ترجمة معاني سورة التكوير باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﭙﭚﭛ
ﭜ
හිරු හකුළනු ලබන විට
آية رقم 2
ﭝﭞﭟ
ﭠ
තවද තරු කඩා හැළුණු විට
آية رقم 3
ﭡﭢﭣ
ﭤ
තවද කඳු ගමන් කරවනු ලබන විට
آية رقم 4
ﭥﭦﭧ
ﭨ
තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට
آية رقم 5
ﭩﭪﭫ
ﭬ
තවද වන සතුන් රැස් කරනු ලබන විට
آية رقم 6
ﭭﭮﭯ
ﭰ
තවද මුහුදු ගිනිගනු ලබන විට
آية رقم 7
ﭱﭲﭳ
ﭴ
තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට
آية رقم 8
ﭵﭶﭷ
ﭸ
තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලැබූ විට
آية رقم 9
ﭹﭺﭻ
ﭼ
තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැ?යි
آية رقم 10
ﭽﭾﭿ
ﮀ
තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලැබූ විට
آية رقم 11
ﮁﮂﮃ
ﮄ
තවද අහස නිරාවරණය කරනු ලැබූ විට
آية رقم 12
ﮅﮆﮇ
ﮈ
තවද නිරය මොලවනු ලැබූ විට
آية رقم 13
ﮉﮊﮋ
ﮌ
තවද (දේව විශ්වාසවන්තයින් වෙත) ස්වර්ගය සමීප කරවනු ලැබූ විට
آية رقم 14
ﮍﮎﮏﮐ
ﮑ
ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත.
آية رقم 15
ﮒﮓﮔ
ﮕ
එබැවින් ගමන් කරන ග්‍රහතාරකාව මත දිවුරමි.
آية رقم 16
ﮖﮗ
ﮘ
සැඟ වී නොපෙනී (යන ග්‍රහතාරකාව මත දිවුරමි.)
آية رقم 17
ﮙﮚﮛ
ﮜ
රාත්‍රිය මත දිවුරමින්. එය ගෙවී යන විට.
آية رقم 18
ﮝﮞﮟ
ﮠ
පෙරවරුව මත දිවුරමින්. එය උදා වී පවතින විට
آية رقم 19
ﮡﮢﮣﮤ
ﮥ
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.
آية رقم 20
ﮦﮧﮨﮩﮪﮫ
ﮬ
බලයෙන් යුක්ත ස්ථාවර ව පවතින සර්වරාජ්‍යයේ හිමිකරු අබියස සිටින,
آية رقم 21
ﮭﮮﮯ
ﮰ
තවද එහි යටහත් වනු ලබන විශ්වාසවන්ත, (දූතයකුගේ වදන වේ.)
آية رقم 22
ﮱﯓﯔ
ﯕ
තවද නුඹලාගේ සගයා උම්මත්තකයෙකු නොවේ.
آية رقم 23
ﯖﯗﯘﯙ
ﯚ
තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය.
آية رقم 24
ﯛﯜﯝﯞﯟ
ﯠ
තවද ඔහු (සත්‍ය) සඟවන මසුරෙකු නොවේ.
آية رقم 25
ﯡﯢﯣﯤﯥ
ﯦ
තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ.
آية رقم 26
ﯧﯨ
ﯩ
එබැවින් නුඹලා කොහේ යන්නෙහු ද?
آية رقم 27
ﯪﯫﯬﯭﯮ
ﯯ
එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
آية رقم 28
ﯰﯱﯲﯳﯴ
ﯵ
නුඹලා අතුරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද ඔහුටය.
آية رقم 29
තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත වන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය.
تقدم القراءة