سورة القيامة

الترجمة السنهالية

ترجمة معاني سورة القيامة باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසමි.
آية رقم 2
තවද තමන් මත අවලාද නගන ආත්මය මත දිවුරමි.
آية رقم 3
ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?
آية رقم 4
එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.
آية رقم 5
නමුත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.
آية رقم 6
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.
آية رقم 7
දෘෂ්ටිය (නීලංකාරවී) මුළාවී ගිය විට
آية رقم 8
තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට
آية رقم 9
තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට
آية رقم 10
පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.
آية رقم 11
එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.
آية رقم 12
එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.
آية رقم 13
ඔහු කලින් කළ දෑ හා ඔහු ප්‍රමාද කොට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.
آية رقم 14
එසේ නොව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේය.
آية رقم 15
ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද
آية رقم 16
එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.
آية رقم 17
එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.
آية رقم 18
එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.
آية رقم 19
පසු ව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන්ම අප වෙත පැවරුණු වගකීමකි.
آية رقم 20
නමුත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහුය.
آية رقم 21
තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහුය.
آية رقم 22
එදින ඇතැම් මුහුණු දීප්තියෙන් පවතී.
آية رقم 23
තම පරමාධිපති දෙස බලමින් සිටිති.
آية رقم 24
තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූප ව පවතී.
آية رقم 25
කොඳු ඇට පෙළ කඩා දමන යමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.
آية رقم 26
එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට
آية رقم 27
තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැයි විමසනු ලැබු විට
آية رقم 28
නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට
آية رقم 29
කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට
آية رقم 30
එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.
آية رقم 31
තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.
آية رقم 32
නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
آية رقم 33
පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.
آية رقم 34
නුඹට ඛේදය වේවා! තවද ඛේදය වේවා!
آية رقم 35
පසු ව ද නුඹට ඛේදය වේවා! තවද ඛේදය වේවා!
آية رقم 36
නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?
آية رقم 37
විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?
آية رقم 38
පසු ව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසු ව ඔහු මවා සැකසුවේය.
آية رقم 39
පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේය.
آية رقم 40
එය මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?
تقدم القراءة