ترجمة معاني سورة الليل باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﮡﮢﮣ
ﮤ
රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්
آية رقم 2
ﮥﮦﮧ
ﮨ
දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත ද,
آية رقم 3
ﮩﮪﮫﮬ
ﮭ
පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්.
آية رقم 4
ﮮﮯﮰ
ﮱ
නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.
آية رقم 5
ﯓﯔﯕﯖ
ﯗ
එහෙයින් පරිත්‍යාග කර, බිය බැතිමත් වී
آية رقم 6
ﯘﯙ
ﯚ
යහපත ගෙන සාක්ෂාත් කළ කෙනෙකු වූ කලී
آية رقم 7
ﯛﯜ
ﯝ
අපි ඔහුට පහසුව වෙතට පහසු කරන්නෙමු.
آية رقم 8
ﯞﯟﯠﯡ
ﯢ
තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර (ස්වයං පූරිත) යැයි සිතා
آية رقم 9
ﯣﯤ
ﯥ
විශිෂ්ට දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී
آية رقم 10
ﭑﭒ
ﭓ
අපි ඔහු ව දුෂ්කරතාව වෙතට පහසු කරන්නෙමු.
آية رقم 11
ﭔﭕﭖﭗﭘﭙ
ﭚ
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.
آية رقم 12
ﭛﭜﭝ
ﭞ
නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.
آية رقم 13
ﭟﭠﭡﭢ
ﭣ
තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව ඇත්තේ අපහට ය.
آية رقم 14
ﭤﭥﭦ
ﭧ
එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.
آية رقم 15
ﭨﭩﭪﭫ
ﭬ
අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.
آية رقم 16
ﭭﭮﭯ
ﭰ
පිටු පා අසත්‍යය කළ
آية رقم 17
ﭱﭲ
ﭳ
තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මුදවා ගන්නෙමු.
آية رقم 18
ﭴﭵﭶﭷ
ﭸ
තම ධනය පිරිනමා පිවිතුරු වන
آية رقم 19
ﭹﭺﭻﭼﭽﭾ
ﭿ
තමා අසල තිබී පිරිනමනු ලැබූ කිසිදු සම්පතක් (වෙන) කිසිවෙකු වෙනුවෙන් නොවීය.
آية رقم 20
ﮀﮁﮂﮃﮄ
ﮅ
උත්තරීතර තම පරමාධිපතිගේ මුහුණට (තෘප්තිය අපේක්ෂාවෙන්) මිස
آية رقم 21
ﮆﮇ
ﮈ
තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.
تقدم القراءة