ترجمة معاني سورة القلم باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﮉﮊﮋﮌﮍ
ﮎ
නූන්, පෑන හා ඔවුන් ලියන දෑ මත දිවුරමින්
آية رقم 2
ﮏﮐﮑﮒﮓ
ﮔ
නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නොවේ.
آية رقم 3
ﮕﮖﮗﮘﮙ
ﮚ
තවද සැබැවින්ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත.
آية رقم 4
ﮛﮜﮝﮞ
ﮟ
තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිගුණ මත වන්නෙහිය.
آية رقم 5
ﮠﮡ
ﮢ
නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහුද මතු දකිනු ඇත.
آية رقم 6
ﮣﮤ
ﮥ
නුඹලා අතුරින් කවරෙකු පීඩාවෙන් පෙළෙන්නේදැයි
آية رقم 7
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනැවින් දන්නාය. තවද යහමග ලද්දවුන් පිළිබඳ ව ද මැනැවින් දන්නාය.
آية رقم 8
ﯓﯔﯕ
ﯖ
එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නොවනු.
آية رقم 9
ﯗﯘﯙﯚ
ﯛ
නුඹ ලිහිල් කළෙහි නම් එවිට ඔවුහුද ලිහිල් කරන්නට කැමති වෙති.
آية رقم 10
ﯜﯝﯞﯟﯠ
ﯡ
තවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුටම නුඹ අවනත නොවනු.
آية رقم 11
ﯢﯣﯤ
ﯥ
ඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි.
آية رقم 12
ﯦﯧﯨﯩ
ﯪ
යහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි.
آية رقم 13
ﯫﯬﯭﯮ
ﯯ
හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.
آية رقم 14
ﯰﯱﯲﯳﯴ
ﯵ
ඔහු වස්තුව හා දරුවන් සතු ව සිටි කෙනෙකු වූ බැවින්
آية رقم 15
ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ගොතපු කතා යැ”යි කියයි.
آية رقم 16
ﯾﯿﰀ
ﰁ
හොඬවැල මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.
آية رقم 17
උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම නියත වශයෙන්ම අපි (මක්කාවාසීන් වන) මොවුන් ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට සපථ කර ගත්තෝය.
آية رقم 18
ﭜﭝ
ﭞ
ඔවුන් අල්ලාහ්ගේ අභිමතය ගැන සඳහන් නොකර
آية رقم 19
ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේය.
آية رقم 20
ﭧﭨ
ﭩ
එවිට එය (ගිනිබත් වී) ඝනාන්ධකාරයක් මෙන් විය.
آية رقم 21
ﭪﭫ
ﭬ
ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූහ.
آية رقم 22
නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි
آية رقم 23
ﭵﭶﭷ
ﭸ
රහසිගත ව කතා කරමින් ගමන් කළෝය.
آية رقم 24
ﭹﭺﭻﭼﭽﭾ
ﭿ
එවිට අද දින නුඹලා වෙත කිසිදු දිළිඳෙකු එයට ඇතුළු නොවිය යුතු යැයි ද
آية رقم 25
ﮀﮁﮂﮃ
ﮄ
තවද නෙළීමට ශක්තිය ඇත්තන් ලෙසින් ඔවුහු උදෑසන පිටත් වූහ.
آية رقم 26
ﮅﮆﮇﮈﮉ
ﮊ
එවිට ඔවුහු එය දුටු කල්හි නියත වශයෙන්ම අපි මුළා වූවෝ වෙමු.
آية رقم 27
ﮋﮌﮍ
ﮎ
එසේ නොව අපි අහිමි කරනු ලැබූවෝ වෙමු.
آية رقم 28
නුඹලා (අල්ලාහ්ට) සුවිශුද්ධ කළ යුතු නොවේ දැයි මම නුඹලාට නොකීවෙම් දැ?යි ඔවුන් අතුරින් මධ්‍යස්ථ අයෙකු කීවේය.
آية رقم 29
ﮗﮘﮙﮚﮛﮜ
ﮝ
“අපගේ පරමාධිපති සුවිශුද්ධය. නියත වශයෙන්ම අපි අපරාධකරුවන් වූයෙමු” යැයි ඔවුහු පැවසූහ.
آية رقم 30
ﮞﮟﮠﮡﮢ
ﮣ
එවිට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට දොස් නගමින් ඉදිරියට ආහ.
آية رقم 31
ﮤﮥﮦﮧﮨ
ﮩ
“අහෝ! අපගේ විනාශය. නියත වශයෙන්ම අපි සීමාව ඉක්මවා යන්නන් වූයෙමු” යැයි ඔවුහු පැවසූහ.
آية رقم 32
“මීට වඩා යහපත් දෙයක් අපගේ පරමාධිපති අපට පෙරළා දෙන්නට පුළුවන. නියත වශයෙන් අපි අපගේ පරමාධිපති වෙත අපේක්ෂා කරන්නන් වෙමු.”
آية رقم 33
එම දඬුවම එලෙසමය. තවද මතු ලොවෙහි දඬුවම අති බිහිසුණුය. ඒ ගැන ඔවුහු දැන සිටියාහු නම්.
آية رقم 34
ﯡﯢﯣﯤﯥﯦ
ﯧ
නියත වශයෙන්ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත.
آية رقم 35
ﯨﯩﯪ
ﯫ
එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමුද?
آية رقم 36
ﯬﯭﯮﯯ
ﯰ
නුඹලාට කුමක්වීද? නුඹලා තීන්දු කරනුයේ කෙසේද?
آية رقم 37
ﯱﯲﯳﯴﯵ
ﯶ
නුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි වීද?
آية رقم 38
ﯷﯸﯹﯺﯻ
ﯼ
නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට ඇතැයි සඳහන්
آية رقم 39
එසේ නැතහොත් නුඹලා තීන්දු කරන දෑ නියත වශයෙන්ම නුඹලාට සතු යැයි පවසන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් පවතින ගිවිසුමක් අප වෙතින් නුඹලාට තිබේද?
آية رقم 40
ﰊﰋﰌﰍ
ﰎ
මෙයට ඇප වන්නේ ඔවුන්ගෙන් කවරෙකු දැයි නුඹ ඔවුන්ගෙන් විමසනු.
آية رقم 41
එසේ නොමැතිනම් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? එසේනම් ඔවුහු සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ඔවුන් ගෙනෙත්වා!
آية رقم 42
එදින කෙණ්ඩයෙන් නිරාවරණය කරනු ලැබේ. තවද සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලැබේ. එවිට ඔවුහු (ඒ සඳහා) හැකියාව නොදරති.
آية رقم 43
ඔවුන්ගේ බැල්ම පහත හෙළී පවතී. නින්දාව ඔවුන් වෙළා ගනී. ඔවුන් නිරෝගිව සිටිය දී සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නන් වූහ. (නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ.)
آية رقم 44
එහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු.
آية رقم 45
ﭪﭫﭬﭭﭮﭯ
ﭰ
තවද මම ඔවුනට කාල අවකාශය දෙමි. නියත වශයෙන්ම මාගේ උපක්‍රමය තිරසාරය.
آية رقم 46
එසේ නැතහොත් ඔවුන්ගෙන් නුඹ යම් කුලියක් ඉල්ලන්නෙහි ද? ඔවුන් ණය බරින් පෙළෙන්නන් වෙත්ද?
آية رقم 47
ﭹﭺﭻﭼﭽ
ﭾ
එසේ නැතහොත් ඔවුන් වෙත ගුප්ත ඥානය තිබී ඔවුහු එය ලියන්නෝද?
آية رقم 48
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ තීන්දුවට නුඹ ඉවසීමෙන් සිටිනු. තවද නුඹ මත්සයා හා සම්බන්ධ පුද්ගලයා මෙන් නොවනු. ඔහු ශෝකයට පත් කරනු ලැබූවෙකු ලෙසින් (තම පරමාධිපති) ඇමතූ අවස්ථාව සිහියට නගනු.
آية رقم 49
ඔහුගේ පරමාධිපතිගේ පිහිට ඔහු වෙත ළඟා නොවූයේ නම් ඔහු අවමානයට ලක් කරනු ලැබූ තත්ත්වයේ නිසරු වෙරළට විසි කරනු ලබන්නට තිබුණි.
آية رقم 50
ﮖﮗﮘﮙﮚ
ﮛ
නමුත් ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගත්තේය. එවිට ඔහු ව දැහැමියන් අතරට පත් කළේය.
آية رقم 51
තවද ප්‍රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹ ව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන්ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති.
آية رقم 52
ﮩﮪﮫﮬﮭ
ﮮ
එහෙත් එය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.
تقدم القراءة