الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා البروج හි පරිවර්තනය
Verse 1
ﭛﭜﭝ
ﭞ
ග්‍රහ මණ්ඩලයන් ගෙන් යුත් අහස මත ද,
Verse 2
ﭟﭠ
ﭡ
ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත ද,
Verse 3
ﭢﭣ
ﭤ
සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.
Verse 4
ﭥﭦﭧ
ﭨ
අගල් වැසියෝ (අල්ලාහ් විසින්) විනාශ කරනු ලැබුවෝය.
Verse 5
ﭩﭪﭫ
ﭬ
ඉන්ධන වලින් යුක්ත ගින්නෙන් වූ
Verse 6
ﭭﭮﭯﭰ
ﭱ
ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය.
Verse 7
ﭲﭳﭴﭵﭶﭷ
ﭸ
එකල් හි විශ්වාස කළවුන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් (ඒ මත වාඩි වී සිටියෝය.)
Verse 8
ප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.
Verse 9
අහස් හා මහපොළොවෙහි රාජ්‍ය බලය සතු (අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන්) තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
Verse 10
නියත වශයෙන්ම විශ්වාස කරන පිරිමින්ට හා විශ්වාස කරන කාන්තාවන්ට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම ද තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
Verse 11
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය.
Verse 12
ﮮﮯﮰﮱ
ﯓ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
Verse 13
ﯔﯕﯖﯗ
ﯘ
(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.
Verse 14
ﯙﯚﯛ
ﯜ
ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.
Verse 15
ﯝﯞﯟ
ﯠ
කීර්තිමත් අර්ෂ්හි (රාජ්‍යයෙහි) හිමිකරු ය.
Verse 16
ﯡﯢﯣ
ﯤ
ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
Verse 17
ﯥﯦﯧﯨ
ﯩ
(නබිවරය) නුඹට ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද?
Verse 18
ﯪﯫ
ﯬ
ෆිර්අවුන් හා සමූද් (ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද?)
Verse 19
ﯭﯮﯯﯰﯱ
ﯲ
නමුත් ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
Verse 20
ﯳﯴﯵﯶ
ﯷ
තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
Verse 21
ﯸﯹﯺﯻ
ﯼ
නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.
Verse 22
ﯽﯾﯿ
ﰀ
ආරක්ෂා කරනු ලැබූ ඵලකයෙහි වූ
تقدم القراءة