ترجمة معاني سورة غافر باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﭥ
ﭦ
හා මීම්.
آية رقم 2
ﭧﭨﭩﭪﭫﭬ
ﭭ
දේව ග්‍රන්ථයේ පහළ කිරීම සර්ව බලධාරී, සර්වඥානී, අල්ලාහ්ගෙනි.
آية رقم 3
(ඔහු) පාපයට සමාව දෙන්නාය. පාපක්ෂමාව පිළිගන්නාය. දැඩි ලෙස දඬුවම් කරන්නාය. ත්‍යාගශීලීවන්තය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. නැවත යොමු වීම ඔහු වෙතමය.
آية رقم 4
දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් හැර (වෙනත් කිසිවකු) අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක නොකරනු ඇත. එහෙයින් නගරවල්වල ඔවුන්ගේ සැරිසැරීම ඔබ ව රැවටිය නොයුතුය.
آية رقم 5
ඔවුනට පෙර වූ නූහ්ගේ ජනයා ද ඔවුනට පසු වූ සතුරු කණ්ඩායම් ද (ඔවුන්ගේ දහම් දූතවරුන්) බොරු කළෝය. සෑම සමූහයක්ම තමන්ගේ දහම් දූතයාණන්ව ග්‍රහණය කිරීමට තැත් කළෝය. තවද ඔවුන් සත්‍යය විනාශ කරනු පිණිස අසත්‍යය ගෙන එමගින් තර්ක කළෝය. එහෙයින් මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?
آية رقم 6
එලෙසම නියත වශයෙන්ම ඔවුහු (නිරා) ගින්නේ සගයෝ වෙතැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් මත ඔබේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම විය.
آية رقم 7
අර්ෂය උසුලා ගෙන සිටින්නන් හා ඒ අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද ඔහුව විශ්වාස කරති. තවද අපගේ පරමාධිපතියාණනි! දයාවෙන් හා දැනුමෙන් සියලු දෑ ඔබ පුළුල් ලෙස ආවරණය කර සිටින්නෙහිය. එහෙයින් පසුතැවිලි වී ඔබගේ මාර්ගය අනුගමනය කළවුන්හට ඔබ සමාව දෙනු මැනව! තවද නිරයේ වේදනාවෙන් ඔබ ඔවුන් ආරක්ෂා කරනු මැනව! යැයි විශ්වාස කළවුනට සමාව අයැද සිටිති.
آية رقم 8
අපගේ පරමාධිපතියාණනි! ඔබ ඔවුනට ප්‍රතිඥා දුන් සදාතනික ස්වර්ග උයන් තුළට ඔවුන් හා ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ පරපුරින් දැහැමි දෑ කළවුන් ද ඇතුළත් කරනු මැනව! නියත වශයෙන්ම ඔබ සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.
آية رقم 9
තවද ඔබ ඔවුන් නපුරු වලින් ආරක්ෂා කරනු. තවද ඔබ කවරෙකු එදින නපුරු වලින් ආරක්ෂා කරන්නේ ද සැබැවින් ඔබ ඔහුට කරුණාව දැක්වූයෙහිය. තවද එයයි අතිමහත් ජයග්‍රහණය.
آية رقم 10
‘දේව විශ්වාසය වෙත නුඹලා ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි අවස්ථාවේ නුඹලා තුළ වූ පිළිකුලට වඩා අල්ලාහ්ගේ පිළිකුල ඉමහත්ය.’ යැයි නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඇරයුම් කරනු ලැබීය.
آية رقم 11
අපගේ පරමාධිපතියාණනි, ඔබ අප දෙමුරයක් මරණයට පත් කළෙහිය. තවද ඔබ අපට දෙමුරයක් ජීවය දුන්නෙහිය. එහෙයින් අපගේ පාපයන් අපි පිළිගන්නෙමු. එහෙයින් බැහැර වීමට කිසියම් මගක් ඇත් දැ?යි ඔවුහු විමසා සිටිති.
آية رقم 12
එය, අල්ලාහ් පමණක් ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කොට ඔහුට ආදේශ කරනු ලබන්නේ නම් නුඹලා විශ්වාස කරන බැවිනි. එහෙයින් තීන්දුව අතිමහත් වූ උත්තරීතර අල්ලාහ් සතුය.
آية رقم 13
ඔහු වනාහි ඔහු ඔහුගේ සංඥා නුඹලාට පෙන්වයි. තවද නුඹලාට අහසින් පෝෂණ සම්පත් පහළ කරයි. (ඔහු වෙත) යොමුවන්නන් හැර (වෙනත් කිසිවකු) මෙනෙහි නොකරනු ඇත.
آية رقم 14
එහෙයින් දේව ප්‍රතික්ෂේපකයෝ පිළිකුල් කළ ද නුඹලා අල්ලාහ්ට පමණක් දහම පුද කරමින් අවංකයින් ලෙස ඔහුට කන්නලව් කරනු.
آية رقم 15
(ඔහු ඔහුගේ) තරාතිරම්හි උත්කෘෂ්ටය. අර්ෂ් (හෙවත් විශ්ව රාජ්‍යයෙ)හි හිමිපාණන්ය. එකිනෙකා හමුවන දිනය පිළිබඳ අවවාද කරනු පිණිස ඔහු තම ගැත්තන් අතුරින් අභිමත කරන්නන් වෙත තම නියෝගයෙන් වූ දේව පණිවිඩ පහළ කරයි.
آية رقم 16
එදින ඔවුහු එළිමහනේ ඉදිරියට පැමිනැන්නන් වෙති. ඔවුන්ගෙන් කිසිවක් අල්ලාහ් වෙතින් නොසැඟවෙයි. එදින ආධිපත්‍යය කවුරුන් සතු ද? යටහත් කොට පාලනය කරන්නා වූ ඒකීය වූ අල්ලාහ්ට පමණය.
آية رقم 17
අද දින සෑම ආත්මයක්ම ඔවුන් උපයා ගත් දෑ වෙනුවෙන් ප්‍රතිඵල දෙනු ලබති. අද දින කිසිදු අපරාධයක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි වේගවත්ය.
آية رقم 18
තවද ඔබ ශීඝ්‍රයෙන් පැමිණෙන දිනය ගැන ඔවුනට අවවාද කරනු. එවිට හදවත් උගුරුට ළඟා වී (ගිල ගත නොහැකිව) හිර වී පවතී. කිසිදු උදව්කරුවකු හෝ පිළිගනු ලබන කිසිදු මැදිහත්කරුවකු හෝ අපරාධකරුවන්හට නොමැත.
آية رقم 19
ﭲﭳﭴﭵﭶﭷ
ﭸ
ඇස් වල පවතින වංචාව හා හදවත් සඟවා ඇති දෑද ඔහු දනී.
آية رقم 20
තවද අල්ලාහ් යුක්තිසහගතව තීන්දු දෙයි. ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අය කිසිවක් සම්බන්ධයෙන් හෝ තීන්දු නොදෙති. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව නිරීක්ෂක වනුයේ.
آية رقم 21
තවද ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැයි ඔවුහු අධීක්ෂණයෙන් නොබැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා මහපොළොවේ බලයෙන් හා සලකුණු තැබීමෙන් අධික වූහ. එවිට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. තවද අල්ලාහ්ගෙන් (ඔවුන්) මුදවාගන්නෙකු ඔවුනට නොවීය.
آية رقم 22
එය ඔවුන් වෙත ඔවුන්ගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණිය ද ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම ඔහු බලවත්ය. දඬුවම් දීමෙහි දැඩිය.
آية رقم 23
ﯜﯝﯞﯟﯠﯡ
ﯢ
තවද සැබැවින්ම අපි මූසා ව අපගේ සංඥා හා පැහැදිලි අනුබලයක් සමග
آية رقم 24
ෆිර්අවුන් හාමාන් හා කාරූන් වෙත යැව්වෙමු. එවිට ඔවුහු (මොහු) හූනියම්කරුවෙකි. මහා බොරුකාරයෙකි යැයි ඔවුහු පැවසූහ.
آية رقم 25
අප වෙතින් වූ සත්‍යය සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි “ඔහු සමග වූ දෙවියන් විශ්වාස කළවුන්ගේ පිරිමි දරුවන් මරා දමනු. ඔවුන්ගේ ගැහැනුන්ට ජීවිත දානය දෙනු.” යැයි ඔවුහු පැවසූහ. දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය මුළාවෙහි මිස නැත.
آية رقم 26
“නුඹලා මා අතහැර දමනු. මම මූසා ව මරා දමමි. තවද ඔහු ඔහුගේ පරමාධිපතිට ඇරයුම් කරත්වා! නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇත, එසේ නැතහොත් මහ පොළොවේ ඔහු අර්බුධ ඇති කරනු ඇතැයි සැබැවින්ම මම බිය වෙමි” යැයි ෆිර්අවුන් පැවසීය.
آية رقم 27
“විනිශ්චය දිනය පිළිබඳ විශ්වාස නොකරන සෑම අහංකාරයකුගෙන්ම ආරක්ෂාව මම මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපතිගෙන් පතමි“ යැයි මූසා පැවසුවේය.
آية رقم 28
“මාගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීම හේතුවෙන් නුඹලා මිනිසෙකු මරා දමන්නෙහු ද? නුඹලාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක සමග සැබැවින්ම ඔහු නුඹලා වෙත පැමිණ ඇත. තවද ඔහු බොරුකාරයකු වන්නේ නම් ඔහුගේ බොරුව ඔහුට එරෙහිවමය. තවද ඔහු සත්‍යවාදියෙකු වන්නේ නම් නුඹලාට ප්‍රතිඥා දුන් ඇතැම් දෑ නුඹලාට හට ගනු ඇත. කවරෙකු සීමාව ඉක්මවා යමින් මහා බොරුකාරයකු ලෙස සිටියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට මග පෙන්වන්නේ නැතැ” යි ෆිර්අවුන්ගේ පවුල අතුරින් තම විශ්වාසය සඟවා සිටි මිනිසෙකු පැවසීය.
آية رقم 29
අහෝ ජනයිනි! අද දින නුඹලා මහපොළොවේ අබිබවා යමින් ආධිපත්‍යය නුඹලා සතු කර ගෙන ඇත. නමුත් අල්ලාහ්ගේ දඬුවම අප වෙත පැමිණියේ නම් ඉන් අපට උපකාර කරනුයේ කවු ද? (යැයි ඔහු තවදුරටත් විමසීය.) මා දකින දෑ හැර වෙනෙකක් මම නුඹලාට නොපෙන්වමි. එමෙන්ම යහමග හැර වෙනත් මගක් මම නුඹලාට නොපෙන්වමි” යැයි ෆිර්අවුන් පැවසීය.
آية رقم 30
අහෝ මාගේ ජනයිනි! සේනාංකයන්ගේ දින මෙන් නුඹලා වෙත සිදුවීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි යැයි පැවසුවේය.
آية رقم 31
නූහ්ගේ ජනයා, ආද්, සමූද් හා ඔවුනට පෙර සිටි කණ්ඩායම් වැනි අයට සිදුවූවාක් මෙන් (යමක් නුඹලා වෙත සිදුවීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි) තවද ගැත්තන් හට අපරාධයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි.” යැයි විශ්වාස කළ එම පුද්ගලයා පැවසීය.
آية رقم 32
ﯶﯷﯸﯹﯺﯻ
ﯼ
“තවද, අහෝ මාගේ ජනයිනි! කන්නලව් කරන දිනය නුඹලාවෙත පැමිණීම ගැන මම බිය වෙමි.”
آية رقم 33
“නුඹලා පිටුපාමින් පලා යන දිනයේ අල්ලාහ්ගෙන් ආරක්ෂා කරන කිසිවෙකු නුඹලාට නැත. තවද අල්ලාහ් කවරෙකු නොමග හරින්නේ ද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නැත.”
آية رقم 34
“තවද මීට පෙර සැබැවින්ම යූසුෆ් පැහැදිලි සාධක සමග නුඹලා වෙත පැමිණියේය. නමුත් ඔහු කවර දෙයක් නුඹලා වෙත ගෙන ආවේ ද ඒ ගැන සැකයෙහි නුඹලා ඉවත් නොවී සිටියෙහුය. ඔහු මිය ගිය විට ඔහුගෙන් පසු ව ‘අල්ලාහ් රසූල්වරයකු එවන්නේම නැතැයි’ නුඹලා පැවසූවෙහුය. කවරෙකු සීමාව ඉක්මවා යමින් සැක ඇති කරන්නේ ද එවැන්නන් අල්ලාහ් නොමග යවනුයේ එලෙසය.”
آية رقم 35
“ඔවුහු වනාහි ඔවුනට පැමිණි කිසිදු බලයක් නොමැතිව ඔවුහු අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරති. අල්ලාහ් අබියස හා විශ්වාස කළවුන් අබියස වෛරය අතිමහත් විය. අහංකාර බලාධිකාරී සෑම හදවතක් මත ම අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙසය.”
آية رقم 36
“අහෝ හාමාන්! මාර්ග වෙත එනම් අහස්හි මාර්ග වෙත ළඟා වී මා මූසාගේ දෙවිඳුන් දෙස එඹී බලන්නට හැකි වනු පිණිස මා වෙනුවෙන් උස් ගොඩනැගිල්ලක් ඉදි කරනු මැනව!
آية رقم 37
තවද නියත වශයෙන්ම ඔහු බොරුකාරයෙකු ලෙස මම සිතමි” යැයි ෆිර්අවුන් පැවසීය. ෆිර්අවුන්ගේ නපුරු ක්‍රියාවන් ඔහුට අලංකාර කර පෙන්වනු ලැබුවේ එලෙසය. තවද ඍජු මාර්ගයෙන් ඔහු වළක්වනු ලැබීය. ෆිර්අවුන්ගේ කුමන්ත්‍රණය විනාශය තුළ මිස නොවීය.
آية رقم 38
“අහෝ මාගේ ජනයිනි! මම නුඹලාට ඍජු මාර්ගය වෙත මග පෙන්වමි” යැයි විශ්වාස කළ තැනැත්තා පැවසීය.
آية رقم 39
“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන්ම මේ මෙලොව ජීවිතය සුළු භුක්ති විඳීමක් පමණි. තවද නියත වශයෙන්ම මතු ලොව සදා නිවහනයි.”
آية رقم 40
“කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඒ හා සමාන දෙයක් මිස ඔහුට ප්‍රතිඵල වශයෙන් දෙනු නොලැබේ. තවද යම් පිරිමියකු හෝ වේවා කාන්තවක හෝ වේවා තමන් විශ්වාසවන්තයකු ව සිට දැහැමි ක්‍රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිස, එහි කිසිදු ගණනයකින් තොර ව පෝෂණය දෙනු ලබන අය වනුයේ ඔවුහුමය.”
آية رقم 41
“අහෝ මාගේ ජනයිනි! මට තිබෙන අවශ්‍යතාව කුමක්ද? මම නුඹලා ජයග්‍රහණය වෙත ඇරයුම් කරමි. නමුත් නුඹලා (නිරයේ) ගින්න වෙත මා ඇරයුම් කරන්නෙහුය.”
آية رقم 42
“මා අල්ලාහ් ප්‍රතික්ෂේප කරනු පිණිසත් කවර දෙයක් පිළිබඳ මට දැනුමක් නොමැත්තේ ද එවන් දෙයක් ඔහුට මා ආදේශ කරනු පිණිසත් නුඹලා මාහට ඇරයුම් කරන්නෙහුය. තවද මම නුඹලා ඇරයුම් කරනුයේ අති ක්ෂමාශීලී සර්ව බලධාරියාණන් වෙතය.”
آية رقم 43
“නියත වශයෙන්ම නුඹලා කවර කෙනෙකු වෙත මා ඇරයුම් කරන්නේ ද ඔහුට මෙලොව හෝ මතු ලොව (ඇරයුම් කිරීමේ) කිසිදු උරුමයක් නැතැයි යන්නටත් සැබැවින්ම අපගේ නැවත යොමු වීමේ ස්ථානය අල්ලාහ් වෙතය යන්නටත් තවද නියත වශයෙන්ම සීමාව ඉක්මවා ගියවුන් වන ඔවුහු (නිරා) ගින්නේ සගයින් වන්නේය යන්නටත් කිසිදු සැකයක් නැත.”
آية رقم 44
මා නුඹලා වෙත පවසන දෑ ගැන නුඹලා මතු සිහිපත් කරනු ඇත. තවද මාගේ කරුණ මම අල්ලාහ් වෙත යොමු කරමි. නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
آية رقم 45
ඔවුන් කුමන්ත්‍රණ කළ දෑහි (සියලු) නපුරුකම් වලින් අල්ලාහ් ඔහු ආරක්ෂා කළේය. තවද දඬුවමේ බිහිසුණුකම ෆිර්අවුන්ගේ සේනාව වැටලීය.
آية رقم 46
(නිරයේ) ගින්න, ඒ වෙත ඔවුන් උදේ සවස ඉදිරිපත් කරනු ලබති. අවසන් හෝරාව සිදුවන දින “ෆිර්අවුන්ගේ සේනාව දැඩි දඬුවම වෙත ඇතුළත් කරනු.” (යැයි අණ කරනු ලැබේ.)
آية رقم 47
තවද (නිරා) ගින්නේ ඔවුන් එකිනෙකා වාද කරමින් සිටින විට “නියත වශයෙන්ම අපි නුඹලා අනුගමනය කරමින් සිටියෙමු. එහෙයින් (නිරා) ගින්නෙන් කොටසක් අපගෙන් ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෙහු” දැයි දුබලයෝ උඩඟු වූ අයගෙන් විමසනු ඇත.
آية رقم 48
“නියත වශයෙන්ම අපි සියල්ලෝම සිටින්නේ එහිය. නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇතැ”යි උඩඟු වූවෝ පවසති.
آية رقم 49
“දඬුවමින් දිනක් අප වෙතින් ඔහු සැහැල්ලු කිරීමට නුඹලා නුඹලාගේ පරමාධිපතිට කන්නලව් කරනු.” යැයි (නිරා) ගින්නේ සිටින්නෝ නිරයේ භාරකරුවන්ට පවසති.
آية رقم 50
“නුඹලාගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග නොපැමිණියේ දැ”යි ඔවුහු විමසති. “එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ඇරයුම් කරනු” යැයි ඔවුහු කියති. තවද දේව ප්‍රතික්ෂේපකයින්ගේ ඇරයුම මුළාවෙහි මිස නැත.
آية رقم 51
මෙලොව ජීවිතයේ හා සාක්ෂිකරුවෝ නැගී සිටින (මතු ලොව) දිනයෙහි සැබැවින්ම අපි අපගේ දහම් දූතවරුන්ට හා විශ්වාස කළවුන්ට උදව් කරන්නෙමු.
آية رقم 52
එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු පැවසීම ඵලක් නොවනු ඇත. තවද ඔවුනට ශාපය ඇත. එමෙන්ම නපුරු නිවහනද ඔවුනට ඇත.
آية رقم 53
තවද අපි සැබැවින්ම මූසාට යහමග පිරිනැමුවෙමු. තවද අපි ඉස්රාඊල් දරුවන්ට දේව ග්‍රන්ථය උරුම කළෙමු.
آية رقم 54
ﮆﮇﮈﮉ
ﮊ
(එය) ප්‍රබුද්ධිමත් අයට මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.
آية رقم 55
එහෙයින් ඔබ ඉවසනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබේ පාපය සඳහා ඔබ සමාව අයදිනු. තවද ඔබේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සවස් කාලයේ හා උදෑසන පිවිතුරු කරනු.
آية رقم 56
නියත වශයෙන්ම තමන් වෙත පැමිණි කිසිදු අධිකාරී බලයක් නොතිබිය දී අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් වන ඔවුන්ගේ සිත් තුළ උඩඟුකම මිස වෙනෙකක් නැත. ඔවුහු එය ලබන්නන් නොවෙති. එහෙයින් ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
آية رقم 57
මිනිසා මැවීමට වඩා අහස් හා මහපොළොව මැවීම අති මහත්ය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
آية رقم 58
තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නොවෙති. තවද විශ්වාස කොට යහකම් සිදු කළවුන් හා දුෂ්ටකම් කරන්නා ද (සමාන) නොවෙති. ස්වල්පයකි නුඹලා මෙනෙහි කරනුයේ.
آية رقم 59
නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නක්මය. එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා (එය) විශ්වාස නොකරති.
آية رقم 60
“නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව) පිළිගනිමි. නියත වශයෙන්ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි.
آية رقم 61
රාත්‍රිය එහි නුඹලා සැනසුම ලබනු පිණිසත් දහවල පෙනෙන්නට හැකි ලෙසත් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා වෙත භාග්‍යය පිරිනමන්නාය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
آية رقم 62
එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. (ඔහු) සියලු දෑහි මැවුම්කරුය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එසේ නම් නුඹලා (මුළා කරනු ලැබ) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
آية رقم 63
අල්ලාහ්ගේ වදන් හෙළා දකිමින් සිටි අය වෙනතකට හරවනු ලබනුයේ එලෙසය.
آية رقم 64
මහපොළොව වාසස් ස්ථානයක් ලෙස ද අහස වියනක් ලෙස ද නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. තවද නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේය. තවද නුඹලාව ඔහු හැඩ ගැන්වීය. තවද යහපත් දැයින් නුඹලාට ඔහු පෝෂණ සම්පත් පිරිනැමීය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. එහෙයින් ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් අතිඋත්කෘෂ්ට විය.
آية رقم 65
ඔහු ජීවමානයාය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එහෙයින් නුඹලා ඔහුට පමණක් දහම පුද කර අවංකයින් ලෙසින් ඔහු ඇරයුම් කරනු. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා.
آية رقم 66
මාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සංඥා මා වෙත පැමිණි කල්හි අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන අයට මා ගැතිකම් කිරීමෙන් නියත වශයෙන්ම මම තහනම් කරනු ලැබුවෙමි. තවද ලෝකයන්හි පරමාධිපතිට මා යටහත් වන්නටත් මම අණ කරනු ලැබුවෙමි. යැයි (නබිවරය) ඔබ පවසනු.
آية رقم 67
මැටියෙන් ද පසු ව ශුක්‍රාණු බිඳුවකින් ද පසු ව එල්ලී පවතින කැටියකින් ද නුඹලා මැව්වේ ඔහුය. පසු ව ඔහු නුඹලා බිළිදෙකු වශයෙන් බැහැර කරයි. පසු ව නුඹලා වැඩිවියට පත්වන්නටත් පසුව වයෝවෘද්ධභාවයට පත්වන්නටත් ඔහු සලස්වයි. නුඹලා අතුරින් ඊට පෙර මරණයට පත් කරනු ලබන්නන් ද වෙති. නුඹලා වටහා ගත හැකි වනු පිණිස (මෙසේ) නියමිත කාලයක් දක්වා නුඹලා ළඟා වන්නට ඉඩ හරියි.
آية رقم 68
ජීවය දෙන්නේත් මරණයට පත් කරන්නේත් ඔහුය. එහෙයින් ඔහු යම් කරුණක් තීන්දු කළේ නම් එවිට ‘වනු’ යැයි එයට පවසනවා පමණි. එවිට එය වනු ඇත.
آية رقم 69
අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන්, ඔවුන් කෙසේ නම් (යථාර්ථයෙන්) වෙනතකට හරවනු ලබන්නේ දැයි ඔබ නොදුටුවෙහි ද?
آية رقم 70
ඔවුන් වනාහි, දේව ග්‍රන්ථය හා අප කවර දෙයක් සමග අපගේ දහම් දූතවරු එව්වෙමු ද එය ද බොරුකළවුන්ය. එහෙත් ඔවුහු මතු දැන ගනු ඇත.
آية رقم 71
ﮖﮗﮘﮙﮚﮛ
ﮜ
එවිට ඔවුන්ගේ ගෙලවල් වල විලංගු හා දම්වැල් තිබේ. නිරය තුළට ඔවුන් ඇදගෙන යනු ලබති.
آية رقم 72
ﮝﮞﮟﮠﮡﮢ
ﮣ
නටන ජලයෙහි ද පසු ව ඔවුන් (නිරා) ගින්නෙහි ද දවනු ලබති.
آية رقم 73
පසු ව “අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ආදේශ කරමින් සිටි දෑ කොහේදැ?”යි ඔවුනට පවසනු ලබයි..
آية رقم 74
“ඔවුන් අපගෙන් මුළා වී ඇත. නමුදු මීට පෙර අපි කිසිවක් ඇරයුම් කරමින් නොසිටියෙමු” යැයි ඔවුහු පවසති. එලෙසය ප්‍රතික්ෂේප කරන්නන් අල්ලාහ් නොමග යන්නට හරිනුයේ
آية رقم 75
එය, යුක්තියෙන් තොර ව මහපොළොවේ නුඹලා සතුටු වෙමින් සිටි බැවින් ද නුඹලා සතුටින් ඉහ වහා ගිය බැවින් ද වේ.
آية رقم 76
නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටු වලට ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය.
آية رقم 77
එහෙයින් ඔබ ඉවසීමෙන් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් සැබැවින්ම අපි ඔබට පෙන්වනුයේ අප ඔවුනට ප්‍රතිඥා දුන් දෑ හි සමහරක් පමණි. එසේ නැතහොත්, අපි ඔබ මරණයට පත් කරන්නෙමු. එවිට ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.
آية رقم 78
ඔබට පෙර දහම් දූතවරු සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතුරින් අපි ඔබ වෙත කතා විස්තර කළ අය වෙති. තවද ඔබ වෙත අපි කතා විස්තර නොකළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු දහම් දූතයකුට නොවීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්තිසහගත ව තීන්දු කරනු ලැබීය. එහි දී වැරදි කළවුන් පරාජිත වුහ.
آية رقم 79
ඒවායෙහි නුඹලා ප්‍රවාහනය කරනු පිණිසත් ඒවායින් නුඹලා අනුභව කරනු පිණිසත් නුඹලා වෙනුවෙන් ගොවිපළ සතුන් ඇති කළේ අල්ලාහ්ය.
آية رقم 80
තවද නුඹලාට එහි ප්‍රයෝජන ද ඇත. තවද නුඹලාගේ හදවත් තුළ ඇති අවශ්‍යතා ඒවා වෙතින් ලබා ගනු පිණිසත් (ඇති කළේ අල්ලාහ්ය.) තවද ඒවා මත හා නැව් මත නුඹලා උසුලනු ලබන්නෙහුය.
آية رقم 81
ﮋﮌﮍﮎﮏﮐ
ﮑ
ඔහුගේ සංඥා ඔහු නුඹලාට පෙන්වයි. එවිට නුඹලා පිළිකුල් කරන්නේ අල්ලාහ්ගේ කවර සංඥාවන් ද?
آية رقم 82
ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි අධීක්ෂණය නොකළෝද? මොවුනට වඩා ඔවුහු මහපොළොවේ (සංඛ්‍යවෙන්) අධික මෙන්ම බලයෙන් සහ (හැර දමා ගිය) සලකුණු වලින් ඉතා බලවත් වූහ. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.
آية رقم 83
එවිට ඔවුන් වෙත ඔවුන්ගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණි කල්හි, තමන් ළඟ තිබෙන දැනුම ගැන ඔවුහු (අහංකාරයෙන් යුතු ව) සතුටු වූහ. ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය.
آية رقم 84
එවිට අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි “අපි අල්ලාහ් වන ඔහු පමණක් විශ්වාස කළෙමු. අපි කවර දෙයක් ආදේශ කරන්නන් ලෙස සිටියෙමු ද එය අපි ප්‍රතික්ෂේප කළෙමු” යැයි ඔවුහු පවසනු ඇත.
آية رقم 85
නමුත් ඔවුන් අපගේ දඬුවම දුටු කල්හි ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්‍රයෝජනවත් නොවීය. (එය) තම ගැත්තන් අතරෙහි ඉකුත් ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතය. එහිදී දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෝ පරාජිත වූහ.
تقدم القراءة