الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الغاشية හි පරිවර්තනය
Verse 1
ﭽﭾﭿﮀ
ﮁ
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
Verse 2
ﮂﮃﮄ
ﮅ
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව
Verse 3
ﮆﮇ
ﮈ
වෙහෙස ව විඩාවට පත් ව තිබේ.
Verse 4
ﮉﮊﮋ
ﮌ
ඇවිළෙන ගින්නට ඒවා(එම මුහුණු) පිවිසෙයි.
Verse 5
ﮍﮎﮏﮐ
ﮑ
(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබයි.
Verse 6
ﮒﮓﮔﮕﮖﮗ
ﮘ
ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් කිසිවක් නොමැත
Verse 7
ﮙﮚﮛﮜﮝﮞ
ﮟ
එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.
Verse 8
ﮠﮡﮢ
ﮣ
(ඇතැම්) මුහුණු සතුටින් සිටිති.
Verse 9
ﮤﮥ
ﮦ
ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව
Verse 10
ﮧﮨﮩ
ﮪ
උසස් ස්වර්ග උයන්හි (සතුටින් සිටිති.)
Verse 11
ﮫﮬﮭﮮ
ﮯ
එහි පුහු වදන් ශ්‍රවණය නොකරති.
Verse 12
ﮰﮱﯓ
ﯔ
එහි ගලා යන උල්පත් ද
Verse 13
ﯕﯖﯗ
ﯘ
එහි ගලා යන උල්පත් ද
Verse 14
ﯙﯚ
ﯛ
(බීමට) තබන ලද ගුරුලේත්තු ද
Verse 15
ﯜﯝ
ﯞ
වියන ලද කොට්ට ද
Verse 16
ﯟﯠ
ﯡ
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
Verse 17
ﯢﯣﯤﯥﯦﯧ
ﯨ
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ද, ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
Verse 18
ﯩﯪﯫﯬ
ﯭ
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද, (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
Verse 19
ﯮﯯﯰﯱ
ﯲ
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
Verse 20
ﯳﯴﯵﯶ
ﯷ
මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැයි ද ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
Verse 21
ﯸﯹﯺﯻ
ﯼ
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
Verse 22
ﯽﯾﯿ
ﰀ
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
Verse 23
ﭑﭒﭓﭔ
ﭕ
කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
Verse 24
ﭖﭗﭘﭙ
ﭚ
සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේය.
Verse 25
ﭛﭜﭝ
ﭞ
සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
Verse 26
ﭟﭠﭡﭢ
ﭣ
සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය. පසුව සැබැවින්ම ඔවුන්(කළ ක්‍රියාවන්)ගේ ගණනය අප මත ය.
تقدم القراءة