ترجمة معاني سورة فاطر باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
අහස් හා මහපොළොව නිර්මාණය කළාවූ ද පියාපත් දෙක බැගින් ද තුන බැගින් ද හතර බැගින් ද යුත් මලක්වරුන් දූතයින් බවට පත් කළාවූ ද අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. ඔහු අභිමත කරන පරිදි එම මැවීම්හි වර්ධනය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
آية رقم 2
(තම) දයාවෙන් අල්ලාහ් මිනිසාට විවෘත කරන දෑ එය වළක්වන්නෙකු නොමැත. තවද ඔහු වළක්වන දෑ ඉන්පසුව (මිනිසා වන) ඔහුට එවන්නකු ද නැත. තවද ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරිය.
آية رقم 3
අහෝ! ජනයිනි, නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් නුඹලා මෙනෙහි කරනු. අහසින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙන අල්ලාහ් නොවන වෙනත් මැවුම්කරුවකු වෙත් ද? ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
آية رقم 4
තවද ඔවුන් ඔබ බොරු කරන්නේ නම් එවිට සැබැවින්ම ඔබට පෙර ද දහම් දූතවරුන් බොරු කරනු ලැබීය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
آية رقم 5
අහෝ ජනයිනි, නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලා රවටා නොදැමිය යුතුය. තවද රවටන දෑ ද අල්ලාහ් පිළිබඳ නුඹලා නොරැවටිය යුතුය.
آية رقم 6
නියත වශයෙන්ම ෂෙයිතාන් නුඹලාට සතුරුය. එහෙයින් නුඹලා ඔහු සතුරකු ලෙසින්ම ගනු. නියත වශයෙන්ම ඔහු ඔහුගේ කණ්ඩායම ඇරයුම් කරනුයේ ඔවුන් ඇවිළෙන ගින්නේ සගයින් අතරට පත් වීමටය.
آية رقم 7
දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.
آية رقم 8
තම ක්‍රියාවන්හි නපුර තමන්ට අලංකාර කරනු ලැබ එය ඔහු යහපතක් ලෙස දකින්නා (අල්ලාහ් මග පෙන් වූ අයකු මෙන් වේ)ද? එහෙයින් අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග හරියි. තවද ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. එහෙයින් ඔවුන් ගැන ඔබ දුකට පත් කරගනිමින් ඔබේ ආත්මය පහකර නොයවනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සිදුකරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
آية رقم 9
තවද අල්ලාහ් වනාහි ඔහු සුළඟ එව්වේය. එවිට එය වලාකුළු නංවයි. එවිට අපි එයින් (වියළී ගිය) මළ භූමියකට ජලය සපයන්නෙමු. එවිට මහපොළොව එය මිය ගිය පසු ව එමගින් ප්‍රාණවත් කළෙමු. (මරණයෙන් පසු) නැවත නැගිටුවනු ලැබීමද එලෙසය.
آية رقم 10
කවරෙකු ගෞරවය අපේක්ෂා කරමින් සිටියේ ද එම ගෞරවය සියල්ලම අල්ලාහ් සතුය. පිවිතුරු වදන ආරෝහණය වනුයේ ඔහු වෙතය. තවද දැහැමි ක්‍රියාව ද ඔහු එය ඔසවා ගනී. තවද නපුරුකම් කුමන්ත්‍රණය කරන්නන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත. ඔවුන්ගේ කුමන්ත්‍රණය විනාශ වී යන්නකි.
آية رقم 11
තවද අල්ලාහ් නුඹලා පසින් ද පසු ව ශුක්‍රාණුවෙන් ද මැව්වේය. පසු ව නුඹලා ජෝඩු වශයෙන් ඇති කළේය. ඔහුගේ දැනුමෙන් තොරව කාන්තාවක් පිළිසිඳ නොගනී. එමෙන්ම ඇය ප්‍රසූත නොකරයි. ලේඛනයේ සටහන් ව මිස ආයුෂ දෙනු ලබන කිසිවකුට ආයුෂ දෙනු නොලැබෙයි. එමෙන්ම ඔහුගේ ආයු කාලයෙන් අඩු කරනු නොලැබෙයි. සැබැවින්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
آية رقم 12
මුහුදු දෙක සමාන නොවෙයි. මෙය බීමට හිතකර ඉමිහිරි රසය. තවද මෙය තිත්ත ලුණු රසය. මේ සෑම දෙයකින්ම නුඹලා මත්ස්‍ය මස් අනුභව කරන්නෙහුය. තවද නුඹලා පලඳින ආභරණ ගොඩ ගන්නෙහුය. තවද නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ඔහුගේ භාග්‍යයෙන් නුඹලා (ඉසුරු) සොයනු පිණිස (මුහුද) දෙබෑ කරමින් එහි ගමන් කරන නැව් ඔබ දකින්නෙහිය.
آية رقم 13
රාත්‍රිය දහවල තුළට ඔහු ඇතුළත් කරයි. තවද දහවල රාත්‍රිය තුළට ඔහු ඇතුළත් කරයි. තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. සියල්ල නියම කරන ලද කාලයක් දක්වා ගමන් කරයි. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතුය. ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතුකර නොගනිති.
آية رقم 14
නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. තවද ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු පිළිතුරු නොදෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ ආදේශයන් ද ඔවුහු ප්‍රතික්ෂේප කරති. අභිඥානවන්තයා මෙන් ඔබට කිසිවකු (සත්‍යය) දන්වා නොසිටියි.
آية رقم 15
අහෝ! ජනයිනි, නුඹලා අල්ලාහ් වෙත යැපෙන්නෝය. තවද අල්ලාහ් වන ඔහුමය ප්‍රශංසාලාභී අවශ්‍යතාවන්ගෙන් තොර වන්නා.
آية رقم 16
ﯓﯔﯕﯖﯗﯘ
ﯙ
ඔහු අභිමත කරන්නේ නම් නුඹලා පහකර, නව මැවීමක් ගෙන එනු ඇත.
آية رقم 17
ﯚﯛﯜﯝﯞ
ﯟ
තවද එය අල්ලාහ් වෙත බලවත් කටයුත්තක් නොවේ.
آية رقم 18
තවද උසුලන්නෙකු තවකෙකුගේ බර නොඋසුලයි. බරක් එය ඉසිලීමට ඇරයුම් කළ ද ඔහු සමීප ඥාතියකු වුව ද ඉන් කිසිවක් උසුලනු නොලබයි. නියත වශයෙන්ම ඔබ අවවාද කරනුයේ නොපෙනී සිටිය දී තම පරමාධිපතිට බියවන්නන් හා සලාතය විධිමත් ව ඉටු කළ අයටය. තවද කවරෙකු (පාපයෙන්) පිවිතුරු කර ගන්නේ ද එසේ ඔහු පිවිතුරු කර ගනුයේ තමන්ටමය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙතය.
آية رقم 19
ﭑﭒﭓﭔ
ﭕ
තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නොවෙයි.
آية رقم 20
ﭖﭗﭘﭙ
ﭚ
තවද අන්ධකාරයන් හා ආලෝකය ද (සමාන) නොවේ.
آية رقم 21
ﭛﭜﭝﭞ
ﭟ
තවද හෙවණ හා සූර්ය තාපය (සමාන) නොවේ
آية رقم 22
ජීවත් ව සිටින්නන් හා මළවුන් සමාන නොවෙයි. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට සවන් වැකෙන්නට සලස්වයි. නමුත් ඔබ මිනී වල වල් තුළ සිටින්නන්ට සවන් වැකෙන්නට සලස්වන්නකු නොවේ.
آية رقم 23
ﭳﭴﭵﭶ
ﭷ
(නබිවරය!) ඔබ අවවාද කරන්නකු මිස නැත.
آية رقم 24
නියත වශයෙන්ම අපි ඔබ සත්‍යයෙන් යුතු ව ශුභාරංචි දන්වන්නකු වශයෙන් හා අවවාද කරන්නකු වශයෙන් එව්වෙමු. කිසිදු සමූහයක් එහි අවවාද කරන්නෙකු පැමිණ ඉකුත් ව ගියා මිස නැත.
آية رقم 25
තවද ඔවුහු ඔබ බොරු කරන්නෝ නම් එවිට (දැනගනු) ඔවුනට පෙර සිටියවුන් ද (මෙසේ) බොරු කළෝය. ඔවුන් වෙත දහම් දූතවරු පැහැදිලි සාධක සමඟ ද ශුද්ධ ලියකියවිලි සමග ද ආලෝකමත් දේව ග්‍රන්ථය සමග ද පැමිණියහ.
آية رقم 26
පසු ව මම ප්‍රතික්ෂේප කළවුන් හසු කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?
آية رقم 27
නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එමගින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් බවභෝග අපි හටගැන්වූයෙමු. තවද කඳු අතුරින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් සුදු හා රතු කඳු මාර්ග ද කළු පැහැති කඳු මාවත් ද ඇත.
آية رقم 28
තවද ජනයා අතුරින් ද සතුන් හා ගොවිපළ සතුන් අතුරින් ද එහි වර්ණ විවිධත්වයෙන් යුත්තේ ද එලෙසය. නියත වශයෙන්ම අල්ලාහ්ට බියවනුයේ ඔහුගේ ගැත්තන් අතුරින් දැනුම ඇත්තන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරී අතික්ෂමාශීලීය.
آية رقم 29
නියත වශයෙන්ම අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා සලාතය විධිමත් ව ඉටු කර, අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ වියදම් කළවුන් වන ඔවුහු කිසිවිටෙක පාඩු නොවිඳින ව්‍යාපාරයක් අපේක්ෂා කරති.
آية رقم 30
ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට පූර්ණ ව දෙනු පිණිසය. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට වර්ධනය කරනු පිණිසය. නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී ගුණගරුකය.
آية رقم 31
දේව ග්‍රන්ථයෙන් අපි ඔබ වෙත දේව පණිවිඩ එවූ දෑ වන එයමය සත්‍යය. තවද එය ඉදිරියේ වූ දෑ සත්‍ය කරවන්නක් වශයෙනි. නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂක වූ අභිඥානවන්තය.
آية رقم 32
පසු ව අපි අපගේ ගැත්තන් අතුරින් අප තෝරා ගත් අයට එම දේව ග්‍රන්ථය උරුම කළෙමු. එවිට ඔවුන් අතුරින් තමන්ටම අපාරාධ කරගත් අය ද වෙති. තවද ඔවුන් අතුරින් මධ්‍යස්ථව කටයුතු කරන අය ද වෙති. තවද ඔවුන් අතුරින් අල්ලාහ්ගේ අනුහසින් යහකම් කිරීමෙහි තරඟ වදින්නා ද වෙයි. එයමය මහත් භාග්‍යය.
آية رقم 33
(එහි අද්න් නම්) සදාතනික උයන්ය. ඔවුහු එහි පිවිසෙති. රනින් වූ වළලු ද මුතු ද එහි ඔවුනට පලන්දවනු ලැබෙති. තවද එහි ඔවුන්ගේ වස්ත්‍රය සේද රෙදිය.
آية رقم 34
“අපගෙන් දුක පහ කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි ඔවුහු” පැවසූහ. නියත වශයෙන්ම අපගේ පරමාධිපති අතික්ෂමාශීලීය. මහා ගුණගරුකය.
آية رقم 35
“ඔහු වනාහි ඔහුගේ භාග්‍යයෙන් සදාතනික නිවහනෙහි අප පදිංචි කළ අය වේ. එහි අපට කිසිදු පරිශ්‍රමයක් ඇති නොවෙයි. තවද එහි අපට කිසිදු ආයාසයක් ද ඇති නොවෙයි.”
آية رقم 36
තවද දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරයේ ගින්න ඇත. ඔවුන් (ඉන් මිදී) මිය යන්නට ඔවුන් වෙත තීන්දු කරනු නොලැබේ. තවද එහි දඬුවම ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. එලෙසය අපි සෑම ගුණමකුවෙකුටම ප්‍රතිඵල පිරිනමනුයේ.
آية رقم 37
තවද “අපගේ පරමාධිපතියාණනි, අප සිදු කරමින් සිටි දෑ නොවන (වෙනත්) යහපතක් අප සිදු කරන අයුරින් අප බැහැර කරනු මැනව”යි ඔවුහු එහි හඬ නගති. “උපදෙස් ලබන්නා එහි උපදෙස් ලබන පරිදි අපි නුඹලාට ආයුකාලය නොදුන්නෙමු ද? තවද නුඹලා වෙත අවවාද කරන්නා පැමිණියේය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවකු නොමැත.”
آية رقم 38
නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොවේ ගුප්ත දෑ දන්නාය. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ සර්වඥය.
آية رقم 39
මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා පත් කළේ ඔහුය. එහෙයින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුට එරෙහිවමය. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය ඔවුන්ගේ පරමාධිපති අබියස උදහස මිස වෙනෙකක් වැඩි නොකරනු ඇත. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය පාඩුව මිස වැඩි නොකරනු ඇත.
آية رقم 40
(නබිවරය!) ඔබ මෙසේ අසනු. “අල්ලාහ් හැර නුඹලා ඇරයුම් කරන නුඹලාගේ හවුල්කරුවන් ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මහපොළොවෙන් ඔවුන් මවා ඇත්තේ කුමක්දැයි ද එසේ නැතහොත් අහසෙහි කිසිදු හවුලක් ඔවුනට තිබේ දැයි ද එසේ නැතහොත් අපි ඔවුනට දේව ග්‍රන්ථයක් පිරිනමා ඔවුහු ඉන් පැහැදිලි සාධකයක් මත වෙත් දැයි ද මට නුඹලා පෙන්වනු. එසේ නොව අපරාධකරුවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට රැවටීම මිස වෙනෙකක් ප්‍රතිඥා නොදෙති.”
آية رقم 41
නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොව ඒ දෙක ඉවත් නොවන අයුරින් ග්‍රහණය කර ඇත. තවද ඒ දෙක ඉවත් වූයේ නම් ඔහුගෙන් පසු ව කිසිවකු හෝ ඒ දෙක ග්‍රහණය කරන්නේ නැත. නියත වශයෙන්ම ඔහු කුලුණැතිය අතික්ෂමාශීලීය.
آية رقم 42
සැබැවින්ම තමන් වෙත අවවාද කරන්නෙකු පැමිණියේ නම් වෙනත් සමූහයන්ට වඩා වඩාත් මග පෙන්වීම ලැබූ අය වනු ඇතැයි ස්ථීර දිවුරුමකින් අල්ලාහ් මත දිවුරා සිටියෝය. නමුත් ඔවුන් වෙත අවවාද කරන්නෙකු පැමිණි කල්හි පලා යෑම මිස වෙනෙකක් ඔවුනට අධික නොකළේය.
آية رقم 43
මහපොළොවේ අහංකාරය හා නපුරු කුමන්ත්‍රණ (මිස ඔවුනට වැඩි නොකළේය.) නපුරු කුමන්ත්‍රණය එයට ආවේණික වැසියන් මිස ග්‍රහණය නොකරයි. පරැණ්නන්ගේ පිළිවෙත මිස වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝද? එහෙයින් අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු පෙරළීමක් ඔබ නොදකින්නේමය. එමෙන්ම අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් ඔබ නොදකින්නේමය.
آية رقم 44
මහපොළොවේ සැරි සරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැ යි ඔවුහු නොබැලුවෝද? තවද ඔවුහු ඔවුනට වඩා ශක්තියෙන් බලවත් වූහ. තවද අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් ඔහු එය අතපසු කරන්නෙකු නොවීය. නියත වශයෙන්ම ඔහු සර්වඥානී සර්ව ශක්තිය ඇත්තාය.
آية رقم 45
ජනයා උපයා ගත් දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ජීවියකු ඔහු අත්හරින්නේ නැත. නමුත් ඔහු ඔවුන් නියමිත කාලයක් දක්වා ප්‍රමාද කරයි. එසේ ඔවුන්ගේ අවසන් කාලය පැමිණි විට නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳ ව නිරීක්ෂා කරන්නෙකු විය.
تقدم القراءة