ترجمة معاني سورة السجدة باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﭑ
ﭒ
අලිෆ්, ලාම්, මීම්
آية رقم 2
මෙම ග්‍රන්ථයේ පහළවීම ලෝවැසියන්ගේ පරමාධිපතියාණන්ගෙනි. එහි කිසිදු සැකයක් නැත.
آية رقم 3
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව එය ඔවුන් යහමග ලැබිය හැකි වනු පිණිස ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු හෝ ඔවුන් වෙත නොපැමිණි පිරිසකට ඔබ අවවාද කරනු පිණිස ඔබගේ පරමාධිපතිගෙන් පැමිණි සත්‍යයකි.
آية رقم 4
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ්ය. පසු ව ඔහු රාජාසනය මත ස්ථාපිත විය. ඔහු හැර කිසිදු භාරකරුවකු හෝ මැදිහත්කරුවකු හෝ නුඹලාට නොමැත. (මෙයින්) නුඹලා උපදෙස් ලැබිය යුතු නොවේ ද?
آية رقم 5
අහසින් මහපොළොව වෙත සියලු කරුණු ඔහු සැලසුම් කරයි. පසු ව එහි ප්‍රමාණය නුඹලා ගණන් කරන වසර දහසක් වූ දිනක ඔහු වෙත එය යොමු වෙයි.
آية رقم 6
ﮝﮞﮟﮠﮡﮢ
ﮣ
ඔහු ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැති සර්ව බලධාරී මහා කරුණාන්විතය.
آية رقم 7
ඔහු සියලු දෑ අලංකාර ලෙස තීන්දු කොට එය මැව්වේය. තවද මිනිසාගේ මැවීම පසින් ආරම්භ කළේය.
آية رقم 8
පසුව ඔහුගේ පරපුර අල්පේච්චිත ජල ධාතුවෙන් ඇති කළේය.
آية رقم 9
පසු ව ඔහු එය හැඩ ගන්වා එහි තම ප්‍රාණයෙන් පිම්ඹේය. තවද නුඹලාට ශ්‍රවණය දෘෂ්ටිය හා හදවත් ඇති කළේය. නමුත් නුඹලා කෘතවේදී වනුයේ ස්වල්පයකි.
آية رقم 10
තවද අපි මහපොළොවේ තුරන් ව ගිය විට නව මැවීමක් තුළ අප සිටින්නෙමු ද? යැයි ඔවුහු ප්‍රශ්න කළෝය. එසේය, ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
آية رقم 11
නුඹලාව භාර කරනු ලැබූ මලකුල් මවුත් හෙවත් මරණයේ දූතයා නුඹලා මරණයට පත් කරයි. පසු ව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා යොමු කරනු ලබනු ඇත.
آية رقم 12
එවිට වැරදිකරුවෝ තම පරමාධිපති අබියස තම හිස් පහත් කර ගනිමින් අපගේ පරමාධිපතියාණනි, අපි දුටුවෙමු. අපි සවන් දුන්නෙමු. එහෙයින් අප ව නැවත එවනු මැනව! අපි යහකම් කරන්නෙමු. නියත වශයෙන්ම අපි ස්ථීර ව සිටින්නෝ වෙමු යැයි ඔවුන් පවසනු ඔබ දකින්නේ නම් ! (එදින තත්ත්වය නුඹට හෙළිවෙයි.)
آية رقم 13
තවද අපි අභිමත කළේ නම් සෑම ආත්මයකට එහි යහමග (මුල සිටම) පිරිනමන්නට තිබුණි. නමුත් (අපරාධකාරී) ජින්නුන් හා මිනිසුන් යන සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි යන මා විසින් වූ ප්‍රකාශය නියම වී ඇත.
آية رقم 14
එහෙයින් මේ නුඹලාගේ දිනයේ හමු ව නුඹලා අමතක කළ බැවින් නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන්ම අපි නුඹලා අමතක කළෙමු. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සදාතනික දඬුවම භුක්ති විඳිනු.
آية رقم 15
අපගේ වදන් විශ්වාස කරනුයේ ඒවා ඔවුනට මෙනෙහි කරනු ලබන විට (සිරස බිම තබා) සුජූද් කරමින් බිම වැටී ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් සුවිශුද්ධ කළ අය වෙති. තවද ඔවුහු උඩගු නොවෙති.
آية رقم 16
ඔවුන්ගේ ඇලපත් නිදියහන් වලින් ඔසවා ගෙන බියෙන් හා ආසාවෙන් ඔවුන්ගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කරති. තවද අප ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
آية رقم 17
එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙන් ඇස් පිනවන ලෙසින් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ දෑ කිසිදු ආත්මයක් නොදනී.
آية رقم 18
කවරෙකු විශ්වාසවන්තයෙකු වූයේ ද ඔහු පාපතරයකු වූ අය මෙන් විය හැකි ද? ඔවුහු සමාන නොවෙති.
آية رقم 19
විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට ප්‍රතිඵල වශයෙන් නවාතැන් සහිත ස්වර්ග උයන් ඇත.
آية رقم 20
පාපකම් කළවුන් වූ කලී ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්නය. ඉන් බැහැර වීමට ඔවුන් සිතන සෑම මොහොතකම ඔවුන් එහි නැවත යොමු කරනු ලබති. නුඹලා කවර දෙයක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු යැයි ඔවුනට පවසනු ලැබේ.
آية رقم 21
තවද (පාපකම් වලින්) ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස මහත් දඬුවමකින් තොර ව පහත් දඬුවමකින් ඔවුනට විඳවන්නට සලස්වමු.
آية رقم 22
තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ පසු ව ඒවා පිටුපාන්නාට වඩා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන්ම අපි වැරදි කරන්නන්ගෙන් පළිගන්නන් වන්නෙමු.
آية رقم 23
තවද සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙයින් ඔහුගේ හමුව පිළිබඳ ව සැකයෙහි නොවනු. තවද අපි එය ඉස්රාඊල් දරුවන්ට මග පෙන්වීමක් බවට පත් කළෙමු.
آية رقم 24
තවද ඔවුන් ඉවසමින් සිට අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටි කල්හි ඔවුන් අතුරින් අපගේ නියෝගය පරිදි අපි මග පෙන්වන නායකයින් ඇති කළෙමු.
آية رقم 25
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගෙන සිටියේ ද එහි නියත වශයෙන්ම ඔබේ පරමාධිපති ඔවුන් අතර වෙන් කරයි.
آية رقم 26
ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අප විනාශ කර තිබීම ඔවුනට මග නොලැබුණේද? ඔවුහු ඔවුන්ගේ වාසස්ථාන අතුරින් ගමන් කරන්නෙහුය. නියත වශයෙන්ම එහි සංඥා ඇත. ඔවුහු සවන් නොදෙන්නෙහු ද?
آية رقم 27
නියත වශයෙන්ම අප ජලය නිසරු පොළොව වෙත ගෙන ගොස් එමගින් ඔවුන්ගේ ගොවිපළ සතුන් හා ඔවුන් අනුභව කරන භෝග හටගැන්වීම ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු නිරීක්ෂා කර නොබලන්නෙහු ද?
آية رقم 28
නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ජයග්‍රහණය කවදාදැයි ඔවුහු විමසති.
آية رقم 29
ජයග්‍රහණයේ දින ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ විශ්වාසය ඵල දෙන්නේ නැත. තවද ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නොවෙති යැයි (නබිවරය) ඔබ කියනු.
آية رقم 30
ﯯﯰﯱﯲﯳ
ﯴ
එහෙයින් ඔබ ඔවුන් ගැන නොසලකා හරිනු. තවද ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුන් ද අපේක්ෂාවෙන් සිටින්නන් වෙති.
تقدم القراءة