ترجمة معاني سورة الجاثية باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﭑ
ﭒ
හා මීම්
آية رقم 2
ﭓﭔﭕﭖﭗﭘ
ﭙ
මෙම ග්‍රන්ථයේ පහළ කිරීම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරියාණන් වූ අල්ලාහ්ගෙනි.
آية رقم 3
ﭚﭛﭜﭝﭞﭟ
ﭠ
නියත වශයෙන්ම අහස් හා මහපොළොවෙහි දෙවියන් විශ්වාස කරන්නන්හට සංඥා ඇත.
آية رقم 4
නුඹලා මැවීමෙහි ද සත්වයින් ඔහු විසුරුවා ඇති ආකාරයෙහි ද තරයේ විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
آية رقم 5
රාත්‍රිය හා දහවල වෙනස්වීමෙහි ද අල්ලාහ් අහසින් පෝෂණ සම්පත් පහළ කොට මහපොළව මිය ගිය පසු එමගින් එය නැවත ප්‍රාණවත් කිරීමෙහි ද සුළං හැමීමෙහි ද වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
آية رقم 6
ඒවා අල්ලාහ්ගේ සංඥාවන්ය. අපි ඔබට ඒවා සත්‍යයෙන් යුතු ව පාරායනය කර පෙන්වමු. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ සංඥා වලට පසු ව කවර ප්‍රකාශයක් ඔවුහු විශ්වාස කරන්නෝ ද?
آية رقم 7
ﮎﮏﮐﮑ
ﮒ
සෑම මහා බොරුකාර පාපතරයකුටම විනාශය අත් වේවා!
آية رقم 8
ඔහු වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන් වලට ඔහු සවන් දෙයි. පසු ව ඔහු එයට සවන් නොදුන්නාක් මෙන් උඩඟුවෙන් හිතුවක්කාර ලෙස හැසිරෙයි. එහෙයින් වේදනීය දඬුවම පිළිබඳ ව (නබිතුමනි!) ඔබ ඔහුට ශුභාරංචි දෙනු.
آية رقم 9
ඔහු අපගේ වදන් අතුරින් කිසිවක් හෝ දැන ගත් විට එය ඔහු විහිළුවට ගත්තේය. නින්දා සහගත දඬුවමක් තමන් සතු කර ගත්තෝ ඔවුහුමය.
آية رقم 10
ඔවුනට පසුපසින් නිරය ඇත. ඔවුහු කවර දෙයක් උපයා ගත්තේ ද එය හෝ අල්ලාහ්ගෙන් තොර ව ඔවුහු භාරකරුවන් ලෙස ගත් දෑ හෝ ඔවුනට ඵලක් නොවනු ඇත. තවද ඔවුනට මහත් දඬුවමක් ඇත.
آية رقم 11
මෙය යහ මාර්ගයයි. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට දඬුවමකින් වේදනීය දඬුවමක් ඇත.
آية رقم 12
නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ නියෝගය අනුව නැව් එහි යාත්‍රා කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයන් නුඹලා සොයනු පිණිසත් නුඹලා වෙනුවෙන් මුහුද වසඟ කර දුන්නේ අල්ලාහ්ය.
آية رقم 13
තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියල්ල ඔහු විසින් නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. නියත වශයෙන්ම වටහා ගන්නා ජනයාට මෙහි සංඥා ඇත.
آية رقم 14
තමන් උපයමින් සිටි දෑ හේතුවෙන් පිරිසකට ප්‍රතිවිපාක පිරිනැමීම සඳහා අල්ලාහ්ගේ දඬුවම් දිනයන් අපේක්ෂා නොකරන්නන්හට සමාව දෙන්නැයි විශ්වාස කළවුනට (නබිවරය,) ඔබ පවසනු.
آية رقم 15
කවරෙකු යම් යහපතක් සිදු කළේද එය ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නපුරක් සිදු කළේ ද (එය) එයට එරෙහිවය. පසු ව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහුය.
آية رقم 16
තවද සැබැවින්ම අපි ඉස්රාඊල් දරුවනට දේව ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනැමුවෙමු. තවද අපි ඔවුනට යහපත් දැයින් පෝෂණ සම්පත් ලබා දුනිමු. තවද අපි ලෝවැසියන් අතර ඔවුන් උසස් කළෙමු.
آية رقم 17
සියලු කරුණු වල පැහැදිලිතාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. නමුත් ඔවුන් වෙත ඥානය පැමිණිමෙන් පසුව ඔවුන් අතර වූ (ඊර්ෂ්‍යා සහගත) අසාධාරණකම් හේතුවෙන් මිස (වෙනත් කිසිවක් සඳහා) ඔවුහු මතභේද ඇති කර නොගත්තෝය. ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කර ගනිමින් සිටියේ ද නියත වශයෙන්ම ඔබේ පරමාධිපති නැගිටුවනු ලබන දිනයේ ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර තීන්දු දෙනු ඇත.
آية رقم 18
පසු ව එම කරුණ තුළින් යම් පිළිවෙතක් මත අපි ඔබ ව පත් කළෙමු. එහෙයින් ඔබ එය අනුගමනය කරනු. තවද නොදන්නා අයගේ ආශාවන් ඔබ අනුගමනය නොකරනු.
آية رقم 19
නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔබ මුදවා ගෙන) ඔබට ප්‍රයොජනයක් සලසන්නේම නැත. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ භාරකරුවෝය. තවද අල්ලාහ් බිය බැතිමතුන්ගේ භාරකරුය.
آية رقم 20
මෙය මිනිස් සංහතිය සඳහා වූ පැහැදිලි සාධක වෙයි. තවද තරයේ විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයකි.
آية رقم 21
විශ්වාස කොට යහකම් කළවුන් මෙන් පාපකම් උපයා ගත් අය ඔවුන්ගේ ජීවිතය හා ඔවුන්ගේ මරණය අපි එක සමාන ලෙස පත් කරන්නෙමු යැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
آية رقم 22
තවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතු ව මැව්වේය. සෑම ආත්මයක්ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
آية رقم 23
තම කැමැත්ත දෙවියන් බවට පත් කර ගත් අය ඔබ දුටුවෙහි ද? දැනුවත්වම අල්ලාහ් ඔහු නොමග හැරියේය. ඔහුගේ සවන හා ඔහුගේ හදවත මත මුද්‍රා තැබුවේය. ඔහුගේ බැල්ම මත ආවරණයක් තැබුවේය. අල්ලාහ්ගෙන් පසු ව ඔහුට මග පෙන්වනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
آية رقم 24
“මෙය අපගේ මෙලොව ජීවිතය මිස නැත. අපි මරණයට පත් වෙමු. තවද අපි ජීවත් වෙමු. කාලය මිස වෙන කිසිවක් අප විනාශ නොකරනු ඇත” යැයි ඔවුහු පවසති. එහෙත් ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමාන කරනු මිස නැත.
آية رقم 25
අපගේ වදන් ඔවුන් වෙත පැහැදිලි ලෙසින් පාරායනය කරනු ලබන විට, “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් ගෙන එනු යැයි” ඔවුහු පවසා සිටියා මිස ඔවුන්ගේ පිළිතුර නොවීය.
آية رقم 26
“නුඹලා ජීවත් කරවන්නේ ද පසු ව නුඹලා මරණයට පත් කරන්නේ ද පසු ව එහි කිසිදු සැකයක් නැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත නුඹලා එක්රැස් කරන්නේ ද අල්ලාහ් යැ”යි (නබිවරය) ඔබ පවසනු. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති.
آية رقم 27
අහස් හා මහපොළොව අල්ලාහ් සතුය. එම හෝරාව ක්‍රියාත්මක වන දින, එදින අසත්‍යකරුවෝ පරාජයට පත් වෙති.
آية رقم 28
සෑම සමූහයක්ම දණින් වැටී සිටිනු ඔබ දකිනු ඇත. සෑම සමූහයක්ම ඔවුන්ගේ වාර්තාව වෙත ඇරයුම් කරනු ලබති. “අද දින නුඹලා කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබන්නෙහුය.” (යැයි කියනු ලැබේ.)
آية رقم 29
මෙය නුඹලාට එරෙහි ව සත්‍යයෙන් යුතු ව කතා කරන අපගේ වාර්තාවයි. නියත වශයෙන්ම අපි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සටහන් කරමින් සිටියෙමු.
آية رقم 30
විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළට ඔවුන් ඇතුළත් කරනු ඇත. එයයි පැහැදිලි ජයග්‍රහණය වනුයේ.
آية رقم 31
තවද ප්‍රතික්ෂේප කළවුන් වූ කලී, (ඔවුන්හට) “නුඹලා වෙත මාගේ වදන් පාරායනය කරමින් නොතිබුණේ ද? එවිට නුඹලා උඩගු වූහ. තවද නුඹලා වැරදි කරන පිරිසක් වූහ. (යැයි කියනු ලැබේ.)
آية رقم 32
“තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අවසන් හෝරාව එහි කිසිදු සැකයක් නැත” යැයි කියනු ලැබූ විට අවසන් හෝරාව කුමක් දැයි අපි නොදනිමු. එය අනුමානයක් ලෙසින් මිස අපි නොසිතමු. තවද අපි එය තරයේ විශ්වාස කරන්නන් නොවූයෙමු යැයි නුඹලා පැවසුවෙහුය.
آية رقم 33
ඔවුන් සිදු කළ දෑහි නපුර ඔවුනට හෙළි විය. ඔවුන් කවර දෙයක් සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගත්තේය.
آية رقم 34
“නුඹලාගේ මෙම දිනයේ හමුව නුඹලා අමතක කළාක් මෙන් අද දින අපි නුඹලා අමතක කරන්නෙමු තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවෙකු නොමැත.” යැයි පවසනු ලැබේ.
آية رقم 35
“එය නියත වශයෙන්ම අල්ලාහ්ගේ වදන් නුඹලා සරදමට ගත් බැවින් හා මෙලොව ජීවිතය නුඹලා මුළා කර ඇති බැවිනි.” එහෙයින් අද දින ඔවුහු එයින් බැහැර නොවෙති. තවද ඔවුහු සමාව පිළිගනු ලබන්නන් නොවෙති.
آية رقم 36
අහස්හි පරමාධිපති වූ ද මහපොළොවේ පරමාධිපති වූ ද ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා!
آية رقم 37
තවද අහස්හි හා මහපොළොවේ සියලු ශ්‍රේෂ්ඨත්වයන් ඔහු සතුය. තවද ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරීය.
تقدم القراءة