ترجمة معاني سورة الدّخان باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﭑ
ﭒ
හා මීම්
آية رقم 2
ﭓﭔ
ﭕ
පැහැදිලි දේව ග්‍රන්ථය මත දිවුරමින්
آية رقم 3
නියත වශයෙන්ම භාග්‍යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන්ම අපි අවවාද කරන්නන් වූයෙමු.
آية رقم 4
ﭠﭡﭢﭣﭤ
ﭥ
එහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක්ම තීරණය කරනු ලබයි.
آية رقم 5
(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි (දහම් දූතයින්) එවන්නන් වූයෙමු.
آية رقم 6
(එය) ඔබේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
آية رقم 7
නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු. ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.
آية رقم 8
ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපතිය. තවද නුඹලාගේ ප්‍රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපතිය.
آية رقم 9
ﮍﮎﮏﮐﮑ
ﮒ
එසේ නොව ඔවුහු සැකයෙහි කෙළි දෙළති.
آية رقم 10
ﮓﮔﮕﮖﮗﮘ
ﮙ
එහෙයින් පැහැදිලි ව පෙනෙන දුමාරයකින් යුතු ව අහස පැමිණෙන දිනය (නබිවරය) ඔබ බලාපෙරොත්තුවෙන් සිටිනු.
آية رقم 11
ﮚﮛﮜﮝﮞﮟ
ﮠ
එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි.
آية رقم 12
ﮡﮢﮣﮤﮥﮦ
ﮧ
“අපගේ පරමාධිපතියාණනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)
آية رقم 13
ඔවුනට උපදෙස කෙසේ නම් වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.
آية رقم 14
ﮰﮱﯓﯔﯕﯖ
ﯗ
පසු ව ඔවුහු ඔහුගෙන් හැරී ගොස් “(ඔහු) පුහුණු කරනු ලැබූ උම්මත්තකයෙකි” යැයි ඔවුහු පැවසූහ.
آية رقم 15
නියත වශයෙන්ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන්ම නුඹලා නැවත හැරී යන්නෝය.
آية رقم 16
ﯠﯡﯢﯣﯤﯥ
ﯦ
දැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන්ම අපි දඬුවම් කරන්නෝ වෙමු.
آية رقم 17
තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය දහම් දූතයකු පැමිණියේය.
آية رقم 18
“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දහම් දූතයකු වෙමි” (යැයි ඔහු පැවසීය.)
آية رقم 19
“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නොවනු. නියත වශයෙන්ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවෙමි.”
آية رقم 20
ﭜﭝﭞﭟﭠﭡ
ﭢ
“තවද නුඹලා මා ගල් ගසා මැරීම සම්බන්ධයෙන් නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින් එමෙන්ම නුඹලාගේ පරමාධිපති වෙතින් ආරක්ෂාව පතමි.”
آية رقم 21
ﭣﭤﭥﭦﭧ
ﭨ
“තවද නුඹලා මා විශ්වාස නොකළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත් ව සිටිනු.”
آية رقم 22
ﭩﭪﭫﭬﭭﭮ
ﭯ
(ඔවුන් කලහකම් කළහ) එවිට ඔහු ‘නියත වශයෙන්ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේය.
آية رقم 23
ﭰﭱﭲﭳﭴ
ﭵ
(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන්ය.”
آية رقم 24
“මුහුද ඒ අයුරින්ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන්ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”
آية رقم 25
ﭾﭿﮀﮁﮂ
ﮃ
ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද?
آية رقم 26
ﮄﮅﮆ
ﮇ
කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන
آية رقم 27
ﮈﮉﮊﮋ
ﮌ
එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත්
آية رقم 28
ﮍﮎﮏﮐﮑ
ﮒ
එලෙසය ! තවද අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු.
آية رقم 29
එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නොවූහ.
آية رقم 30
තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින්ම අපි මුදවා ගත්තෙමු.
آية رقم 31
ෆිර්අවුන්ගෙන්. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතුරින් උද්දච්ච ප්‍රධානියකු විය.
آية رقم 32
ﮭﮮﮯﮰﮱﯓ
ﯔ
(එකල විසූ) ලෝවැසියනට දැනුවත් ව සැබැවින්ම අපි ඔවුන් තෝරා ගත්තෙමු.
آية رقم 33
තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය.
آية رقم 34
ﯝﯞﯟ
ﯠ
නියත වශයෙන්ම මොවුහු මෙසේ පවසති.
آية رقم 35
“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.”
آية رقم 36
ﯪﯫﯬﯭﯮ
ﯯ
එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”
آية رقم 37
ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම ඔවුහු අපරාධකරුවන් වූහ.
آية رقم 38
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද කෙළි ලොල් සඳහා අපි නොමැව්වෙමු.
آية رقم 39
ඒ දෙක සත්‍යයෙන් යුතු ව මිස අපි නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
آية رقم 40
ﭑﭒﭓﭔﭕ
ﭖ
නියත වශයෙන්ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි.
آية رقم 41
එදින කිසිදු මිතුරෙකු මිතුරෙකට කිසිවකින් ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු උදව් කරනු නොලබති.
آية رقم 42
නමුත් අල්ලාහ් කරුණාව පෙන් වූ අය හැර. නියත වශයෙන්ම ඔහුමය සර්ව බලධාරී මහා කරුණාවන්ත වනුයේ.
آية رقم 43
ﭫﭬﭭ
ﭮ
නියත වශයෙන්ම zසක්කූම් ගස
آية رقم 44
ﭯﭰ
ﭱ
පාපතරයින්ගේ ආහාරයයි.
آية رقم 45
ﭲﭳﭴﭵ
ﭶ
(එය) තෙල් මණ්ඩිය මෙන්ය. එය උදර තුළ කැකෑරෙයි.
آية رقم 46
ﭷﭸ
ﭹ
ලෝ දිය කැකෑරෙන්නක් මෙනි.
آية رقم 47
ﭺﭻﭼﭽﭾ
ﭿ
නුඹලා ඔහු හසු කරනු. පසු ව නුඹලා ඔහු නිරය මැදට ඇද ගෙන යනු.
آية رقم 48
පසු ව ඔහුගේ හිසට ඉහළින් ලෝ දිය දඬුවමින් නුඹලා වක් කරනු.
آية رقم 49
ﮈﮉﮊﮋﮌ
ﮍ
ඔබ විඳිනු. නියත වශයෙන්ම ඔබ ගරුසරු ඇති බලධාරියෙකි.
آية رقم 50
ﮎﮏﮐﮑﮒﮓ
ﮔ
නියත වශයෙන්ම මෙය නුඹලා කවර දෙයක් පිළිබඳ සැක කරමින් සිටියෙහු ද එයයි (යැයි කියනු ලැබේ.)
آية رقم 51
ﮕﮖﮗﮘﮙ
ﮚ
නියත වශයෙන්ම බිය බැතිමතුන් ආරක්ෂිත ස්ථානයක වෙති.
آية رقم 52
ﮛﮜﮝ
ﮞ
උයන් වතු හා දිය උල්පත් අතරය.
آية رقم 53
ﮟﮠﮡﮢﮣ
ﮤ
ඔවුහු සිනිඳු සේද හා ඝන සේද වලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති.
آية رقم 54
ﮥﮦﮧﮨ
ﮩ
එලෙසය. තවද අපි ඔවුනට නෙත් පිනවන කුමරියන් විවාහ කර දෙමු.
آية رقم 55
ﮪﮫﮬﮭﮮ
ﮯ
ඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති.
آية رقم 56
මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නොවිඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කර ඇත.
آية رقم 57
(එය) ඔබේ පරමාධිපතිගේ භාග්‍යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණය.
آية رقم 58
ﯦﯧﯨﯩﯪ
ﯫ
එහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය ඔබේ දිවට පහසු කළෙමු.
آية رقم 59
ﯬﯭﯮ
ﯯ
එහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.
تقدم القراءة