سورة الغاشية

الترجمة السنهالية

ترجمة معاني سورة الغاشية باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
آية رقم 2
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව
آية رقم 3
වෙහෙස ව විඩාවට පත් ව තිබේ.
آية رقم 4
ඇවිළෙන ගින්නට ඒවා(එම මුහුණු) පිවිසෙයි.
آية رقم 5
(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබයි.
آية رقم 6
ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් කිසිවක් නොමැත
آية رقم 7
එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.
آية رقم 8
(ඇතැම්) මුහුණු සතුටින් සිටිති.
آية رقم 9
ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව
آية رقم 10
උසස් ස්වර්ග උයන්හි (සතුටින් සිටිති.)
آية رقم 11
එහි පුහු වදන් ශ්‍රවණය නොකරති.
آية رقم 12
එහි ගලා යන උල්පත් ද
آية رقم 13
එහි ගලා යන උල්පත් ද
آية رقم 14
(බීමට) තබන ලද ගුරුලේත්තු ද
آية رقم 15
වියන ලද කොට්ට ද
آية رقم 16
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
آية رقم 17
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ද, ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
آية رقم 18
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද, (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
آية رقم 19
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
آية رقم 20
මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැයි ද ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
آية رقم 21
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
آية رقم 22
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
آية رقم 23
කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
آية رقم 24
සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේය.
آية رقم 25
සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
آية رقم 26
සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය. පසුව සැබැවින්ම ඔවුන්(කළ ක්‍රියාවන්)ගේ ගණනය අප මත ය.
تقدم القراءة