سورة الرحمن

الترجمة السنهالية

ترجمة معاني سورة الرحمن باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
අපරිමිත දයාන්විතයාණෝ
آية رقم 2
ඔහු අල් කුර්ආනය ඉගැන්වීය.
آية رقم 3
ඔහු මිනිසා ව මැව්වේය.
آية رقم 4
ඔහු ඔහුට පැහැදිලි කතාව ඉගැන්වීය.
آية رقم 5
හිරු හා සඳු නියමිත ගණන් විලාසයකට අනුව ගගනය කරයි.
آية رقم 6
තවද තරු හා ගස යන දෙක ඔහුට සුජූද් කරති.
آية رقم 7
තවද අහස ඔහු එය උස් කළේය. තවද (යුක්තියේ) තුලාව පිහිටුවේය.
آية رقم 8
යුක්තියේ තුලාව නුඹලා උල්ලංඝනය නොකරනු පිණිස.
آية رقم 9
තවද නුඹලා සාධාරණයෙන් යුතු ව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නොකරනු.
آية رقم 10
තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා තැබුවේ ය.
آية رقم 11
එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.
آية رقم 12
තවද පොතු සහිත ධාන්‍ය ද සුවඳැති පැළෑටි ද ඇත.
آية رقم 13
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 14
වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේය.
آية رقم 15
තවද ගින්නෙන් වූ (දුමක් නැති) දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේය
آية رقم 16
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 17
(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන්ය.
آية رقم 18
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 19
ඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරීය.
آية رقم 20
ඒ දෙක අබිබවා නොයන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.
آية رقم 21
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 22
ඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි.
آية رقم 23
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 24
තවද කඳු මෙන් මුහුදෙහි උසින් ගමන් කරනු ලබන යාත්‍රා ද ඔහුට ඇත.
آية رقم 25
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 26
ඒ (මහපොළොව) මත ඇති සියල්ල විනාශ වී යන්නක්ය.
آية رقم 27
තවද තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුක්ත නුඹගේ පරමාධිපතිගේ මුහුණ ශේෂ ව පවතී.
آية رقم 28
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ(තම අවශ්‍යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරත ව සිටියි.
آية رقم 30
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 31
අහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් ඉක්මණින් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු.
آية رقم 32
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ පැතිකඩ වලින් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත.
آية رقم 34
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 35
නුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය (ඉන් ආරක්ෂා වන්නට) උදව් නොලබනු ඇත.
آية رقم 36
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 37
එහෙයින් අහස පැළී ගිය විට එය තෙල් මෙන් රතු පැහැ ගැණෙනු ඇත.
آية رقم 38
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 39
එහෙයින් එදින මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නොලබයි.
آية رقم 40
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 41
වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණු වලින් හඳුනා ගනු ලබති. එවිට ඉදිරි නළල් කෙස් රොද හා පාද වලින් ග්‍රහණය කරනු ලබති.
آية رقم 42
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 43
වැරදි කරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ.
آية رقم 44
ඒ අතර හා දැඩි රශ්මීය ලෝදිය අතර ඔවුහු කැරකෙති.
آية رقم 45
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 46
තම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බිය වූවන්ට (ස්වර්ග) උයන් දෙකක් ඇත.
آية رقم 47
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 48
සාරවත් අතුවලින් යුක්ත (උයන්) දෙකකි.
آية رقم 49
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 50
ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකකි.
آية رقم 51
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 52
සෑම පලතුරකින්ම ජෝඩුවක් බැගින් ඒ එදෙකහි ඇත.
آية رقم 53
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙසිනි. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙනි. එම උයන් දෙකෙහි පලතුරු සමීපයෙන් පිහිටයි.
آية رقم 55
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්‍යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
آية رقم 57
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 58
නියත වශයෙන්ම ඔවුහු මැණික් හා පබළු මෙන් වෙති.
آية رقم 59
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 60
යහපතට යහපත මිස වෙනත් ප්‍රතිඵලයක් ඇත් ද?
آية رقم 61
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 62
ඒ දෙකට අමතරව (තවත්) උයන් දෙකකි.
آية رقم 63
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 64
(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්තය.
آية رقم 65
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 66
ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකකි.
آية رقم 67
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 68
ඒ දෙකෙහි පලතුරු ද රටඉඳි ද දෙළුම් ද ඇත.
آية رقم 69
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 70
රූමත් යහපත් කාන්තාවෝ ඒවායෙහි වෙති.
آية رقم 71
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 72
කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවෝ වෙති.
آية رقم 73
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 74
ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
آية رقم 75
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 76
කොළ පැහැති මෙට්ට මත ද අලංකාර බුමුතුරුණු මත ද හාන්සිවන්නන් ලෙස සිටිති.
آية رقم 77
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
آية رقم 78
තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුත් නුඹගේ පරමාධිපතිගේ නාමය අති උත්කෘෂ්ට විය.
تقدم القراءة