سورة المطففين

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා المطفّفين හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශය ය.
තමන් මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන්ම කිරා ගනිමින්,
කිරා දෙන විට හෝ මැන දෙන විට කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශය ය.
නියත වශයෙන්ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නොසිතන්නෝ ද?
Verse 5
මහත් වූ දිනයක
එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.
නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ය.
Verse 8
(නබිවරයාණනි!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
Verse 9
(එය මිනිසාගේ සියලු ක්‍රියාවන්) ගති පැවතුම්) ලියන ලද වාර්තා පොතකි.
Verse 10
මුසා බස් පවසන්නන් හට එදින විනාශයය.
Verse 11
විනිශ්චය දිනය බොරු යැයි (මුසා බස් පවසන්නන්)
සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු යැයි නොකියයි.
අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ මනඃකල්පිත කතා යැයි ඔහු පවසයි.
නොඑසේය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ (මගින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.
නොඑසේය. නියත වශයෙන්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝය.
Verse 16
තවද නියත වශයෙන්ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.
ඉන්පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.
නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිමය.
Verse 19
තවද ඉල්ලීයියීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
Verse 20
(එය) ලියන ලද වාර්තා පොතකි.
Verse 21
(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරන්නෝය.
Verse 22
නියත වශයෙන්ම දැහැමියෝ සැප පහසුකම් පිරුණු ස්වර්ගයන්හි වෙති.
Verse 23
කවිච්චි මතට වී (සිරි) නරඹමින්
(ඔවුනට ලැබුණු) සැප පහසුකම් හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.
Verse 25
මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබන්නෝය.
එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.
Verse 27
තවද එහි මිශ්‍රණය තස්නීම්ගෙන්ය.
Verse 28
දේව සමීපතයින් එයින් පානය කරන උල්පතක් වන
නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය.
Verse 30
තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගන්නෝය.
තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට සමච්චල් කරමින් සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.
තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් මුළාවූවන්මය” යැයි පවසති.
Verse 33
තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.
එහෙයින් අද දින විශ්වාස කළ අය ප්‍රතික්ෂේපකයින් පිළිබඳ සිනහසෙමින්
Verse 35
කවිච්චි මත වී (සිරි) නරඹන්නෝය.
ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද? (යැයි විමසනු ලබනන්නේය.)
تقدم القراءة