سورة نوح

الترجمة السنهالية

ترجمة معاني سورة نوح باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

වේදනීය දඬුවම ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අවවාද කරන්නැයි අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින්ම එව්වෙමු.
آية رقم 2
“අහෝ! මාගේ ජනයිනි, නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් ප්‍රකට අවවාද කරන්නෙක් වෙමි” යැයි ඔහු පැවසුවේය.
آية رقم 3
“නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු” යැයි ද.
“නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලා ව ඔහු ප්‍රමාද කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නොලැබේ. නුඹලා දැන සිටියාහු නම්!”
آية رقم 5
“මාගේ පරමාධිපතියාණනි! රාත්‍රියේ හා දහවලේ නියත වශයෙන්ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසීය.
آية رقم 6
“නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස ඔවුනට අධික නොකළේය.”
“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන්ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝය. ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු ආවරණය කර ගත්තෝය. පාපකම්හි නිරත වූවෝය. අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”
آية رقم 8
පසු ව නියත වශයෙන්ම මම ඔවුනට විවෘත ව ඇරයුම් කළෙමි.
آية رقم 9
“පසු ව නියත වශයෙන්ම මම ප්‍රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහිසගත ව ද ඔවුනට රහසින් දැනුම් දුනිමි.”
آية رقم 10
“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය යැයි මම පැවසුවෙමි.”
آية رقم 11
“ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරු ව එවනු ඇත.”
“ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”.
آية رقم 13
“අල්ලාහ් සතු ගාම්භීරත්වය නුඹලා අපේක්ෂා නොකිරීමට නුඹලාට කුමක් වීද?”
آية رقم 14
“තවද සැබැවින්ම ඔහු නුඹලා ව විවිධ අදියරයන්ගෙන් මැව්වේය.”
آية رقم 15
“තල වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද?”
آية رقم 16
“තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේය. තවද හිරු පහනක් බවට පත් කළේය.”
آية رقم 17
“තවද අල්ලාහ් මහපොළොවෙන් පැළෑටි මෙන් නුඹලා ව හට ගැන්වීය.”
آية رقم 18
“පසු ව ඒ තුළට ඔහු නුඹලා ව නැවතත් එවන්නේය. තවද නුඹලා ව බැහැර කිරීමකින් බැහැර කරන්නේය.”
آية رقم 19
තවද නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් මෙන් අල්ලාහ් ඇති කළේය.”
آية رقم 20
නුඹලා එහි විවෘත මංමාවත් වල ගමන් කිරීම පිණිස.
“මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඔවුන් මට පිටුපෑහ. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නොකළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසීය.
آية رقم 22
“තවද ඔවුහු මහත් ලෙස කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණය කළෝය.”
“නුඹලාගේ දෙවියන් අත් නොහරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් අත් නොහරිනු යැයි ඔවුහු පැවසූහ.”
“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැවූහ. අපරාධකරුවන්ට මුළා ව මිස වෙනත් කිසිවක් ඔබ අධික නොකරනු මැනව!”
ඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබූහ. පසු ව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබූහ. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නොලැබූහ.
“මාගේ පරමාධිපතියාණනි! දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නොහරිනු මැනව!” යැයි නූහ් පැවසීය.
“නියත වශයෙන්ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන් ව ඔවුහු නොමග යවනු ඇත. තවද ඔවුහු ගුණමකු පාපතරයකු හැර බිහි නොකරනු ඇත.”
“මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේව විශ්වාස කරන්නන් හා දේව විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස අධික නොකරනු මැනව!”
تقدم القراءة