ترجمة معاني سورة الأحزاب باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
අහෝ නබිවරය! අල්ලාහ්ට ඔබ බැතිමත් වනු. තවද දේව ප්‍රතික්ෂේපකයින් හා කුහකයින්ට ඔබ අවනත නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්වඥානී මහා ප්‍රඥාවන්ත විය.
آية رقم 2
තවද ඔබගේ පරමාධිපතිගෙන් ඔබ වෙත දන්වා සිටිනු ලබන දෑ ඔබ අනුගමනය කරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්ත විය.
آية رقم 3
තවද ඔබ අල්ලාහ් වෙත භාර කරනු. තවද භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
آية رقم 4
මිනිසෙකුට ඔහුගේ අභ්‍යන්තරයේ හදවත් දෙකක් අල්ලාහ් ඇති නොකළේය. තවද ඔවුන් අතුරින් නුඹලා මව(ගේ ශරීරය)ට සමකරන නුඹලාගේ බිරියන් නුඹලාගේ මව්වරුන් නොවේ. තවද නුඹලා (තම පුතුන් ලෙස) වාද කරන්නන් නුඹලාගේ පුතුන් නොවේ. එය නුඹලාගේ මුඛවල් වලින් නුඹලා පවසන ප්‍රකාශයයි. තවද අල්ලාහ් සත්‍යය පවසයි. තවද ඔහු ඍජු මග පෙන්වයි.
آية رقم 5
ඔවුන්ගේ පියවරුන්ගේ වාසගමින් ඔවුන් අමතනු. එය අල්ලාහ් අබියස වඩාත් සාධාරණනීයය. එසේ ඔවුන්ගේ පියවරුන් නුඹලා නොදන්නෙහු නම්, එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයින් වෙති. තවද නුඹලාගේ මිත්‍රයෝ වෙති. කවර දෙයක් නුඹලාට වැරදුණෙහි ද, එහි නුඹලා වෙත වරදක් නැත. නමුත් නුඹලාගේ හදවත් උවමනාවෙන් කළ දෑහි (වරද ඇත.) තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය.
آية رقم 6
මෙම නබිවරයා දෙවියන් විශ්වාස කළවුන් වෙත තමන්ට වඩා උරුමය ඇත්තාය. ඔහුගේ බිරියන් ඔවුන්ගේ මාතාවෝය. දෙවියන් විශ්වාස කරන්නන් හා නික්ම ගියවුන් අතුරින් අල්ලාහ්ගේ නියමය තුළ ඇති පරිදි ලේ ඥාතිත්වය ඇත්තෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස්ය. නමුත් නුඹලාගේ මිතුරුන් වෙත යහපත් අයුරින් කටයුතු කරනු. එය දේව ග්‍රන්ථයේ ලියන ලද්දක් විය.
آية رقم 7
නබිවරුන් අතුරින් ඔබගෙන් ද නූහ්, ඉබ්‍රාහීම්, මූසා හා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද ඔවුන්ගේ ප්‍රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් අතුරින් දැඩි ප්‍රතිඥාවක් අපි ගත්තෙමු.
آية رقم 8
සත්‍යවාදීන්ගෙන් ඔවුන්ගේ සත්‍යතාව පිළිබඳ ඔහු විමසනු පිණිසය. තවද දේව ප්‍රතික්ෂේපකයින්හට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කොට ඇත.
آية رقم 9
අහෝ විශ්වාස කළවුනි! නුඹලා වෙත සේනාවන් පැමිණි විට ඔවුනට එරෙහි ව සැඩ සුළඟක් හා නුඹලා නොදුටු සේනාවන් ඔවුන් වෙත එවමින් අල්ලාහ් කළ ආශිර්වාදය මෙනෙහි කර බලනු. නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අධීක්ෂක විය.
آية رقم 10
නුඹලාට ඉහළින් ද නුඹලාට පහළින් ද නුඹලා වෙත ඔවුහු (සතුරන්) පැමිණියහ. තවද දෘෂ්ටීන් ඉවත් ව ගොස් හදවත් උගුරු දණ්ඩ දක්වා ළඟා වී නුඹලා අල්ලාහ් පිළිබඳ විවිධ සිතුවිලි සිතූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 11
ﮖﮗﮘﮙﮚﮛ
ﮜ
මෙහි දෙවියන් විශ්වාස කරන්නෝ පරීක්ෂාවට ලක් කරනු ලැබූහ. තවද ඔවුහු දැඩි කම්පනයෙන් කම්පනය කරනු ලැබූහ.
آية رقم 12
තවද කුහකයෝ හා තම හදවත් තුළ රෝග ඇත්තෝ ‘අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් රැවටීම මිස වෙනෙකක් අපට ප්‍රතිඥා දුන්නේ නැතැ’යි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 13
තවද, “අහෝ යස්රිබ් වැසියනි! නුඹලාට (සතුරන්ට එරෙහිව) නැවතීමක් (මෙහි) නොමැත. එහෙයින් නුඹලා හැරී යනු” යි ඔවුන් අතුරින් පිරිසක් පැවසූ අවස්ථාව සිහියට නගනු. තවද ඔවුන් අතුරින් පිරිසක් ‘නියත වශයෙන්ම අපගේ නිවෙස් අනාරක්ෂිත’ යැයි පවසමින් නබිවරයාගෙන් අවසර පැතූහ. නමුත් ඒවා අනාරක්ෂිත නොවීය. ඔවුන් පළා යෑම මිස වෙනෙකක් අපේක්ෂා නොකළහ.
آية رقم 14
(සතුරන්) ඔවුන් වෙත එහි සිව්දෙසින් ඇතුළු වී පසු ව අර්බුදය වෙත ඇරයුම් කරනු ලැබුවේ නම්, නියත වශයෙන්ම ඔවුහු (පාවා දෙන්නට) ඒ වෙත පැමිණෙන්නෝමය. තවද ඔවුහු එහි රැඳී සිටිනුයේ ස්වල්ප කාලයක් මිස නැත.
آية رقم 15
තවද පසුපස ලා ඔවුන් හැරී නොයන බවට මීට පෙර අල්ලාහ් සමග ඔවුහු ගිවිස ගත්තෝය. අල්ලාහ්ගේ ගිවිසුම විමසනු ලබන්නක් විය.
آية رقم 16
“මරණයෙන් හෝ සටනින් හෝ නුඹලා පළා ගියේ නම්, එසේ පළා යෑම නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. එවිට ස්වල්ප (කාල)යක් මිස නුඹලා භුක්ති විඳිනු නොලබන්නෙහු” යැයි ඔබ පවසනු.
آية رقم 17
අල්ලාහ් නුඹලාට යම් නපුරක් සිතුවේ නම් හෝ නුඹලාට යම් දයාවක් සිතුවේ නම් හෝ ඔහුගෙන් නුඹලා ආරක්ෂා කරගන්නා කවුරුන් ද? අල්ලාහ් හැර කිසිදු භාරකරුවකු හෝ උදව් කරුවකු හෝ ඔවුහු නොලබති.
آية رقم 18
නුඹලා අතුරින් (සටනට යෑමෙන්) වළක්වන්නන් හා “අප වෙත (හැරී) එනුයි” තම සහෝදරයන්ට පවසන්නන් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් දනී. ස්වල්ප දෙනකු මිස සටනට ඔවුහු නොපැමිණෙති.
آية رقم 19
(එය,) නුඹලා වෙත (වියදම් කිරීමට) දක්වන මසුරුකමක් ලෙසිනි. නමුත් බිය පැමිණි විට, මරණ(බි)යෙන් සිහි විකල් වූ කෙනෙකු මෙන් ඔවුන්ගේ ඇස් කැරකෙමින් ඔබ දෙස බලා සිටිනු ඔබ ඔවුන් දුටුවෙහිය. නමුත් බිය පහ ව ගිය විට සම්පත් මත ඇති තණ්හාව හේතුවෙන් නුඹලා වෙත ඔවුහු චතුර කතාවෙන් යුතු ව පැමිණෙනු ඇත. දෙවියන් විශ්වාස නොකරන්නෝ ඔවුහුමය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේය. එය අල්ලාහ් වෙත පහසු කාර්යයක් විය.
آية رقم 20
සැබැවින්ම සේනාවන් (තවමත් ඉවත් ව) නොගිය බව ඔවුහු සිතති. තවද සේනාවන් පැමිණියේ නම් ගැමි අරාබිවරුන් අතරට දුරස් ව ගොස් නුඹලාගේ තොරතුරු විමසන්නට තිබුණේ නම් යැයි ඔවුහු ප්‍රිය කරති. ඔවුහු නුඹලා අතර සිටියෙහු නම් ස්වල්පයක් මිස සටන් නොවදිති.
آية رقم 21
අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය.
آية رقم 22
දෙවියන් විශ්වාස කරන්නෝ එම (ඒකාබද්ධ) සේනාවන් දුටු කල්හි “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්‍රතිඥා දුන් දෑ මෙය වේ. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සත්‍යය පැවසීය” යැයි පැවසූහ. එය විශ්වාසය හා යටහත් වීම මිස වෙනෙකක් ඔවුනට අධික කළේ නැත.
آية رقم 23
කවර දෙයක් මත අල්ලාහ් සමග ඔවුහු ගිවිස ගත්තෝ ද එය සැබෑ කළ මිනිසුන් දෙවියන් විශ්වාස කරන්නන් අතුරින් වෙති. එසේ (යුද පිටියේ දිවි පුදා) තම භාරය ඉටු කළවුන් ඔවුන් අතුරින් වෙති. තවද බලාපොරොත්තුවෙන් සිටින්නන් ද ඔවුන් අතුරින් වෙති. ඔවුහු කිසිදු පෙරළීමකින් නොපෙරළුණහ.
آية رقم 24
(මෙය) සත්‍යවාදීන්ට ඔවුන්ගේ සත්‍යභාවය හේතුවෙන් අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනු පිණිසය. තවද ඔහු අභිමත කළේ නම් කුහකයින්ට දඬුවම් කරනු පිණිසය. එසේ නැතහොත් ඔවුන් වෙත සමාව දීම පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් අතික්ෂමාශීලී, මහාකරුණාන්විත විය.
آية رقم 25
දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ ක්‍රෝධය හේතුවෙන් ඔවුන් කිසිදු යහපතක් නොලැබූ තත්ත්වයෙන් අල්ලාහ් ඔවුන් පලවා හැරියේය. දෙවියන් විශ්වාස කරන්නන්හට සටන් වැදීම අල්ලාහ් ප්‍රමාණවත් කළේය. තවද අල්ලාහ් ශක්ති සම්පන්න සර්ව බලධාරිය.
آية رقم 26
දේව ග්‍රන්ථ ලත් ජනයා අතුරින් ඔවුනට උර දුන් අය ඔවුන්ගේ බලකොටුවලින් ඔහු බැස්ස වීය. තවද ඔවුන්ගේ හදවත් තුළ බිය ඇති කළේය. පිරිසක් නුඹලා ඝාතනය කළ අතර පිරිසක් නුඹලා සිරභාරයට ගත්තෙහුය.
آية رقم 27
තවද ඔවුන්ගේ භූමිය ද ඔවුන්ගේ වාසස්ථානද ඔවුන්ගේ සම්පත් ද එමෙන්ම නුඹලා එහි පය නොතැබූ භූමියක් ද ඔහු නුඹලාට උරුම කර දුන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිසම්පන්න විය.
آية رقم 28
“ අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ට, “මෙලොව ජීවිතය හා එහි අලංකාරය නුඹලා ප්‍රිය කරන්නෙහු නම් එවිට නුඹලා එනු. මම නුඹලාට භුක්ති විඳින්නට සළස්වා (විවාහ බන්ධනයෙන්) අලංකාර මුදවාලීමකින් මම නුඹලාව මුදවාලමි යැයි පවසනු.
آية رقم 29
තවද නුඹලා අල්ලාහ්ව, ඔහුගේ දූතයාණන් හා මතු ලොව ප්‍රිය කරමින් සිටින්නෙහු නම් එවිට දැන ගනු නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා අතුරින් වූ දැහැමියන්ට මහත් වූ තිළිණ සූදානම් කොට ඇත.
آية رقم 30
අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතුරින් කවරෙකු හෝ පැහැදිලි අශීලාචාර දෙයක් සමග පැමිණෙන්නේ ද ඇයට දඬුවම දෙගුණයක් කරනු ලැබෙයි. තවද එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
آية رقم 31
නුඹලා අතුරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී යහකම් සිදු කරන්නී ද ඇයට අපි ඇයගේ කුලිය දෙවාරයක් පිරිනමමු. තවද අපි ඇය සඳහා ගෞරවනීය පෝෂණ සම්පත් සූදානම් කළෙමු.
آية رقم 32
අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා (සෙසු) කාන්තාවන්ගෙන් කෙනෙකු මෙන් නොවන්නෙහුය. නුඹලා අල්ලාහ්ට බැතිමත් වූයේ නම් නුඹලා සිනිඳු (හඬින්) කතා නොකරනු. එවිට කවරෙකුගේ හදවත තුළ රෝග ඇත්තේ ද ඔහු ආශා කරනු ඇත. තවද ඔබ යහපත් වදනින් කතා කරනු.
آية رقم 33
නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැඳී සිටිනු. තවද මුල් කාල අඥාන යුගයේ ආයිත්තම් වීම මෙන් නුඹලා (අලංකාරය ඉස්මතු කරමින්) ආයිත්තම් නොවනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. තවද සකාත් ද පිරිනමනු. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. නියත වශයෙන්ම අල්ලාහ් අපේක්ෂා කරනුයේ නිවැසියන් වූ නුඹලාගෙන් කිලිටි පහකිරීමට හා නුඹලාව පිවිතුරු කිරීමෙන් පිවිතුරු කිරීමටය.
آية رقم 34
තවද අල්ලාහ්ගේ වදන් හා ප්‍රඥාවෙන් නුඹලාගේ නිවෙස් තුළ පාරායනය කරනු ලබන දෑ නුඹලා මෙනෙහි කරනු. නියත වශයෙන්ම අල්ලාහ් කුළුණැති අභිඥානවන්තයකු විය.
آية رقم 35
නියත වශයෙන්ම මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරියන් ද විශ්වාසවන්තයින් හා විශ්වාසවන්තිනියන් ද අවනත වන්නන් හා අවනත වන්තියන් ද සත්‍යවාදීන් හා සත්‍යවාදිනියන් ද ඉවසිලිවන්තයින් හා ඉවසිලි වන්තියන් ද බියබැතිමත් වන්නන් හා බියබැතිමත් වන්නියන් ද පරිත්‍යාගශීලීන් හා පරිත්‍යාග ශීලිනියන් ද උපවාසය රකින්නන් හා උපවාසය රකින්නියන් ද තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන්නන් හා ආරක්ෂා කරන්නියන් ද අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද අල්ලාහ් ඔවුනට සමාව හා මහත් ප්‍රතිඵල සූදානම් කර ඇත.
آية رقم 36
අල්ලාහ් හා ඔහුගේ දූතයාණෝ යම් කරුණක් තීන්දු කළ විට ඔවුන්ගේ කරුණ තම කැමැත්ත අනුව සිදුවීම විශ්වාසවන්තයෙකුට හෝ විශ්වාසවන්තියකට හෝ සුදුසු නොවීය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේ ද එවිට සැබැවින්ම ඔහු පැහැදිලි මුළාවකින් මුළා විය.
آية رقم 37
තවද අල්ලාහ් ඔහුට ආශිර්වාද කළ එමෙන්ම ඔබ ද ඔහුට අනුග්‍රහය දැක්වූ අයට ‘ඔබ ඔබේ බිරිය තබා ගනු. තවද අල්ලාහ්ට බිය වනු’ යැයි ඔබ පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අල්ලාහ් හෙළි කිරීමට සිටී දෑ ඔබේ සිත තුළ ඔබ සඟවා ගන්නෙහිය. තවද ඔබ ජනයාට බියවන්නෙහිය. තවද ඔබ බියවීමට වඩාත් සුදුස්සා වනුයේ අල්ලාහ්ය. සෙයිද් ඇයගෙන් (දික්කසාද වීමේ) අවශ්‍යතාව සපුරා ගත කල්හි දෙවියන් විශ්වාස කරන්නන්හට ඔවුන් දරුකමට හදා ගත් අයගේ බිරියන් සම්බන්ධයෙන් (දික් කසාද වීමේ) අවශ්‍යතාව ඔවුන් සපුරා ගත් විට ඔවුන් (විවාහ කර ගැනීම) විෂයෙහි ඔවුනට වරදක් නොවනු පිණිස අපි ඇය ඔබට විවාහ කර දුන්නෙමු. තවද අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නක් විය.
آية رقم 38
අල්ලාහ් ඔහුට නියම කළ දෑහි කිසිදු වරදක් නබිවරයාට නොවීය. (එය) මීට පෙර ඉකුත් ව ගියවුන් අතර වූ අල්ලාහ්ගේ පිළිවෙත වේ. තවද අල්ලාහ්ගේ නියෝගය නිර්ණයකින් නිර්ණය කරනු ලැබූවක් විය.
آية رقم 39
ඔවුහු වනාහි අල්ලාහ්ගේ පණිවිඩ දන්වා සිටින්නන් වෙති. තවද ඔහුට බිය වෙති. අල්ලාහ් හැර වෙනත් කිසිවකුට බිය නොවෙති. ගණන් බැලීමෙන් අල්ලාහ් ප්‍රමාණවත් විය.
آية رقم 40
මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවකුගේ පියෙකු නොවීය. නමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්‍රාවය. තවද සියලු දෑ පිළිබඳ ව අල්ලාහ් සර්වඥානී විය.
آية رقم 41
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් අධික ලෙස මෙනෙහි කිරීමෙන් මෙනෙහි කරනු.
آية رقم 42
ﰂﰃﰄ
ﰅ
තවද උදේ හා සවස නුඹලා ඔහු සුවිශුද්ධ කරනු.
آية رقم 43
ඔහු නුඹලා වෙත ආශිර්වාද කරන්නාය. තවද ඔහුගේ මලක්වරුන් ද අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත නුඹලා බැහැර කරනු පිණිස ප්‍රාර්ථනා කරති. තවද ඔහු විශ්වාස කරන්නන්හට මහා කාරුණික විය.
آية رقم 44
ඔවුහු ඔහු හමුවන දින ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය) යන්නයි. තවද ඔහු ඔවුනට ගෞරවනීය තිළිණ සූදානම් කොට ඇත.
آية رقم 45
අහෝ නබිවරය! නියත වශයෙන් අපි ඔබ සාක්ෂිකරුවෙකු ලෙසින් ද ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද අවවාද කරන්නෙකු ලෙසින් ද එව්වෙමු.
آية رقم 46
ﭣﭤﭥﭦﭧﭨ
ﭩ
තවද අල්ලාහ් වෙත ඔහුගේ අනුමැතියෙන් ඇරයුම් කරන්නෙකු ලෙසින් ද අලෝකමත් කරන පහනක් ලෙසින් ද (අපි ඔබ එව්වෙමු.)
آية رقم 47
තවද නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් වූ මහත් භාග්‍යය ඔවුනට ඇති බව දෙවියන් විශ්වාස කරන්නන‍් හට ඔබ සුබාරංචි දන්වනු.
آية رقم 48
තවද ඔබ දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ට සහ (වංචනික) කුහකයන්ට අවනත නොවනු. තවද ඔවුන්ගේ වදහිංසා නොසලකා හරිනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. තවද භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
آية رقم 49
අහෝ විශ්වාස කළවුනි! නුඹලා දෙවියන් විශ්වාස කරන කාන්තාවන් විවාහ කොට පසු ව නුඹලා ඔවුන් ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළහොත් නුඹලා ගණන් කරන පොරොත්තු කාලයක් නුඹලා වෙනුවෙන් ඔවුන් කෙරෙහි අනිවාර්යය නොවන්නේය. එහෙයින් ඔවුනට ජීවන සම්පත් ලබා දෙනු. තවද අලංකාර මුදවාලීමකින් මුදවා හරිනු.
අහෝ නබිවරය! ඔබ ඔවුන්ගේ (මහර්) කුලී ලබා දුන් ඔබගේ බිරියන් ද (යුද්ධයේ දී) අල්ලාහ් ඔබ වෙත පිරිනැමූ අය අතුරින් ඔබේ දකුණත සතු කරගත් කාන්තාවන් ද ඔබ සමඟ නික්ම ගිය ඔබේ බාප්පාගේ දූවරුන් ද ඔබේ පුංචි අම්මාගේ දූවරුන් ද ඔබේ මාමාගේ දූවරුන් ද ඔබේ නැන්දාගේ දූවරුන් ද ඔබට අනුමත කළෙමු. තවද (කිසිදු මහර් ලබා ගැනීමකින් තොර ව) තමන්වම නබිවරයාට පරිත්‍යාග කළ, දෙවියන් කෙරෙහි විශ්වාස කළ කාන්තාව ද නබිවරයා ඇය විවාහ කර ගැනීමට සිතුවේ නම් සෙසු මුඃමින්වරුන්ට නොව විශේෂයෙන් ඔබට පමණක් අනුමත කළෙමු. ඔවුන්ගේ බිරියන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ දකුණත් සතු කරගත් කාන්තාවත් සම්බන්ධයෙන් ඔබ වෙත වරදක් නොවනු පිණිස අපි ඔවුන් වෙත අනිවාර්යය කළ දෑ සැබැවින්ම අපි දනිමු. තවද අල්ලාහ් අතික්ෂාමාශීලී මහාකරුණාන්විත විය.
آية رقم 51
ඔවුන් අතුරින් ඔබ කැමති අය පසෙකලන්නෙහිය. ඔබ කැමැති අය ද ඔබ ඉවත් කළ අය අතුරින් ඔබ නැවත අපේක්ෂා කරන අය ද ඔබ වෙත ළං කර ගන්නෙහිය. එහි ඔබ වෙත වරදක් නැත. ඔවුන්ගේ ඇස් පිනවනු පිණිසත් ඔවුන් දුකට පත් නොවනු පිණිසත් ඔබ ඔවුන් සියල්ලට පිරිනැමූ දෑ ඔවුන් පිළිගනු පිණිසත් එය වඩාත් සමීපය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ අල්ලාහ් දනී. තවද අල්ලාහ් සර්වඥානී කුලුණැත්තෙකු විය.
آية رقم 52
මින් පසු ව (වෙනත්) කාන්තාවෝ ද ඔවුන්ගේ අලංකාරය ඔබ ව මවිත කළ ද ඔබේ දකුණත හිමිකර ගත් අය හැර (එම) බිරියන් වෙනුවට ඔවුන් ගැනීම ඔබට අනුමත නොවේ. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අධීක්ෂකය.
අහෝ විශ්වාස කළවුනි! සංග්‍රහයක් වෙත නුඹලාට අවසර දෙනු ලැබීමෙන් මිස නුඹලා නබිතුමාගේ නිවෙස් වලට ඇතුළු නොවනු. ඔහුගේ සංග්‍රහය බලාපොරොත්තු වන්නන් ලෙස නොසිටිය යුතුය. නමුත් නුඹලා ඇරයුම් කරනු ලැබුවේ නම් එවිට නුඹලා පිවිසෙනු. එසේ නුඹලා ආහාර ගත්තේ නම් විසිර යනු. කතා කිරීම පිණිස බැඳී සිටින්නන් නොවනු. නියත වශයෙන්ම එය නබිවරයා අපහසුතාවට පත් කරනු ඇත. එවිට ඔහු නුඹලා හේතුවෙන් ලැජ්ජාවට පත් වෙයි. තවද අල්ලාහ් සත්‍යය පිළිබඳ ව ලැජ්ජාවට පත් නොවෙයි. තවද නුඹලා (නබිවරයාගේ බිරින්දෑවරුන් වන) ඔවුන්ගෙන් යම් වස්තුවක් ඉල්ලා සිටින විට තිරයක පසුපසින් සිට ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. එය නුඹලාගේ සිත් හා ඔවුන්ගේ සිත් වලට වඩාත් පිවිතුරුය. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට නුඹලා වේදනා කිරීමත් ඔහුගෙන් පසු ව ඔහුගේ බිරියන් කිසිවිටෙක නුඹලා විවාහ කර ගැනීමත් නුඹලාට නොවීය. නියත වශයෙන්ම එය අල්ලාහ් අබියස අතිමහත් කරුණකි.
آية رقم 54
නුඹලා යමක් හෙළි කර සිටිය ද එසේ නැතහොත් නුඹලා එය සඟවා සිටිය ද නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානී විය.
آية رقم 55
(නබිවරයාගේ බිරියන්) ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරයන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරියන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ (සමීප) කාන්තාවන් හෝ ඔවුන්ගේ දකුණත් හිමි කරගත් (වහල්) අය සමග (කතා කිරීම) ඔවුන් වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු විය.
آية رقم 56
නියත වශයෙන්ම අල්ලාහ් ද ඔහුගේ මලක්වරුන් ද නබිවරයාණන්ට ආශිර්වාද කරති. අහෝ විශ්වාස කළවුනි! ඔහු වෙත නුඹලා ද ප්‍රාර්ථනා කරනු. තවද නුඹලා සලාම් යැයි පවසමින් සාමය පතනු.
آية رقم 57
නියත වශයෙන්ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට හිංසා පීඩා කරන්නන් වන ඔවුනට මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් ශාප කළේය. තවද ඔවුනට නින්දාසහගත දඬුවමක් ඔහු සූදානම් කර ඇත.
آية رقم 58
තවද දෙවියන් විශ්වාස කරන්නන්ට හා විශ්වාස කරන්නියන්ට ඔවුන් උපයා නොගත් දෑ වෙනුවෙන් හිංසා පීඩා කරන්නන් වනාහි, ඔවුහු සැබැවින්ම මහා අපවාදයක් හා පැහැදිලි පාපයක් උසුලා ගත්තෝය.
آية رقم 59
අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ටත් ඔබේ දූවරුන්ටත් විශ්වාසවන්තයින්ගේ බිරියන්ටත් ඔවුන්ගේ මතු පිට වස්ත්‍රයෙන් ඔවුන් මත (හිසේ සිට) පහළට හෙළනු යැයි ඔබ පවසනු. එය ඔවුන් හඳුනා ගෙන ඔවුනට හිංසා පීඩා සිදු කරනු නොලබන්නට වඩාත් සමීපය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත විය.
آية رقم 60
කුහකයින් තම සිත් තුළ රෝග ඇත්තවුන් හා මදීනාවෙහි කටකතා පතුරුවන්නන් (ඔවුන්ගේ ක්‍රියාදාමයන්ගෙන්) ඔවුන් නොවැළකුණෙහු නම් අපි නුඹ ව ඔවුන් කෙරෙහි බලය යෙදවීමට සලස්වමු. පසු ව ඔවුහු ස්වල්ප කාලයක් මිස ඔබ සමග අසල්වැසියන් ලෙස නොසිටිනු ඇත.
آية رقم 61
ඔවුන් ශාප කරනු ලැබූවන් ලෙසින්. ඔවුන් කොතැනක හමු වුව ද ග්‍රහණය කරනු ලැබ ඝාතනය කරනු ලැබේ.
آية رقم 62
(මෙය) මීට පෙර ඉකුත් වූවන් අතර වූ අල්ලාහ්ගේ පිළිවෙතයි. අල්ලාහ්ගේ පිළිවෙතට කිසිදු වෙනස්කිරීමක් ඔබ නොදකින්නේමය.
آية رقم 63
අවසන් හෝරාව පිළිබඳ ජනයා ඔබෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියස යැයි ඔබ පවසනු. අවසන් හෝරාව සමීපයෙන් සිදුවිය හැකැයි ඔබට දන්වා සිටියේ කුමක්ද?
آية رقم 64
නියත වශයෙන්ම දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ශාප කළේය. තවද ඔවුනට ඇවිළෙන ගින්න ඔහු සූදානම් කළේය.
آية رقم 65
ඔවුන් එහි නිරන්තර සදාතනිකයින්ය. කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුහු නොලබනු ඇත.
آية رقم 66
(නිරා) ගින්නේ ඔවුන්ගේ මුහුණු පෙරළනු ලබන දින අහෝ විනාශය! අප අල්ලාහ්ට අවනත වූයේ නම් තවද මෙම රසූල්වරයාට අවනත වූයේ නම් යැයි පවසති.
آية رقم 67
තවද අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම අපි අපගේ නායකයින් හා ප්‍රධානීන්ට අවනත වූයෙමු. එහෙයින් ඔවුහු අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය.
آية رقم 68
අපගේ පරමාධිපතියාණනි! ඔවුනට දඬුවම දෙගුණයක් දෙනු. තවද ඔවුනට මහත් ශාපයකින් ශාප කරනු.
آية رقم 69
අහෝ විශ්වාස කළවුනි! මූසාට හිංසා පීඩා කළ අය මෙන් නුඹලා නොවනු. එවිට අල්ලාහ් ඔවුන් පවසන දැයින් ඔහු නිදොස් කළේය. තවද ඔහු අල්ලාහ් අබියස ගෞරවාන්විත විය.
آية رقم 70
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්‍රකාශයෙන් ප්‍රකාශ කරනු.
آية رقم 71
නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට විධිමත් කරයි. තවද නුඹලාගේ පාපකම් වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු ඉමහත් ජයග්‍රහණයකින් ජය ලැබුවේය.
آية رقم 72
නියත වශයෙන්ම අපි (දේව මෙහෙයේ) භාරකාරත්වය අහස් පොළොව හා කඳු වෙතට ඉදිරිපත් කළෙමු. නමුත් ඒවා එය ඉසිලීමට ප්‍රතික්ෂේප කළේය. තවද එයට ඒවා බිය විය. තවද මිනිසා එය ඉසිලීය. නියත වශයෙන්ම ඔහු අඥානකම් ඇති අපරාධකරුවකු විය.
آية رقم 73
කුහකයින්ට හා කුහක කාන්තාවන් හටත් දෙවියන් ආදේශ කරන්නන් හා දෙවියන් ආදේශ කරන කාන්තාවන් හටත් අල්ලාහ් දඬුවම් කරනු පිණිසත්, දෙවියන් විශ්වාස කරන්නන් හා දෙවියන් විශ්වාස කරන කාන්තාවන්හට අල්ලාහ් සමාව දීම පිණිසත්ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත විය.
تقدم القراءة