ترجمة معاني سورة الطارق باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﭑﭒ
ﭓ
අහස මත ද තාරික් මත ද දිවුරමින්.
آية رقم 2
ﭔﭕﭖﭗ
ﭘ
තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
آية رقم 3
ﭙﭚ
ﭛ
(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
آية رقم 4
ﭜﭝﭞﭟﭠﭡ
ﭢ
නිරීක්ෂකයෙකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
آية رقم 5
ﭣﭤﭥﭦ
ﭧ
මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
آية رقم 6
ﭨﭩﭪﭫ
ﭬ
විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.
آية رقم 7
ﭭﭮﭯﭰﭱ
ﭲ
කොන්ද හා පපු පෙදෙස අතරින් පිටවන
آية رقم 8
ﭳﭴﭵﭶ
ﭷ
සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
آية رقم 9
ﭸﭹﭺ
ﭻ
රහස්‍ය දෑ පිරික්සනු ලබන දින.
آية رقم 10
ﭼﭽﭾﭿﮀﮁ
ﮂ
එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
آية رقم 11
ﮃﮄﮅ
ﮆ
තවද (වර්ෂාව නැවත) නැවත ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්
آية رقم 12
ﮇﮈﮉ
ﮊ
පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්
آية رقم 13
ﮋﮌﮍ
ﮎ
සැබැවින්ම එය තීරණාත්මක වදනකි.
آية رقم 14
ﮏﮐﮑ
ﮒ
තවද එය සරදමක් නොවේ.
آية رقم 15
ﮓﮔﮕ
ﮖ
සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණය කරති.
آية رقم 16
ﮗﮘ
ﮙ
මම ද සැලසුමක් සැලසුම් කරමි.
آية رقم 17
ﮚﮛﮜﮝ
ﮞ
එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය සලසා දෙනු.
تقدم القراءة