ترجمة معاني سورة المدّثر باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﮪﮫ
ﮬ
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
آية رقم 2
ﮭﮮ
ﮯ
නුඹ නැගී සිට, අවවාද කරනු.
آية رقم 3
ﮰﮱ
ﯓ
තවද නුඹගේ පරමාධිපති උත්කෘෂ්ට කරනු.
آية رقم 4
ﯔﯕ
ﯖ
තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
آية رقم 5
ﯗﯘ
ﯙ
තවද කිලිට්ටෙන් වළකිනු.
آية رقم 6
ﯚﯛﯜ
ﯝ
නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නොකරනු.
آية رقم 7
ﯞﯟ
ﯠ
තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
آية رقم 8
ﯡﯢﯣﯤ
ﯥ
හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට
آية رقم 9
ﯦﯧﯨﯩ
ﯪ
එය දුෂ්කර දිනයක් වනු ඇත.
آية رقم 10
ﯫﯬﯭﯮ
ﯯ
දේව ප්‍රතික්ෂේපකයින්ට පහසු නොවන
آية رقم 11
ﯰﯱﯲﯳ
ﯴ
මා හා මා මැවූ අය නුඹ තනි ව අත හැර දමනු.
آية رقم 12
ﯵﯶﯷﯸ
ﯹ
තවද මම ඔහුට දිගු වශයෙන් ධනය ද
آية رقم 13
ﯺﯻ
ﯼ
ඉදිරියේ සිටින දරුවන් ද ඇති කළෙමි.
آية رقم 14
ﯽﯾﯿ
ﰀ
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
آية رقم 15
ﰁﰂﰃﰄ
ﰅ
පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේය.
آية رقم 16
ﰆﰇﰈﰉﰊﰋ
ﰌ
එසේ නොව නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
آية رقم 17
ﰍﰎ
ﰏ
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
آية رقم 18
ﰐﰑﰒ
ﰓ
නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
آية رقم 19
ﭑﭒﭓ
ﭔ
ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
آية رقم 20
ﭕﭖﭗﭘ
ﭙ
පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
آية رقم 21
ﭚﭛ
ﭜ
පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.
آية رقم 22
ﭝﭞﭟ
ﭠ
පසු ව ඔහු රවා කිපුණේය.
آية رقم 23
ﭡﭢﭣ
ﭤ
පසු ව ඔහු පිටු පා උඩඟු විය.
آية رقم 24
ﭥﭦﭧﭨﭩﭪ
ﭫ
එවිට මෙය පැවත එන හූනියමක් මිස නැත.
آية رقم 25
ﭬﭭﭮﭯﭰ
ﭱ
මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි” ඔහු පැවසුවේය.
آية رقم 26
ﭲﭳ
ﭴ
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
آية رقم 27
ﭵﭶﭷﭸ
ﭹ
සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
آية رقم 28
ﭺﭻﭼﭽ
ﭾ
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි.
آية رقم 29
ﭿﮀ
ﮁ
සම දැඩි ලෙස දවාලන්නකි
آية رقم 30
ﮂﮃﮄ
ﮅ
ඒ මත දහනව දෙනෙකි.
නිරයේ සගයින් මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැයි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
آية رقم 32
ﯥﯦ
ﯧ
එසේ නොව සඳු මත දිවුරමින්
آية رقم 33
ﯨﯩﯪ
ﯫ
රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
آية رقم 34
ﯬﯭﯮ
ﯯ
අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
آية رقم 35
ﯰﯱﯲ
ﯳ
නියත වශයෙන්ම එය (නිරය) බලවත් දැයින් එකකි.
آية رقم 36
ﯴﯵ
ﯶ
මිනිසාට අවවාදයක් වශයෙනි.
آية رقم 37
එය නුඹලා අතුරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
آية رقم 38
ﯿﰀﰁﰂﰃ
ﰄ
සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපය.
آية رقم 39
ﰅﰆﰇ
ﰈ
නමුත් දකුණුපස ජනයා හැර.
آية رقم 40
ﰉﰊﰋ
ﰌ
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
آية رقم 41
ﰍﰎ
ﰏ
වැරදි කරුවන්ගෙන්
آية رقم 42
ﰐﰑﰒﰓ
ﰔ
නුඹලා සකර් තුළට ගෙන ආවේ කුමක්දැයි
آية رقم 43
ﰕﰖﰗﰘﰙ
ﰚ
අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු යැයි ඔවුහු පැවසූහ.
آية رقم 44
ﰛﰜﰝﰞ
ﰟ
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
آية رقم 45
ﰠﰡﰢﰣ
ﰤ
තවද අපි ඵලක් නැත්තන් සමග වී නිෂ්ඵල කතාවන්හි නිරත ව සිටියෙමු.
آية رقم 46
ﰥﰦﰧﰨ
ﰩ
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
آية رقم 47
ﰪﰫﰬ
ﰭ
ස්ථීර දෑ අප වෙත පැමිණෙන තෙක්
آية رقم 48
ﭑﭒﭓﭔ
ﭕ
එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නොවන්නේය.
آية رقم 49
ﭖﭗﭘﭙﭚ
ﭛ
එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නේය
آية رقم 50
ﭜﭝﭞ
ﭟ
ඔවුන් තැති ගත් බූරුවන් මෙනි
آية رقم 51
ﭠﭡﭢ
ﭣ
සිංහ ගොදුරින් පලා යන
آية رقم 52
එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතුරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
آية رقم 53
ﭮﭯﭰﭱﭲﭳ
ﭴ
එසේ නොව ඔවුන් මතු ලොව පිළිබඳ බිය නොවෙති.
آية رقم 54
ﭵﭶﭷ
ﭸ
එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි.
آية رقم 55
ﭹﭺﭻ
ﭼ
එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
آية رقم 56
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය.
تقدم القراءة