سورة النبأ

الترجمة السنهالية

ترجمة معاني سورة النبأ باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
කුමක් පිළිබඳව ද ඔවුන් විමසා ගනුයේ.
آية رقم 2
මහඟු වූ ආරංචිය පිළිබඳව ය.
آية رقم 3
එය ඔවුන් භේද බින්න වී සිටි දෑය.
آية رقم 4
නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය.
آية رقم 5
යළි නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය.
آية رقم 6
අපි මහපොළොව ඇතිරිල්ලක් ලෙස පත් නොකළෙමු ද?
آية رقم 7
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?)
آية رقم 8
තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් නොමැව්වෙමු ද?
آية رقم 9
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් නොකළෙමු ද?
آية رقم 10
තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් නොකළෙමු ද?
آية رقم 11
තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් නොකළෙමු ද?
آية رقم 12
තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි නොකළෙමු ද?
آية رقم 13
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් නොකළෙමු ද?
آية رقم 14
තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ නොකළෙමු ද?
آية رقم 15
එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
آية رقم 16
තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)
آية رقم 17
නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
آية رقم 18
සූර් (හොරණෑ‍ව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
آية رقم 19
තවද අහස විවෘත කරනු ලැබේ. එවිට එය දොරටු බවට පත් වනු ඇත.
آية رقم 20
කඳු (තිබූ තැන් වලින්) ඉවත් කරනු ලැබේ. එවිට එය මිරිඟුවක් මෙන් වනු ඇත.
آية رقم 21
නියත වශයෙන්ම නිරය පහර දෙන ස්ථානයක් විය.
آية رقم 22
(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.
آية رقم 23
එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙති.
آية رقم 24
ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති.
آية رقم 25
නටන උණු දිය සහ (නිරයේ වැසියන්ගේ තුවාල වලින් ගලන) සැරව මිස. (වෙන කිසිවක් නැත)
آية رقم 26
(එසේ ඔවුනට ලැබෙනුයේ) සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.
آية رقم 27
නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටිය හ.
آية رقم 28
තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝය.
آية رقم 29
තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව සංස්කරණය කළෙමු.
آية رقم 30
“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස (අන් කිසිවක්) අපි නුඹලාට වැඩි නොකරන්නෙමු.” ‍(යැයි නිරයේ වැසියන්ට පවසනු ලැබේ.)
آية رقم 31
නියත වශයෙන්ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ද
آية رقم 32
වතු හා මිදි ද ඇත.
آية رقم 33
තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද
آية رقم 34
පිරුණු කුසලාන ද ඇත.
آية رقم 35
නිෂ්ඵල කථා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නොකරති.
آية رقم 36
(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ ප්‍රමාණවත් දායාදයක් වන ප්‍රතිඵලයකි.
(එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කථා කිරීමට ඔහුගෙන් ඔවුන් (කිසිවෙකු)ට බලය නොමැත.
රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටින දින. (එදින) අර් රහ්මාන් (අපරිමිත දයාන්විතයා) අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කථා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කථා නොකරයි.
එයමය සත්‍යය වූ දිනය. එබැවින් යමෙක් අභිමත වන්නේ ද ඔහු තම රබ් (පරමාධිපති) වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා !
නියත වශයෙන්ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳ ව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් පෙරටු කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ ! මා පස් බවට පත් විය යුතු නොවෙම් දැ”යි පවසයි.
تقدم القراءة