سورة الأعلى

الترجمة السنهالية

ترجمة معاني سورة الأعلى باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
آية رقم 3
නිර්ණය කර මඟ පෙන් වූ ද,
آية رقم 4
තවද ඔහු තණ බිම් පිට කර
آية رقم 5
පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
آية رقم 6
අපි ඔබට මතුවට කියවා පෙන්වන්නෙමු.
අල්ලාහ් අභිමත වූ දෑ හැර (අන් කිසිවක්) නුඹ අමතක නොකරන්නෙහිය. සැබැවින්ම ඔහු සැඟවුණු දෑ ද ප්‍රකට දෑ ද දන්නා ය
آية رقم 8
තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.
آية رقم 9
එබැවින් සිහිපත් කිරීම (අසන්නාට) ප්‍රයෝජනවත් වේ නම් නුඹ (කුර්ආනය මගින්) සිහිපත් කරනු.
آية رقم 10
කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු සිහිපත් කර ගනු ඇත.
آية رقم 11
තවද අභාග්‍යවන්තයා එය වළක්වා ගන්නේය.
آية رقم 12
ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.
آية رقم 13
පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි.
آية رقم 14
සැබැවින්ම (කුර්ආනයේ උපදෙස මගින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය. ත
آية رقم 15
තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය.
آية رقم 16
නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය.
آية رقم 17
(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.
آية رقم 18
පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
آية رقم 19
සැබැවින්ම මෙය ඉබ්‍රාහීම් හා මූසාගේ ලේඛන වන (පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.)
تقدم القراءة