ترجمة معاني سورة الرعد باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
අලිෆ්, ලාම්, රා. මෙය දේව ග්‍රන්ථයේ වදන් වේ. නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සත්‍යයකි. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති.
آية رقم 2
කිසිදු කුලුනකින් තොර ව ඔබ දකින අහස ඔසවා තැබුවේ අල්ලාහ් වන ඔහුය. පසු ව ඔහු රජාසානය මත ස්ථාපිත වූයේය. ඔහු හිරු හා සඳු වසඟ කළේය. සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. නුඹලාගේ පරමාධිපතිගේ හමු ව නුඹලා තරයේ විශ්වාස කළ හැකි වනු පිණිස මෙම වදන් ඔහු පැහැදිලි කරයි.
آية رقم 3
මහපොළොව දිගු කොට එහි කඳු හා ගංගා ඇති කළේ ඔහුමය. තවද සෑම ඵල වගාවකින්ම එහි ඔහු ද්විත්ව වශයෙන් ජෝඩු ඇති කළේය. තවද ඔහු දහවල රාත්‍රියෙන් ආවරණය කරයි. නියත වශයෙන්ම වටහා ගන්නා ජනයාට මෙහි සාධක ඇත.
آية رقم 4
මහපොළොවේ එකිනෙකට යාබද ව පිහිටි කලාප ද මිදි වලින් යුත් උයන් ද කෙත් වතු ද අතු සහිත හා අතු රහිත රටඉඳි ගස් ද ඇත. එකම ජලයෙන් සපයනු ලැබේ. අනුභව කිරීමේදී ඒවායින් ඇතැම් දේ ඇතැම් දේට වඩා විශිෂ්ටවත් කළෙමු. නියත වශයෙන්ම මෙහි වටහා ගන්නා ජනයාට සංඥාවන් ඇත.
آية رقم 5
තවද (නබිවරය යමක් පිළිබඳ ව) නුඹ පුදුමයට පත් වන්නෙහි නම් එවිට පුදුම සහගත වනුයේ අපි පස් බවට පත් වූ විට නව මැවීමක් තුළට පත් වන්නෙමු දැයි ඔවුහු විමසන ප්‍රකාශයයි. තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. ඔවුන්ගේ ගෙලවල් වල විලංගු ඇත්තෝ ද මොවුහුමය. තවද නිරාවාසීහු ද මොවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
آية رقم 6
තවද යහපතට පෙර නපුර ඉක්මන් කරන්නැයි ඔවුහු නුඹගෙන් ඉල්ලා සිටිති. ඔවුනට පෙර දඬුවමට ලක් වූවන් ඉකුත් ව ගොස් ඇත. තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා කරන අපරාධ වලට ඔවුනට ක්ෂමාශීලීභාවයෙන් යුක්තය. එමෙන්ම නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
آية رقم 7
තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේ දැයි ප්‍රතික්ෂේප කළවුන් පවසති. (නබිවරය) නුඹ අවවාද කරන්නෙකු පමණි. සෑම සමූහයකටම මග පෙන්වන්නෙකු විය.
آية رقم 8
සෑම කතක්ම උසුලන දෑ ද ගර්භාෂයේ අඩු වන දෑ ද එහි වැඩි වන දෑ ද අල්ලාහ් දනී. තවද සෑම දෙයක්ම ඔහු අබියස නියමිත ප්‍රමාණයක් අනුව පිහිටයි.
آية رقم 9
ﮋﮌﮍﮎﮏ
ﮐ
ගුප්ත දෑ හා දෘෂ්‍යමාන දෑ දන්නාය. අති මහත් අති උත්තරීතරය.
آية رقم 10
නුඹලා අතුරින් ප්‍රකාශය සඟවන්නා ද එය හෙළි කරන්නා ද තවද රාත්‍රියෙහි සැඟවෙන්නා ද දහවල් කාලයේ සැරිසරන්නා ද (අල්ලාහ් ඉදිරියේ) එක සමානය.
آية رقم 11
ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් සිට අල්ලාහ්ගේ නියෝගයෙන් ඔහු ව ආරක්ෂා කරන ලුහුබඳින්නන් ඔහුට වෙති. ඔවුන් තුළ ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් නියත වශයෙන්ම අල්ලාහ් පිරිසක් තුළ ඇති දෑ වෙනස් නොකරයි. යම් පිරිසකට අල්ලාහ් යම් නපුරක් අපේක්ෂා කළේ නම් එවිට ඔහුට වැළකීමක් නොමැත. තවද ඔහුගෙන් තොර ව වෙනත් කිසිදු භාරකරුවකු ද ඔවුනට නොමැත.
آية رقم 12
ඔහු වනාහි බියක් හා (වැසි) බලාපොරොත්තුවක් ලෙසින් විදුලි කෙටීම නුඹලාට පෙන්වන්නාය. තවද ඔහු ඝන වලාකුළු නිර්මාණය කරයි.
آية رقم 13
ගිගුරුම ඔහුගේ ප්‍රශංසාව තුළින් ද තවද මලක්වරුන් ඔහු ගැන වූ බියෙන් ද (ඔහු ව) පිවිතුරු කරති. ඔහු අකුණු සැර එවනු ඇත. එවිට අල්ලාහ් ගැන ඔවුන් තර්ක කරමින් සිටිය දී ඔහු එමගින් අභිමත කරන අයට විපාකය ඇති කරයි. තවද ඔහු උපක්‍රමශීලිත්වයෙන් ඉතා දැඩිය.
آية رقم 14
සැබෑ අයැදුම ඔහු සතුය. තවද ඔහුගෙන් තොර ව ඔවුන් අයැද සිටින්නන් ඔවුනට කිසිවකින් ප්‍රතිචාර නොදක්වති. එය තම කටට ජලය ළඟා කරවීමට තම දෑත් ජලයට දිගු කරන්නෙකු මෙන් මිස නැත. එය ඔහු වෙත ළඟා වන්නක් නොවේ. තවද දේව ප්‍රතික්ෂේපකයින්ගේ අයැදුම මුළාවක මිස නැත.
آية رقم 15
අහස්හි හා මහපොළොවේ ඇති දෑ කැමැත්තෙන් වුව ද අකමැත්තෙන් වුව ද අල්ලාහ්ටම සුජූද් කරති. ඔවුන්ගේ හෙවණැලි ද උදේ හා හවස (සුජූද් කරති.)
آية رقم 16
අහස්හි හා මහපොළොවේ හිමිපාණන් කවුරුන්දැ?යි නුඹ විමසනු. අල්ලාහ් යැයි නුඹ පවසනු. අල්ලාහ්ගෙන් තොර ව තමන් වෙත කිසිදු ප්‍රයෝජනයක් හෝ හිංසාවක් හෝ කිරීමට හිමිකම් නොදරන භාරකරුවන් නුඹලා ගත්තෙහු දැයි නුඹ විමසනු. අන්ධයා හා පෙනුමැත්තා එක සමාන වේවිද ? එමෙන්ම අන්ධකාරයන් හා ආලෝකය එක සමාන වේවි දැ?යි නුඹ විමසනු. එසේ නැතහොත් ඔහු මවනවාක් මෙන් ඔවුන්ද මවා එම මැවීම ඔවුනට ගළපා ගන්නා හවුල්කරුවන් අල්ලාහ්ට ආදේශ වශයෙන් ඔවුන් තබන්නෝද? සියලු දෑහි මැවුම්කරු අල්ලාහ් යැයි ද තවද ඔහු ඒකීයය යැයි ද (සියල්ල) මැඩ පවත්වන්නා යැයි ද පවසනු.
آية رقم 17
ඔහු අහසින් ජලය පහළ කළේය. එවිට ඇළදොළ එහි ප්‍රමාණයට අනුව ගලා යයි. එම ගැල්ම (ඊට) ඉහළින් පිහිටන පෙණ පිඬු උසුලයි. තවද ආභරණ හා භාණ්ඩ සොයමින් ගින්නෙහි ඔවුන් ඒවා උණු කරන දැයින් ද ඒ හා සමාන පෙණ පිඬු ඇත. මෙලෙසය අල්ලාහ් සත්‍යය හා අසත්‍යයට උපමා කරනුයේ. එනම් පෙණ පිඬු වූ කලී එය තුරන් වී යයි. නමුත් මිනිසාට ප්‍රයෝජනය ගෙන දෙන දෑ වූ කලී එය මහපොළොවේ රැඳෙයි. එලෙසය අල්ලාහ් උපමාවන් ගෙන හැර පානුයේ.
آية رقم 18
තම පරමාධිපතිගෙන් පිළිතුරු පැතූවනට යහපත් දෑ තිබේ. ඔහුගෙන් පිළිතුරු නොපැතූවන් නියත වශයෙන්ම ඔවුනට මහපොළොවේ ඇති සියලු දෑ ද ඒ සමගම ඒ හා සමානයක් ද වී නම් ඔවුහු එය (සියල්ල) වන්දි වශයෙන් දෙනු ඇත. නපුරු විනිශ්චයක් ඇත්තෝ ඔවුහුමය. තවද ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. එම නවාතැන නපුරු විය.
آية رقم 19
නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සත්‍යයක්ම බව දැන ගන්නා, අන්ධයා මෙන් වූ ඔහු වැනි ද? නියත වශයෙන්ම උපදෙස් ලබනුයේ බුද්ධිය ඇත්තන්ය.
آية رقم 20
ඔවුහු වනාහි අල්ලාහ්ගේ ගිවිසුම පූර්ණ ව ඉටු කරති. තවද ඔවුහු එම ගිවිසුම කඩ නොකරති.
آية رقم 21
තවද ඔවුහු වනාහි කවර දෙයක් සම්බන්ධකම් පවත්වා ගෙන යනු ලබන්නට අල්ලාහ් නියෝග කළේ ද එවන් සම්බන්ධකම් රකිති. ඔවුන්ගේ පරමාධිපති පිළිබඳ ව භීතියට පත් වෙති. තවද නපුරු විනිශ්චයට ද බිය වෙති.
آية رقم 22
තවද ඔවුහු වනාහි තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඉවසා දරා ගත්හ. තවද සලාතය විධිමත් ව ඉටු කළහ. අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ විය පැහැදම් කළහ. තවද යහපත් දැයින් නපුරු දෑ ඔවුන් ඉවත් කරනු ඇත. (යහපත්) අවසන් නිවහන ඔවුනටමය.
آية رقم 23
අද්න් (නම් සදා පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු හා ඔවුන්ගේ මුතුන්මිත්තන් ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ පරම්පරාවන් අතුරින් කවරෙකු දැහැමි කටයුතු කළේ ද ඔවුන් ද ඇතුළු වෙති. තවද (එහි) සෑම දොරටුවකින්ම ඔවුන් වෙත මලක්වරුන් ද ඇතුළු වෙති.
آية رقم 24
නුඹලා ඉවසා සිටි හේතුවෙන් නුඹලා වෙත ශාන්තිය අත්වේවා එහෙයින් අවසන් නිවහන යහපත් විය. (යැයි පවසති.)
آية رقم 25
තවද ඔවුහු වනාහි අල්ලාහ්ගේ ගිවිසුම ඔහු සමග ගිවිස ගත් පසු ව කඩ කරති. තවද කවර දෙයක් සම්බන්ධයෙන් සම්බන්ධකම් පවත්වා ගනු ලැබීමට අල්ලාහ් නියෝග කළේ ද එය ඔවුහු කපා හරිති. තවද ඔවුහු මහපොළොවේ කලහකම් කරති. ශාපය ඔවුනටමය තවද නපුරු නිවහන ද ඔවුනට ඇත.
آية رقم 26
අල්ලාහ් ඔහු කැමති අයට ජීවන පහසුකම් දිගු හරියි. තවද ඔහු (එය) සීමා කරයි. ඔවුහු මෙලොව ජීවිතය පිළිබඳ ව සතුටු වෙති. තවද මෙලොව ජීවිතය මතු ලොවෙහි (ස්වල්ප) භුක්ති විඳීමක් මිස නැත.
آية رقم 27
ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැයි ප්‍රතික්ෂේප කළවුන් විමසති. (නබිවරය) නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අය ව නොමගට යොමු කරයි. තවද ඔහු වෙතට යොමුවන්නන්හට ඔහු මග පෙන්වයි යැයි පවසනු.
آية رقم 28
විශ්වාස කළවුන් තවද ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වෙති. දැන ගනු අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හදවත් සැනසුමට පත් වෙති.
آية رقم 29
විශ්වාස කොට දැහැමි කටයුතු කළවුන් වනාහි ඔවුනට සුබාසිරි හා යහපත් යොමුවක් ඇත.
آية رقم 30
(නබිවරය) එලෙස අපි සමූහයක් වෙත ඔබ ව දූතුයකු ලෙස එව්වෙමු. ඔවුනට පෙර (බොහෝ) සමූහයන් ඉකුත් ව ගියෝය. (එය) ඔවුන් මහා කාරුණිකයාණන් ව ප්‍රතික්ෂේප කරමින් සිටිය දී ඔබ වෙත අපි දන්වා සිටි දෑ ඔවුන් වෙත නුඹ පාරායනය කර පෙන්වීම සඳහාය. ඔහුය, මාගේ පරමාධිපති. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙතය පශ්චාත්තාප වී යොමු වන ස්ථානය ඇත්තේ යැයි (නබිවරය,) නුඹ පවසනු.
(ඔවුන් පවසන අයුරින්) නියත වශයෙන්ම (වෙනත්) කුර්ආනයක් තිබී එමගින් කඳු ගමන් කරවනු ලැබුවේ නම් හෝ එමගින් මහපොළොව වෙන් කරනු ලැබුවේ නම් හෝ එමගින් මළවුන් කතා කරවනු ලැබුවේ නම් හෝ (ඔවුහු විශ්වාස නොකරති.) නමුත් සියළු කරුණු අල්ලාහ් සතුය. අල්ලාහ් අභිමත කරන්නේ නම් සියලු ජනයා හට ඔහු මග පෙන්වන්නට තිබුණු බව විශ්වාස කළවුන් නොදැන සිටියෝ ද? අල්ලාහ්ගේ ප්‍රතිඥාව පැමිණෙන තෙක් ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට අර්බුදයක් ඇති වීම හෝ ඔවුන්ගේ නගරයට සමීපයෙන් එය(අර්බුද ය) සිදු වීම අඛණ්ඩ ව පවතිනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතිඥා ව කඩ නොකරයි.
آية رقم 32
සැබැවින්ම නුඹට පෙර සිටම දූතවරුන් සමච්චලයට ගනු ලැබූහ. එහෙත් මම ප්‍රතික්ෂේප කළවුනට කල් දුනිමි. පසු ව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එහෙයින් මාගේ දඬුවම කෙසේ වීද?
آية رقم 33
සෑම ආත්මයක් කෙරෙහිම ඔවුන් ඉපැයූ දෑ පිළිබඳ ව ඔහු නිරීක්ෂා කරන්නෙකු ව සිටිය දී ඔවුහු අල්ලාහ්ට හවුල්කරුවන් පත් කළෝ ද? (නබිවරය,) ඔවුහු ඔවුන් නම් කළෝ ද නැතහොත් මහපොළොවේ ඔහු නොදන්නා දෑ ඔහුට ඔවුන් දන්වන්නේ ද නැතහොත් එය මතුපිටින් පවතින ප්‍රකාශයක් ද? නමුත් ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ කුමන්ත්‍රණය අලංකාරවත් කරන ලදී. තවද යහ මගින් ඔවුන් වළක්වන ලදී. තවද අල්ලාහ් කවරෙකු නොමග යවන්නේ ද එවිට කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නොමැත.
آية رقم 34
මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවමක් ඇත. මතු ලොව දඬුවම ඉතා දරුණුය. තවද අල්ලාහ්ගේ දඬුවමින් සුරකින කිසිවෙකුත් ඔවුනට නොමැත.
آية رقم 35
දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හට ප්‍රතිඥා දෙනු ලැබූ (ස්වර්ග) උයනෙහි උපමාවක් නම් ඊට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ආහාර හා එහි හෙවණ සදා පවතී. එය දේව බිය හැඟීමෙන් කටයුතු කළවුන්ගේ අවසානයයි. දේව ප්‍රතික්ෂේපකයින්ගේ අවසානය (නිරා) ගින්නයි.
آية رقم 36
තවද ඔවුන් වනාහි ඔවුනට අපි දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටු වෙති. එම කණ්ඩායම් අතුරින් එයින් ඇතැමෙක් ප්‍රතික්ෂේප කරන්නෝ ද වෙති. මම අණ කරනු ලැබුවේ අල්ලාහ්ට ගැතිකම් කිරීමට හා ඔහුට ආදේශ නොතැබීමටය. ඔහු වෙතම මම අයැදිමි. තවද නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔහු වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු.
آية رقم 37
එලෙස අපි එය අරාබි බසින් වූ නීති(ග්‍රන්ථ)යක් ලෙස පහළ කළෙමු. තවද ඥානයෙන් නුඹ වෙත පැමිණි දෑට පසු ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළිපදින්නෙහි නම් අල්ලාහ් වෙතින් කිසිදු භාරකරුවකු හෝ සුරකින්නකු හෝ නුඹට නොමැත.
آية رقم 38
සැබැවින්ම අපි නුඹට පෙර සිටම දූතවරුන් එව්වෙමු. තවද ඔවුනට අඹුවන් හා පරපුර ඇති කළෙමු. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව යම් වදනක් ගෙන ඒමට කිසිදු රසූල්වරයකුට නොවීය. සෑම කාල පරිච්ඡේදයකටම දේව ග්‍රන්ථයක් විය.
آية رقم 39
අල්ලාහ් තමන් අභිමත කරන දෑ මකා දමයි. තවද (අභිමත කරන දෑ) තිබෙන්නට ද හරියි. තවද මාතෘ ග්‍රන්ථය ඇත්තේ ඔහු අබියසය.
آية رقم 40
අප ඔවුනට ප්‍රතිඥා කරන දෑ නුඹට අපි පෙන්වූවද නැතහොත් (ඊට පෙර) නුඹ ව අපි මරණයට පත් කළ ද නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) දන්වා සිටීම පමණි. විනිශ්චය කිරීම අපගේ වගකීමය.
آية رقم 41
නියත වශයෙන්ම අපි මහපොළොවට පැමිණ එහි පැතිකඩ වලින් අපි එය පටු කරන බව ඔවුහු නොදුටුවෝද? තවද අල්ලාහ් තීන්දු කරයි. ඔහුගේ තීන්දුව වළක්වන්නෙකු නොමැත. තවද ඔහු විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
آية رقم 42
ඔවුනට පෙර සිටියවුන් සැබැවින්ම කුමන්ත්‍රණ කළෝය. සියලු උපක්‍රමයන් අල්ලාහ් සතුය. සෑම ආත්මයක්ම උපයන දෑ ඔහු දනී. අවසන් (යහපත්) නිවහන සතු වනුයේ කා හටදැයි දේව ප්‍රතික්ෂේපකයෝ මතු දැන ගනිති.
آية رقم 43
නුඹ (අල්ලාහ් විසින්) එවනු ලැබූ (රසූල්වරයකු) නොවේ යැයි දේව ප්‍රතික්ෂේපකයෝ පවසති. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් හා කවරෙකු අබියස දේව ග්‍රන්ථයේ ඥානය ඇත්තේ ද එවන් අය ප්‍රමාණවත් යැයි නුඹ පවසනු.
تقدم القراءة