سورة العلق

الترجمة السنهالية

ترجمة معاني سورة العلق باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
آية رقم 2
ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.
آية رقم 3
අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
آية رقم 4
පෑනෙන් ඉගැන් වූ
آية رقم 5
ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය.
آية رقم 6
නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.
آية رقم 7
තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.
آية رقم 8
නියත වශයෙන්ම නැවත හැරී යනුයේ නුඹගේ පරමාධිපති වෙතය.
آية رقم 9
ඔහු ව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
آية رقم 10
ගැත්තා සලාතය ඉටු කරන විට
آية رقم 11
ඔහු යහමඟෙහි සිටීම නුඹ දුටුවෙහිද?
آية رقم 12
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටීම (නුඹ දුටුවෙහිද?)
آية رقم 13
තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපෑම නුඹ දුටුවෙහි ද?
آية رقم 14
නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියේද?
آية رقم 15
නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
آية رقم 16
එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
آية رقم 17
එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන්(වන උදව්කරුවන්)ව කැඳවත්වා!
آية رقم 18
මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.
آية رقم 19
නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.
تقدم القراءة