ترجمة معاني سورة العنكبوت باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﮡ
ﮢ
අලිෆ්, ලාම්, මීම්
آية رقم 2
මිනිසා තමන් පරීක්ෂාවට ලක් කරනු නොලැබ, අපි විශ්වාස කළෙමු යැයි පැවසීමෙන් පමණක් තමන් අතහැර දමනු ලබනු ඇතැයි සිතුවේ ද?
آية رقم 3
තවද ඔවුනට පෙර සිටියවුන් ද අපි පරීක්ෂාවන්ට ලක් කළෙමු. එහෙයින් සත්‍යය පැවසූවන් පිළිබඳ ව අල්ලාහ් දනී. තවද මුසාවාදීන් පිළිබඳ ව ද ඔහු දනී.
آية رقم 4
නපුරුකම් සිදු කරන්නන් අප සමග ඔවුනට තරඟ වැදිය හැකි යැයි සිතුවෙහු ද? ඔවුන් තීන්දු කරන දෑ නරක විය.
آية رقم 5
කවරෙකු අල්ලාහ්ගේ හමුව අපේක්ෂා කරන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ්ගේ නියමිත කාලය පැමිණෙන්නකි. (යැයි දැන ගනු) තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය.
آية رقم 6
තවද කවරෙකු වෙහෙස වන්නේ ද එසේ ඔහු වෙහෙස වනුයේ ඔහු වෙනුවෙනි. නියත වශයෙන්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් ස්වයංපෝෂිතය.
آية رقم 7
තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් අපි ඉවත් කරන්නෙමු. තවද ඔවුන් සිදුකරමින් සිටී දෑට වඩා අලංකාර දෑ අපි ඔවුනට ප්‍රතිඵල වශයෙන් පිරිනමන්නෙමු.
آية رقم 8
තවද තම දෙමව්පියන් සමග යහපත් අයුරින් කටයුතු කරන ලෙස අපි මිනිසාට උපදෙස් දුනිමු. ඔබට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබ මට ආදේශ කරන මෙන් ඔවුන් දෙදෙනා ඔබ වෙත (බල කරන්නට) උත්සාහ දැරුවේ නම්, එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. නුඹලාගේ නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙතය. එහෙයින් නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව අපි නුඹලාට දන්වන්නෙමු.
آية رقم 9
තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි සැබැවින්ම අපි ඔවුන් දැහැමියන් අතරට ඇතුළත් කරන්නෙමු.
آية رقم 10
‘සැබැවින්ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු’ යැයි පවසා ඔහු අල්ලාහ් විෂයෙහි වේදනාවට පත් කරනු ලැබූ විට ජනයාගේ අර්බුදය අල්ලාහ්ගේ දඬුවමක් බවට සලකන අය ද ජනයා අතුරින් වෙති. නමුත් ඔබේ පරමාධිපතිගෙන් උපකාරයක් පැමිණි විට නියත වශයෙන්ම අපි නුඹලා සමග යැයි පවසති. ලෝවැසියන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද?
آية رقم 11
ﮠﮡﮢﮣﮤﮥ
ﮦ
සැබැවින්ම අල්ලාහ් විශ්වාස කළවුන් ගැන දන්නේය. තවද කුහකයින් ගැන ද සැබැවින්ම ඔහු දන්නේය.
آية رقم 12
දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් දෙස බලා නුඹලා අපගේ මාර්ගය අනුගමනය කරනු. නුඹලාගේ පාපකම් අපි උසුලන්නෙමු යැයි පවසති. ඔවුන්ගේ පාපයන්ගෙන් කිසිවක් ඔවුහු උසුලන්නන් නොවෙති. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
آية رقم 13
තවද නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමග තවත් බරද උසුලනු ඇත. ඔවුන් ගොතමින් සිටි දෑ පිළිබඳ ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය කරනු ලැබේ.
آية رقم 14
තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ ජනයා වෙත එව්වෙමු. එවිට ඔහු ඔවුන් අතර වසර පනහක් හැර වසර දහසක් රැඳී සිටියේය. එවිට ඔවුන් අපරාධකරුවන් ව සිටිය දී මහා ගංවතුරක් ඔවුන් හසු කළේය.
آية رقم 15
ﭑﭒﭓﭔﭕﭖ
ﭗ
එවිට අපි ඔහු(නූහ්) හා නැවේ සිටී සගයින් බේරා ගත්තෙමු. තවද ලෝ වැසියන්ට සංඥාවක් බවට අපි එය පත් කළෙමු.
آية رقم 16
තවද ඉබ්‍රාහීම් ව ද (එව්වෙමු.) නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට උතුම්ය යැයි ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු.
آية رقم 17
නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොරව නුඹලා නැමදුම් කරනුයේ පිළිම වලටය. තවද නුඹලා බොරු නිර්මාණය කරන්නෙහුය. නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින දෑ වනාහි නුඹලාට පෝෂණය ලබා දෙන්නට ඔවුනට හැකියාව නොමැත්තෝය. එහෙයින් අල්ලාහ් වෙතින් පෝෂණ සම්පත් සොයනු. තවද ඔහුට ගැතිකම් කරනු. තවද ඔහුට කෘතවේදී වනු. නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටය.
آية رقم 18
තවද නුඹලා බොරු කරන්නෙහු නම් එවිට (දැනගනු) සැබැවින්ම නුඹලාට පෙර සිටී සමූහයන්ද බොරු කළෝය. තවද පැහැදිලි ව (අල්ලාහ්ගේ නියෝග) දන්වා සිටීම මිස වෙනත් කිසිවක් රසූල්වරයා වෙත නැත.
آية رقم 19
අල්ලාහ් මැවීම් ප්‍රථමෝත්පාදනය කර පසු ව ඔහු එය නැවත ගෙන එන්නේ කෙසේ දැයි ඔවුහු නොදුටුවෝ ද? නියත වශයෙන්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
آية رقم 20
මහපොළොවේ නුඹලා ගමන් කොට ඔහු මැවීම් ප්‍රථමෝත්පාදනය කළේ කෙසේ දැයි අධීක්ෂණයෙන් බලනු. පසු ව අල්ලාහ් වෙනත් නිර්මාණයක් නිර්මාණය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
آية رقم 21
ඔහු අභිමත කරන අයට ඔහු දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට කරුණාව පෙන්වයි. තවද නුඹලා පෙරළා ගෙන එනු ලබනුයේ ඔහු වෙතටය.
آية رقم 22
නුඹලා මහපොළොවේ හෝ අහස්හි හෝ හැකියාවන්තයින් නොවෙති. තවද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.
آية رقم 23
තවද අල්ලාහ්ගේ වදන් හා ඔහුගේ හමු ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු මාගේ දයාලුභාවය පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගනිති. තවද තමන්ට වේදනීය දඬුවමක් ඇත්තෝ ද ඔවුහුමය.
آية رقم 24
(එයට ඔවුන්) නුඹලා ඔහු මරා දමනු. එසේ නැතහොත් ඔහු පුලුස්සා දමනු යැයි පවසා සිටියා මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය. එවිට අල්ලාහ් ඔහු ව ගින්නෙන් මුදවා ගත්තේය. නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.
آية رقم 25
තවද මෙලොව ජීවිතයේ නුඹලා අතර ඇල්ම ඇති කිරීමක් වශයෙන් නුඹලා අල්ලාහ්ගෙන් තොර ව ගෙන ඇත්තේ පිළිම(වන්දනාව)ය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ප්‍රතික්ෂේප කරනු ඇත. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ශාප කරනු ඇත. නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවකු හෝ නොමැත.
آية رقم 26
තවද ලූත්(නබිවරයා) ඔහු(ඉබ්‍රාහීම්) විශ්වාස කළේය. නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින් නික්ම ආ කෙනෙකි. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය.
آية رقم 27
තවද අපි ඉස්හාක් හා යඃකූබ් ඔහුට පිරිනැමුවෙමු. ඔහුගේ පරම්පරාව තුළ නබිත්වය හා දේව ග්‍රන්ථය ඇති කළෙමු. තවද ඔහුගේ තිළිණය අපි ඔහුට මෙලොවෙහි පිරිනැමුවෙමු. තවද නියත වශයෙන්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතුරින් වෙයි.
آية رقم 28
තවද ලූත් ව ද (අපි එව්වෙමු.) නියත වශයෙන් නුඹලා අශික්ෂිත දෑහි (සමලිංගිකත්වයේ) නිරත වන්නෙහුය. මෙවැනි දෙයකින් ලෝවැසියන් අතුරින් කිසිවෙක් නුඹලාව ඉක්මවා නොගියේය.
آية رقم 29
නියත වශයෙන්ම නුඹලා පිරිමින් වෙත (කාමාශාවෙන් යුතු ව) එන්නෙහු ද? හරි මග කපා හරින්නෙහු ද? නුඹලා රැස් වන තැන්හි පිළිකුල් සහගත දෑ කරන්නෙහු ද? එවිට ඔහුගේ ජනයාගේ පිළිතුර ‘ඔබ සත්‍යවාදීන් අතුරින් නම් අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු’යි පැවසීම මිස වෙනෙකක් නොවීය.
آية رقم 30
ﯱﯲﯳﯴﯵﯶ
ﯷ
මාගේ පරමාධිපතියාණනි, කලහකාරී පිරිසට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු ප්‍රාර්ථනා කළේය.
آية رقم 31
තවද අපගේ දූත වරුන් ඉබ්‍රාහීම් වෙත ශුභාරංචිය ගෙන ආ කල්හි ‘නියත වශයෙන්ම අපි මෙම නගරයේ වැසියන් විනාශ කරන්නෝ වෙමු. නියත වශයෙන්ම එහි වැසියෝ අපරාධකරුවන් වූහැ’යි ඔවුහු පැවසූහ.
آية رقم 32
නියත වශයෙන්ම එහි ලූත් සිටින්නේ යැයි ඔහු(ඉබ්‍රාහීම්) පැවසීය. එහි සිටින්නේ කවරෙකු දැයි අපි මැනවින් දන්නෙමු. ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ පවුලේ උදවිය අපි මුදවා ගන්නෙමු. ඇය පසුබැස්සවුන් අතුරින් වූවාය.
آية رقم 33
තවද අපගේ දූත වරුන් ලූත් වෙත පැමිණි විට ඔවුන් හේතුවෙන් ඔහු දුකට පත් විය. තවද ඔවුන් හේතුවෙන් හදවත පීඩනයට පත් විය. තවද ඔබ බිය නොවනු. ඔබ දුක් නොවනු. නියත වශයෙන්ම ඔබගේ බිරිය හැර ඔබ හා ඔබගේ පවුලේ අය අපි මුදවාගන්නෝ වෙමු. ඇය පසුබැස්සවුන් අතුරින් වූවාය යැයි පැවසූහ.
آية رقم 34
නියත වශයෙන්ම මෙම නගරවාසීන් පාපකම් සිදු කරමින් සිටී හෙයින් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත පහළ කරන්නෝ වූවෙමු.
آية رقم 35
තවද වටහා ගන්නා ජනයාට සැබැවින්ම අපි පැහැදිලි සංඥාවක් එහි හැර දමා ඇත්තෙමු.
آية رقم 36
තවද මද්යන් වාසීන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව (එව්වෙමු.) එවිට මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද පරමාන්ත දිනය අපේක්ෂා කරනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස නොසැරිසරනු යැයි ඔහු පැවසීය.
آية رقم 37
එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එවිට භූමි කම්පාව ඔවුන් හසු කර ගත්තේය. එහෙයින් ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට පත් වූහ.
آية رقم 38
තවද ආද් ජනයා සහ සමූද් ජනයා ද (විනාශ කළෙමු.) තවද සැබැවින්ම ඔවුන්ගේ වාසස්ථානයන්ගෙන් (ඔවුන්ගේ තත්ත්වය) නුඹලාට පැහැදිලි වී ඇත. ඔවුන් බුද්ධිමතුන් ව සිටිය දී ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට අලංකාර කර පෙන්වා ඍජු මාර්ගයෙන් ඔවුන් වැළැක්වීය.
آية رقم 39
තවද කාරූන් ෆිර්අවුන් හා හාමාන් ද (විනාශ කළෙමු.) සැබැවින්ම මූසා ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන ආවේය. නමුත් ඔවුන් මහපොළොවේ උඩඟුකම් පෑහ. තවද ඔවුහු තරඟ වැද මිදී යන්නන් නොවූහ.
آية رقم 40
එබැවින් සෑම සමූහයක්ම එහි පාපය හේතුවෙන් අපි ග්‍රහණය කළෙමු. එහෙයින් ඔවුන් අතුරින් අප ඒ(සමූහය) වෙත සැඩ සුළං එවූ අය ද වෙති. තවද ඔවුන් අතුරින් මහ හඬ එ(ම සමූහ)ය හසුකරගත් අය ද වෙති. තවද ඔවුන් අතුරින් එ(ම සමූහ)ය මහපොළොවට ගිල් වූ අයද වෙති. තවද ඔවුන් අතුරින් අප ජලයේ ගිල්වූ අය ද වෙයි. අල්ලාහ් ඔවුනට අපරාධ කිරීමට (රිසි) නොවීය. නමුත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගත්තෝය.
آية رقم 41
අල්ලාහ් හැර භාරකරුවන් ලෙස ගත්තවුන්ගේ උපමාව නිවසක් තනා ගත් මකුළුවාගේ උපමාව මෙනි. ඔවුන් දැන සිටියාහු නම්, නියත වශයෙන්ම නිවෙස් අතුරින් වඩාත් දුර්වල වනුයේ මකුළුවාගේ නිවසයි.
آية رقم 42
නියත වශයෙන්ම ඔහු හැර ඔවුහු කවර දෙයකින් ඇරයුම් කරන්නෝ ද ඒ පිළිබඳ ව අල්ලාහ් දනී. තවද ඔහු සර්ව බලධාරී මහා ප්‍රඥාවන්තය.
آية رقم 43
එම උපමාවන් අපි ජනයාට පවසන්නෙමු. ප්‍රඥාව ඇත්තන් හැර වෙනත් කිසිවෙකු එය වටහා නොගනියි.
آية رقم 44
අල්ලාහ් අහස් සහ මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේය. නියත වශයෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් හට එහි සංඥාවක් ඇත.
آية رقم 45
දේව ග්‍රන්ථයෙන් ඔබ වෙත දන්වනු ලැබූ දෑ පාරායනය කරනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. නියත වශයෙන්ම සලාතය අශික්ෂිත දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වයි. අල්ලාහ් ව මෙනෙහි කිරීම අතිමහත්ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ දනී.
آية رقم 46
දේව ග්‍රන්ථ ලත් අය අතුරින් අපරාධ කළවුන් සමග හැර සෙසු අය සමග කවර දෙයක් යහපත් වන්නේ ද එය මිස වෙනත් කිසිවක් ගැන තර්ක කරනු. ‘අප වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද අපි විශ්වාස කළෙමු. තවද අපගේ දෙවියන් හා නුඹලාගේ දෙවියන් එකමය. තවද අපි ඔහුට අවනත (වන මුස්ලිම්වරු) වෙමු.’ යැයි නුඹලා පවසනු.
آية رقم 47
එලෙස අපි ඔබ වෙතට ද දේව ග්‍රන්ථය පහළ කළෙමු. (මීට පෙර) අපි දේව ග්‍රන්ථය පහළ කළා වූ අය එය විශ්වාස කරති. තවද මොවුන් අතුරින් එය විශ්වාස කරන්නන් ද වෙති. දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෝ මිස වෙනත් කිසිවකුත් අපගේ වදන් හෙළා නොදකිති.
آية رقم 48
මීට පෙර කිසිදු දේව ග්‍රන්ථයක් ඔබ පාරායනය කරමින් නොසිටියෙහිය. ඔබේ දකුණතින් එය ඔබ නොලිව්වෙහිය. එසේ වී නම් අසත්‍යයේ නිරත ව සිටින්නන් සැක කරනු ඇත.
آية رقم 49
නමුත් එය ඥානය දෙනු ලැබූවන්ගේ සිත් තුළ පැවැති පැහැදිලි සංඥාවන්ය. අපරාධකරුවෝ මිස වෙනත් කිසිවෙකු අපගේ වදන් හෙළා නොදකිති.
آية رقم 50
තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් ඔහු වෙත පහළ කරනු ලැබ තිබිය යුතු නොවේදැ?යි ඔවුහු විමසූහ. (අහෝ! මුහම්මද්) ‘නියත වශයෙන්ම එම සංඥා අල්ලාහ් වෙතිනි. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි’ යැයි ඔබ පවසනු.
آية رقم 51
නියත වශයෙන්ම ඔවුන් වෙත පාරායනය කරනු ලබන මෙම දේව ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කර තිබීම ඔවුනට ප්‍රමාණවත් (සාධකයක්) නොවේ ද? නියත වශයෙන්ම එහි දෙවියන් විශ්වාස කරන ජනයාට ආශිර්වාදය හා මෙනෙහි කිරීමක් ඇත.
آية رقم 52
සාක්ෂිකරුවකු වශයෙන්ම මා අතර හා නුඹලා අතර අල්ලාහ් ප්‍රමාණවත් විය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු දනී. අසත්‍යය විශ්වාස කොට අල්ලාහ් ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහුමය අලාභවන්තයෝ යැයි (නබිවරය) ඔබ පවසනු.
آية رقم 53
තවද ඔවුහු ඔබගෙන් එම දඬුවම ඉක්මණින් පතති. (එයට) නියමිත කාලයක් නොවී නම් ඔවුන් වෙත එම දඬුවම පැමිණෙන්නට තිබුණි. ඔවුන් නොදැනුවත් ව සිටිය දී එය ක්ෂණික ව ඔවුන් වෙත පැමිණෙනු ඇත.
آية رقم 54
ﭟﭠﭡﭢﭣﭤ
ﭥ
ඔවුහු එම දඬුවම ඔබෙන් ඉක්මණින් පතති. තවද නියත වශයෙන්ම නිරය දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් සර්වප්‍රකාරයෙන් වට කර ගන්නකි.
آية رقم 55
එදින ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාද වලට යටින් ද දඬුවම ඔවුන් ව ආවරණය කරනු ඇත. තවද නුඹලා සිදු කරමින් සිටී දෑ භුක්ති විඳිනු යැයි ඔහු පවසනු ඇත.
آية رقم 56
අහෝ විශ්වාස කළ මාගේ ගැත්තනි, නියත වශයෙන්ම මාගේ භූමිය විශාලය. එහෙයින් නුඹලා මටම ගැතිකම් කරනු.
آية رقم 57
සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳවන්නකි. පසු ව නුඹලා අප වෙත යොමු කරනු ලබන්නෙහුය.
آية رقم 58
තවද විශ්වාස කොට යහකම් සිදු කළ අය වනාහි, අපි ඔවුන් ස්වර්ග උයනෙහි යටින් ගංගාවන් ගලා බස්නා කුටි වල පදිංචි කරවන්නෙමු. ඔවුහු එහි සදාතනිකයින්ය. යහකම් සිදු කරන්නන්ගේ කුලිය යහපත් විය.
آية رقم 59
ﮙﮚﮛﮜﮝ
ﮞ
තවද ඔවුන් වනාහි ඉවසිලිමත් වූහ. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරති.
آية رقم 60
කොපමණක් ප්‍රාණීහු වෙත් ද? උන්ගේ පෝෂණය උන් උසුලන්නේ නැත. අල්ලාහ් උන්ට හා නුඹලාට පෝෂණය කරයි. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
آية رقم 61
අහස් හා මහපොළොව මවා හිරු හා සඳු වසඟ කළේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම් සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. එසේ නම් ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද?
آية رقم 62
අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙයි. තවද ඔහු ඔහුට ප්‍රමාණ කොට දෙයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
آية رقم 63
තවද අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව මියගිය පසුව එය ප්‍රාණවත් කළේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම්, අල්ලාහ් යැයි නියත වශයෙන්ම ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) වටහා නොගනිති යැයි ඔබ පවසනු.
آية رقم 64
තවද මෙලොව ජීවිතය විනෝදයක් හා සෙල්ලමක් මිස නැත. තවද නියත වශයෙන්ම මතු ලොව ජීවිතය එයමය නියම ජීවිතය. ඔවුහු දැන සිටියාහු නම්.
آية رقم 65
එහෙයින් ඔවුහු නැවට ගොඩ වී ගමන් ගත්තේ නම්, දහම ඔහු වෙත පමණක් පුද කරමින් අවංකයින් ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති. පසු ව ඔවුන් ගොඩබිම වෙත මුදවා ගෙන පැමිණි කල්හි එවිට ඔවුහු දෙවියන්ට ආදේශ කරන්නෝ වෙති.
آية رقم 66
(එසේ ඔවුන් සිදු කරනුයේ) අපි ඔවුනට පිරිනැමූ දෑ ප්‍රතික්ෂේප කරනු පිණිස හා ඔවුහු (පතන පරිදි) භුක්ති විදිනු පිණිසය. එහෙත් ඔවුහු මතු දැනගනු ඇත.
آية رقم 67
ඔවුන් වටා සිටින මිනිසුන් පැහැරගෙන යනු ලබමින් තිබිය දී සුරක්ෂිත ශුද්ධ (වූ භූමියක්) බවට අප පත් කර තිබෙන බව ඔවුහු නොදුටුවෝ ද? එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ප්‍රතික්ෂේප කරමින් අසත්‍යය ඔවුහු විශ්වාස කරන්නෝ ද?
آية رقم 68
අල්ලාහ් වෙත බොරු ගොතන්නාට හෝ සත්‍යය පැමිණි කල්හි එය බොරු කරන්නාට වඩා මහා අපරාධකරු කවුරුන් ද? දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් නොවී ද?
آية رقم 69
තවද අප විෂයයෙහි කැපවූවන් වනාහි අපි ඔවුනට අපගේ මාර්ග පෙන්වා දෙන්නෙමු. තවද නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන් සමගය.
تقدم القراءة