سورة الحاقة

الترجمة السنهالية

ترجمة معاني سورة الحاقة باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
අල්-හාක්කා
آية رقم 2
අල්-හාක්කා යනු කුමක් ද?
آية رقم 3
අල්-හාක්කා යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
آية رقم 4
(හදවත්) තට්ටු කරන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝය.
آية رقم 5
සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබූහ.
آية رقم 6
තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළී සුළඟකින් විනාශ කරනු ලැබීය.
එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩ ව ඔහු එවීය. එවිට ඔවුන් බොල් වූ ඉඳි ගස් වල කඳන් මෙන් එහි විනාශයට පත් ව සිටිනු නුඹ දකින්නට තිබුණි.
آية رقم 8
එවිට ඔවුන්ගෙන් ඉතිරි ව සිටින කිසිවකු හෝ නුඹ දුටුවේද?
آية رقم 9
ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝය.
آية رقم 10
එවිට ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑහ. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේය.
آية رقم 11
ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන්ම අපි නුඹලා ව යාත්‍රාවේ ඉසිලුවෙමු.
آية رقم 12
එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිසය.
آية رقم 13
හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට
آية رقم 14
තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් හෙළනු ලබන විට,
آية رقم 15
එදින සිදු වන දෑ සිදු වනු ඇත.
آية رقم 16
තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වල ව පවතී.
තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.
آية رقم 18
එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සඟවන කිසිවක් නුඹලා අතුරින් සැඟවෙන්නේ නැත.
තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු.
آية رقم 20
නියත වශයෙන්ම මාගේ විනිශ්චයට නියත වශයෙන්ම මම සම්මුඛ වන බව සැබැවින්ම මම සිතුවෙමි” යැයි පවසයි.
آية رقم 21
එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි වෙයි.
آية رقم 22
උසස් (ස්වර්ග) උයනෙහි වෙයි.
آية رقم 23
එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.
آية رقم 24
“පසු ගිය දින වල නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)
තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ ! මාගේ විනාශය ! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම් !” යැයි පවසයි.
آية رقم 26
“තවද මාගේ විනිශ්චය කුමක්දැයි මා නොදනී නම් !”
آية رقم 27
“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” යැයි පවසයි.
آية رقم 28
“මාගේ ධනය මට කිසිදු ඵලක් නොදුන්නේය.”
آية رقم 29
“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
آية رقم 30
“නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”
آية رقم 31
පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.
آية رقم 32
ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු.
آية رقم 33
නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.
آية رقم 34
තවද දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.
آية رقم 35
එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.
آية رقم 36
(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.
آية رقم 37
වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි.
آية رقم 38
නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.
آية رقم 39
නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි.
آية رقم 40
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.
آية رقم 41
තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.
آية رقم 42
එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.
آية رقم 43
(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.
آية رقم 44
ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්
آية رقم 45
අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.
آية رقم 46
පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.
آية رقم 47
එවිට නුඹලා අතුරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි.
آية رقم 48
තවද නියත වශයෙන්ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි.
آية رقم 49
නියත වශයෙන්ම නුඹලා අතුරින් මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු.
آية رقم 50
තවද නියත වශයෙන්ම එය දේව ප්‍රතික්ෂේපකයින්හට බලවත් ශෝකයකි.
آية رقم 51
තවද නියත වශයෙන්ම එය ස්ථීර සත්‍යයකි.
آية رقم 52
එහෙයින් නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.
تقدم القراءة