ترجمة معاني سورة القمر باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﮬﮭﮮﮯ
ﮰ
අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත.
آية رقم 2
තවද යම් සංඥාවක් ඔවුන් දුටු විට ඔවුන් පිටුපා (මෙය) ‘පැවත එන හූනියමක්’ යැයි පවසති.
آية رقم 3
තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කරති. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක්ම සිදුවන්නකි.
آية رقم 4
තවද වළක්වාලන අවවාදයන් සහිත තොරතුරු ඔවුන් වෙත සැබැවින්ම පැමිණ ඇත.
آية رقم 5
ﯪﯫﯬﯭﯮﯯ
ﯰ
එහි ගැඹුරු ප්‍රඥාව ඇත. නමුත් එම අවවාදය ඵලක් නොවීය.
آية رقم 6
එහෙයින් (නබිවරය) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවන දිනයෙහි නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු.
آية رقم 7
ඔවුන්ගේ බැල්ම අවමන් පහත් භාවයෙන් යුතු ව නියත වශයෙන්ම ඔවුන් විසිරී සිටින පළඟැටියන් මෙන් මිනිවළ වල් වෙතින් බැහැර වෙති.
آية رقم 8
කැඳවන්නා වෙත බෙලි දිගු කරමින් වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්‍රතික්ෂේපකයෝ පවසති.
آية رقم 9
ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝය. එසේම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබීය.
آية رقم 10
ﭯﭰﭱﭲﭳ
ﭴ
එවිට ඔහු නියත වශයෙන්ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කළේය.
آية رقم 11
ﭵﭶﭷﭸﭹ
ﭺ
එවිට අපි ධාරානිපාත වැසි ජලයෙන් අහස්හි දොරවල් විවෘත කළෙමු.
آية رقم 12
තවද අපි මහපොළොවෙහි උල්පත් හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමග) එකතු විය.
آية رقم 13
ﮅﮆﮇﮈﮉ
ﮊ
තවද ලෑලි හා ඇබ සහිත දෑ (නැව) මත අපි ඔහු උසුලුවෙමු.
آية رقم 14
ﮋﮌﮍﮎﮏﮐ
ﮑ
ප්‍රතික්ෂේප කරනු ලැබ සිටි අයට තිළිණයක් වශයෙන් අපගේ ඇස් ඉදිරිපිට එය යාත්‍රා විය.
آية رقم 15
ﮒﮓﮔﮕﮖﮗ
ﮘ
තවද සැබැවින්ම අපි එය සංඥාවක් වශයෙන් ඉතිරි කළෙමු. එහෙයින් උපදෙස් ලබන කිසිවකු හෝ වෙත් ද?
آية رقم 16
ﮙﮚﮛﮜ
ﮝ
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වීද?
آية رقم 17
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
آية رقم 18
ﮦﮧﮨﮩﮪﮫ
ﮬ
ආද් සමූහයා බොරු කළෝය. එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
آية رقم 19
අභාග්‍යය රැඳී පවතින දිනක නියත වශයෙන්ම අපි ඔවුන් වෙත සැඩ සුළගක් එව්වෙමු.
آية رقم 20
ﯘﯙﯚﯛﯜﯝ
ﯞ
නියත වශයෙන්ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය ජනයා උගුලා දැමීය.
آية رقم 21
ﯟﯠﯡﯢ
ﯣ
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
آية رقم 22
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
آية رقم 23
ﯬﯭﯮ
ﯯ
සමූද් ජනයා එම අවවාදය බොරු කළෝය.
آية رقم 24
අපගෙන් එක් මිනිසෙකු වූ ඔහු ව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන්ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු.
آية رقم 25
“අප අතුරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”
آية رقم 26
ﰅﰆﰇﰈﰉ
ﰊ
ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැයි හෙට (මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන) දින ඔවුහු දැන ගනු ඇත.
آية رقم 27
නියත වශයෙන්ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු.
آية رقم 28
නියත වශයෙන්ම ඔවුන් අතර (හා ඔටු දෙන අතර) ජලයට කොටසක් ඇත. සෑම පාන වාරයක්ම ඉදිරිපත් කරනු ලබන්නකි.
آية رقم 29
ﭛﭜﭝﭞ
ﭟ
එවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූහ. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන (උගේ) ගෙල නහර කපා හැරියේය.
آية رقم 30
ﭠﭡﭢﭣ
ﭤ
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
آية رقم 31
නියත වශයෙන්ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ.
آية رقم 32
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
آية رقم 33
ﭶﭷﭸﭹ
ﭺ
ලූත්ගේ ජනයා ද එම අවවාදය බොරු කළෝය.
آية رقم 34
නියත වශයෙන්ම අපි ඔවුන් වෙත ගල් කුණාටුවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කළේය.) නමුත් ලූත්ගේ ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු.
آية رقم 35
(මෙය) අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. අපි ගුණගරුක වූවනට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
آية رقم 36
ﮏﮐﮑﮒﮓ
ﮔ
තවද අපගේ ග්‍රහණය පිළිබඳ සැබැවින්ම ඔහු(ලූත්) ඔවුනට අවවාද කළේය. නමුත් එම අවවාදය පිළිබඳ ඔවුහු සැක (කොට තර්ක) කළෝය.
آية رقم 37
ඔහුගේ ආගන්තුකයින් පිළිබඳ අශීලාචාර ලෙස හැසිරීමට ඔවුහු ඔහුට සැල කළෝය. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. එහෙයින් “මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු” (යැයි පැවසුවෙමු.)
آية رقم 38
ﮟﮠﮡﮢﮣ
ﮤ
තවද ස්ථීර දඬුවමක් උදෑසන සැබැවින්ම ඔවුනට උදා විය.
آية رقم 39
ﮥﮦﮧ
ﮨ
එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු.
آية رقم 40
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
آية رقم 41
ﮱﯓﯔﯕﯖ
ﯗ
තවද ෆිර්අවුන්ගේ ජනයා වෙත ද අවවාදය සැබැවින්ම පැමිණීයේය.
آية رقم 42
ඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝය. එවිට අපි බලවත් බලධාරියාගේ ග්‍රහණයෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
آية رقم 43
මොවුනට වඩා නුඹලාගේ දේව ප්‍රතික්ෂේපකයින් ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් ග්‍රන්ථයන් හි නුඹලාට එවැනි නිදහසක් ලබා දී තිබේද?
آية رقم 44
ﯫﯬﯭﯮﯯ
ﯰ
එසේ නැතහොත් “අපි සියල්ලෝම එකිනෙකාට උදව් කරන සමුහයකි” (එයින් ජය ලබන්නෝ වෙමු) යැයි ඔවුහු පවසන්නෝ ද?
آية رقم 45
ﯱﯲﯳﯴ
ﯵ
මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත.
آية رقم 46
ﯶﯷﯸﯹﯺﯻ
ﯼ
නමුත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණුය. තවද වඩාත් අමිහිරිය.
آية رقم 47
ﯽﯾﯿﰀﰁ
ﰂ
නියත වශයෙන්ම වැරදි කරුවෝ නොමගෙහිය. තවද (නිරා ගින්නේ) දුෂ්කරත්වය තුළය.
آية رقم 48
ඔවුන්ගේ මුහුණු මතින් නිරයේ ගින්නට ඇදගෙන යනු ලබන දිනයේ සකර් (නම් නිරා ගින්නේ) ස්පර්ශය නුඹලා භුක්ති විදිනු (යැයි පවසනු ලැබේ.)
آية رقم 49
ﰍﰎﰏﰐﰑ
ﰒ
නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම එය ප්‍රමාණයකින් යුතු ව මැව්වෙමු.
آية رقم 50
ﭑﭒﭓﭔﭕﭖ
ﭗ
තවද අපගේ නියෝගය එක් වරක් පමණි. (එය) ඇසි පිය ගසන්නාක් මෙනි.
آية رقم 51
ﭘﭙﭚﭛﭜﭝ
ﭞ
තවද සැබැවින්ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?
آية رقم 52
ﭟﭠﭡﭢﭣ
ﭤ
තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛන වල (ලියවී) ඇත.
آية رقم 53
ﭥﭦﭧﭨ
ﭩ
තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය
آية رقم 54
ﭪﭫﭬﭭﭮ
ﭯ
නියත වශයෙන්ම බිය බැතිමතුන් උයන් හා ගඟ අතරය.
آية رقم 55
ﭰﭱﭲﭳﭴﭵ
ﭶ
සර්ව බලාධිකාරී රජු අබියස සත්‍යය ස්ථානයෙහිය.
تقدم القراءة