سورة المرسلات

الترجمة السنهالية

ترجمة معاني سورة المرسلات باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
අඛණ්ඩ ව එවනු ලබන සුළං මත දිවුරමින්
آية رقم 2
දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්.
آية رقم 3
(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්.
آية رقم 4
වෙන් වෙන් ව වෙන් කරන දෑ මත දිවුරමින්.
آية رقم 5
මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන දෑ මත දිවුරමින්.
آية رقم 6
හේතු සාධකයක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් ද
آية رقم 7
නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදුවන්නකි.
آية رقم 8
තරු එහි ආලෝකය මකා දමනු ලබන විට
آية رقم 9
තවද අහස පුපුරා හරිනු ලබන විට
آية رقم 10
කඳු දූවිලි බවට පත් කරනු ලබන විට.
آية رقم 11
තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට
آية رقم 12
කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?
آية رقم 13
(එය) විනිශ්චය දිනය සඳහාය.
آية رقم 14
විනිශ්චය දිනය යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
آية رقم 15
බොරු කළවුනට එදින විනාශයයි.
آية رقم 16
මුල සිටියවුන් අපි විනාශ නොකළෙමු ද?
آية رقم 17
පසු ව අපි ඔවුන් සමග පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.
آية رقم 18
අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙසය.
آية رقم 19
බොරු කළවුනට එදින විනාශයයි.
آية رقم 20
ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?
آية رقم 21
එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.
آية رقم 22
නියමිත කාල පරිච්ඡේදයක් දක්වා
آية رقم 23
එවිට අපි බලය යෙදෙව්වෙමු. එහෙයින් අපි බලධාරීන්ගෙන් විශිෂ්ටයින් වීමු.
آية رقم 24
බොරු කළවුනට එදින විනාශයයි.
آية رقم 25
මහපොළොව ප්‍රමාණවත් ලෙස අපි පත් නොකළෙමු ද?
آية رقم 26
ජීවත් වන්නන්ට හා මළවුන්ට
آية رقم 27
තවද එහි අපි උස් කඳු මුදුන් ඇති කළෙමු. තවද ඉමිහිරි ජලය පානය සඳහා අපි නුඹලාට පවහනය කළෙමු.
آية رقم 28
බොරු කළවුනට එදින විනාශයයි.
آية رقم 29
නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.
آية رقم 30
ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.
آية رقم 31
එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා කරන්නක් ද නොවෙයි.
آية رقم 32
නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.
آية رقم 33
එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.
آية رقم 34
බොරු කළවුනට එදින විනාශයයි.
آية رقم 35
එය ඔවුන් කතා නොකරන දිනයකි.
آية رقم 36
ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.
آية رقم 37
බොරු කළවුනට එදින විනාශයයි.
آية رقم 38
මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.
آية رقم 39
එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.
آية رقم 40
බොරු කළවුනට එදින විනාශයයි.
آية رقم 41
නියත වශයෙන්ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.
آية رقم 42
තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද
آية رقم 43
නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)
آية رقم 44
නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
آية رقم 45
බොරු කළවුනට එදින විනාශයයි.
آية رقم 46
නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය.
آية رقم 47
බොරු කළවුනට එදින විනාශයයි
آية رقم 48
(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නොකරති.
آية رقم 49
බොරු කළවුනට එදින විනාශයයි.
آية رقم 50
මින් පසු ව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?
تقدم القراءة