ترجمة معاني سورة الزخرف باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﮀ
ﮁ
හා මීම්
آية رقم 2
ﮂﮃ
ﮄ
පැහැදිලි දේව ග්‍රන්ථය මත දිවුරමින්
آية رقم 3
ﮅﮆﮇﮈﮉﮊ
ﮋ
නුඹලා වටහා ගත හැකි වනු පිණිස අරාබි බසින් වූ පාරායනයක් බවට නියත වශයෙන්ම අපි එය පත් කළෙමු.
آية رقم 4
තවද නියත වශයෙන්ම එය අප අබියස ඇති ප්‍රඥාවෙන් සපිරුණු උත්කෘෂ්ට මව් ග්‍රන්ථයේ විය.
آية رقم 5
නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් ලෙස සිටි බැවින් එම මෙනෙහි කිරීම නුඹලාගෙන් වළක්වා අපි රඳවා ගන්නෙමු ද?
آية رقم 6
ﮝﮞﮟﮠﮡﮢ
ﮣ
අපි කොපමණක් නබිවරුන් මුතුන් මිත්තන් අතරට එවා ඇත්තෙමු ද?
آية رقم 7
කිසියම් නබිවරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔහුට සරදම් කරමින් සිටියා මිස නැත.
آية رقم 8
එහෙයින් අපි ඔවුනට වඩා දරුණු අය ග්‍රහණය කොට විනාශ කළෙමු. මුතුන් මිත්තන්ගේ උපමාව ඉකුත් ව ගොස් ඇත.
آية رقم 9
අහස් හා මහපොළොව මැව්වේ කවුරුන්දැයි ඔබ ඔවුන්ගෙන් විමසා සිටියෙහි නම්. සර්වඥ සර්ව බලධාරියාණන් ඒවා මැව්වේ යැයි සැබැවින්ම ඔවුන් පවසනු ඇත.
آية رقم 10
ඔහු වනාහි ඔහු නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේය. තවද නුඹලා මග ලැබිය හැකි වනු පිණිස නුඹලා වෙනුවෙන් එහි මංමාවත් ඇති කළේය.
آية رقم 11
තවද ඔහු වනාහි ඔහු අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කරයි. එවිට අපි මියැදුණු භූමියක් එමගින් පුබුදුමත් කළෙමු. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.
آية رقم 12
තවද ඔහු වනාහි ජෝඩු සියල්ල මැව්වේය. තවද නැව් හා ගොවිපළ සතුන්ගෙන් නුඹලා ප්‍රවාහනය කරන දෑ ඇති කළේය.
آية رقم 13
එහි පිට මත නුඹලා අසුන් ගෙන යනු පිණිසත් පසු ව ඒ මත නුඹලා නැග යන විට නුඹලාගේ පරමාධිපතිගේ ආශිර්වාදය මෙනෙහි කරනු පිණිසත් ‘අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධය. අපි එයට ළඟාවන්නන් ලෙස නොසිටියෙමු.
آية رقم 14
ﮀﮁﮂﮃ
ﮄ
තවද නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝමය’ යැයි ඔවුන් පවසනු පිණිසත්ය.
آية رقم 15
නමුත් ඔවුහු ඔහුගේ ගැත්තන්ගෙන් පිරිසකට ඔහු(ගේ දේවත්වය) සතු කොටසක් පත් කළෝය. නියත වශයෙන්ම මිනිසා පැහැදිලි ගුණමකුවෙකි.
آية رقم 16
එසේ නැතහොත් ඔහු මවන දැයින් ඔහු දූවරුන් ගෙන නුඹලාට ඔහු පුතුන් තෝරා දුන්නේ ද?
آية رقم 17
මහා කරුණාන්විතයාණන්හට උපමාවක් ලෙස ගෙන හැර දැක් වූ දෙයක් පිළිබඳ ව ඔවුන්ගෙන් කිසිවකුට ශුභාරංචි වශයෙන් දන්වනු ලැබූ විට ඔහු කෝපයට පත් ව ඔහුගේ මුහුණ කළු පැහැ ගැන් විය.
آية رقم 18
ඔහු වාද කිරීමෙහි පැහැදිලි කළ නොහැකි ව සිටිය දී ආභරණයන් තුළ සරසනු ලබන්නන්ට ද? (ඔවුහු ගැතිකම් කරන්නේ)
آية رقم 19
ඔවුන් මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් ව සිටියදී මලක්වරුන් ගැහැනුන් බවට මොවුහු පත් කර ගත්තෝය. ඔවුන් මැවීමේ දී මොවුහු පෙනී සිටියෝ ද? මොවුන්ගේ සාක්ෂිය සටහන් කරනු ලැබේ. තවද ඔවුහු ප්‍රශ්න කරනු ලබති
آية رقم 20
තවද “මහා කරුණාන්විතයාණන් අභිමත කර තිබුණේ නම් අපි ඔවුනට ගැතිකම් නොකරන්නට තිබුණි.” යැයි ඔවුහු පැවසූහ. ඒ පිළිබඳ ඔවුනට දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.
آية رقم 21
එසේ නැතහොත් මීට පෙර දේව ග්‍රන්ථයක් අපි ඔවුනට පිරිනමා ඔවුහු එය ග්‍රහණය කර ගෙන සිටියෝ ද?
آية رقم 22
එසේ නොව, “නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් යම් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සලකුණු මත මග ලැබූවන් වූයෙමු.” යැයි ඔවුහු පැවසූහ.
آية رقم 23
එලෙසය ඔබට පෙර ද ගම්මානයක් වෙත අවවාද කරන්නෙකු අපි එවූ විට එහි සිටි ප්‍රභූවරුන් “නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සලකුණු මත අනුගමනය කරනු ලැබූවෝ වෙමු” යැයි පවසා සිටියා මිස (වෙනත් දෙයක් සිදුවූයේ) නැත.
آية رقم 24
කවර දෙයක් මත නුඹලාගේ මුතුන් මිත්තන් සිටිනු නුඹලා දුටුවේ ද ඊට වඩා නිවැරදි දෑ මම නුඹලා වෙත නොගෙනාවෙම් දැයි ඔහු විමසීය. එයට “කවර දෙයක් සමග නුඹලා එවනු ලැබුවේ ද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.” යැයි ඔවුහු පැවසූහ.
آية رقم 25
එවිට අපි ඔවුනට දඬුවම් කළෙමු. එහෙයින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි ඔබ අධීක්ෂණයෙන් බලනු.
آية رقم 26
තවද “නියත වශයෙන්ම නුඹලා නමදින දැයින් මම ඉවත් වූයෙක්මි යැයි ඉබ්‍රාහීම් තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 27
ﮋﮌﮍﮎﮏ
ﮐ
මා මැවූ අය හැර, නියත වශයෙන්ම ඔහු මට මග පෙන්වනු ඇත
آية رقم 28
තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස ඔහු එය(එම ප්‍රකාශය) ඔහුගෙන් පැවත එන්නන් අතර පවතින ප්‍රකාශයක් බවට පත් කළේය.
آية رقم 29
නමුත් මොවුන් හා මොවුන්ගේ මුතුන් මිත්තන්හට ඔවුන් වෙත සත්‍යය හා පැහැදිලි දහම් දූතයකු පැමිණෙන තෙක් භුක්ති විඳින්නට මම සැලැස්වූයෙමි.
آية رقم 30
තවද ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ‘මෙය හූනියමකි. තවද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.’ යැයි ඔවුහු පැවසූහ.
آية رقم 31
තවද “මෙම කුර්ආනය ගම්මාන දෙකෙහි ප්‍රබල මිනිසෙකු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේද?” යැයි ඔවුහු පැවසූහ.
آية رقم 32
ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිනුයේ ඔවුන් ද? මෙලොව ජීවිතයේ දී ඔවුන්ගේ ජීවන සම්පත් ඔවුන් අතර බෙදා හැරියේ අපය. තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් සේවා සලසා ගැනීම සඳහා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉහළින් තරාතිරම් වලින් උසස් කළෙමු. ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨය.
آية رقم 33
ජනයා එකම සමූහයක් නොවන්නේ නම් මහා කරුණාන්විතයාණන් ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ නිවෙස් රිදියෙන් වූ වියනින් ද ඒ මත ඔවුන් නැග යන පියගැට පෙළින් ද.
آية رقم 34
ﭑﭒﭓﭔﭕ
ﭖ
තවද ඔවුන්ගේ නිවෙස් දොරටු වලින් ද ඔවුන් ඒ මත හාන්සි ව සිටින කවිච්චි වලින් ද
آية رقم 35
විසිතුරු භාණ්ඩ වලින්ද අපි ඇති කරන්නට තිබුණි. මේ සියල්ල මෙලොව ජීවිතයේ (සුළු) භුක්ති විඳීමක් මිස නැත. තවද ඔබේ පරමාධිපති අබියස මතු ලොව පිහිටනුයේ බිය බැතිමතුන්හටය
آية رقم 36
මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීම කවරෙකු පිටුපාන්නේ ද අපි ඔහුට ෂෙයිතානුවකු පවරන්නෙමු. එවිට ඔහු ඔහුට සමීප මිතුරෙකු වෙයි.
آية رقم 37
තවද නියත වශයෙන්ම ඔවුහු (ෂෙයිතානුන්) ඔවුන් යහ මාර්ගයෙන් වළක්වති. තවද නියත වශයෙන්ම තමන් යහ මග ලැබූවෝ යැයි ඔවුහු සිතති.
آية رقم 38
ඔහු අප වෙත පැමිණි අවස්ථාවේ ‘මා අතර හා ඔබ අතර නැගෙනහිර හා බටහිර මෙන් දුරස්ථභාවයක් තිබුණා විය යුතු නොවේ ද?’ යැයි ඔහු පවසයි. එහෙයින් එම සමීප මිතුරා නපුරුය.
آية رقم 39
නුඹලා අපරාධ කර ඇති බැවින් අද දින නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. නියත වශයෙන්ම නුඹලා දඬුවමෙහි සහකාරයෝය.
آية رقم 40
ඔබ බිහිරාට සවන් වැකෙන්නට සලස්වන්නෙහි ද? එසේ නැතහොත් අන්ධයාට හා පැහැදිලි මුළාවෙහි සිටින්නාට ඔබ මග පෙන්වන්නෙහි ද?
آية رقم 41
ﮜﮝﮞﮟﮠﮡ
ﮢ
එහෙයින් අපි ඔබ (මෙලොවින්) ඉවත් කළ ද, සැබැවින්ම අපි ඔවුනට දඬුවම් කරන්නන් වෙමු.
آية رقم 42
එසේ නැතහොත් ඔවුනට අපි ප්‍රතිඥා දුන් දෑ, අපි ඔබට පෙන්වන්නෙමු. සැබැවින්ම අපි ඔවුන් මත බලය දරන්නෝ වෙමු.
آية رقم 43
එහෙයින් ඔබ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ ඔබ ග්‍රහණය කර ගනු. නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගය මතය.
آية رقم 44
තවද නියත වශයෙන්ම මෙය ඔබට හා ඔබේ සමූහයාට මෙනෙහි කිරීමකි. තවද නුඹලා මතු ප්‍රශ්න කරනු ලබනු ඇත.
آية رقم 45
මහා කරුණාන්විතයාණන්ගෙන් තොර ව ගැතිකම් කරනු ලබන්නට වෙනත් දෙවිවරුන් අප පත් කළෙමු දැයි ඔබට පෙර අප එවූ අපගේ දූතවරුන්ගෙන් ඔබ විමසනු.
آية رقم 46
ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත සැබැවින්ම අපි අපගේ සාධක සමග මූසා ව එව්වෙමු. එවිට “ඔහු නියත වශයෙන්ම මම ලෝකයන්හි පරමාධිපතිගේ දහම් දූතයා වෙමි” යැයි පැවසීය.
آية رقم 47
අපගේ සාධක සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි එවිට ඒ ගැන ඔවුහු (සමච්චලයට) සිනහසුනහ.
آية رقم 48
අපි ඔවුනට කවර සාධකයක් පෙන්වුව ද එවැන්නට වඩා විශාල දෙයක් මිස වෙනකක් නොවීය. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස අපි ඔවුන් දඬුවමින් හසු කර ගත්තෙමු.
آية رقم 49
“අහෝ හූනියම් කරුව! ඔබ අබියස ගිවිස ගත් දෑ අනුව ඔබ අප වෙනුවෙන් ඔබේ පරමාධිපතිගෙන් අයැද සිටිනු. නියත වශයෙන්ම අපි යහ මග ලැබූවෝ වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
آية رقم 50
ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එවිට ඔවුහු (දිවුරුම) කඩ කරති.
آية رقم 51
තවද ෆිර්අවුන් තම සමූහයා අතර අමතා “අහෝ ජනයිනි! මිසරයේ ආධිපත්‍යය මා සතු නොවේ ද? මෙම ගංගාවන් මාගේ (පාලනය) යටතේ ගලා යයි. එහෙයින් නුඹලා නොදකින්නෙහු ද?
آية رقم 52
එසේ නැතහොත් පැහැදිලි ව කතා කළ නොහැකි මේ නින්දිත පුද්ගලයාට වඩා මා ශ්‍රේෂ්ඨ නොවේ ද?
آية رقم 53
එසේනම් රනින් වූ වළලු ඔහු වෙත පලඳවනු ලැබිය යුතු නොවේ ද? එසේ නැතහොත් ඔහු සමග පරිවාරකයින් ලෙස මලක්වරුන් පැමිණියේ ද?”
آية رقم 54
එවිට ඔහු තම ජනයා සුළුකොට සැලකුවේය. එහෙයින් ඔවුහු ඔහුට අවනත වූහ. නියත වශයෙන්ම ඔවුහු (අල්ලාහ්ට එරෙහි වු) කලහකාරී පිරිසක් වූහ.
آية رقم 55
ﮨﮩﮪﮫﮬﮭ
ﮮ
ඔවුහු අප කෝපයට පත් කළ කල්හි අපි ඔවුනට දඬුවම් කළෙමු. එවිට අපි ඔවුන් සියලු දෙනා (දියේ) ගිල්වූයෙමු.
آية رقم 56
ﮯﮰﮱﯓ
ﯔ
එවිට ඉකුත් ව ගිය පරපුරක් ලෙසත් පසු පැමිණෙන්නන්හට උපමාවක් ලෙසත් අපි ඔවුන් පත් කළෙමු
آية رقم 57
මර්යම්ගේ පුතණුවන් උපමාවක් ලෙස ගෙන හැර පෙන්වනු ලැබූ කල්හි එවිට ඔබේ ජනයා ඒ ගැන (අපහාස ලෙස) සිනහසුනහ.
آية رقم 58
තවද “ශ්‍රේෂ්ඨ වනුයේ අපගේ දෙවියන් ද එසේ නැතහොත් ඔහු දැ?”යි ඔවුහු විමසූහ. තර්කයක් ලෙසින් මිස ඔවුහු එය ඔබට ඉදිරිපත් නොකළෝය. එසේය. ඔවුහු තර්ක කරන පිරිසකි.
آية رقم 59
අපි ඔහුට ආශිර්වාද කළ ගැත්තෙකු මිස ඔහු නැත. ඉස්රාඊල් දරුවන්ට උදාහරණයක් ලෙස අපි ඔහු පත් කළෙමු.
آية رقم 60
තවද අපි අභිමත කර තිබුණේ නම් නුඹලා අතුරින් මහපොළොවේ නියෝජනය කරමින් පැමිණෙන මලක්වරුන් පත් කරන්නට තිබුණි.
آية رقم 61
තවද නියත වශයෙන්ම ඔහු (ජේසු) අවසන් හෝරාවේ සංඥාවයි. එහෙයින් ඒ ගැන නුඹලා සැක නොකරනු. තවද නුඹලා මා අනුගමනය කරනු. මෙය ඍජු මාර්ගයයි.
آية رقم 62
ෂෙයිතාන් නුඹලා නොවැළක්විය යුතුය, නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
آية رقم 63
ඊසා පැහැදිලි සාධක සමග පැමිණි කල්හි, “මම නුඹලා වෙත ප්‍රඥාව සමග පැමිණියෙමි. තවද නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගන්නෙහු ද එහි ඇතැම් දෑ මම නුඹලාට පැහැදිලි කරනු පිණිස (පැමිණියෙමි.) එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.” යැයි ඔහු පැවසීය.
آية رقم 64
“නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු මාගේ පරමාධිපතිය. තවද නුඹලාගේද පරමාධිපතිය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි.”
آية رقم 65
එවිට ඔවුන් අතුරින් වූ කණ්ඩායම් මත භේද ඇති කර ගත්තෝය. එහෙයින් අපරාධ කළවුන්ට වේදනීය දිනයේ දඬුවමින් විනාශ අත්වේවා!
آية رقم 66
ඔවුන් නොහගමින් සිටිය දී ක්ෂණික ව ඔවුන් වෙත පැමිණෙන අවසන් හෝරාව ගැන හැර (වෙනත් කිසිවක්) ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද?
آية رقم 67
දේව බිය බැතිමතුන් හැර, එම මිතුරන් එදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරු වෙති.
آية رقم 68
අහෝ මාගේ ගැත්තනි! අද දින නුඹලා වෙත කිසිදු බියක් නැත. තවද නුඹලා දුකට පත් නොවන්නෙහුය.
آية رقم 69
ﮭﮮﮯﮰﮱ
ﯓ
ඔවුහු වනාහි අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් වූහ.
آية رقم 70
ﯔﯕﯖﯗﯘ
ﯙ
නුඹලා හා නුඹලාගේ බිරියන් සතුටු කරවනු ලබන තත්ත්වයේ නුඹලා ස්වර්ගයට පිවිසෙනු (යැයි එදින ඔවුනට කියනු ලැබේ.)
آية رقم 71
රනින් වූ තැටි හා බදුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ. සිත් ආශා කරන දෑ ද ඇස් පිනවන දෑ ද එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝය.
آية رقم 72
නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කර දෙනු ලැබූ ස්වර්ගය එයයි.
آية رقم 73
ﯴﯵﯶﯷﯸﯹ
ﯺ
නුඹලාට එහි බොහෝමයක් පලතුරු ඇත. එයින් නුඹලා අනුභව කරන්නෙහුය (එහිදී කියනු ලැබේ.)
آية رقم 74
ﭑﭒﭓﭔﭕﭖ
ﭗ
නියත වශයෙන්ම වැරදිකරුවන් නිරයේ දඬුවමෙහි සදාතනිකයෝ වෙති.
آية رقم 75
ﭘﭙﭚﭛﭜﭝ
ﭞ
ඔවුහු එහි නිරායාසයට පත් ව සිටියදී ඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නොලැබේ.
آية رقم 76
ﭟﭠﭡﭢﭣﭤ
ﭥ
තවද අපි ඔවුනට අපරාධ නොකළෙමු. නමුත් ඔවුහු (තමන්ම) අපරාධකරුවන් වූහ.
آية رقم 77
අහෝ (නිරයේ භාරකරු වන) “මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප වෙත තීන්දු කරත්වා ! යැයි ඔවුහු අමතති. (එවිට) “නියත වශයෙන් නුඹලා රැඳී සිටින්නෝ වෙති” යැයි ඔහු පවසයි.
آية رقم 78
සැබැවින්ම අපි සත්‍යය සමග නුඹලා වෙත පැමිණියෙමු. නමුත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වෙති.
آية رقم 79
ﭸﭹﭺﭻﭼ
ﭽ
එසේ නැතහොත් ඔවුහු යම් කරුණක් තීන්දු කළෝ ද? එවිට නියත වශයෙන්ම අපි ද තීන්දු කරන්නෝ වෙමු.
آية رقم 80
ඔවුන් රහසින් පවසන දෑට හා ඔවුන්ගේ රහස් සාකච්ඡා වලට සැබැවින්ම අප සවන් නොදෙනු ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එසේ නොව ඔවුන් අබියසට වී අපගේ දූතවරු (සියල්ල) සටහන් කරති.
آية رقم 81
“මහා කරුණාන්විතයාණන් හට දරුවකු වී නම් ගැතිකම් කරන්නන් අතුරින් පළමුවැන්නා මම වෙමි” යැයි (නබිවරය,) ඔබ පවසනු.
آية رقم 82
අහස් හි හා මහපොළොවේ හිමිපාණන් වූ එමෙන්ම අර්ෂ් (හෙවත් සවර්ග රාජ්‍යයේ) හිමිපාණන් ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.
آية رقم 83
එහෙයින් ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය හමුවන තෙක් එසේ ඔවුන් නිරත වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔබ ඔවුන් අත්හැර දමනු.
آية رقم 84
ඔහු වනාහි අහස් හි දෙවිඳාය. මහපොළොවෙහි ද දෙවිඳාය. තවද මහා ප්‍රඥාවන්තය. සර්වඥානීය.
آية رقم 85
අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය තමන් සතු වූ ඔහු අති උත්කෘෂ්ඨ විය. තවද අවසන් හෝරාව පිළිබඳ දැනුම ඔහු වෙතය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
آية رقم 86
ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අයට මැදිහත් වීමට බලය නොමැත. නමුත්, ඔවුන් දැනුවත්ව සත්‍යයට සාක්ෂි දැරූවන් හැර.
آية رقم 87
තවද ඔවුන් මැව්වේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින්ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද?
آية رقم 88
තවද ‘අහෝ මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මොවුහු විශ්වාස නොකරන පිරිසකි.’ යන ඔහුගේ ප්‍රකාශය වේ.
آية رقم 89
එහෙයින් ඔබ ඔවුන් නොසළකා හරිනු. තවද සලාම් (ශාන්තිය) යැයි පවසනු. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.
تقدم القراءة