سورة النازعات

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා النازعات හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
සාහසික ලෙස (දුෂ්ටයන්ගේ ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.
Verse 2
තවද මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.
Verse 3
(කැරුණික ක්‍රියාවන්හි පාවෙමින් පිහිනන්නන් මත ද දිවුරමින්.
Verse 4
එවිට තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
Verse 5
තවද කටයුතු සැලසුම් කරන්නන් මත ද (දිවුරමින්)
Verse 6
මහත් කම්පනයකින් (ලොව) කම්පනය වන දිනය
Verse 7
එයට අනුපිළිවෙළින් කම්පනය නැවත සිදු වනු ඇත.
Verse 8
එදින හදවත් (බියෙන්) තැති ගනියි.
Verse 9
ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.
“නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්න්නෝ වන්නෙමුදැ” යි ඔවුහු පවසති.
Verse 11
“අප දිරා ගිය ඇටකටු බවට පත්වූයේ නම් ද?”
“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
Verse 13
එහෙත් එය එක් භයානක හඬක් පමණි.
Verse 14
එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක(සිටින්නෝ)ය.
Verse 15
මූසාගේ තොරතුරු ඔබට ලැබුණේද?
ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට
ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි විමසනු.
Verse 19
තවද මා නුඹට මඟ පෙන්වන්නෙමි. එවිට නුඹ නුඹගේ පරමාධිපතිට බියබැතිමත් වෙයි.
Verse 20
එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය.
Verse 21
නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා (ඔහුට)පිටුපෑවේය.
Verse 22
පසු ව (ඔහුගෙන් වෙන් වී) පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය.
Verse 23
එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට (ඔවුන් ව) ඇමතුවේය.
Verse 24
එවිට “මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි“ යැයි ඔහු පැවසුවේය.
එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව ආදර්ශමත් දඬුවමට ඔහු ව හසු කර ගත්තේය.
නියත වශයෙන්ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.
මැවීමට බලවත් වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය.
Verse 28
ඔහු එහි වියන ඔසවා පසු ව එය නිවැරදි ව සැකසුවේය.
Verse 29
තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය.
Verse 30
තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේය.
Verse 31
ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද බිහි කළේය.
Verse 32
තවද කඳු එය ඔහු ස්ථාවරව ස්ථාපිත කළේය.
Verse 33
(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.
Verse 34
එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට
එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේය.
Verse 36
තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්‍ෂ කරනු ලබයි.
Verse 37
එහෙයින් සීමාව උල්ලංඝනය කර
Verse 38
මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී
Verse 39
සැබැවින්ම නිරය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී
Verse 41
සැබැවින්ම ස්වර්ගය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
එම හෝරාව එය කවදා සිදුවන්නේ දැයි ඔවුහු ඔබගෙන් විමසති.
Verse 43
ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේද?
Verse 44
එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.
ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි.
සැබැවින්ම ඔවුන් එදින සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස රැඳී නොසිටියාක් මෙන් ඔවුන් එය සිතනු ඇත.
تقدم القراءة