ترجمة معاني سورة مريم باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﭑ
ﭒ
කාෆ්, හා, යා, අයින්, ස්වාද්.
آية رقم 2
ﭓﭔﭕﭖﭗ
ﭘ
(මෙය) තම ගැත්තා සකරිය්යා වෙත නුඹගේ පරමාධිපති දැක් වූ කරුණාව පිළිබඳ සිහිපත් කිරීමකි.
آية رقم 3
ﭙﭚﭛﭜﭝ
ﭞ
ඔහු තම පරමාධිපති ව සිහින් ඇමතුමකින් ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 4
මාගේ පරමාධිපතියාණනි, මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී විහිදී ඇත. තවද මාගේ පරමාධිපතියාණනි, මම ඔබගේ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් අභාග්‍යවන්තයකු නොවූයෙමි.
آية رقم 5
මගෙන් පසුව පරම්පරා උරුමක්කරුවන් පිළිබඳ ව මම බිය වෙමි. මාගේ බිරිය ද වඳ කාන්තාවක් වන්නීය. එහෙයින් නුඹ වෙතින් උරුමක්කරුවකු මා වෙත පිරිනමනු.
آية رقم 6
මට උරුමකම්පාන යඃකූබ්ගේ පරපුරට උරුමකම්පාන කෙනෙකු පිරිනමනු මැනව ! තවද මාගේ පරමාධිපතියාණනි, ඔහු ව පිළිගැනීමට ලක් වූ කෙනකු බවට පත් කරනු මැනව.
آية رقم 7
අහෝ ! සකරිය්යා, යහ්යා නමින් වූ දරුවකු පිළිබඳ ව නියත වශයෙන්ම අපි ඔබට ශුභාරංචි දන්වන්නෙමු. මීට පෙර එයට එසේ නම් තබනු ලැබීමක් සිදු නොකළෙමු.
آية رقم 8
මාගේ පරමාධිපතියාණනි, මට දරුවකු කෙසේ නම් වන්නේ ද? මාගේ බිරිය වඳ කාන්තාවක් වූවාය. මා ද මහලු වීම හේතුවෙන් සැදෑ වියට ළඟා වී ඇත්තෙමි යැයි ඔහු පැවසුවේය.
آية رقم 9
(එය) එලෙසය යැයි ඔහු කීය. එය මා වෙත පහසු කාර්යයකි. මීට පෙර නුඹ කිසිවක් ව නොසිටිය දී සැබැවින්ම මම නුඹ ව මැව්වෙමි යැයි ඔබේ පරමාධිපති කීවේය.
آية رقم 10
මාගේ පරමාධිපතියාණනි, මට සලකුණක් ඇති කරනු මැනව ! යැයි ඔහු පැවසීය. ඔබේ සංඥාව වනුයේ නුඹ (කිසිදු හේතුවකින් තොර ව) ඍජු ව රාත්‍රි තුනක් ජනයා සමඟ කතා නොකිරීමය යැයි ඔහු පැවසුවේය.
آية رقم 11
පසු ව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැර ට පැමිණියේය. එවිට ‘නුඹලා උදේ හා සවස සුවිශුද්ධ කරනු’යි ඔවුන් වෙත (ඉඟියෙන්) දන්වා සිටියේය.
آية رقم 12
අහෝ ! යහ්යා, දේව ග්‍රන්ථය බලවත් ලෙස (ග්‍රහණය කර) ගනු. තවද අපි ඔහුට ළමා කාලයේම ප්‍රඥාව පිරිනැමුවෙමු.
آية رقم 13
අප වෙතින් වූ ආදරය හා පිවිතුරු බව ද (ඔහුට පිරිනැමුවෙමු.) තවද ඔහු බිය බැතිමත් කෙනෙකු විය.
آية رقم 14
ﭢﭣﭤﭥﭦﭧ
ﭨ
තවද ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නකු විය. තවද ඔහු දඬබ්බර අකීකරු වන්තයෙකු නොවීය.
آية رقم 15
ඔහු උපත ලැබූ දින ද ඔහු මිය යන දින ද ඔහු නැවත ජීවමාන ව නැගිටු වනු ලබන දින ද ඔහු වෙත සාමය ඇති වේවා!
آية رقم 16
මෙම දේව ග්‍රන්ථයේ සඳහන් මර්යම් ගැන නුඹ සිහිපත් කරනු. ඇය තම පවුලෙන් වෙන් ව නැගෙනහිර ස්ථානයකට ගිය අවස්ථාවේ.
آية رقم 17
ඇය ඔවුන්ගෙන් වෙන් ව තිරයක් ගත්තාය. එවිට අපි ඇය වෙත අපගේ ප්‍රාණය (හෙවත් ජිබ්රීල් මලක්වරයා) එව්වෙමු. එවිට ඔහු ඍජු (සජීවී) මිනිසෙකු වෙසින් ඇය වෙත පෙනී සිටියේය.
آية رقم 18
නියත වශයෙන් නුඹගෙන් ආරක්ෂාව මහා කාරුණිකයාණන්ගෙන් මම පතමි. නුඹ බිය බැතිමත් කෙනෙකු වී නම් (මා වෙත ළං නොවනු) යැයි ඇය පැවසුවාය.
آية رقم 19
‘නියත වශයෙන්ම මම නුඹට පිවිතුරු දරුවකු පිරිනමනු පිණිස නුඹගේ පරමාධිපතිගේ දූතයෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේය.
آية رقم 20
‘කිසිදු මිනිසකු මා ස්පර්ශ කර නොතිබිය දී මට දරුවකු වනුයේ කෙසේ ද? තවද මම අපචාරී (කාන්තාවක්) නොවූයෙමි’ යැයි ඇය පැවසුවාය.
آية رقم 21
එය එලෙසය යැයි ඔහු පැවසුවේය. ‘එය මා වෙත පහසු කාර්යයකි. එය ජනයාට අපගෙන් වූ සංඥාවක් හා ආශිර්වාදයක් බවට පත් කරනු පිණිසය. එය තීන්දු කරනු ලැබූ නියෝගයක් ද විය’ යැයි නුඹගේ පරමාධිපති පැවසුවේය.
آية رقم 22
ﯜﯝﯞﯟﯠﯡ
ﯢ
එවිට ඇය ඔහු ගැබ් ගත්තාය. ඇය ඔහු දරමින්
දුර ස්ථානයකට වෙන්ව ගියාය.
දුර ස්ථානයකට වෙන්ව ගියාය.
آية رقم 23
විලිරුදා ව ඇය ව ඉඳි කඳක් වෙත ගෙන ආවේය. අහෝ ! මීට පෙර මා මිය යා යුතු නොවේ ද? තවද අමතකවීමෙන් අමතක වූ කෙනකු බවට පත් විය යුතු නොවේදැ?යි පැවසුවාය.
آية رقم 24
ඇයට පහළින් ඇයව අමතා ‘නුඹ දුක් නොවනු සැබැවින්ම නුඹගේ පරමාධිපති නුඹට පහළින් උල්පතක් ඇති කළේය’ යැයි පැවසීය.
آية رقم 25
ඉඳි ගසේ කඳ නුඹ දෙසට සොලවනු. නුඹ වෙත නෙලන ලද පැහුණු ගෙඩි වශයෙන් වැටෙනු ඇත.
آية رقم 26
එවිට නුඹ අනුභව කරනු. තවද පානය කරනු. ඇස් පිනවා ගනු. තවද නුඹ මිනිසුන් අතුරින් කිසිවකු හෝ දුටුවෙහි නම් එවිට සැබැවින්ම (කතාවෙන් වැළකී සිටින) උපවාසයක් මම මහා කරුණාවන්තයාණන්හට භාර වූයෙමි. එහෙයින් අද දින කිසිදු මිනිසෙකු සමග සැබැවින්ම මම කතා නොකරන්නෙමි යැයි පවසනු.
آية رقم 27
ඔහු ව උසුලා ගෙන ඔහු සමගම ඇයගේ සමූහයා වෙත ඇය පැමිණියාය. ‘අහෝ ! මර්යම්, බරපතළ කරුණක් සැබැවින්ම නුඹ ගෙනැවිත් ඇතැ’යි ඔවුහු පැවසුවෝය.
آية رقم 28
අහෝ ! හාරූන්ගේ සහෝදරිය, නුඹේ පියා නරක පුද්ගලයකු නොවීය. එමෙන්ම නුඹේ මව ද දුරාචාරී (කාන්තාවක්) නොවීය.
آية رقم 29
එවිට ඇය ඔහු වෙතට (ඔවුන් කතා කිරීම සඳහා) සංඥා කළේය. ‘බිළිඳු වියේ තොටිල්ලෙහි පසු වන අය සමග අපි කෙසේ කතා කරන්නෙම්දැයි ඔවුහු පැවසුවෝය.
آية رقم 30
නියත වශයෙන්ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි ඔහු මා වෙත දේව ග්‍රන්ථය පිරිනමා ඇත. තවද මා නබිවරයකු බවට පත් කළේය යැයි ඔහු පැවසුවේය.
آية رقم 31
මා කොතැනක සිටිය ද ඔහු මට සමෘද්ධිය ඇති කළේය. තවද මා ජීවමාන ව සිටින තාක්කල් සලාතය හා සකාතය (ඉටු කිරීම) පිළිබඳ ව මට උපදෙස් දුන්නේය.
آية رقم 32
ﮞﮟﮠﮡﮢﮣ
ﮤ
තවද මාගේ මවට ඇප උපස්ථාන කිරීමට ද (උපදෙස් දුන්නේය.) තවද ඔහු මා අභාග්‍යවන්ත ප්‍රබලයෙකු ලෙස මා පත් නොකළේය.
آية رقم 33
තවද මම උපත ලැබූ දිනයෙහි ද මම මරණයට පත් වන දිනයෙහි ද නැවත මා නැගිටුවනු ලබන දිනයෙහි ද මා වෙත සාමය වේවා!.
آية رقم 34
එය මර්යම්ගේ පුත් ඊසා(ගේ ප්‍රකාශය) වේ. සත්‍ය ප්‍රකාශය වන එහි ඔවුහු සැක කරති.
آية رقم 35
දරුවකු තබා ගැනීම අල්ලාහ්ට (අවශ්‍ය) නොවීය. ඔහු සුවිශුද්ධය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ඔහු කුන් (වනු) යැයි පවසනවා පමණය එය සිදු වනු ඇත.
آية رقم 36
තවද නියත වශයෙන්ම අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලාගේ ද පරමාධිපතිය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි.
آية رقم 37
එවිට ඔවුන් අතර වූ (විවිධ) කණ්ඩායම් මත ගැටුම් ඇති කර ගත්තෝය. අතිමහත් දින දැකීමෙන් ප්‍රතික්ෂේප කළවුනට විනාශය වේවා !
آية رقم 38
ඔවුන් අප වෙත පැමිණෙන දින ඔවුන්ගේ ශ්‍රවණය කෙතරම් පුදුම සහගතද! තවද (ඔවුන්ගේ) බැල්ම කෙතරම් පුදුම සහගතද! නමුත් අද දින අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහි වෙති.
آية رقم 39
ඔවුහු විශ්වාස නොකරමින් සිටිය දී තවද ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු.
آية رقم 40
නියත වශයෙන්ම අපි මහපොළොව හා ඒ මත ඇත්තවුන් උරුම කර ගන්නෙමු. තවද ඔවුන් නැවත යොමු වනු ලබනුයේ ද අප වෙතමය.
آية رقم 41
දේව ග්‍රන්ථයේ ඉබ්‍රාහීම් ව මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.
آية رقم 42
මාගේ පියාණනි, සවන් නොදෙන තවද නොබලන එමෙන්ම ඔබට කිසිදු පලක් නොදෙන දෑට ඔබ නමදිනුයේ ඇයි දැයි ඉබ්‍රාහීම් තම පියාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 43
මාගේ පියාණනි, ඔබ වෙත නොපැමිණි ඥානය මා වෙත සැබැවින්ම පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරනු මැනව. ඍජු මාර්ගය වෙත මම ඔබට මග පෙන්වමි.
آية رقم 44
අහෝ ! මාගේ පියාණනි, ෂෛයිතාන්ට ගැතිකම් නොකරනු. නියත වශයෙන්ම ෂෛයිතාන් මහා කරුණාන්විතයාණන්හට පිටුපාන්නෙකු විය.
آية رقم 45
අහෝ ! මාගේ පියාණනි, ඔබට මහා කරුණාන්විතයාණන්ගෙන් වූ දඬුවමක් ස්පර්ශ වීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි. එවිට ඔබ ෂෛයිතාන්ට උදව්කරුවකු වන්නෙහිය.
آية رقم 46
ඔබ මාගේ දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෙකු ද? අහෝ ! ඉබ්‍රාහීම්, ඔබ මෙයින් නොවැළකුණෙහි නම් මම ඔබට ගල් ගසා මරමි. තවද නුඹ මාගෙන් සදහටම ඈත් ව සිටිනු.
آية رقم 47
ඔබට ශාන්තිය අත්වේවා ! මම මාගේ පරමාධිපතිගෙන් ඔබ වෙනුවෙන් මතු පාප ක්ෂමා ව අයැදිමි. නියත වශයෙන්ම ඔහු මා හට කරුණාවන්ත විය.
آية رقم 48
මම නුඹලාගෙන් ද අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැදින දැයින් ද ඉවත් වන්නෙමි. තවද මාගේ පරමාධිපතිගෙන් අයැද සිටිමි. මාගේ පරමාධිපති වෙත කෙරෙන ප්‍රාර්ථනා වලින් මා දුර්භාග්‍යවන්තයකු ලෙස නොවන්නට පුළුවන.
آية رقم 49
ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්‍රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ් ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු.
آية رقم 50
අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට පිරිනැමුවෙමු. තවද ඔවුන්හට සැබෑ ප්‍රශංසාව උතුම් බවට පත් කළෙමු.
آية رقم 51
දේව ග්‍රන්ථයේ මූසා ගැන ද නුඹ මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු අවංක කෙනෙකු විය. තවද ධර්ම දූතයෙකු හා නබිවරයකු ද විය.
آية رقم 52
තූර් (කන්දේ) දකුණු දෙසින් අපි ඔහු ඇමතුවෙමු. තවද කතා කිරීම සඳහා අපි ඔහු වෙත සමීප වූයෙමු.
آية رقم 53
තවද අපි ඔහුට අපගේ ආශිර්වාදයක් වූ ඔහුගේ සහෝදර හාරූන් ව නබිවරයකු ලෙසින් ඔහුට පිරිනැමුවෙමු.
آية رقم 54
දේව ග්‍රන්ථයේ ඉස්මාඊල්වද මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු ප්‍රතිඥාවන් සැබෑ ලෙස ඉටු කරන්නෙකු විය. තවද ඔහු ධර්ම දූතයෙකු හා නබිවරයෙකු විය.
آية رقم 55
තවද ඔහු සලාතය හා සකාතය පිළිබඳ ඔහුගේ පවුලේ අයට නියෝග කරන්නෙකු විය. තවද ඔහු ඔහුගේ පරමාධිපති අබියස පිළිගනු ලැබූ කෙනෙකු ද විය.
آية رقم 56
තවද දේව ග්‍රන්ථයේ ඉද්රීස් ගැන ද මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.
آية رقم 57
ﮂﮃﮄ
ﮅ
තවද උසස් ස්ථානයකට අපි ඔහු ව උසස් කළෙමු.
آية رقم 58
ඔවුහු ආදම්ගේ පරපුරින් ද නූහ් සමග අපි ඉසිලූ අයගෙන්ද ඉබ්‍රාහීම්ගේ හා ඉස්රාඊල්ගේ පරපුරින් ද අපි යහමඟ පෙන්වා තෝරා ගත් අයගෙන් ද වූ නබිවරුන් අතුරින් අල්ලාහ් කවරෙකු වෙත ආශිර්වාද කළේ ද එවැනි අය වෙති. ඔවුන් වෙත මහා කරුණාන්විතයාණන්ගේ වදන් පාරායනා කරනු ලබන විට අඬමින් සුජූද්හි වැටෙති.
آية رقم 59
ඔවුනට පසු ව පසුපරම්පරාවක් පැමිණියේය. ඔවුහු සලාතය පැහැර හැරියෝය. තවද ආශාවන් අනුගමනය කළෝය. එහෙයින් ඔවුහු නපුරු විපාකයට මතු මුහුණ දෙනු ඇත.
آية رقم 60
නමුත් පසුතැවිලි වී විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුහු වනාහි (ස්වර්ග) උයනට පිවිසෙන්නන් වෙති. තවද කිසිවකින් ඔවුහු අපරාධ කරනු නොලබති.
آية رقم 61
මහා කරුණාන්විතයාණන් තම ගැත්තන්හට පොරොන්දු වූ අදෘශ්‍යමාන සදාතනික (ස්වර්ග) උයන්ය. නියත වශයෙන්ම ඔහුගේ පොරොන්දුව ගෙන එනු ලබන්නකි.
آية رقم 62
තවද ඔවුහු සලාම් හෙවත් ශාන්තිය මිස කිසිදු නිෂ්ඵල දෙයක් එහි සවන් නොදෙති. තවද ඔවුන්ගේ පෝෂණය උදේ හා හවස ඔවුනට එහි ඇත.
آية رقم 63
එය අපගේ ගැත්තන් අතුරින් බිය බැතිමත් වූ අයට අපි උරුම කර දෙන්නා වූ (ස්වර්ග) උයනයි.
آية رقم 64
නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් මිස අපි පහළ නොවන්නෙමු. තවද අප ඉදිරියේ ඇති දෑ ද අපට පසුපසින් ඇති දෑ ද ඒ අතර ඇති දෑ ද ඔහු සතුය. තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙකු නොවීය.
آية رقم 65
(ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. එහෙයින් නුඹ ඔහුට ගැතිකම් කරනු. තවද ඔහුට ගැතිකම් කිරීම සඳහා ඉවසීමෙන් දරා සිටිනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද?
آية رقم 66
තවද මා මිය ගිය විට ජීවමාන ව මා බැහැර කරනු ලබන්නෙම් දැයි මිනිසා විමසා සිටියි.
آية رقم 67
මීට පෙර කිසිවක් ලෙස නොපැවති තත්ත්වයේ සිට සැබැවින්ම අපි ඔහු ව මැවූ බව මිනිසා මෙනෙහි කළ යුතු නොවේ ද?
آية رقم 68
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් සැබැවින්ම අපි ඔවුන් හා ෂෙයිතානුන් ව නැවත රැස් කරන්නෙමු. පසු ව නිරය වටා ඔවුන් දණින් තබමින් සම්මුඛ කරවන්නෙමු.
آية رقم 69
පසු ව සෑම කණ්ඩායමකින්ම කවරෙකු මහා කරුණාන්විතයාණන් කෙරෙහි දැඩි ලෙස අපරාධ කරමින් පසු වූයේ ද ඔවුන් ව අපි ගලවා ගන්නෙමු.
آية رقم 70
එහි පිවිස දැවීමට වඩාත් සුදුස්සන් වූ අය පිළිබඳ ව සැබැවින්ම අපි මැනවින් දනිමු.
آية رقم 71
තවද නුඹලා අතුරින් එහි නොපැමිණෙන කිසිවකු නැත. එය නුඹගේ පරමාධිපති වෙත නියම වූ තීන්දුවක් විය.
آية رقم 72
පසු ව අපි බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන් (නිරයෙන්) මුදවා ගන්නෙමු. තවද අපරාධකරුවන් එහි දණින් වැටී සිටීමට අත හැර දමන්නෙමු.
آية رقم 73
අපගේ වදන් පැහැදිලි ව ඔවුන් වෙත පාරායනය කර පෙන්වනු ලබන විට ප්‍රතික්ෂේප කළවුන් දේව විශ්වාසවන්තයින් දෙස බලා ‘(අප) කණ්ඩායම් දෙකින් නිලයෙන් වඩාත් ශ්‍රේෂ්ඨ හා සභාවෙන් වඩාත් අලංකාර වන්නේ කවරහු දැ’යි විමසීය.
آية رقم 74
ඔවුනට පෙර, සම්පත් හා පෙනුමෙන් වඩාත් අලංකාර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද ?
آية رقم 75
කවරෙකු මුළාවෙහි සිටිත් ද එවිට මහා කරුණාන්විතයාණන් ඔහුට (මෙලොව වස්තුව) දිගු හරිමින් දෙනු ඇත. එය ඔවුනට දඬුවමක් වශයෙන් හෝ අවසන් හෝරාවෙහි හෝ ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින තෙක් වනු ඇත. එවිට ස්ථානයෙන් නපුරු වන්නේ කවරෙකු ද එමෙන්ම සේනාවෙන් වඩාත් දුර්වල කවරෙකු ද යන වග ඔවුහු මතු දැන ගනු ඇත.
آية رقم 76
යහ මග ලැබූවන්හට අල්ලාහ් යහ මග අධික කරයි. ශේෂ ව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස කුසලින් වඩාත් උතුම්ය. තවද නැවත යොමු වීමෙන් ද වඩාත් උතුම්ය.
آية رقم 77
අපගේ වදන් ප්‍රතික්ෂේප කළ අය නුඹ නොදුටුවෙහිද? සැබැවින්ම ධනය හා දරුවන් මට දෙනු ලබනු ඇතැයි ඔහු පැවසීය.
آية رقم 78
ඔහු ගුප්ත දෑ දෙස එඹී බැලුවේ ද? එසේ නැතහොත් මහා කරුණාන්විතයාණන් වෙතින් ඔහු ගිවිසුමක් ගෙන ඇත්ද?
آية رقم 79
එසේ නොව ඔහු පවසන දෑ අපි ලියා තබන්නෙමු. තවද අපි දඬුවම දිගු කර ඔහුට පිරිනමන්නෙමු.
آية رقم 80
ﭭﭮﭯﭰﭱ
ﭲ
ඔහු පවසන දෑ අපි ඔහුට උරුම කර දෙන්නෙමු. ඔහු අප වෙත තනි ව පැමිණෙනු ඇත.
آية رقم 81
තවද අල්ලාහ්ගෙන් තොර ව (වෙනත්) දෙවිවරුන් ඔවුනට බලයක් වනු පිණිස ඔවුහු ගත්තෝය.
آية رقم 82
එසේ නොව ඔවුන් කළ ගැතිකම් ඔවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. තවද ඔවුනට එරෙහි ව විරුද්ධව ඔවුහු සිටිනු ඇත.
آية رقم 83
ඔවුන් දැඩි ලෙස පොලඹවන ෂෙයිතානුන් දේව ප්‍රතික්ෂේපකයින් වෙත සැබැවින්ම අපි එවා ඇති බව නුඹ නුදුටුවෙහි ද?
آية رقم 84
එහෙයින් ඔවුනට එරෙහි ව නුඹ ඉක්මන් නොවනු. ඔවුන් සඳහා අපි ගණන් ගනුයේ නියමිත ගණනයක් වෙතය.
آية رقم 85
ﮗﮘﮙﮚﮛﮜ
ﮝ
බිය බැතිමතුන් කණ්ඩායමක් වශයෙන් මහා කරුණාන්විතයාණන් වෙත අපි එක් රැස් කරන දින
آية رقم 86
ﮞﮟﮠﮡﮢ
ﮣ
වැරදිකරුවන් පිපාසයෙන් යුතු ව ගමන් කරවමින් නිරය වෙත අපි දක්කාගෙන යන්නෙමු.
آية رقم 87
මහා කරුණාන්විතයාණන් වෙතින් ප්‍රතිඥාවක් ගත් අයට හැර මැදිහත්වීම ඔවුනට සතු නොවෙයි.
آية رقم 88
ﮮﮯﮰﮱ
ﯓ
තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ.
آية رقم 89
ﯔﯕﯖﯗ
ﯘ
සැබැවින්ම නුඹලා බරපතළ කරුණක් ගෙනැවිත් ඇත.
آية رقم 90
ඒ හේතුවෙන් අහස් ඉරිතැලෙන්නටත් මහපොළොව පැළෙන්නටත් කඳු සුණුවිසුණු වී කඩා වැටෙන්නටත් තැත් කරයි.
آية رقم 91
ﯣﯤﯥﯦ
ﯧ
මහා කරුණාන්විතයාණන්හට දරුවකු වෙතැයි ඔවුහු ඇමතූ හෙයිනි.
آية رقم 92
ﯨﯩﯪﯫﯬﯭ
ﯮ
තවද මහා කරුණාන්විතයාණන් හට දරුවකු ගැනීමට අවශ්‍ය නොවීය.
آية رقم 93
අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෙනා මහා කරුණාන්විතයාණන් වෙත ගැත්තකු ලෙස පැමිණෙනු මිස නැත.
آية رقم 94
ﯺﯻﯼﯽ
ﯾ
සැබැවින්ම ඔහු ඔවුන් සටහන් කර ඇත. එමෙන්ම ඔහු ගණන් බැලීමකින් ඔවුන් ගණන් කොට ඇත.
آية رقم 95
ﯿﰀﰁﰂﰃ
ﰄ
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් සෑම කෙනෙකුම ඔහු වෙත තනි ව පැමිණෙනු ඇත.
آية رقم 96
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට මහා කරුණාන්විතයාණන් මතු සෙනෙහස ඇති කරයි.
آية رقم 97
එසේ නුඹගේ බසින්ම අපි එය පහසු කරනුයේ එමගින් නුඹ බිය බැතිමතුන්හට ශුභාරංචි දැන්වීමට හා මුරණ්ඩු ජනයා වෙත එමගින් නුඹ අවවාද කිරීමටය.
آية رقم 98
ඔවුනට පෙර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් කිසිවෙකු ගැන හෝ නුඹට හැඟිය හැකි ද? නැතහොත් (ඔවුන්ගේ) කෙඳිරීමට ඔවුනට නුඹ සවන් දිය හැකි ද?
تقدم القراءة