ترجمة معاني سورة الإنسان باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
මිනිසා පවසන්නට තරම් වස්තුවක් ලෙස නොසිටි කාලයක් ඔහුට නොතිබුණේ ද?
آية رقم 2
නියත වශයෙන්ම මුසු වූ ශුක්‍රාණු බිඳුවකින් අපි මිනිසා මැව්වෙමු. අපි ඔහු පරීක්ෂණයට ලක් කරන්නෙමු. එහෙයින් අපි ඔහු සවන් දිය හැකි හා බැලිය හැකි කෙනෙකු බවට පත් කළෙමු.
آية رقم 3
එම මාර්ගය වෙත නියත වශයෙන්ම අපි ඔහුට මග පෙන්වූයෙමු. ඔහු කෘතවේදියෙකු ලෙස හෝ ගුණමකුවෙකු ලෙස හෝ සිටිය හැක.
آية رقم 4
ﯻﯼﯽﯾﯿﰀ
ﰁ
නියත වශයෙන්ම අපි දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට දම්වැල් ද ගෙල විලංගු ද ඇවිළෙන ගින්න ද සූදානම් කළෙමු.
آية رقم 5
නියත වශයෙන්ම දැහැමියෝ එහි කපුරු මිශ්‍රැති (කුසලාන මෙන් වූ) භාජන වලින් පානය කරති.
آية رقم 6
(එය) උල්පතකි. එමගින් අල්ලාහ්ගේ ගැත්තන් පානය කරති. එය (පොළොව) පුපුරුවා ගලා යන්නට ඔවුහු සලස්වති.
آية رقم 7
ඔවුහු භාරය ඉටු කරති. තවද එහි හානිය පැතිර පවතින දිනයට ඔවුහු බිය වෙති.
آية رقم 8
තවද ඔහු කෙරෙහි වූ ආදරය නිසාවෙන් දිළින්දාට ද අනාථයාට ද සිරකරුවාට ද ඔවුහු ආහාර සපයති.
آية رقم 9
“අපි නුඹලාට ආහාර සපයනුයේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙනි. නුඹලාගෙන් කිසිදු ප්‍රතිඵලයක් හෝ කිසිදු තුති පිදුමක් හෝ අපි අපේක්ෂා නොකරමු” (යැයි පවසති.)
آية رقم 10
අපගේ පරමාධිපති වෙතින් මුහුණෙහි අප්‍රසන්න හා පිළිකුල විදහා පාන දිනයකට නියත වශයෙන්ම අපි බියවෙමු.
آية رقم 11
එහෙයින් අල්ලාහ් එදින නපුරෙන් ඔවුන් මුදවා ගන්නේය. තවද සතුට හා සොම්නස ඔවුන් හමුවන්නට සලසන්නේය.
آية رقم 12
ﮅﮆﮇﮈﮉ
ﮊ
ඔවුන් ඉවසා සිටි බැවින් ස්වර්ග උයන හා සේද රෙදි ඔවුනට ඔහු ප්‍රතිඵල වශයෙන් පිරිනැමුවේය.
آية رقم 13
ඔවුහු ඇදන් මත හාන්සිවෙමින් සිටිති. ඔවුහු එහි හිරු රශ්මිය හෝ අධික සීතල හෝ නොදකිනු ඇත.
آية رقم 14
ﮗﮘﮙﮚﮛﮜ
ﮝ
තවද එහි හෙවණ ඔවුන් මත පහත් ව පවතී. වලු බර පලතුරු පොකුරුද එහි එල්ලී පවතී.
آية رقم 15
රිදියෙන් වූ භාජන හා පළිඟු වලින් යුත් ගුරුලේත්තු රැගෙන ඔවුන් වටා ගමන් කරවනු ලබති.
آية رقم 16
ﮧﮨﮩﮪﮫ
ﮬ
එය රිදියෙන් වූ පළිඟුය. ඔවුහු එහි ප්‍රමාණය සකස් කර ගන්නෝය.
آية رقم 17
ﮭﮮﮯﮰﮱﯓ
ﯔ
සන්ජබීල් මිශ්‍රැති පානයෙන් යුත් කුසලාන එහි ඔවුනට පානය සඳහා දෙනු ලබති.
آية رقم 18
ﯕﯖﯗﯘ
ﯙ
එහි සල්සබීල් යැයි හඳුන්වනු ලබන උල්පතක්ද වෙයි.
آية رقم 19
සදා යෞවනයේ පසු වන දරුවන් ඔවුන් වටා යති. නුඹ ඔවුන් දුටු විට එය විසිරනු ලැබූ මුතු යැයි සිතනු ඇත.
آية رقم 20
තවද නුඹ එහි දුටු විට අතිශය ප්‍රීතිය හා විශාල රාජ්‍යයක් ලෙස නුඹ දකිනු ඇත.
آية رقم 21
සිනිඳු හා කොළ පැහැති ඝන සේද ඇඟලුම් ඔවුන් මත වෙයි. ඔවුනට රිදියෙන් වූ වළලු පලන්ඳවනු ලබති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිසිදු පානය සපයනු ඇත.
آية رقم 22
නියත වශයෙන්ම මෙය නුඹලා සඳහා වූ ප්‍රතිඵලයක් විය. තවද නුඹලාගේ උත්සාහය තුති පුද කරනු ලබන්නක් විය.
آية رقم 23
ﰅﰆﰇﰈﰉﰊ
ﰋ
නියත වශයෙන්ම අල් කුර්ආනය අපි නුඹ වෙත කොටස් වශයෙන් පහළ කළෙමු.
آية رقم 24
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ නීතිය වෙනුවෙන් ඉවසීමෙන් සිටිනු. ඔවුන් අතුරින් කිසිදු පාපියෙකුට හෝ දෙවියන් ප්‍රතික්ෂේප කළ කිසිදු අයකුට හෝ නුඹ අවනත නොවනු.
آية رقم 25
ﰖﰗﰘﰙﰚ
ﰛ
තවද උදේ සවස නුඹේ පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරනු.
آية رقم 26
තවද රාත්‍රියේදී ඔහුට (ශරීර අංග සතක් බිම තබා) සුජූද් කරනු. තවද දිගු රාත්‍රියක් නුඹ ඔහු සුවිශුද්ධ කරනු.
آية رقم 27
නියත වශයෙන්ම ඔවුහු මෙලොවට ප්‍රිය කරති. නමුත් ඔවුනට පසු ව ඇති බැරෑරුම් දිනය අත හැර දමති.
آية رقم 28
අපි ඔවුන් මැව්වෙමු. තවද ඔවුන්ගේ හන්දිපත් ශක්තිමත් කළෙමු. තවද අප අභිමත කළේ නම් ඔවුන් වෙනුවට ඔවුන් මෙන් වූවන් අපි වෙනස් කොට පත් කරන්නෙමු.
آية رقم 29
නියත වශයෙන්ම මෙය උපදෙසකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද තම පරමාධිපති වෙත මාර්ගයක් ලෙස ගනිත්වා !
آية رقم 30
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නොකරන්නෙහුය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අති සියුම් ඥානවන්තය.
آية رقم 31
ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද අපරාධකරුවන් වනාහි ඔවුනට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කර ඇත.
تقدم القراءة