චිත කාලයක් ඇත. ඔවුන්ගේ නිශ්චිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නොවනු ඇත. එමෙන්ම ඔවුන් පෙරටු ව යන්නේ ද නැත.
Verse 35
ආදම්ගේ දරුවනි! මාගේ වදන් නුඹලා වෙත පවසන නුඹලා අතුරින් වූ දූතවරු නුඹලා වෙත පැමිණියේ නම් එවිට කවරෙකු දේව බිය හැඟීමෙන් කටයුතු කොට තමන් ව හැඩගස්වා ගත්තේ ද එවිට ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නොවෙති.
Verse 36
තවද අපගේ වදන් බොරු කොට ඒ පිළිබඳ (විශ්වාස කිරීමට) උඩඟු වූවන් නිරා ගින්නේ සගයෝ වන්නේ ඔවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
Verse 37
එහෙයින් අල්ලාහ් මත බොරු ගොතා පවසන්නාට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුනට නියම කරන ලද ඔවුන්ගේ කොටස ඔවුනට හිමි වනු ඇත. අවසානයේ අපගේ දූතවරු ඔවුන් අත්පත් කර ගැනීම සඳහා පැමිණි විට ‘අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැදිමින් සිටි දෑ කොහේදැයි විමසති. (එවිට) ඔවුහු ඔවුන් අපෙන් මුළා වී ඇතැයි පවසති. තවද තමන් දේව ප්‍රතික්ෂේපකයින් ව සිටී බවට ඔවුහු ඔවුන්ටම (එරෙහිව) සාක්ෂි දරති.
ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අතුරින් නුඹලාට පෙර ඉකුත් වී ගොස් නිරයේ වෙසෙන සමූහයන් තුළට නුඹලා ද පිවිසෙනු යැයි ඔහු පවසයි. සෑම සමූහයක්ම පිවිසෙන විට ඔවුහු තම සහෝදර සමූහයාට ශාප කරති. එකින් පසු එක ඔවුන් සියල්ලම එහි ළඟා වූ විට ඔවුන්ගෙන් පසු අය ඔවුන්ගෙන් මුල් අයට එරෙහි ව අපගේ පරමාධිපතියාණනි ! අප ව නොමඟ හැරියේ මොවුහුය. එබැවින් ඔවුනට නිරා ගින්නේ දෙගුණයක දඬුවමක් පිරිනමන්නැයි පවසති. සෑම කෙනෙකුටම දෙගුණය(ක දඬුවම)ක් ඇත. එනමුත් නුඹලා එය නොදන්නෙහුය යැයි ඔහු පවසයි.
Verse 39
එමෙන්ම ‘අපට වඩා කිසිදු මහිමයක් නුඹලාට නොවීය. එබැවින් නුඹලා ද නුඹලා උපයමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම භුක්ති විඳිනු’ යැයි ඔවුන්ගෙන් මුල් අය ද ඔවුන්ගෙන් පසු අය දෙස බලා පවසති.
Verse 40
සැබැවින්ම අපගේ වදන් බොරු කොට එය (පිළිගැනීමට) උඬඟුවූවන් වන ඔවුනට අහස්හි දොරටු විවෘත කරනු නොලැබේ. ඔටුවා ඉඳි කටු සිඳුර තුළට පිවිසෙන තෙක් ඔවුහු ස්වර්ගයට නොපිවිසෙති. මෙලෙසය අපි වැරදිකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ.
Verse 41
ඔවුනට නිරයෙන් වූ පලසක් ඇත. එමෙන්ම ඔවුනට ඉහළින් පොරෝණයක් ද ඇත. තවද එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ.
Verse 42
තවද විශ්වාස කොට යහකම් කළවුනට - අපි කිසිවකුට ඔහුගේ හැකියාවට අනුව මිස බර නොපටවන්නෙමු.- ඔවුහුමය ස්වර්ග වැසියෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
Verse 43
(මෙලොව දී) ඔවුන්ගේ හදවත් තුළ තිබූ ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුනට පහළින් ගංගා ගලා බසිති. තවද ‘මේ සඳහා අපට මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. අල්ලාහ් අපට (යහ) මඟ නොපෙන්වූයේ නම් අප මඟ ලබන්නන් නොවෙමු. අපගේ පරමාධිපතිගේ දූතවරු සත්‍යයම ගෙන ආහ’ යැයි ඔවුන් පවසනු ඇත. එමෙන්ම ‘නුඹලා කරමින් සිටී දෑ හේතුවෙන් නුඹලාට උරුම කරනු ලැබූ ස්වර්ගය මෙය වේ’ යැයි ඔවුන් ඇරයුම් කරනු ලබති.
Verse 44
සැබැවින්ම අපගේ පරමාධිපති අපහට ප්‍රතිඥා දුන් දෑ සැබෑ ලෙසින්ම අපි ලබා ඇත්තෙමු. නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා දුන් දෑ නුඹලා සැබෑ ලෙසින්ම ලබා ඇත්තේ දැයි ස්වර්ගවාසීහු නිරාවාසීන් අමතා අසති. එසේය යැයි ඔවුහු පවසනු ඇත. එවිට අපරාධකරුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය ඇතැයි ඔවුන් අතරින් වූ නිවේදකයෙකු (ඔවුනට) නිවේදනය කරයි.
Verse 45
ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නෝ වෙති. තවද ඔවුහු එහි අඩුපාඩු සොයති. එමෙන්ම මතු ලොව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.
Verse 46
තවද ඔවුන් දෙපිරිස අතර ආවරණයක් පවතී. උස් ස්ථානය මත ඇතැම් පුද්ගලයෝ වෙති. සෑම කෙනෙකුවම ඔවුන්ගේ සලකුණු වලින් ඔවුන් හඳුනා ගනු ඇත. පසු ව ඔවුහු ස්වර්ග වාසීන් අමතා නුඹලාට ශාන්තිය අත්වේවා ! යැයි පවසති. ඔවුන් ආශා කරමින් සිටිය ද ඔවුහු එහි (තවද) අතුළු නොවූහ.
Verse 47
ඔවුන්ගේ බැල්ම නිරා වැසියන් දෙසට යොමු කරනු ලබන විට ‘අපරාධකාරී ජනයා සමඟ අප ව පත් නොකරනු මැනව’ යි ඔවුහු පවසනු ඇත.
Verse 48
(ස්වර්ගය හා නිරය අතර වූ) උස් ස්ථානය මත වූ වැසියන් ඇතැම් පුද්ගලයින් අමතති. ඔවුන්ගේ සලකුණු වලින් ඔවුන් ව ඔවුහු හඳුනා ගනිති. නුඹලාගේ පිරිස් බලය හා නුඹලා උඩඟුකම් පාමින් සිටි දෑ නුඹලාට කුමන ප්‍රයෝජනයක් ගෙන දුන්නේ දැයි ඔවුහු පවසති.
Verse 49
අල්ලාහ් ඔවුනට දයාව ලබා නොදෙනු ඇත යැයි නුඹලා දිවුරා පැවසූ අය මොවුහු ද (යැයි ස්වර්ග වාසීහු දේව ප්‍රතික්ෂේපකයින්ගෙන් විමසති.) නුඹලා ස්වර්ගයට පිවිසෙනු, නුඹලාට කිසිදු බියක් නොමැත තවද නුඹලා දුකට පත් වන්නේ ද නැත (යැයි සඳලුතලය මත සිටිනවුන්ට කියනු ලැබේ.)
Verse 50
නිරා වැසියෝ ස්වර්ග වාසීන් අමතා අප මත ජලයෙන් හෝ අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් හෝ වක් කරන්නැයි පවසති. දේව ප්‍රතික්ෂේපකයින් වෙත ඒ දෙකම සැබැවින්ම අල්ලාහ් තහනම් කර ඇතැයි ඔවුහු පවසනු ඇත.
Verse 51
ඔවුන් වනාහි ඔවුන්ගේ දහම ඔවුන් විහිළුවක් ලෙස හා සෙල්ලමක් ලෙස ගත් අය වෙති. තවද මෙලොව ජීවිතය ඔවුන් ව මුළා කළේය. එබැවින් ඔවුන් ඔවුන්ගේ මෙම හමුවීම අමතක කර දමා අපගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටියාක් මෙන් අද දින අපි ද ඔවුන් අමතක කර දමන්නෙමු.
Verse 52
ඔවුන් වෙත දේව ග්‍රන්ථය ගෙනැවිත් දුන්නෙමු. එය අපි දැනුම මත පදනම් කරමින් විශ්වාස කරන ජනයාට මඟ පෙන්වීමක් හා දයාවක් ලෙස පැහැදිලි කර ඇත්තෙමු.
Verse 53
එහි අවසානය මිස වෙනත් කිසිවක් ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද? එහි අවසානය පැමිණෙන දින මීට පෙර එය අමතක කළවුන් ‘සැබැවින්ම අපගේ පරමාධිපතියාණන්ගේ දූතවරු අප වෙත පැමිණියේමය. අප වෙනුවෙන් මැදිහත්වන්නන් අතුරින් කිසිවකු සිටිනවා ද? එසේ නම් ඔවුහු අප වෙනුවෙන් මැදිහත් වනු ඇත. නැතහොත් අප ව නැවත හරවා යවනු ලබන්නෙමු ද? එවිට අපි කරමින් සිටි දෑ නොවන (යහපත් ක්‍රියාවන්) කළ හැකි වන්නේ යැයි පවසති. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අලාභහානි සිදු කර ගත්තෝය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව මුළා කළේය.
Verse 54
නියත වශයෙන්ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. පසු ව ඔහු අර්ෂ්හි ස්ථාන ගත විය. ඔහු රාත්‍රියෙන් දහවල ආවරණය කරයි. එය එකිනෙක සීඝ්‍ර පිළිවෙළින් සොයයි. තවද හිරු සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වේ. දැන ගනු. මැවීම හා නියෝගය ඔහු සතුය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය.
Verse 55
නුඹලා යටහත් පහත් ව හා රහසිගත ව නුඹලාගේ පරමාධිපතිට කන්නලව් කරනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව ප්‍රිය නොකරයි.
Verse 56
තවද මහපොළොව හැඩගැස් වූ පසු නුඹලා එහි කලහකම් නොකරනු. තවද බියෙන් හා ආශාවෙන් ඔහුට නුඹලා කන්නලව් කරනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දයාව දැහැමියන්ට සමීපයෙන් ඇත.
Verse 57
තවද තම දයාව අතුරින් ශුභාරංචියක් ලෙස සුළඟ එවනුයේ ඔහුය. අවසානයේ එය ඝන වලාකුළු ඉසිලූ විට මිය ගිය ප්‍රදේශයකට ගමන් කරවා ඉන් පසු ව අපි එමගින් ජලය පහළ කළෙමු. පසු ව අපි එයින් සෑම (පලතුරු) භෝගයක්ම හට ගැන්වූයෙමු. නුඹලා උපදෙස් ලැබිය හැකි වනු පිණිස මිය ගිය දෑ අපි බැහැර කරනුයේ එලෙසය.
Verse 58
තවද සාරවත් පොළොව, එහි පරමාධිපතිගේ අනුහසින් එහි පැළෑටි හට ගන්වයි. නිසරු වී ගිය දෑ (පොළොව) ස්වල්පයක් මිස හට ගන්වන්නේ නැත. කෘතවේදී වන ජනයාට අපි සංඥාවන් පැහැදිලි කරනුයේ එලෙසය.
Verse 59
සැබැවින්ම අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නුඹලාට නොමැත.මහත් වූ දිනයක දඬුවම නුඹලා මත වනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසුවේය.
Verse 60
නියත වශයෙන්ම ඔබ පැහැදිලි මුළාවක සිටිනු අපි දකින්නෙමු යැයි ඔහුගේ සමූහයා අතුරින් ප්‍රධානීහු පැවසුවෝය.
Verse 61
මාගේ සමූහයනි ! මා සමඟ කිසිදු මුළාවක් නොමැත. එනමුත් මම සකල ලෝකයන්හි පරමාධිපතිගෙන් වූ දූතයෙකු වෙමි යැයි ඔහු පැවසුවේය.
Verse 62
මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ මම නුඹලාට දැනුම් දෙමි. තවද මම නුඹලාට උපදෙස් දෙමි. තවද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් වෙතින් මම දැන ගනිමි.
Verse 63
නුඹලා බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු පිණිස ද නුඹලා දයාව ලැබිය හැකි වනු පිණිස ද නුඹලාට අවවාද කරනු වස් නුඹලා අතුරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? (යැයි පැවසුවේය)
Verse 64
නමුත් ඔවුහු ඔහු ව බොරු කළෝය. පසු ව අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවා ගත්තෙමු. තවද අපගේ වදන් බොරු කළවුන් ව ගිල්වූයෙමු. නියත වශයෙන්ම ඔවුහු අන්ධ පිරිසක් වූහ.
Verse 65
ආද් සමූහයා වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව ද (එව්වෙමු.) ඔහු ‘මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. එබැවින් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නොවේ දැ’යි ඔහු පැවසුවේය.
Verse 66
නියත වශයෙන්ම ඔබ අඥානකමෙහි සිටිනු අපි දකිමු. එමෙන්ම ඔබ නියත වශයෙන්ම බොරුකාරයින් අතුරින් යැයි ද සිතමු යි ඔහුගේ සමූහයා අතුරින් වූ ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.
Verse 67
‘මාගේ සමූහයනි ! මා වෙත කිසිදු අඥානකමක් නොමැත. එනමුත් මම ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ දූතයෙක් වෙමි’ යැයි ඔහු පැවසුවේය.
Verse 68
මාගේ පරමාධිපතිගේ පණිවිඩ මම නුඹලාට දන්වමි. තවද මම නුඹලා සඳහා වූ විශ්වාසනීය උපදේශකයකු වෙමි.
Verse 69
නුඹලාට අවවාද කරනු වස් නුඹලා අතුරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? තවද නූහ්ගේ සමූහයාට පසු ව නුඹලා නියෝජිතයින් බවට පත් කිරීම ගැනත් ශරීර ස්වරූපයෙහි පුළුල් බව නුඹලාට අධික ව පිරිනැමීම ගැනත් මෙනෙහි කරනු. එසේම නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ගේ දායාදයන් ගැන මෙනෙහි කර බලනු.
Verse 70
අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ අපි අත හැර දමා අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? නුඹ සත්‍යවාදීන් අතුරින් නම් අපට නුඹ ප්‍රතිඥා දුන් දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුවෝය.
Verse 71
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ දඬුවම හා කෝපය නුඹලා වෙත පතිත විය. නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ නාමයන් පිළිබඳ නුඹලා මා සමඟ වාද කරන්නෙහු ද? ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නොකළේය. එබැවින් නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතුරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
Verse 72
එහෙයින් අපගෙන් වූ දයාලුභාවය හේතුවෙන් ඔහු හා ඔහු සමඟ වූවන් අපි මුදවා ගත්තෙමු. අපගේ වදන් බොරු කළවුන්ගේ මුදුන් මුල කපා හැරියෙමු. තවද ඔවුහු විශ්වාසවන්තයින් ලෙස නොසිටියහ.
Verse 73
තවද සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව ද (එව්වෙමු). මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියකු නොමැත. සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලාට පැහැදිලි සාධකයක් පැමිණ ඇත. එය අල්ලාහ්ගෙන් වූ ඔටු දෙනයි. (ඌ) නුඹලාට සංඥාවක් වශයෙනි. අල්ලාහ්ගේ භූමියේ බුදින්නට නුඹලා ඌ අත හැර දමනු. නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නොකරනු. එවිට වේදනීය දඬුවමක් නුඹලා ව ග්‍රහණය කරනු ඇතැයි ඔහු පැවසුවේය.
Verse 74
ආද් (සමූහයා)ට පසු නුඹලා ව ඔහු නියෝජිතයින් බවට පත් කොට මහපොළොවේ වාසය කිරීමට සැලැස් වූ අවස්ථාව නුඹලා මෙනෙහි කරනු. නුඹලා එහි අමුද්‍රව්‍ය තුළින් මාලිගාවන් තනා ගන්නෙහුය. තවද කඳු හාරා නිවාස තනා ගන්නෙහුය. එබැවින් අල්ලාහ්ගේ දායාදයන් නුඹලා මෙනෙහි කරනු. තවද මහපොළොවේ කලහකම් කරන්නන් ලෙසින් පාපකාරී අයුරින් කටයුතු නොකරනු.
Verse 75
ඇත්ත වශයෙන්ම සාලිහ් ඔහුගේ පරමාධිපතිගෙන් එවනු ලැබූවෙක් බව නුඹලා දන්නෙහුදැයි ඔහුගේ සමූහයා අතුරින් උඩඟු වූ ප්‍රධානීහු ඔවුන් අතුරින් දුර්වලයින් ලෙස සලකනු ලැබූ විශ්වාස කළවුනට පවසා සිටියහ.
Verse 76
‘නියත වශයෙන්ම නුඹලා කවර දෙයක් පිළිබඳ ව විශ්වාස කළෙහු ද ඒ පිළිබඳ ව අපි ප්‍රතික්ෂේප කරන්නන් වෙමු’ යැයි උඩඟුකම් පෑවෝ පැවසුවෝය.
Verse 77
පසු ව ඔවුහු එම ඔටු දෙන කපා දෑමූහ. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගය අබිබවා කටයුතු කළෝය. තවද අහෝ සාලිහ් ! නුඹ රසූල්වරුන් අතුරින් වේ නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුහ.
Verse 78
ﮞﮟﮠﮡﮢﮣ
ﮤ
එසැණින් භූ කම්පනය ඔවුන් හසුකර ගත්තේය. පසු ව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට පත් වූහ.
Verse 79
පසු ව ඔහු ඔවුන්ගෙන් හැරී ගොස් මාගේ සමූහයනි ! මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය මම නුඹලාට දන්වා සිටියෙමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. එනමුත් නුඹලා උපදේශකයින් ප්‍රිය නොකරන්නෙහුය’ යැයි ඔහු පැවසීය.
Verse 80
තවද ලූත් ව ද (එව්වෙමු.) ලෝ වැසියන් අතුරින් නුඹලාට පෙර කිසිවකු හෝ නොකළ අශික්ෂිත දෑ නුඹලා කරමින් පැමිණෙන්නෙහු දැ?යි එවිට තම සමූහයා වෙත ඔහු පැවසුවේය.
Verse 81
නියත වශයෙන්ම නුඹලා කාන්තාවන් හැර දමා කාමුක ලෙසින් පිරිමින් වෙත පැමිණෙන්නෙහුය. එසේම නුඹලා සීමාව ඉක්මවූවන් වෙති. (යැයි පැවසුවේය)
Verse 82
නුඹලා නුඹලාගේ ගමෙන් මොවුන් ව බැහැර කරනු. නියත වශයෙන්ම මොවුන් පිරිසිදු ව සිටින මිනිසුන් පිරිසකි යැයි ඔවුන් පැවසීම මිස ඔහුගේ සමූහයාගේ පිළිතුර නොවීය.
Verse 83
එවිට අපි ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ (සෙසු) පවුලේ උදවිය මුදවා ගතිමු. ඇය විනාශ වූවන් අතුරින් වූවාය.
Verse 84
තවද අපි ඔවුන් මත වර්ෂාවක් වැස්සවීමු. එබැවින් වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු.
Verse 85
තවද මද්යන්(වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩු පාඩු නොකරනු. තවද මහපොළොව සැකසූ පසු ව එහි කලහකම් නොකරනු. නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨ වන්නේ යැයි ඔහු පැවසුවේය.
Verse 86
තවද ඔහු ව විශ්වාස කළවුන් නුඹලා බියවද්දමින් අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වමින් අඩු පාඩු සොයමින් සෑම මාර්ගයකම නුඹලා වාඩි නොවනු. නුඹලා ස්වල්පයක් ව සිටිය දී අපි නුඹලා ව අධික කළෙමු. තවද කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹලා අවධානයෙන් බලනු.
Verse 87
කවර දෙයක් සමඟ මා එවනු ලැබුවේ ද එය නුඹලා අතුරින් පිරිසක් විශ්වාස කොට තවත් පිරිසක් විශ්වාස නොකර සිටියේ නම් එවිට අප අතර අල්ලාහ් තීන්දු දෙන තෙක් නුඹලා ඉවසා සිටිනු. තවද ඔහු තීන්දු ලබා දෙන්නන් අතුරින් ශ්‍රේෂ්ඨය.
Verse 88
අහෝ ෂුඅයිබ් ! සැබැවින්ම අපි නුඹ හා නුඹ සමඟ විශ්වාස කළවුන් අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹ අපගේ දහම් පිළිවෙත් තුළට නැවත හැරී ආ යුතු යැයි ඔහුගේ සමූහයා අතුරින් උඩඟුකම් පෑ ප්‍රධානීහු කීහ. (එවිට) ඔහු ‘අපි පිළිකුල් කරන්නන් ලෙසින් සිටියත්’ දැයි පැවසුවේය.
ඔබේ දහමින් අල්ලාහ් අප මුදවා ගත් පසු ඒ වෙත අපි නැවත හැරුණේ නම් සැබැවින්ම අපි අල්ලාහ් කෙරෙහි බොරු ගෙතූවන් බවට පත් වෙමු. අපගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස එහි නැවත හැරී යාම අපට නොවීය. අපගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ව්‍යාප්තය. අපි අල්ලාහ් වෙතම භාර කරමු. අපගේ පරමාධිපතියාණනි ! අප අතර ද අපගේ සමූහයා අතර ද යුක්ති ගරුක ව තීන්දු ලබා දෙනු මැනව! තීන්දු ලබා දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබය. (යැයි ෂුඅයිබ් පැවසීය.)
Verse 90
‘නුඹලා ෂුඅයිබ් ව අනුගමනය කළෙහු නම් නියත වශයෙන්ම නුඹලා අලාභවන්තයෝ වෙති’ යැයි ඔහුගේ සමූහයා අතුරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.
Verse 91
ﮥﮦﮧﮨﮩﮪ
ﮫ
එසැණින් භූ කම්පනය ඔවුන් හසු කර ගත්තේය. පසු ව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට පත් වූහ.
Verse 92
ෂුඅයිබ් ව බොරු කළවුන් එහි වාසය නොකළාක් මෙන් වූහ. ෂුඅයිබ් ව බොරු කළවුන් වන ඔවුහු අලාභවන්තයින්ම වූහ.
Verse 93
පසු ව ඔවුන්ගෙන් ඔහු ඉවත් ව හැරුණේය. තවද ‘මාගේ සමූහයනි ! සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ නුඹලාට දැනුම් දුනිමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. මෙසේ තිබිය දී ප්‍රතික්ෂේපිත ජනයා කෙරෙහි මා දුකට පත් වනුයේ කෙසේ දැ’යි පවසා සිටියහ.
Verse 94
කවර දේශයකට හෝ නබිවරයකු අපි එව්වේ නම් එහි වැසියන් යටහත් පහත් විය හැකි වනු පිණිස අපි ඔවුන් දුෂ්කරතා හා පීඩාවන්ගෙන් ග්‍රහණය කළේ මිස නැත.
Verse 95
පසු ව අපි නපුර වෙනුවට යහපත පරිවර්තනය කළෙමු. අවසානයේ ඔවුහු සමෘද්ධිමත් වූහ. තවද ‘සැබැවින්ම අපගේ මුතුන් මිත්තන්හට දුක හා සතුට ඇති විය’ යැයි ඔවුහු පැවසුවෝය. පසු ව ඔවුන් නොහඟමින් සිටිය දී අපි අනපේක්ෂිත ලෙසින් ඔවුන් ව ග්‍රහණය කළෙමු.
Verse 96
නියත වශයෙන්ම එම ප්‍රදේශ වැසියන් විශ්වාස කොට බිය බැතියෙන් යුතු ව කටයුතු කර තිබුණේ නම් සැබැවින්ම අහසින් හා මහපොළොවෙන් අපි ඔවුන් වෙත භාග්‍යයන් විවෘත කර දෙන්නට තිබුණි. නමුත් ඔවුහු බොරු කළෝය. එවිට අපි ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් ඔවුන් ව ග්‍රහණය කළෙමු.
Verse 97
ඔවුන් රාත්‍රියේ නිදා ගන්නන් ලෙස සිටිය දී අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?
Verse 98
ඔවුහු කෙළිලොල් කරමින් සිටිය දී පෙරවරුවේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?
Verse 99
අල්ලාහ්ගේ උපාය මාර්ගයට ඔවුහු අභයදායී ව සිටින්නෝ ද? අලාභවන්ත පිරිස මිස අල්ලාහ්ගේ උපාය මාර්ගයට වෙනත් කිසිවකු අභයදායී ව නොසිටියි.
Verse 100
එහි වාසීන්ට පසු ව ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අපි අභිමත කළේ නම් ඔවුනට දඬුවම් කිරීම ගැන ද ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තැබීම ගැන ද මහපොළොවේ උරුමකම් පාන්නන්හට නොවැටහේ ද? එහෙයින් ඔවුහු සවන් නොදෙති.
Verse 101
මෙම ගම්මානයන් පිළිබඳ ව, එහි පුවත් අපි නුඹට දන්වමු. සැබැවින්ම ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ ඔවුන් වෙත පැමිණියහ. නමුත් මීට පෙර බොරු කළ දෑ ඔවුන් විශ්වාස කරන්නන් නොවූහ. දේව ප්‍රතික්ෂේපකයින්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ මෙලෙසය.
Verse 102
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කිසියම් ප්‍රතිඥාවක සිටිනු අපි නොදකිමු. තවද අපි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පාපකම් කරන්නන් ලෙසම දකිමු.
Verse 103
ඔවුන්ගෙන් පසු ව අපි මූසා ව අපගේ සංඥා සමඟ ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත එව්වෙමු. එවිට ඔවුහු ඒවාට අපරාධ කළෝය. එබැවින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු.
Verse 104
අහෝ ෆිර්අවුන් ! නියත වශයෙන්ම මම සකල ලෝකයන්හි පරමාධිපතිගෙන් වූ දූතයෙකු වෙමි යැයි මූසා පැවසුවේය.
Verse 105
අල්ලාහ් මත සත්‍යය හැර වෙනත් කිසිවක් මා නොපැවසීම ගැන වගකිව යුත්තෙක් වෙමි. නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් සමඟ සැබැවින්ම මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එබැවින් මා සමඟ ඉස්රාඊල් දරුවන් ව එවනු. (යැයි මූසා පැවසුවේය.)
Verse 106
නුඹ පැහැදිලි සාධකයක් ගෙන ආ අයෙකු වී නම් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු ද වී නම් දැන්ම එය ගෙන එනු යැයි ඔහු පැවසුවේය.
Verse 107
ﭱﭲﭳﭴﭵﭶ
ﭷ
එවිට ඔහු ඔහුගේ සැරයටිය දැමුවේය. එවිට එය පැහැදිලි සර්පයකු විය.
Verse 108
ﭸﭹﭺﭻﭼﭽ
ﭾ
ඔහු තම අත (ලෝගුවෙන්) ඉවත දැමුවේය. එවිට එය බලන්නන් හට සුදු පැහැයෙන් දිස්විණ.
Verse 109
ෆිර්අවුන්ගේ පිරිස අතුරින් වූ ප්‍රධානීහු ‘නියත වශයෙන්ම මොහු ඥානාන්විත හූනියම් කරුවෙකි’ යැයි පවසා සිටියෝය.
Verse 110
මොහු නුඹලා ව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමට සිතන්නේය. එහෙයින් නුඹලා (මට) නියෝග කරනුයේ කුමක් ද?
Verse 111
මොහුට හා මොහුගේ සහෝදරයාට කල් දෙනු. රැස් කරන්නන් (හූනියම් කරුවන් රැස් කිරීමට) නගර වලට යවනු.
Verse 112
ﮚﮛﮜﮝ
ﮞ
මනා ඥානය ඇති සෑම හූනියම්කරුවකුම ඔවුහු නුඹ වෙත ගෙන එනු ඇත.
Verse 113
තවද හූනියම්කරුවෝ ෆිර්අවුන් වෙත පැමිණ ‘සැබැවින්ම අපි ජය ලබන්නන් වීමු නම් සැබැවින්ම අපට කුලියක් හිමි විය යුතුය’ යැයි පැවසුවෝය.
Verse 114
ﮫﮬﮭﮮﮯ
ﮰ
එසේය. තවද නුඹලා (මට) සමීපතයින් අතුරිනි යැයි ඔහු පැවසුවේය.
Verse 115
අහෝ මූසා ! (විජ්ජාවන්) නුඹ දමන්නෙහි ද නැතිනම් අපිම දමන්නන් වන්නෙමු දැයි ඇසුවෝය.
Verse 116
නුඹලා දමනු යැයි ඔහු පැවසුවේය. ඔවුහු එය දැමූ කල්හි ජනයාගේ ඇස් බැන්දුම් කොට ඔවුන් ව බිය වැද්දූහ. තවද ඔවුහු මහත් හූනියම් (විජ්ජාවක්) ගෙන ආහ.
Verse 117
තවද ‘නුඹ නුඹේ සැරයටිය දමනු’ යැයි අපි මූසා වෙත දන්වා සිටියෙමු. එවිට එය ඔවුන් සිදු කළ විජ්ජාවන් ගිල දැමීය.
Verse 118
ﯸﯹﯺﯻﯼﯽ
ﯾ
තවද ‘නුඹ නුඹේ සැරයටිය දමනු’ යැයි අපි මූසා වෙත දන්වා සිටියෙමු. එවිට එය ඔවුන් සිදු කළ විජ්ජාවන් ගිල දැමීය.
Verse 119
ﯿﰀﰁﰂ
ﰃ
එවිට සත්‍යය ස්ථාපිත විය. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑ නිෂ්ඵල විය.
Verse 120
ﰄﰅﰆ
ﰇ
එවිට එහි ඔවුන් පරාජයට පත් කරන ලදී. තවද ඔවුහු පහත් වූවන් ලෙස පත් වූවෝය.
Verse 121
ﭑﭒﭓﭔ
ﭕ
තවද හූනියම්කරුවන් යටහත් වන්නන් බවට පත් කරන ලදී.
Verse 122
ﭖﭗﭘ
ﭙ
මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති වූ සකල ලෝකයන්හි පරමාධිපති ව අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝය.
Verse 123
‘මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු ව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම මෙය නුඹලා නගරයේ සිටිය දී එහි වැසියන් එයින් නුඹලා බැහැර කරනු වස් කුමන්ත්‍රණය කළ කුමන්ත්‍රණයකි. එහෙයින් නුඹලා (මෙහි විපාකය) මතු දැන ගනු ඇතැ’යි ෆිර්අවුන් කීයය.
Verse 124
නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට කපා දමන්නෙමි. පසු ව නුඹලා සියල්ලන් ව කුරිසියේ බැඳ දමන්නෙමි.
Verse 125
ﭹﭺﭻﭼﭽ
ﭾ
‘නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නන් වන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.
Verse 126
අපගේ පරමාධිපතිගේ සංඥා අප වෙත පැමිණි කල්හි අපි විශ්වාස කළ බැවින් මිස නුඹ අපගෙන් පළිගත්තේ නැත. අපගේ පරමාධිපතියාණනි ! අප වෙත ඉවසීම හෙළනු මැනව ! තවද (නුඹට අවනත වන) මුස්ලිම්වරුන් බවට අප මරණයට පත් කරනු මැනව ! (යැයි පැවසූහ.)
Verse 127
තවද මෙම පොළොවේ ඔවුන් කලහකම් කිරීමටත් ඔබ හා ඔබගේ දෙවිවරුන් අතහැර දැමීමටත් මූසා හා මූසාගේ පිරිස ව ඔබ අත හැර දමන්නෙහි දැයි ෆිර්අවුන්ගේ පිරිසගෙන් වූ ප්‍රධානීහු පවසා සිටියහ. (එවිට) ඔවුන්ගේ පිරිමි දරුවන් ඝාතනය කරමු. ඔවුන්ගේ ගැහැනු දරුවන් පණපිටින් අත හැර දමමු. තවද සැබැවින්ම අපි ඔවුනට ඉහළින් බලය යොදවන්නන් වෙමු යැයි ඔහු පැවසීය.
Verse 128
නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතනු. ඉවසීමෙන් දරා ගනු. නියත වශයෙන්ම පොළොව අල්ලාහ් සතුය. ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට එය උරුම කර දෙනු ඇත. තවද අවසානය දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හටය යැයි මූසා ඔහුගේ පිරිසට පැවසීය.
Verse 129
නුඹ අප වෙත පැමිණීමට පෙර ද නුඹ අප වෙත පැමිණීමට පසු ද අපි පීඩාවට පත් කරනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරන් විනාශ කර දමා නුඹලා ව පොළොවේ නියෝජනය කරන්නට සලස්වන්නට පුළුවන. එවිට නුඹලා ක්‍රියා කරනුයේ කෙසේ දැයි ඔහු අවධානයෙන් බලනු ඇතැයි ඔහු පැවසීය.
Verse 130
ඔවුන් මෙනෙහි කරනු හැකි වනු පිණිස නියඟයෙන් හා භවබෝග හිග කිරීමෙන් සැබැවින්ම අපි ෆිර්අවුන්ගේ පිරිස ග්‍රහණය කළෙමු.
Verse 131
ඔවුනට යහපත පැමිණි විට මෙය අප වෙනුවෙන් යැයි ඔවුහු පවසති. ඔවුනට යම් නපුරක් ඇති වන්නේ නම් මූසා හා ඔහු සමඟ වූවන්ගෙන් ඇති වූ අසුබ නිමිත්තක් යැයි සිතති. දැන ගනු. ඔවුන්ගේ අසුබ නිමිති අල්ලාහ් වෙතය. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
Verse 132
තවද නුඹ අප එමගින් වශී කරනු පිණිස කවර හෝ සංඥාවක් අප වෙත ගෙන ආව ද නුඹ ව අපි විශ්වාස කරන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසුවෝය.
Verse 133
එබැවින් අපි ඔවුන් වෙත ගංවතුර, පළඟැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය පැහැදිලි සංඥා වශයෙන් එව්වෙමු. නමුත් ඔවුහු උඩඟුකම් පෑහ. තවද වැරදි කරන පිරිසක් බවට පත් වූහ.
Verse 134
ඔවුන් මත දඬුවම පතිත වූ කල්හි අහෝ මූසා ! ඔබගේ පරමාධිපති ඔබ වෙතින් ප්‍රතිඥා ගත් අයුරින් ඔබ අප වෙනුවෙන් ඔහුගෙන් ප්‍රාර්ථනා කරනු මැනව ! මෙම දඬුවම අප වෙතින් ඔබ ඉවත් කර දුන්නේ නම් නියත වශයෙන්ම අපි ඔබ ව විශ්වාස කරන්නෙමු. තවද ඔබ සමඟ ඉස්රාඊල් දරුවන් ව යවන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
Verse 135
එවිට ඔවුන් එය(විනාශය) ළඟා කර ගන්නා නිශ්චිත කාලයක් දක්වා ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එවිට ඔවුහු ප්‍රතිඥා කඩ කරන්නන් වූහ.
Verse 136
එහෙයින් අපි ඔවුනට දඬුවම් කළෙමු. නියත වශයෙන්ම ඔවුන් අපගේ වදන් බොරු කළ බැවින් ද ඒ පිළිබඳ ඔවුන් නොසැලකිලිමත්වූවන් ලෙස සිටි බැවින් ද අපි ඔවුන් මුහුදෙහි ගිල්වූයෙමු.
Verse 137
දුර්වලයින් ලෙස සලකනු ලබමින් සිටී පිරිසට මහපොළොවේ එහි අපි සමෘද්ධිය ඇති කළ නැගෙනහිර දිශාවන් හා බටහිර දිශාවන් උරුම කර දුනිමු. ඉස්රාඊල් දරුවන් ඉවසීමෙන් සිටි බැවින් නුඹේ පරමාධිපතිගේ අලංකාර වදන ඔවුන් කෙරෙහි පූර්ණවත් විය. ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සිදු කරමින් සිටි දෑ ද ඔවුන් උසට තනමින් සිටි දෑ ද අපි මුළුමණින්ම විනාශ කර දැමුවෙමු.
Verse 138
ඉස්රාඊල් දරුවන් මුහුද තරණය කරන්නට අපි සැලැස්සුවෙමු. පසු ව තමන් සතු පිළිම මත නමදිමින් සිටින පිරිසක් වෙත ඔවුහු පැමිණියෝය. ‘අහෝ මූසා ! ඔවුන් සතු ව ඇති දෙවියන් මෙන් දෙවියකු අප වෙනුවෙන් පත් කරනු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘සැබැවින්ම නුඹලා අඥානකමින් සිටින පිරිසකැ’යි ඔහු පැවසුවේය.
Verse 139
නියත වශයෙන්ම ඔවුන් වනාහි ඔවුන් කවර විෂයක සිටියේ ද එය විනාශ වන්නකි. තවද ඔවුහු සිදු කරමින් සිටි දෑ ද නිෂ්ඵලය.
Verse 140
‘ලෝවැසියනට වඩා නුඹලා ව ඔහු උසස් කර තිබිය දී අල්ලාහ් නොවන දෑ ද මා නුඹලා වෙනුවෙන් සෙවිය යුත්තේ’ යැයි ඔහු (මූසා) පැවසුවේය.
Verse 141
නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර නුඹලාගේ ගැහැනුන් ජීවත් කරවා දඬුවමේ වේදනාව විඳවන්නට සැලැස් වූ ෆිර්අවුන්ගේ පැලැන්තියෙන් නුඹලාව මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද මෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පරීක්ෂණයක් විය.
Verse 142
මූසාට අපි රාත්‍රී තිහක් ප්‍රතිඥා දුනිමු. තවද අපි එය (දින) දහයකින් පූර්ණ කළෙමු. ඒ අනුව ඔහුගේ පරමාධිපතිගේ නිශ්චිත කාලය රාත්‍රී හතළිහක් ලෙස සම්පූර්ණ විය. මාගේ සමූහයා අතර මා වෙනුවෙන් නුඹ නියෝජනය කරනු. තවද විධිමත් කරනු. තවද නුඹ කලහකාරීන්ගේ මඟ අනුගමනය නොකරනු යැයි මූසා ඔහුගේ සහෝදර හාරූන්ට කීවේය.
Verse 143
අප නියම කළ ස්ථානයට මූසා පැමිණ, ඔහු සමඟ ඔහුගේ පරමාධිපති කතා කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි ! (ඔබ ව) මට පෙන්වනු මැනව ! මා ඔබ ව බැලිය යුතුය යැයි පැවසුවේය. එයට ඔබ මා දැකිය නොහැක්කේමය. එනමුත් එම කන්ද දෙස බලනු. එය ස්ථාවර ව පිහිටියේ නම් ඔබ මා දකිනු ඇත යැයි පැවසුවේය. ඔහුගේ පරමාධිපති එම කන්දෙහි හෙළි වූ කල්හි එය සුනු විසුනු බවට පත් කළේය. තවද මූසා සිහිමුර්ජා වී වැටුණේය. පසුව ඔහුට (සිහිය) පැහැදිලි වූ කල්හි ‘ඔබ සුපිවිතුරුය. මම ඔබ වෙත පසුතැවිලි වී හැරුණෙමි. දේව විශ්වාසවන්තයින්ගේ පළමුවැනියා මම වෙමි යැයි කීය.
Verse 144
අහෝ මූසා ! නියත වශයෙන්ම මම මාගේ දූත පණිවිඩ තුළින් ද මා ඔබ සමඟ කතා කිරීම තුළින් ද මා ඔබ ව ජනයාට වඩා ශ්‍රේෂ්ඨ කළෙමු. එබැවින් මා නුඹට පිරි නැමූ දෑ ගනු. තවද නුඹ කෘතවේදීන් අතුරින් වනු යැයි ඔහු පැවසුවේය.
Verse 145
ඔහු වෙනුවෙන් පුවරු වල සෑම දෙයක්ම ලිව්වෙමු. එය උපදෙසක් හා සෑම දෙයක්ම විග්‍රහ කරන්නක් වශයෙන් විය. එබැවින් එය බලවත් ලෙස ග්‍රහණය කර ගනු. එමෙන්ම එය වඩා අලංකාර අයුරින් ග්‍රහණය කර ගන්නා මෙන් නුඹේ ජනයාට ද නුඹ නියෝග කරනු. පාපතරයින්ගේ නිවහන මම නුඹලාට පෙන්වමි (යැයි ඔහු පැවසුවේය.)
Verse 146
යුක්තියෙන් තොර ව පොළොවේ උඩඟුකම් පාන්නන් අපගේ සංඥාවන්ගෙන් නියත වශයෙන්ම අපි මතු හරවන්නෙමු. ඔවුන් කවර සංඥාවක් දුටුව ද එය ඔවුහු විශ්වාස නොකරති. තවද ඔවුන් ඍජු මාර්ගය දකින්නේ නම් එය ඔවුහු (ඍජු) මඟක් ලෙස නොගනිති. සීමාව ඉක්ම වූ මාර්ගයක් දකින්නේ නම් එය මඟක් ලෙස ගනිති. එය ඔවුන් අපගේ වදන් බොරු කළ බැවින් හා ඒ පිළිබඳ ව ඔවුන් අනවධානීන් ලෙස සිටි බැවිනි.
Verse 147
තවද අපගේ වදන් හා මතු ලොව හමු ව බොරු කළවුන් වන ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. ඔවුන් කරමින් සිටි දෑ සඳහා මිස ඔවුනට ප්‍රතිඵල දෙනු ලබනු ඇත් ද?
Verse 148
මූසාගේ ජනයා ඔහුගෙන් පසු ව ඔවුන්ගේ ආභරණ තුළින් වසු පැටවකුගේ හැඩයෙන් යුත් යමක් (නමදින්නට) ගත්තේය. එයට ගව හඬකුත් විය. සැබැවින්ම එය ඔවුන් සමඟ කතා නොකරන බවත් ඔවුනට එය ඍජු මඟ නොපෙන්වන බවත් ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු එය (දෙවියන් ලෙස) ගත්තෝය. තවද ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ.
Verse 149
ඔවුන්ගේ අත් කළ දෑ පිළිබඳ පසුතැවිලි වී සැබැවින්ම තමන් මුළා වී ඇති බව ඔවුන් දුටු කල්හි, අපගේ පරමාධිපති අපට කරුණා නොකළේ නම් තවද අපහට ඔහු සමාව නොදුන්නේ නම් සැබැවින්ම අපි අලාභවන්තයින් අතුරින් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
Verse 150
තවද මූසා තම සමූහයා වෙත දැඩි කෝපයෙන් හා දුකින් පැමිණ කල්හි ‘මගෙන් පසු ව නුඹලා මා නියෝජනය කළ අයුරු නපුරු විය. නුඹලාගේ පරමාධිපතිගේ අණට නුඹලා ඉක්මන් වූයේ දැයි ඇසීය. තවද එතුමා (දේව පණිවිඩ සඳහන්) පුවරු පහත හෙළා තම සහෝදරයාගේ හිස අල්ලා තමන් වෙත ඇද්දේය. ‘මාගේ මවගේ පුතණුවනි ! සැබැවින්ම මෙම සමූහයා මා දුර්වලයකු යැයි සිතූහ. මා මරා දැමීමට තැත් කළහ. එබැවින් නුඹ මා ගැන සතුරන් (ඉදිරියේ) සිනහවට ලක් නොකරනු. තවද අපරාධකාරී ජනයා සමඟ මා පත් නොකරනු යැයි ඔහු (හාරූන්) කීය.
Verse 151
මාගේ පරමාධිපතියාණනි, මට හා මාගේ සහෝරදයාට සමාව දෙනු මැනව ! ඔබේ කරුණාව තුළට අපව ද ඇතුළත් කරනු මැනව ! තවද ඔබ කරුණාවන්තයින් අතුරින් මහා කාරුණිකය.
Verse 152
නියත වශයෙන්ම වසු පැටවා (නැමදුමට) ගත් අය වන මොවුනට මෙලොව ජීවිතයේ දී මොවුන්ගේ පරාමාධිපතිගෙන් වූ කෝපය ද අවමානය ද හිමි වනු ඇත. තවද කල්පනය කර ගොතන්නන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
Verse 153
තවද කවරෙකු නපුරුකම් කොට ඉන් පසු ව පශ්චාත්තාප වී විශ්වාස කළේ ද සැබැවින්ම නුඹගේ පරමාධිපති ඉන් පසු පවා අතික්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
Verse 154
මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි එම පුවරු ඔහු ගත්තේය. කවරෙකු තම පරමාධිපතිට බියවන්නේ ද ඔවුනට ඒවායෙහි පිටපත්හි යහමඟ ද දයාව ද විය.
Verse 155
නියම කරන ලද අපගේ ස්ථානය සඳහා මිනිසුන් හැත්තෑවක් දෙනා මූසා තෝරා ගත්තේය. භූ කම්පනය ඔවුන් ග්‍රහණය කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි ! ඔබ අභිමත කළේ නම් මීට පෙරම ඔබ ඔවුන් හා මා විනාශ කරන්නට තිබුණි. අප අතුරින් අධමයින් කළ දෑ හේතුවෙන් ඔබ අප විනාශ කරන්නෙහි ද? මෙය ඔබේ පරීක්ෂණයක් මිස නැත. එමගින් ඔබ අභිමත කරන අය මුළා කරන්නෙහිය. ඔබ අභිමත කරන අයට මඟ පෙන්වන්නෙහිය. ඔබ අපගේ භාරකරුය. එබැවින් අපට සමාව දෙනු මැනව ! තවද අපට කරුණා කරනු මැනව ! තවද ඔබ සමාව දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය’ යැයි ඔහු(මූසා) පැවසුවේය.
Verse 156
තවද මෙලොවෙහි හා මතු ලොවෙහි අපහට යහපත නියම කරනු මැනව ! නියත වශයෙන්ම අපි ඔබ වෙත හැරුණෙමු. ‘මාගේ දඬුවම, මා අභිමත කරන අය එමගින් මම හසු කරමි. තවද මාගේ දයාව සියලු දෑහි ව්‍යාප්ත ව ඇත. එබැවින් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන zසකාත් පිරිනමන අය හා අපගේ වදන් විශ්වාස කරන අයට එය මම මතු සටහන් කරමි යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
Verse 157
ඔවුහු වනාහි ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන යහපත් දෑ ඔවුනට අනුමත කරන අයහපත් දෑ ඔවුන් මත තහනම් කරන ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් (ලිවීමට කියවීමට නොහැකි) නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහු ව විශ්වාස කොට ඔහුට ගරු කොට ඔහුට උදව් කර ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්‍රහකයෝ.
Verse 158
අහෝ ජනයිනි ! සැබැවින්ම මම නුඹලා සියලු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නොදන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු.
Verse 159
මූසාගේ ජනයා අතුරින් සත්‍යය අනුව යහමඟ පෙන්වන හා එමගින් යුක්තිය ඉටු කරන ප්‍රජාවක් වෙති.
ගෝත්‍ර දොළොසක ප්‍රජාවක් බවට අපි ඔවුන් වෙන් කළෙමු. මූසාගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටිය දී නුඹේ සැරයටියෙන් ගලට ගසනු යැයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට උල්පත් දොළොසක් ඉන් මතු වී පිටාර ගැලීය. සෑම ජන කොට්ඨාසයක්ම ඔවුන් පැන් බොන ස්ථානය දැන ගත්තේය. තවද වලාකුළ ඔවුනට සෙවණැලි බවට පත් කළෙමු. තවද ඔවුන් වෙත මන්නු හා සල්වා (නම් ස්වර්ග ආහාර) පහළ කළෙමු. නුඹලාට අපි පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද අපි අපරාධ නොකළෙමු. එහෙත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියහ.
Verse 161
නුඹලා මෙම ගම්මානයේ පදිංචි වනු. තවද නුඹලා කැමති දෑ එයින් නුඹලා අනුභව කරනු. තවද නුඹලා හිත්තතුන් යැයි පවසනු. වාසල් දොරින් හිස පහත් කොට ඇතුළු වනු. නුඹලාගේ වැරදි වලට අපි නුඹලාට සමාව දෙන්නෙමු. දැහැමියන්ට අපි අධික කර දෙන්නෙමු යැයි ඔවුනට පවසනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.
Verse 162
ඔවුන් අතුරින් අපරාධ කළවුන් ඔවුනට පවසනු ලැබූ දෑ හැර වෙනත් ප්‍රකාශයක් - වෙනස් කොට පැවසුවෝය. එබැවින් ඔවුන් අපරාධකරමින් සිටි හේතුවෙන් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත එව්වෙමු.
Verse 163
මුහුද අසබඩ පිහිටි ගම්මානය පිළිබඳ ව නුඹ ඔවුන්ගෙන් අසනු. ඔවුන් සෙනසුරාදා දින සීමාව ඉක්මවා ගිය අවස්ථාව සිහිපත් කරනු. සෙනසුරාදා දින ඔවුන්ගේ මතස්‍යයින් ඔවුන් වෙත හිස ඔසවා පැමිණෙයි. සෙනසුරාදා නොවන දිනයෙහි ඔවුන් වෙත නොපැමිණෙයි. ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් අප ඔවුන් පරීක්ෂාවට ලක් කළේ එලෙසය.
Verse 164
තවද අල්ලාහ් ඔවුන් විනාශ කරන්නට යන එසේත් නැතහොත් දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැයි ඔවුන් අතුරින් වූ සමූහයක් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපති වෙත හේතු සාධකයක් වනු පිණිසත් ඔවුන් බිය හැඟීමෙන් යුතු ව කටයුතු කිරීමට හැකි වනු පිණිසත් යැයි ඔවුහු (දේශකයෝ) පැවසුවෝය.
Verse 165
කවර දෙයක් ඔවුනට උපදෙස් දෙනු ලැබුවේ ද එය ඔවුන් අමතක කළ කල්හි නපුරෙන් වළක්වන්නන් (පමණක්) අපි මුදවා ගත්තෙමු. තවද අපරාධ කළවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් දැඩි දඬුවමකින් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
Verse 166
එයින් තහනම් කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කළ කල්හි ‘නුඹලා නීච වඳුරන් මෙන් වනු’ යැයි අපි ඔවුනට පැවසුවෙමු.
Verse 167
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුනට එරෙහි ව නපුරු දඬුවමෙන් දඬුවම් කරන අය එවනු ඇතැයි නුඹගේ පරමාධිපති නිවේදනය කළ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. තවද නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය.
Verse 168
තවද අපි පොළොවේ සමූහයන් වශයෙන් ඔවුන් බෙදා වෙන් කළෙමු. ඔවුන් අතුරින් සදැහැමියන් ද වෙති. තවද ඔවුන් අතුරින් එසේ නොවන අය ද වෙති. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස යහපත් දෑ හා නපුරු දැයින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු.
Verse 169
ඔවුන්ගෙන් පසු ව (ඔවුන් වෙනුවට) පරපුරක් පැමිණ එම දේව ග්‍රන්ථය උරුම කර ගත්තෝය. (එමගින් මෙලොවෙහි) පහත් භාණ්ඩය ඔවුහු ගනිති. තවද අපට සමාව දෙනු ලබනු ඇතැයි පවසති. ඒ හා සමාන (තවත් පහත්) භාණ්ඩයක් ඔවුන් වෙත පැමිණෙන්නේ නම් එය ද ඔවුහු ගනිති. අල්ලාහ් වෙත සත්‍යය මිස වෙනත් කිසිවක් නොපැවසිය යුතු යැයි ඔවුන් වෙතින් දේව ග්‍රන්ථයේ ප්‍රතිඥාවක් ගනු නොලැබුවේ ද? තවද එහි ඇති දෑ ඔවුන් හැදෑරිය යුතු නොවේ ද? දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්හට මතු ලොව නිවහන ශ්‍රේෂ්ඨය. (මෙය) නුඹලා වටහා ගත යුතු නොවේ ද?
Verse 170
තවද ඔවුහු වනාහි දේව ග්‍රන්ථය තදින් පිළිපදින්නන් වෙති. තවද ඔවුහු සලාතය විධිමත් ව ඉටු කළෝය. නියත වශයෙන්ම අපි දැහැමි කටයුතු කරන්නන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරන්නෙමු.
Verse 171
තවද ඔවුනට ඉහළින් කුඩයක් මෙන් කන්ද ඔසවා තැබූ අවස්ථාව සිහිපත් කරනු. සැබැවින්ම එය ඔවුන් මත වැටෙනු ඇතැයි ඔවුහු සිතූහ. නුඹලා බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළ හැකි වනු පිණිස නුඹලාට අපි පිරිනැමූ දෑ නුඹලා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තවද එහි ඇති දෑ නුඹලා මෙනෙහි කරනු.
Verse 172
තවද නුඹගේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගෙන් ඔවුන්ගේ කොදුවලින් ඔවුන්ගේ පරපුර ගෙන ඔවුනට එරෙහි ව ඔවුන්ම සාක්ෂි දැරීමට පත් කොට නුඹලාගේ පරමාධිපති මා නොවේ දැයි (ඔහු විමසුවේය.) එසේය අපි සාක්ෂි දරමු යැයි ඔවුහු පැවසුවෝය. (එසේ ප්‍රතිඥාවක් ගනු ලැබුවේ) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ‘නියත වශයෙන්ම අපි මේ ගැන අනවධානීන් ලෙස සිටියෙමු යැයි නුඹලා නොපවසනු පිණිසය.
Verse 173
නැතහොත් නියත වශයෙන්ම මීට පෙර සිට ආදේශ කළ අය වනුයේ අපගේ මුතුන් මිත්තන්ය. තවද අපි ඔවුන්ගෙන් පසු වූ පරපුරක් වෙමු. අවැඩ කරන්නෝ සිදු කළ දෑ හේතුවෙන් නුඹ අප ව විනාශ කරන්නෙහිද යැයි නුඹලා නොපවසනු පිණිසය.
Verse 174
ﮔﮕﮖﮗﮘ
ﮙ
තවද එලෙසය ඔවුහු නැවත හැරිය හැකි වනු පිණිස එම සාධක අප විස්තර කරනුයේ.
Verse 175
අප අපගේ වදන් ඔහුට පිරිනැමූ අයකුගේ පුවත ඔවුන් වෙත කියවා පෙන්වනු. නමුත් ඔහු එයින් ගැල වී ගියේය. එවිට ෂෙයිතාන් ඔහු පසු පස ගියේය. එහෙයින් ඔහු නොමඟ ගියවුන් අතුරින් විය.
Verse 176
අපි අභිමත කළේ නම් එමගින් අපි ඔහු උසස් කරන්නට තිබුණි. එනමුත් ඔහු මහපොළොවේ සදා රැඳුණේය. ඔහුගේ මනෝ ආශාවන් පිළිපැද්දේය. එබැවින් ඔහුගේ උපමාව සුනඛයාගේ උපමාව මෙනි. නුඹ ඌට පහර දෙන්නේ නම් ඌ දිව දිගු කරයි. නුඹ (පහර නොදී) ඌ අත හැර දමන්නේ නම් ද ඌ දිව දිගු කරයි. අපගේ වදන් බොරු කළ පිරිසට උපමාව මෙයයි. එබැවින් ඔවුන් වටහා ගත හැකි වනු පිණිස මෙම කතා වස්තුව ඔවුනට නුඹ පවසනු.
Verse 177
අපගේ වදන් බොරු කොට තමන්ටම ආසාධාරණකම් කරමින් සිටි පිරිස උපමාවෙන් නපුරු විය.
Verse 178
කවරෙකු අල්ලාහ් යහ මඟ යොමු කරන්නේ ද එවිට ඔහු යහ මඟ ලැබූවෙකි. තවද කවරෙකු ඔහු නොමඟ යන්නට හරින්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ.
Verse 179
සැබැවින්ම අපි ජින් වර්ගයා හා මිනිස් වර්ගයාගෙන් වැඩි දෙනෙකු නිරය සඳහා බිහි කළෙමු. ඔවුනට හදවත් ඇත. ඔවුහු එමගින් වටහා නොගනිති. තවද ඔවුනට ඇස් ඇත. ඔවුහු එමගින් නොබලති. තවද ඔවුනට කන් ඇත. ඔවුහු එමගින් සවන් නොදෙති. ඔවුහු (ඔටු, ගව, එළු වැනි) ගොවිපළ සතුන් මෙනි. නැත. ඊටත් වඩා නොමඟ ගියවුන්ය. නොසැලකිලිමත් කමින් සිටියවුන් ඔවුහුමය.
Verse 180
වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමිය. එහෙයින් නුඹලා ඒවා මගින් ඔහුට ඇරයුම් කරනු. තවද ඔහුගේ නාමයන් හි අපහාස කරන්නන් අත හැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට ප්‍රතිඵල දෙනු ලබනු ඇත.
Verse 181
තවද අප මැවූ අය අතුරින් සත්‍යය තුළින් මඟ පෙන්වන, තවද එතුළින් යුක්තිය ඉටු කරන සමූහයක් ද විය.
Verse 182
අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුන් නොහඳුනන පරිදි අපි පියවරින් පියවර, ඔවුන් මතුවට හසු කර ගන්නෙමු.
Verse 183
ﮕﮖﮗﮘﮙﮚ
ﮛ
තවද මම ඔවුනට අවකාශය දෙමි. නියත වශයෙන්ම මාගේ සැලැස්ම ඉතා දැඩිය.
Verse 184
ඔවුන්ගේ සගයාට කිසිදු උමතුවක් නොමැති බව ඔවුහු වටහා නොගත්තෝ ද ? ඔහු පැහැදිලි අවවාද කරන්නකු මිස නැත.
Verse 185
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑ ගැන ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද. එහෙයින් ඉන් පසු ව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනු ඇත්තේ?
Verse 186
අල්ලාහ් කවරෙකු නොමඟ යොමු කරන්නේ ද එවිට ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තව ද ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි සැරිසැරීම ට ඔහු ඔවුනට ඉඩ හරියි.
Verse 187
අවසන් හෝරාව ගැන, එය කවදා පැමිණෙන්නේ දැයි ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම ඇත්තේ මාගේ පරමාධිපති අබියසය. එහි නියමිත වේලාවෙහි ඔහු හැර (වෙන කිසිවකු) එය හෙළි නොකරනු ඇත. එය(එහි දැනුම) අහස්හි හා පොළෝ තලයේ (වෙසෙන්නන් හට) බැරෑරුම් විය. එය ක්ෂණීකව මිස නුඹලා වෙත නොපැමිණෙනු ඇතැයි නුඹ පවසනු. ඒ පිළිබඳ ව නුඹ මනා දැනුමක් ඇත්තෙකු සේ ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියසය යැයි නුඹ පවසනු. එනමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනා (ඒ බව) නොදනිති.
Verse 188
අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නොදරමි. ගුප්ත දෑ ගැන මා දැන ගන්නෙකු ව සිටියේ නම් මා යහපත අධික වශයෙන් කරගන්නට තිබුණි. තවද මට නපුරක් ඇති නොවනු ඇත. මා අවවාද කරන්නෙකු හා විශ්වාස කරන ජනයාට ශුභාරංචි දන්වන්නෙකු මිස නැත.
Verse 189
එක ආත්මයකින් නුඹලා ව මවා ඇය සමඟ වාසය කරනු පිණිස එයින් එහි සහකාරිය ඇති කළේ ඔහුය. ඔහු ඇය වෙළා ගත් කල්හි ඇය සැහැල්ලු බරක් ඉසිලුවාය. පසු ව ඇය ඒ සමඟ ගමන් ගත්තාය. ඇයට එය බරින් වැඩි වූ කල්හි ‘ඔබ අපට (අඩුපාඩු වලින් තොර) යහපත් කෙනෙකු පිරිනැමුවෙහි නම් අපි කෘතවේදීන් අතුරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ පරමාධිපතිගෙන් අයැද සිටියහ.
Verse 190
ඔවුන් දෙදෙනාට (අඩුපාඩු වලින් තොර) යහපත් කෙනෙකු ඔහු පිරිනැමූ කල්හි ඔවුන් දෙදෙනාට පිරිනැමූ දෑහි හවුල්කරුවන් ඔවුන් දෙදෙනා ඔහුට පත් කළෝය. ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් උත්තරීතරය.
Verse 191
කිසිවක් නොමවන දෑ ඔහුට ඔවුහු ආදේශ තබන්නෝද? ඔවුන්ම ඔහු විසින් මවනු ලැබ සිටිය දී.
Verse 192
මොවුනට උදව් කිරීමට ඔවුනට නොහැක. ඔවුන් තමන්ටම පවා උදව් කර ගත නොහැක.
Verse 193
තවද නුඹ ඔවුන් යහ මඟ වෙත ඇරයුම් කරන්නෙහි නම් ඔවුහු නුඹලා ව අනුගමනය නොකරති. නුඹලා ඔවුන්ගෙන් අයැද සිටිය ද නැතහොත් නුඹලා නිහඬ ව සිටිය ද නුඹලාට එක සමානය.
Verse 194
නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැද සිටින දෑ නුඹලා මෙන් ගැත්තන්ය. එබැවින් නුඹලා ඔවුන් අයැදිනු. නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා.
Verse 195
එමගින් ඔවුන් ගමන් කරන පාද ඔවුනට තිබේ ද? නැතහොත් එමගින් ඔවුන් අල්ලන අත් ඔවුනට තිබේ ද? නැතහොත් එමගින් ඔවුන් බලන ඇස් ඔවුනට තිබේ ද? නැතහොත් එමගින් ඔවුන් සවන් දෙන කන් ඔවුනට තිබේ ද? නුඹලාගේ හවුල්කරුවන් නුඹලා කැඳවා පසු ව මට නුඹලා කුමන්ත්‍රණය කරනු. තවද මට අවකාශය නොදෙනු යැයි නබිවරය ඔවුනට නුඹ පවසනු.
Verse 196
නියත වශයෙන්ම මෙම දේව ග්‍රන්ථය පහළ කළ අල්ලාහ්ය මාගේ භාරකරු. තවද ඔහු දැහැමියන් භාර ගන්නාය.
Verse 197
තවද ඔහුගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන දෑ වනාහි නුඹලාට උදව් කිරීමට ඔවුහු හැකියාව නොලබති. තවද ඔවුහු ඔවුන්ටම පවා උදව් කර ගත නොහැක.
Verse 198
තවද යහ මඟ වෙත නුඹ ඔවුන් ඇරයුම් කරන්නෙහි නම් ඔවුහු (ඊට) සවන් නොදෙති. ඔවුන් නුඹ වෙත බලා සිටිනාක් මෙන් නුඹ ඔවුන් දකිනු ඇත. (නමුත්) ඔවුහු නොබලති.
Verse 199
උදාර ගතිගුණ පිළිපදිනු. තවද යහපත අණ කරනු. තවද අඥානයින්ගෙන් ඉවත් වනු.
Verse 200
ෂෙයිතාන් විසින් යම් බලපෑමක් නුඹට බලපෑම් ඇති කළ විට නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය.
Verse 201
නියත වශයෙන්ම දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන් ඔවුනට ෂෙයිතාන් විසින් යම් බලපෑමක් ස්පර්ශ වූ විට ඔවුහු (අල්ලාහ් ව) සිහිපත් කරති. එවිට ඔවුන් අවදි වී බලන්නන් වූහ.
Verse 202
ඔවුන්ගේ (ෂෙයිතානීය) සහෝදරයෝ ඔවුන් නොමඟ තුළට ඇද ගෙන යති. තවද ඔවුහු (ඒ සම්බන්ධයෙන්) කිසිදු අඩුවක් නොකරති.
Verse 203
තවද (නබිවරය,) නුඹ ඔවුන් වෙත සංඥාවක් නොගෙනා වේ නම් ‘නුඹ එය ගෙන ආ යුතු නොවේදැයි ඔවුහු විමසුවෝය. මා පිළිපදිනුයේ මාගේ පරමාධිපතිගෙන් මා වෙත දන්වනු ලබන දෑ පමණය. මෙය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයකි. තවද මඟපෙන්වීමකි. තවද විශ්වාස කරන ජනයා වෙනුවෙන් වූ දයාවකි යැයි නුඹ පවසනු.
Verse 204
කුර්ආනය පාරායනය කරනු ලබන විට නුඹලා එයට සවන් දෙනු. තවද නුඹලා නිහඬ ව සිටිනු. නුඹලා දයාව දක්වනු ලැබිය හැකි වනු පිණිස
Verse 205
තවද උදේ හා සවස යටහත් පහත් ව බියෙන් යුතු ව (පවසන) ප්‍රකාශයන් උස් හඬින් තොර ව නුඹ තුළ නුඹගේ පරමාධිපති ව නුඹ සිහිපත් කරනු. තවද නුඹ නොසැලකිලිමත්වන්නන් අතුරින් නොවනු.
Verse 206
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අබියස සිටින්නවුන් ඔහුට ගැතිකම් කිරීමට ඔවුහු උඩඟු නොවෙති. තවද ඔවුහු ඔහු ව පිවිතුරු කරති. තවද නළල බිම තමා ඔහුට නැමදුම් කරති.
تقدم القراءة