سورة عبس

الترجمة السنهالية

ترجمة معاني سورة عبس باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
ඔහු මුහුණ හකුළා හැරුනේය.
آية رقم 2
අන්ධයෙකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන
آية رقم 3
ඔහු පිවිතුරු වනු ඇතැයි ඔබ ව දැනුවත් කරනුයේ කුමක් ද?
آية رقم 4
එසේ නැතහොත් ඔහු මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට යහපතක් වනු ඇතැයි (ඔබ ව දැනුවත් කරනුයේ කුමක් ද?)
آية رقم 5
(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී
آية رقم 6
නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය.
آية رقم 7
තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.
آية رقم 8
තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී
آية رقم 9
බිය බැතිමත් වී
آية رقم 10
ඔබ ඔහු පිළිබඳ නොසලකා හැරියෙහි ය.
آية رقم 11
එසේ නොව සැබැවින්ම එය සිහිවටනයකි.
آية رقم 12
එහෙයින් කවරෙක් අභිමත වූයේ ද ඔහු එය මෙනෙහි කරත්වා!
آية رقم 13
(මෙම වදන්) ගෞරවනීය පුස්තකයෙහි ය.
آية رقم 14
පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)
آية رقم 15
(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
آية رقم 16
ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
آية رقم 17
මිනිසාට ශාපය අත් වේවා ! ඔහු ව ප්‍රතික්ෂේපකයෙකු බවට පත් කළේ කුමක් ද?
آية رقم 18
කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?
آية رقم 19
ඔහු(අල්ලාහ් මිනිසා වන) ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය.
آية رقم 20
අනතුරුව ඔහුට (ජීවන) මාර්ගය පහසු කළේය.
آية رقم 21
පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.
آية رقم 22
පසු ව ඔහු අභිමත වූ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.
آية رقم 23
නොඑසේය. ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය.
آية رقم 24
එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා !
آية رقم 25
සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
آية رقم 26
පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
آية رقم 27
එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
آية رقم 28
මිදි හා එළවළු ද
آية رقم 29
ඔලිව් හා රටඉඳි ගස් ද
آية رقم 31
පලතුරු හා උදුපියලිය ද (අපි හට ගැන්වූයෙමු.)
آية رقم 32
නුඹලාට ද නුඹලාගේ ගොවිපළ සතුන්ට ද රස විඳීමක් වශයෙන්
آية رقم 33
එබැවින් මහා හඬ පැමිණි විට
آية رقم 34
එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.
آية رقم 35
ඔහුගේ මව හා ඔහුගේ පියාගෙන් ද (පලා යනු ඇත.)
آية رقم 36
ඔහුගේ භාර්යාව හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
آية رقم 37
එදින ඔවුන් අතුරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත.
آية رقم 38
එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.
آية رقم 39
සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)
آية رقم 40
තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.
آية رقم 41
අඳුර ඒවා වසා ගනු ඇත.
آية رقم 42
ඔවුහුමය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ.
تقدم القراءة