ترجمة معاني سورة يونس باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﭑﭒﭓﭔﭕﭖ
ﭗ
අලිෆ් ලාම් රා. මෙය ප්‍රඥාවෙන් යුත් පුස්තකයේ වදන් වෙයි.
آية رقم 2
‘නුඹ ජනයාට අවවාද කරනු. තවද විශ්වාස කළවුන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස සැබැවින්ම සැබෑ පෙරමුණක් ඇති බව ශුභාරංචි දන්වනු’ යැයි නියෝග කරමින් ඔවුන් අතුරින් වූ මිනිසෙකු වෙත අපි දේව පණිවිඩ දන්වා සිටීම ජනයා ව පුදුම කරවන්නක් වී ද? නියත වශයෙන්ම මොහු පැහැදිලි හූනියම්කරුවකු යැයි දේව ප්‍රතික්ෂේපකයෝ පැවසුවෝය.
آية رقم 3
නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ් ඔහු අහස් හා මහපොළොව දින හයකින් මවා පසු ව ඔහු රාජාසනය මත ස්ථාපිත විය. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. ඔහුගේ අනුමැතියෙන් පසු ව මිස වෙනත් කිසිදු මැදිහත්කරුවකු නොමැත. ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
آية رقم 4
නුඹලා සියල්ලන් නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙතය. (එය) අල්ලාහ්ගේ සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. නියත වශයෙන්ම පූර්වාදර්ශයකින් තොර ව සියලු මැවීම් ඔහු බිහි කළේය. පසු ව, විශ්වාස කොට යහකම් කළවුනට යුක්ති සහගත ලෙසින් ප්‍රතිඵල පිරිනමනු පිණිස ඔහු එය(එම මැවීම්) නැවත ගෙන්වා ගනී. තවද ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුනට ලෝ දියෙන් යුත් පානයක් ද වේදනීය දඬුවමක් ද ඇත.
آية رقم 5
ඔහු වනාහි වර්ෂ ගණනය හා කාලපරිච්ඡේද නුඹලා හඳුනා ගනු පිණිස හිරු ආලෝකය ලබා දෙන්නක් ලෙස ද සඳු ආලෝකය විහිදුවන්නක් ලෙස ද මවා එයට ස්ථාන නියම කළේය. එය සත්‍යයයෙන් යුතුව මිස අල්ලාහ් මැව්වේ නැත. දැනමුතුකම් ලබන ජනයාට මෙම වදන් ඔහු (මෙසේ) පැහැදිලි කරයි.
آية رقم 6
රාත්‍රිය හා දහවල වෙනස් වීමෙහි ද අහස් හි හා මහාපොළොවේ අල්ලාහ් මැවූ දෑහි ද බියබැතිමත් ලෙස කටයුතු කරන ජනයාට සංඥාවන් ඇත.
آية رقم 7
අපගේ හමුව අපේක්ෂා නොකරන, මෙලොව ජීවිතය පිළිගෙන එහි පමණක් රැඳී සිටියවුන් හා අපගේ වදන් ගැන අනවධානී ව සිටියවුන් වනාහි…
آية رقم 8
ﭡﭢﭣﭤﭥﭦ
ﭧ
.. ඔවුහු වනාහි ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන්, ඔවුන්ගේ නවාතැන (නිරා) ගින්න වූ අය වෙති.
آية رقم 9
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුනට ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ විශ්වාසය හේතුවෙන් ඔවුනට මඟ පෙන්වනු ඇත. (ඔවුනට සතු) සැපවත් ස්වර්ග උයන්හි ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති.
آية رقم 10
එහි ඔවුන්ගේ පැතුම වනුයේ අහෝ අල්ලාහ් ! ඔබ සුපිවිතුරුය යන්නයි. තවද එහි ඔවුන්ගේ සුබ පැතුම වනුයේ සලාම් (ශාන්තිය) යන්නයි. ඔවුන්ගේ පැතුමෙහි අවසානය වනුයේ සියලු ප්‍රශංසා විශ්වයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සතුය යන්නයි.
آية رقم 11
ජනයා යහපත ඉක්මනින් පතනවාක් මෙන් අල්ලාහ් ද නපුර ඔවුනට ඉක්මන් කළේ නම් ඔවුන්ගේ අවසන් කාලය ඔවුන් වෙත තීන්දු කරනු ලබන්නට තිබුණි. එබැවින් අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් සීමාව ඉක්මවීමෙහි අයාලෙ යන්නට හරින්නෙමු.
آية رقم 12
තවද මිනිසාට පීඩාව ස්පර්ශ වූ විට ඔහුගේ ඇලපැත්තට වී හෝ වාඩිවෙමින් හෝ සිටගනිමින් හෝ අපගෙන් පතයි. නමුත් අපි ඔහුගෙන් ඔහුගේ පීඩාව ඉවත් කළ කල්හි ඔහුට ඇති වූ පීඩාව සඳහා ඔහු අපගෙන් නොපැතුවාක් මෙන් ගමන් කරනු ඇත. සීමාව ඉක්මවූවන් හට තමන් කරමින් සිටින දෑ අලංකාරවත් කර පෙන්වන ලද්දේ එලෙසය.
آية رقم 13
තවද නුඹලාට පෙර විසූ පරම්පරාවන් ඔවුන් අපරාධ කළ කල්හි සැබැවින්ම අපි විනාශ කළෙමු. තවද ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සංඥා සමඟ පැමිණියහ. නමුත් ඔවුහු විශ්වාස කරන්නට නොවූහ. වැරදිකාරී ජනයාට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
آية رقم 14
ඔවුනට පසු ව නුඹලා කටයුතු කරනුයේ කෙසේ දැයි අපි නිරීක්ෂා කරනු පිණිස නුඹලා ව මහපොළොවේ නියෝජිතයන් බවට පත් කළෙමු.
آية رقم 15
තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මා හට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස මම අනුගමනය නොකරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳ ව සැබැවින්ම මම බිය වෙමි යැයි (නබිවරය) නුඹ පවසනු.
آية رقم 16
අල්ලාහ් අභිමත කළේ නම් මම එය පාරායනය නොකරන්නට තිබුණි. තවද මම එය නුඹලාට නොදන්වන්නට තිබුණි. සැබැවින්ම මම මීට පෙර නුඹලා අතර ජීවිත කාලයක් රැඳී සිටියෙමි. නුඹලා වටහා ගත යුතු නොවේ ද?
آية رقم 17
එබැවින් අල්ලාහ් වෙත බොරු ගෙතූ අයට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළවුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන්ම, වැරදිකරුවෝ ජය නොලබති.
آية رقم 18
අල්ලාහ් හැර ඔවුනට පීඩාවක් නොකරන එමෙන්ම ඔවුනට ප්‍රයෝජනවත් නොවන දෑට ඔවුහු ගැතිකම් කරන්නෙහු ද? ‘මොවුහු අල්ලාහ් වෙතින් වූ අපගේ මැදිහත්කරුවෝ’ යැයි ඔවුහු පවසති. ‘අහස්හි හෝ මහපොළොවේ හෝ ඔහු නොදන්නා දෑ නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහු දැ’යි නුඹ අසනු. ඔහු සුපිවිතුරුය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.
آية رقم 19
මිනිස් සමූහය එකම සමූහයක් මිස නොවීය. පසු ව, ඔවුහු භේද වූහ. නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නොවී නම් ඔවුහු කවර විෂයක මතභේද ඇති කර ගත්තෝ ද එහි ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි.
آية رقم 20
ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ විය යුතු නොවේ දැයි ඔවුහු පවසති. සියලු ගුප්ත දෑ අල්ලාහ් සතුය. එබැවින් නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම නුඹලා සමඟ බලාපොරොත්තු වන්නන් අතුරින් වෙමි.
آية رقم 21
ඔවුනට ඇති වූ පීඩාවන්ට පසු ජනයාට දයාවක් විඳවන්නට අපි සැලැස් වූ විට අපගේ වදන් වලට (බොරු කරමින්) කුමන්ත්‍රණයක් ඔවුහු යොදති. උපාය මාර්ග යෙදීමෙන් අල්ලාහ් අති වේගවත්ය. නියත වශයෙන්ම නුඹලා කුමන්ත්‍රණ කරන දෑ අපගේ දූතවරු සටහන් කරති. යැයි පවසනු.
آية رقم 22
ගොඩබිමේ හා මුහුදේ නුඹලා ව ගමන් කරවනුයේ ඔහුය. නුඹලා නැවක සිටි විට එය නැවුම් සුළඟකින් ඔවුන් කැටු ව යාත්‍රා කරයි. තවද එමගින් ඔවුහු සතුටු වූහ. සුළි සුළඟක් ඒ වෙත පැමිණෙයි. තවද සෑම තැනකින්ම (මුහුදු) රැලිද ඔවුන් වෙත පැමිණෙයි. එවිට නියත වශයෙන්ම තමන් කොටු වී ඇතැයි ඔවුහු සිතති. නුඹ අප මෙයින් මුදවා ගත්තෙහි නම් නියත වශයෙන්ම අපි කෘතවේදීන් අතුරින් වෙමුයි පවසා දහම අල්ලාහ්ට පමණක් සතු කරමින් අවංකයින් ලෙසින් අල්ලාහ්ගෙන් ඇයැද සිටිති.
آية رقم 23
ඔහු ඔවුන් මුදවා ගත් කල්හි එවිට ඔවුහු යුක්තියෙන් තොර ව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරති. අහෝ ජනයිනි ! නුඹලාගේ සීමාව ඉක්මවීම නුඹලාට එරෙහිවමය. මෙලොව ජීවිතයේ අල්ප සැපයකි. පසු ව නුඹලා නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව අපි නුඹට දන්වන්නෙමු.
آية رقم 24
මෙලොව ජීවිතයේ උපමාව වනුයේ අහසින් අපි පහළ කළ ජලය මෙනි. එවිට මිනිසුන් හා ගොවිපළ සතුන් ආහාරයට ගන්නා දැයින් මහපොළොවේ ඇති පැළෑටි ඒ සමඟ මුසු වෙයි. මහපොළොව එහි සරුසාරවත් භාවය ගෙන එය අලංකාරවත් වෙයි. එහි වැසියෝ නියත වශයෙන්ම ඒ මත තමන් බලය දරන්නන් බව සිතති. (එවිට) රාත්‍රියේ හෝ දහවලේ අපගේ නියෝගය ඒ වෙත පැමිණියේය. පසු ව එය නෙළනු ලැබූ පාළු භූමියක් බවට අපි එය පත් කළෙමු. එය පෙරදින කිසිදු ප්‍රයෝජනයක් නොගත්තාක් මෙන් විය. වටහා ගන්නා ජනයාට මෙම වදන් අපි පැහැදිලි කරනුයේ මෙලෙසය.
آية رقم 25
තවද අල්ලාහ් ශාන්තියේ නිවහන වෙත ඇරයුම් කරයි. තවද ඔහු අභිමත කරන අය ඍජු මාර්ගය වෙත මඟ පෙන්වයි.
آية رقم 26
දැහැමි කටයුතු කළවුනට දැහැමි දෑ ද ඊට අමතර දෑ ද ඇත. ඔවුන්ගේ මුහුණු අඳුර හෝ අවමානය හෝ වෙළා නොගනී. ඔවුහු ස්වර්ගවාසීහුය. ඔවුහු එහි සදාතනිකයෝය.
آية رقم 27
තවද කවරෙකු පාපකම් උපයා ගත්තේ ද පාපකමට ප්‍රතිවිපාකය ඒ හා සමානයක්ය. තවද අවමානය ඔවුන් වෙළා ගනී. අල්ලාහ්ගෙන් කිසිදු ආරක්ෂකයකු ඔවුනට නොමැත. ඔවුන්ගේ මුහුණු රාත්‍රියේ කළු කඩතුරු වසා ගත්තාක් මෙනි. ඔවුහු නිරා වාසීහුය. ඔවුහු එහි සදාතනිකයෝය.
آية رقم 28
තවද එදින අපි ඔවුන් සියල්ල රැස් කරන්නෙමු. පසු ව නුඹලා හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලාගේ ස්ථානයේම සිටිනු යැයි ආදේශ තැබූවන්ට අපි පවසන්නෙමු. පසු ව ඔවුන් අතර අපි වෙන් කරන්නෙමු. තවද ‘නුඹලා අපට ගැතිකම් කරමින් නොසිටියෙහු යැ’යි ඔවුන්ගේ හවුල්කරුවන් පවසති.
آية رقم 29
අප හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් සිටීමට අල්ලාහ් ප්‍රමාණවත්ය. නුඹලා කළ නැමදුම පිළිබඳ අප අනවධානීන් ලෙස සිටිය ද …
آية رقم 30
එහි සෑම ආත්මයක්ම එය ඉදිරිපත් කළ දෑ විඳවයි. තවද ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙත ඔවුන් යොමු කරනු ලැබේ. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් නැති වී යයි.
آية رقم 31
අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්‍රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැයි (නබිවරය) නුඹ විමසනු. එවිට ‘අල්ලාහ්’ යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත්ව කටයුතු කළ යුතු නොවේ දැයි නුඹ විමසනු.
آية رقم 32
ඔහුමය නුඹලාගේ සැබෑ පරමාධිපති වූ අල්ලාහ්. සත්‍යයෙන් පසු මුළාව මිස වෙන කුමක් ද? එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
آية رقم 33
පාපකම් කළවුනට නුඹගේ පරමාධිපතිගේ වදන නියම වූයේ එලෙසය. නියත වශයෙන්ම ඔවුහු විශ්වාස නොකරති.
آية رقم 34
මැවීම් උත්පාදනය කොට පසු ව එය නැවත ගෙන එන කවරෙකු හෝ නුඹලාගේ හවුල්කරුවන් අතුරින් සිටිත් දැ?යි නුඹ අසනු. මැවීම් උත්පාදනය කොට පසු ව එය නැවත ගෙන එන්නේ අල්ලාහ්ය. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේදැ?යි නුඹ අසනු.
آية رقم 35
සත්‍යය වෙත මඟ පෙන්වන නුඹලාගේ හවුල්කරුවන්ගෙන් කිසිවෙකුත් සිටිත් දැ?යි නුඹ අසනු. සත්‍යය වෙත මඟ පෙන්වන්නා අල්ලාහ් යැයි නුඹ පවසනු. පිළිපදිනු ලබන්නට වඩාත් සුදුසු වන්නේ සත්‍යය වෙත මඟ පෙන්වන්නා ද එසේ නැතහොත් මඟ පෙන්වනු ලැබීමෙන් මිස යහ මඟ ගමන් නොකරන අය ද? නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු දෙනුයේ කෙසේ ද?
آية رقم 36
ඔවුන් බහුතරයක් දෙනා අනුමානය මිස අනුගමනය නොකරති. නියත වශයෙන්ම අනුමානය සත්‍යයට එරෙහිව, කිසිවකට ඵලක් නොවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
آية رقم 37
මෙම කුර්ආනය අල්ලාහ්ගෙන් තොර ව (වෙනත් කිසිවකු විසින්) ගොතනු ලැබූවක් නොවීය. එනමුත් මෙය තමන් අතර ඇති දෑ සත්‍ය කරවන්නක් ද ලේඛනය විග්‍රහ කරන්නක් ද විය. ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූවක් බවට කිසිදු සැකයක් නැත.
آية رقم 38
නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුන් පවසන්නේද? එසේ නම් මෙවැනිම පරිච්ඡේදයක් ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් අල්ලාහ්ගෙන් තොර ව නුඹලා හැකි අය (ඒ සඳහා) කැඳවා ගනු.
آية رقم 39
එසේ නොව, ඔවුහු ඒ පිළිබඳ දැනුමෙන් ග්‍රහණය නොකළ බැවින් ද එහි විග්‍රහය ඔවුන් වෙත නොපැමිණි බැවින් ද ඔවුහු බොරු කළෝය. මෙලෙසම ඔවුනට පෙර සිටියවුන්ද බොරු කළෝය. එබැවින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ නිරීක්ෂාවෙන් බලනු.
آية رقم 40
ඒ ගැන විශ්වාස කරන්නන් ද ඔවුන් අතුරින් වෙති. එමෙන්ම ඒ ගැන විශ්වාස නොකරන්නන් ද ඔවුන් අතුරින් වෙති. තවද නුඹේ පරමාධිපති කලහකාරීන් පිළිබඳ මැනවින් දන්නාය.
آية رقم 41
තවද ඔවුහු නුඹ ව බොරු කළේ නම් ‘මාගේ ක්‍රියාව මට සතුය නුඹලාගේ ක්‍රියාව නුඹලාට සතුය. නුඹලා මම කරන දැයින් මිදෙන්නන් වෙති. මාද නුඹලා කරන දැයින් මිදෙන්නෙකු වෙමි’ යැයි එවිට නුඹ පවසනු.
آية رقم 42
තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන්නන් (මෙන් රඟපාන්නන්)ද වෙති. ඔවුන් වටහා නොගනිමින් සිටිය ද නුඹ බිහිරාට සවන් වැටෙන්නට සලස්වන්නෙහි ද?
آية رقم 43
තවද ඔවුන් අතුරින් නුඹ වෙත බලන්නන් (මෙන් රඟපාන්නන්)ද වෙති. ඔවුන් නොබලමින් සිටිය ද නුඹ අන්ධයාට මඟ පෙන්වන්නට සලස්වන්නෙහි ද?
آية رقم 44
නියත වශයෙන්ම අල්ලාහ් ජනයාට කිසිවකින් හෝ අපරාධ නොකරයි. එනමුත් ජනයා තමන්ටම අපරාධ කර ගනිති.
آية رقم 45
ඔහු ඔවුන් රැස් කරන දින දහවලින් එක් මොහොතක් මිස රැඳී නොසිටියාක් මෙන් පවතී. ඔවුන් අතර ඔවුන් එකිනෙකා හඳුනා ගනිති. අල්ලාහ්ගේ හමුව බොරුකළවුන් සැබැවින්ම පරාජයට පත් වූහ. තවද ඔවුහු යහ මඟ ලැබූවන් ලෙස නොසිටියහ.
آية رقم 46
අපි ඔවුන්ට ප්‍රතිඥා දුන් ඇතැම් දේ අප නුඹට පෙන්වුවද, නැතහොත් අප නුඹ ව මරණයට පත් කළ ද ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතමය. පසු ව ඔවුන් කරන දෑ කෙරෙහි අල්ලාහ් සාක්ෂිකරුවකු ව සිටී.
آية رقم 47
සෑම සමූහයකටම දහම් දූතයකු විය. ඔවුන්ගේ දහම් දූතයා පැමිණි විට ඔවුන් අතර යුක්ති ගරුක ව තීන්දු දෙන ලදී. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
آية رقم 48
නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ?යි (දහම් දූතයින්ගෙන්) ඔවුහු විමසති.
آية رقم 49
අල්ලාහ් අභිමත කළ දෑ මිස මාහට කිසිදු හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ කිරීමට මා සතු නොවන බව නුඹ පවසනු. සෑම සමූහයකටම නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නොවෙති. එමෙන්ම ඔවුහු ඉක්මන් ද නොවෙති.
آية رقم 50
රාත්‍රිය ගත කරන විට හෝ දහවල් කාලයේ හෝ ඔහුගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් (ඒ ගැන) නුඹලා කුමක් පවසන්නෙහු ද? ඒ ගැන වැරදිකරුවෝ ඉක්මන් වනුයේ ඇයි දැයි නුඹ අසනු.
آية رقم 51
එය සිදු වූ පසු ව ද දැන් නුඹලා ඒ ගැන විශ්වාස කරනුයේ?. නුඹලා ඒ ගැන ඉක්මන් විය යුතු යැයි පතමින් සිටියෙහුය.
آية رقم 52
පසු ව ‘නුඹලා සදාතනික දඬුවම විඳවනු. නුඹලා උපයමින් සිටි දෑ සඳහා මිස නුඹලා ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත් දැ?’යි අපරාධ කළවුනට පවසනු ලැබේ.
آية رقم 53
එය සත්‍යය දැයි ඔවුහු නුඹගෙන් තොරුතුරු විමසති. එසේය, මාගේ පරමාධිපතිගේ නාමයෙන්. නියත වශයෙන්ම ඔහුමය සත්‍යය වනුයේ. නුඹලා අබිබවා යන්නන් නොවෙති. යැයි නුඹ පවසනු.
آية رقم 54
අපරාධ කළ සෑම ආත්මයකටම මහපොළොවේ ඇති දෑ තිබේ නම් එය වන්දි වශයෙන් ගෙවනු ඇත. තවද ඔවුහු එම දඬුවම දුටු කල්හි පසුතැවිල්ල (තම සිත් තුළ) වසන් කර ගත්හ. තවද ඔවුන් අතර යුක්ති ගරුක ලෙසින් තීන්දු කරනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
آية رقم 55
අහස්හි හා පොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් සතු බව දැන ගනු මැනව. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව ද සැබෑවක් බව දැන ගනු මැනව. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
آية رقم 56
ﭻﭼﭽﭾﭿ
ﮀ
ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. තවද නුඹලා නැවත යොමු කරනු ලබන්නේ ඔහු වෙතටය.
آية رقم 57
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ අනුශාසනයක් ද නුඹලාගේ හදවත් තුළ ඇති දෑට සුවයක් ද දේව විශ්වාසවන්තයින්ට මඟ පෙන්වීමක් හා දයාවක් ද සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත.
آية رقم 58
(මෙය පැමිණ ඇත්තේ) අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ දයාව තුළිනි. මෙමගින් ඔවුන් සතුටු වෙත්වා ! යැයි නුඹ පවසනු. එය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨය.
آية رقم 59
පෝෂණයෙන් අල්ලාහ් නුඹලාට පහළ කළ දෑ පිළිබඳ ව නුඹලා කුමක් පවසන්නෙහු ද? එවිට නුඹලා එයින් (අතැම් දෑ) තහනම් ලෙසත් (ඇතැම් දෑ) අනුමත ලෙසත් පත් කර ගත්තෙහුය. (ඒ සඳහා) නුඹලාට අවසර දුන්නේ අල්ලාහ් දැ?යි නුඹ අසනු. එසේ නැතහොත් නුඹලා අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නෙහු දැ?යි අසනු.
آية رقم 60
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන්ගේ අනුමාන සිතුවිලි කුමක් වේවි ද? නියත වශයෙන්ම අල්ලාහ් ජනයා කෙරෙහි භාග්‍ය සම්පන්නය. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
آية رقم 61
තවද නුඹ කවර කරුණක (නිරත ව) සිටින්නේ ද තවද කුමන දැයක් කුර්ආනයෙන් නුඹ පාරායනය කරන්නේ ද තවද (මිනිසුනි !) යම් කිසි ක්‍රියාවක් නුඹලා කරන්නේ ද නුඹලා එහි නිරත වන විට නුඹලා වෙත සාක්ෂිකරුවන් ලෙසින් අපි සිටියා මිස නැත. අහසෙහි හෝ මහපොළොවෙහි හෝ අණුවක තරම් දෙයක් වුව ද එය ඊටත් වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි පුස්තකයේ (සටහන්ව) මිස නුඹගේ පරමාධිපතිගෙන් සැඟවෙන්නේ නැත.
آية رقم 62
නියත වශයෙන්ම අල්ලාහ්ගේ සමීපතයින් වන ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නන් ද නොවෙති.
آية رقم 63
ﭜﭝﭞﭟ
ﭠ
ඔවුන් වනාහි ඔවුහු විශ්වාස කළහ. තවද බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් වූහ.
آية رقم 64
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි ඔවුනට සුබාසිරි ඇත. අල්ලාහ්ගේ ප්‍රකාශයන්හි කිසිදු වෙනස් කිරීමක් නොමැත. එයමය අතිමහත් ජයග්‍රහණය වනුයේ.
آية رقم 65
ඔවුන්ගේ ප්‍රකාශය නුඹ ව දුකට පත් නොකළ යුතුය. නියත වශයෙන්ම සියල්ලෙහි ගෞරවය අල්ලාහ්ට හිමිය. ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය.
آية رقم 66
අහස්හි ඇති දෑද මහපොළොවෙහි ඇති දෑද නියත වශයෙන්ම අල්ලාහ් සතු යැයි දැන ගනු. අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් ඇරයුම් කරන, සමානයන් අනුගමනය කරන්නන් ඔවුන් අනුගමනය කරනුයේ අනුමානය මිස නොමැත. තවද ඔවුන් උපකල්පනය කරනු මිස නැත.
آية رقم 67
නුඹලා එහි සැනසුම ලබනු පිණිස රාත්‍රිය ද, පෙනෙන්නට ආලෝකමත් ලෙසින් දහවල ද නුඹලාට ඇති කළේ ඔහුය. සැබැවින්ම සවන් දෙන ජනයාට මෙහි සංඥාවන් ඇත.
آية رقم 68
අල්ලාහ් දරුවකු ගත්තේ යැයි ඔවුහු පවසති. ඔහු (ඔවුන් පවසන දැයින්) සුපිවිතුරුය. ඔහු පොහොසත් (අවශ්‍යතාවන්ගෙන් තොර)ය. අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු සතුය. (නුඹලා පවසන) ඒ ගැන කිසිදු සාධකයක් නුඹලා වෙත නැත. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි පවසන්නෙහු ද?
آية رقم 69
නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන් ජය නොලබනු ඇතැයි (නබිවරය) නුඹ පවසනු.
آية رقم 70
(මෙය) මෙලොවෙහි භුක්ති විඳීමකි. පසු ව ඔවුන්ගේ නැවත යොමු වීමේ ස්ථානය අප වෙතය. පසු ව ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් දරුණු දඬුවම ඔවුන් විඳවන්නට අපි සලස්වන්නෙමු.
آية رقم 71
(නබිවරය!) නුඹ ඔවුනට නූහ්ගේ පුවත කියවා පෙන්වනු. ඔහුගේ සමූහයාට මාගේ ජනයිනි ! ‘මා (නුඹලා අතර) සිටීමත් අල්ලාහ්ගේ වදන් මා සිහිපත් කිරීමත් නුඹලාට බරක් වී නම් එවිට මම අල්ලාහ් වෙත භාර කරමි. පසු ව නුඹලාගේ තීරණය හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලා රැස් කර ගනු. පසු ව නුඹලාගේ තීරණය නුඹලාට එරෙහි ව මුළාවක් වශයෙන් නොවිය යුතුය. පසු ව නුඹලා මට (එරෙහි ව) තීන්දු කරනු. තවද මට නුඹලා අවකාශ නොදෙනු.
آية رقم 72
නමුත් නුඹලා පිටුපෑවෙහු නම් (එය නුඹලාට එරෙහිවය.) එබැවින් (ඒ සඳහා) මම කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා සිටියේ නැත. මාගේ කුලිය අල්ලාහ් මත මිස නැත. තවද මුස්ලිම්වරුන් අතුරින් වීමට මා නියෝග කරනු ලැබුවෙමි.’
آية رقم 73
නමුත් ඔවුහු ඔහු ව ප්‍රතික්ෂේප කළෝය. එවිට අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවාගෙන ඔවුන් ව (මහපොළොවේ) නියෝජිතයන් බවට පත් කොට අපගේ සංඥා බොරු කළවුන් ගිල් වූයෙමු. අවවාද දෙනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ බලනු.
آية رقم 74
ඔහුගෙන් පසු ව දහම් දූතවරු ඔවුන්ගේ ජනයා වෙත අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. මීට පෙර ඔවුන් කවර දෙයක් බොරු කළේ ද එය විශ්වාස කරන්නට ඔවුහු නොවූහ. සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ගේ හදවත් මත අප මුද්‍රා තබනුයේ එලෙසමය.
آية رقم 75
අනතුරු ව ඔවුන්ගෙන් පසු ව අපි අපගේ පැහැදිලි සාධක සමග මූසා හා හාරූන් ව ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත එව්වෙමු. නමුත් ඔවුහු උඩඟුකම් පෑහ. තවද ඔවුහු අපරාධකාරී පිරිසක් බවට පත් වූහ.
آية رقم 76
අප වෙතින් ඔවුනට සත්‍යය පැමිණි කල්හි ‘නියත වශයෙන්ම මෙය පැහැදිලි හූනියමකි’ යැයි ඔවුහු පැවසුවෝය.
آية رقم 77
නුඹලා වෙත සත්‍යය පැමිණි කල්හි එයට ‘මෙය හූනියමක්’ යැයි නුඹලා කියන්නෙහු ද? තවද හූනියම්කරුවෝ ජය නොලබති යැයි මූසා පැවසුවේය.
آية رقم 78
අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවේ ද එයින් ඔබ අප වෙනතකට යොමු කිරීමටත් මහපොළොවේ උසස්කම නුඹලා හිමි කර ගන්නටත් නුඹලා අප වෙත පැමිණියේ ද? නමුත් නුඹලා දෙදෙනා ව අපි විශ්වාස කරන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසූහ.
آية رقم 79
ﭑﭒﭓﭔﭕﭖ
ﭗ
තවද ‘මනා දැනුම ඇති සෑම හූනියම්කරුවකුම මා වෙත නුඹලා ගෙන එනු’යි ෆිර්අවුන් පැවසුවේය.
آية رقم 80
හූනියම්කරුවෝ පැමිණි කල්හි ‘නුඹලා හෙළන්නට සිටින දෑ නුඹලා හෙළනු’ යැයි මූසා ඔවුනට කීවේය.
آية رقم 81
ඔවුන් හෙළු කල්හි ‘නුඹලා කවර දෙයක් ගෙන ආවද එය හූනියමකි. නියත වශයෙන්ම අල්ලාහ් එය නිෂ්ඵල කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් කලහකාරීන්ගේ ක්‍රියාව විධිමත් නොකරනු ඇත’ යැයි මූසා පැවසුවේය.
آية رقم 82
වැරදිකරුවෝ පිළිකුල් කළද අල්ලාහ් ඔහුගේ ප්‍රකාශයන් මගින් සත්‍යය සනාථ කරනු ඇත.
آية رقم 83
ෆිර්අවුන්ගෙන් හා ඔහුගේ ප්‍රධානීන්ගෙන් තමන්ට කලහකම් සිදු වනු ඇතැයි යන බිය හේතුවෙන් ඔහුගේ ජනයාගෙන් පරපුරක් හැර මූසා ව විශ්වාස නොකළේය. තවද නියත වශයෙන්ම ෆිර්අවුන් මහපොළොවේ මැරවරයෙක් විය. තවද නියතවශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතුරිනි.
آية رقم 84
‘මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ් ව විශ්වාස කර සිටියෙහු නම්, නුඹලා අවනතවන්නන් ව සිටියෙහු නම් නුඹලා ඔහු වෙතම (සියල්ල) භාර කරනු’ යැයි මූසා කීවේය.
آية رقم 85
එවිට ‘අපි අල්ලාහ් වෙත භාර කළෙමු. අපගේ පරමාධිපතියාණනි ! අපරාධකාරී ජනයාට පරීක්ෂාවක් ලෙස අප පත් නොකරනු මැනව!’ යැයි ඔවුහු පවසා ප්‍රාර්ථනා කළහ.
آية رقم 86
ﮮﮯﮰﮱﯓ
ﯔ
තවද ඔබේ දයාවෙන් දේව ප්‍රතික්ෂේපිත ජනයාගෙන් අප මුදවා ගනු මැනව.
آية رقم 87
තවද ‘මිසරය නුඹලා දෙදෙනාගේ ජනයා වෙනුවෙන් වාසස්ථාන ලෙසට නුඹලා දෙදෙනා ගනු. තවද නුඹලාගේ වාසස්ථාන (නැමදුම්) දිශාව බවට නුඹලා පත් කර ගනු. තවද සලාතය විධිමත් ලෙස ඉටු කරනු. තවද දේව විශ්වාසවන්තයින්ට ශුභාරංචි දන්වනු’ යැයි අපි මූසා හා ඔහුගේ සහෝදරයා වෙත දන්වා සිටියෙමු.
آية رقم 88
අපගේ පරමාධිපතියාණනි! නුඹ ෆිර්අවුන්ට හා ඔහුගේ ප්‍රධානීන් හට නුඹගේ මාර්ගයෙන් ඔවුන් නොමඟ යනු පිණිස මෙලොව ජීවිතයේ වස්තුව හා අලංකාරය පිරිනැමුවෙහිය. අපගේ පරමාධිපතියාණනි! ඔවුන්ගේ වස්තුව විනාශ කරනු. තවද ඔවුන්ගේ හදවත් බැඳ දමනු. ඔවුන් එම වේදනීය දඬුවම දකින තුරු විශ්වාස නොකරනු ඇත.
آية رقم 89
සැබැවින්ම නුඹලා දෙදෙනාගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ලැබීය. එහෙයින් නුඹලා දෙදෙනා ස්ථාවරව සිටිනු. තවද දැනුම නොමැති අයගේ මාර්ගය නුඹලා දෙදෙනා අනුගමනය නොකරනු යැයි ඔහු පැවසුවේය.
آية رقم 90
අපි බනූ ඉස්රාඊල්වරුන් ව මුහුද තරණය කෙරෙව්වෙමු. එවිට ෆිර්අවුන් හා ඔහුගේ සේනාව සීමාව ඉක්මවමින් හා සතුරුකමින් ඔවුන් පසුපස හඹා ගියෝය. අවසානයේ ගිලී යාම ඔහු ව ග්‍රහණය කළ විට ‘සැබැවින්ම බනූ ඉස්රාඊල්වරු කවරෙකු පිළිබඳ විශ්වාස කළේ ද ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම විශ්වාස කළෙමි. තවද මම අවනත වන්නන් අතුරින් කෙනෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේය.
آية رقم 91
දැන් ද (නුඹ විශ්වාස කරනුයේ)? මීට පෙර නුඹ සැබැවින්ම පිටුපෑවෙහිය. තවද නුඹ කලහකාරීන් අතුරින් වූයෙහිය.
آية رقم 92
එබැවින් නුඹගෙන් පසු පැමිණෙන්නන් හට නුඹ සංඥාවක් වනු පිණිස මෙදින අපි නුඹේ දේහය සුරක්ෂිත ව තබන්නෙමු. තවද නියත වශයෙන්ම ජනයා අතුරින් බහුතරයක් දෙනා අපගේ සංඥාවන් පිළිබඳ අනවධානීන් ලෙස සිටිති.
آية رقم 93
තවද සැබැවින්ම අපි ඉස්රාඊල් දරුවන් ව සැබෑ වාසස්ථාන වල පදිංචි කෙරෙව්වෙමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය ලබා දුනිමු. ඔවුන් වෙත ඥානය පැමිණෙන තෙක් ඔවුහු මත භේද ඇති කර නොගත්හ. ඔවුන් කවර විෂයක මත භේද වෙමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹගේ පරමාධිපති නියත වශයෙන්ම ඔවුන් අතර තීන්දු දෙනු ඇත.
آية رقم 94
නුඹ වෙත අපි පහළ කළ දැයින් යම් සැකයක නුඹ පසුවන්නෙහි නම් එවිට මීට පෙර පුස්තකය කියවමින් සිටින අයගෙන් (ඒ ගැන) විමසනු. නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත සැබැවින්ම සත්‍යය පැමිණ ඇත. එබැවින් නුඹ සැකකරන්නන් අතුරින් නොවනු.
آية رقم 95
තවද අල්ලාහ්ගේ වදන් බොරු කළවුන් අතුරින් නුඹ නොවනු. එවිට නුඹ අලාභවන්තයින් අතුරින් වනු ඇත.
آية رقم 96
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වූවන් ඔවුන් වෙත සියලු සංඥාවන් පැමිණිය ද ඔවුහු වේදනීය දඬුවම දකින තෙක් විශ්වාස නොකරති.
آية رقم 97
අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ කවුරුන් සතු දැ යි නුඹ අසනු. සියල්ල අල්ලාහ් සතුය යැයි පවසනු. (අල්ලාහ්) තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු නුඹලා ව එක් රැස් කරනු ඇත. එහි කිසිදු සැකයක් නැත. තමන් තමන්ටම අලාභහානි කර ගත්තවුන් වන ඔවුහු විශ්වාස නොකරති.
آية رقم 98
යූනුස්ගේ ජනයා හැර විශ්වාස කොට එහි විශ්වාසය ඵලක් වූ ගම්මානයක් වෙනත් නොවීය. ඔවුහු විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ අවමානයේ දඬුවම අපි ඔවුන්ගෙන් ඉවත් කොට මද කලකට ඔවුනට භුක්ති විඳින්නට සැලැස්සුවෙමු.
آية رقم 99
නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මහපොළොවේ සිටින ඔවුන් සියලු දෙනා මුළුමණින්ම විශ්වාස කරන්නට තිබුණි. එසේ තිබිය දී ඔවුන් දේව විශ්වාසවන්තයින් වන තෙක් නුඹ ජනයාට බල කරන්නෙහි ද?
آية رقم 100
අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස විශ්වාස කිරීමට කිසිදු ආත්මයකට නොවීය. වටහා නොගන්නා අයට ඔහු කිලිට ඇති කරයි.
آية رقم 101
අහස්හි හා මහපොළොවේ කුමක් ඇත්තේ දැයි නුඹලා සිතා බලනු. විශ්වාස නොකරන ජනයාට සංඥාවන් හා අවවාදයන් ප්‍රයෝජනවත් නොවනු ඇතැයි (නබි මුහම්මද්!) නුඹ පවසනු.
آية رقم 102
ඔවුනට පෙර සිටියවුන් අතුරින් ඉකුත් ව ගියවුන්ගේ දින වලට සමාන(විනාශ)යක් මිස වෙනෙකක් බලාපොරොත්තු වන්නෝ ද? එසේ නම් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතුරින් වෙමි යැයි (නබි මුහම්මද් !) නුඹ පවසනු.
آية رقم 103
පසු ව අපි අපගේ දහම් දූතයින් හා විශ්වාස කළවුන් ආරක්ෂා කරමු. එලෙස දේව විශ්වාසවන්තයින් මුදවා ගැනීම අප වෙත නියම කර ගත් වගකීමකි.
آية رقم 104
අහෝ ජනයිනි ! මාගේ දහම පිළිබඳ සැකයෙහි නුඹලා පසුවන්නෙහු නම් එවිට (දැන ගනු) අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ගැතිකම් කරන අයට මම ගැතිකම් නොකරමි. නමුත් නුඹලා ව මරණයට පත් කරන අල්ලාහ්ට ගැතිකම් කරමි. දේව විශ්වාසවන්තයින් අතුරින් මා වන්නට මම අණ කරනු ලැබුවෙමි.
آية رقم 105
තවද නුඹගේ මුහුණ අවංක ලෙසින් දහම වෙත ස්ථාපිත කරනු. තවද නුඹ ආදේශ තබන්නන් අතුරින් නොවනු.
آية رقم 106
අල්ලාහ්ගෙන් තොර ව නුඹට සෙතක් කළ නොහැකි එමෙන්ම නුඹට හිංසාවක් කළ නොහැකි දෑට නුඹ ඇරයුම් නොකරනු. එසේ නුඹ කළෙහි නම් එවිට සැබැවින්ම නුඹ අපරාධකරුවන් අතුරින් වනු ඇත.
آية رقم 107
අල්ලාහ් නුඹට යම් හානියක් ස්පර්ශ කරවන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන කිසිවකු නැත. තවද ඔහු නුඹට යම් යහපතක් අපේක්ෂා කරන්නේ නම් එවිට ඔහුගේ භාග්‍යය වළක්වන කිසිවකු ද නොමැත. ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට එය සිදු කරයි. තවද ඔහු අතික්ෂමාශීලීය. අසමසම කරුණා ගුණයෙන් යුක්තය.
آية رقم 108
අහෝ මිනිසුනි ! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය නුඹලා වෙත සැබැවින්ම පැමිණ ඇත. එබැවින් කවරෙකු මග ලබන්නේ ද එසේ ඔහු මග ලබනුයේ ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නොමග ගියේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුටම එරෙහිවය. තවද මම නුඹලා වෙත වූ භාරකරුවකු නොවෙමි.
آية رقم 109
තවද නුඹ වෙත දන්වනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. තවද අල්ලාහ් තීන්දු දෙන තෙක් ඉවසීමෙන් සිටිනු. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය.
تقدم القراءة