ترجمة معاني سورة هود باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
අලිෆ්. ලාම්. රා. එහි වදන් නීති ගත කරන ලදු ව පසු ව විස්තර කරනු ලැබූ දේව ග්‍රන්ථයයි. එය සියුම් ඥානී ප්‍රඥාවන්තයාණන්ගෙනි.
آية رقم 2
අල්ලාහ් හැර වෙනත් කිසිවකුට නුඹලා ගැතිකම් නොකළ යුතුය. නියත වශයෙන්ම මම එයින් නුඹලාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු වෙමි.
آية رقم 3
තවද නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද පසු ව පශ්චාත්තාප වී ඔහු වෙත යොමු විය යුතුය. නියම කරන ලද කාලයක් දක්වා ඔහු නුඹලාට යහපත් භුක්ති විදීමකින් භුක්ති විදින්නට සලස්වයි. භාග්‍යවන්ත සෑම කෙනෙකුටම ඔහුගේ භාග්‍යය ඔහු පිරිනමයි. නමුත් ඔවුන් හැරී ගියේ නම් එවිට නියත වශයෙන්ම නුඹලා වෙත මහත් දිනයක දඬුවම ගැන මම බිය වෙමි.
آية رقم 4
නුඹලාගේ නැවත යොමු වන ස්ථානය අල්ලාහ් වෙතය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
آية رقم 5
දැන ගනු. සැබැවින්ම ඔවුන් (අල්ලාහ් වන) ඔහුගෙන් සැඟ වෙනු පිණිස ඔවුන්ගේ හදවත් (තුළ ඇති දෑ) වසන් කරති. දැන ගනු ඔවුන්ගේ ඇඳුමින් ඔවුන් ආවරණය කරන විට ඔවුන් සඟ වන දෑද ඔවුන් හෙළි කරන දෑද ඔහු දනී. නියත වශයෙන්ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
آية رقم 6
මහාපොළොවේ වෙසෙන කිසිදු ජීවියෙකු හෝ වේවා එහි පෝෂණය අල්ලාහ් මත මිස නැත. තවද එය වෙසෙන තැන ද එය සමුගෙන යන තැන ද ඔහු දනී. සියල්ල පැහැදිලි ලේඛනයෙහි ඇත.
آية رقم 7
තවද අහස් හා මහපොළොව දින හයකින් මැව්වේ ඔහුය. තවද ඔහුගේ රාජධානිය ජලය මත විය. නුඹලාගෙන් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් අලංකාර දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිස. ‘සැබැවින්ම නුඹලා මරණයෙන් පසු ව නැවත නැගිටුවනු ලබන්නන්’ බව නුඹ පැවසුවේ නම් ‘මෙය පැහැදිලි හූනියමක් මිස නැතැ’යි (සත්‍යය) ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත.
آية رقم 8
නියමිත කාල පරිච්ඡේදයක් දක්වා එම දඬුවම ඔවුන්ගෙන් අපි ප්‍රමාද කළේ නම් ‘එය වැළෙක්වූයේ කිමෙක්දැ?’යි ඔවුහු පවසනු ඇත. දැන ගනු. ඔවුන් වෙත එය පැමිණෙන දින ඔවුන්ගෙන් එය වෙනතකට හරවා යවනු ලබන කිසිවක් නොමැත. ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් ව වට කර ගනී.
آية رقم 9
මිනිසාට අපි අපගෙන් වූ දයාවක් භුක්ති විඳින්නට සලස්වා පසු ව අපි එය ඔහුගෙන් ඉවත් කළේ නම් නියත වශයෙන්ම ඔහු බලාපොරොත්තු සුන් වූ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ගුණමකුවෙකි.
آية رقم 10
තවද අපි ඔහුට අත් වූ පීඩාවන්ගෙන් පසු ව දායාද භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ‘නපුරු දෑ මගෙන් පහව ගොස් ඇතැයි පවසනු ඇත. සැබැවින්ම ඔහු අහංකාරයෙන් ප්‍රමුදිත වන්නෙකි.
آية رقم 11
නමුත් ඉවසා දරා යහකම් කළවුන් හැර. ඔවුනට සමාව ද මහත් ප්‍රතිඵල ද ඇත.
آية رقم 12
‘ඔහු කෙරෙහි නිධානයක් පහළ විය යුතු නොවේ ද එසේ නැතහොත් ඔහු සමග දේව දූතයකු පැමිණිය යුතු නොවේ දැයි ඔවුන් පවසා සිටීම හේතුවෙන් නුඹගේ හදවත එමගින් පීඩනයට පත් ව තිබිය දී නුඹ වෙත දන්වනු ලබන දැයින් ඇතැමක් (නුඹ ප්‍රචාරය නොකොට) අත හැර දමන්නට පුළුවන. නියත වශයෙන්ම නුඹ අවවාද කරන්නෙකු පමණි. තවද අල්ලාහ් සියලු දෑ වෙත භාරකරුය.
آية رقم 13
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය ) නුඹ පවසනු. එසේ නම් නුඹලා ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම්, අල්ලාහ්ගෙන් තොර ව (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු.
آية رقم 14
එසේ ඔවුහු නුඹලාට පිළිතුරක් නොදෙන්නේ නම් එවිට නියත වශයෙන්ම මෙය පහළ කරනු ලැබුවේ අල්ලාහ්ගේ දැනුමෙන් බවත් ඔහු හැර නැමඳුමට වෙනත් දෙවිඳෙකු නොමැති බවත් නුඹලා දැන ගනු. නුඹලා (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ද?
آية رقم 15
කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට එහි පූර්ණ ව පිරිනමමු. ඔවුහු එහි කප්පාදු කරනු නොලබන්නෝය.
آية رقم 16
මතු ලොවෙහි (නිරා) ගින්න හැර තමන්ට වෙනත් කිසිවක් නොමැති උදවිය ඔවුහුමය. ඔවුන් එහි සිදු කළ දෑ ශූන්‍ය විය. තවද ඔවුන් කරමින් සිටි දෑ නිෂ්ඵල විය.
آية رقم 17
තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී එයින් සාක්ෂිකරුවකු එය පාරායනය කරමින් සිටිය දී එමෙන්ම ඊට පෙර මග පෙන්වීමක් හා දයාවක් වශයෙන් මූසාගේ පුස්තකය ද තිබිය දී (එය පිටුපානුයේ) එවන් පුද්ගලයකු ද? ඔවුහු එය විශ්වාස කරති. තවද ජන සමූහයන් අතුරින් කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඥත ස්ථානය (නිරා) ගින්නය. එබැවින් නුඹ ඒ ගැන සැකයෙහි පසු නොවනු. නියත වශයෙන්ම එයයි නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා එය විශ්වාස නොකරති.
آية رقم 18
අල්ලාහ් මත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරුවා කවරෙකු ද? ඔවුන් තම පරමාධිපති වෙත ඉදිරිපත් කරනු ලැබේ. තවද ‘මොවුන් තම පරමාධිපති වෙත බොරු පැවසූවන් යැයි සාක්ෂිකරුවෝ පවසති. දැන ගනු. අපරාධකරුවන් වෙත අල්ලාහ්ගේ ශාපය ඇත.
آية رقم 19
ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එහි දෝෂ සොයති. පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.
آية رقم 20
ඔවුහු මහපොළොවේ (අල්ලාහ්ගේ දඬුවමින් මිදීමට) හැකියාවන්තයින් නොවූහ. අල්ලාහ්ගෙන් තොර ව වෙනත් භාරකරුවන් ඔවුනට නොවීය. ඔවුනට එම දඬුවම දෙගුණ කර දෙනු ලැබේ. ඔවුහු සවන් දෙන්නට ශක්තිය දරන්නන් නොවූහ. එමෙන්ම බලන්නන් ද නොවූහ.
آية رقم 21
තමන්ටම අලාභහානි කර ගත්තවුන් ඔවුන්මය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා විය.
آية رقم 22
එසේ නොවේ නියත වශයෙන්ම ඔවුහු මතු ලොවෙහි මහත් අලාභවන්තයින්මය.
آية رقم 23
නියත වශයෙන්ම විශ්වාස කරමින් යහකම් කොට තම පරමාධිපති වෙත යටහත් වූවන් වන ඔවුහුමය ස්වර්ග වාසීහු. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
آية رقم 24
මෙම කණ්ඩායම් දෙකෙහි උපමාව අන්ධයා හා බිහිරා එමෙන්ම දෘෂ්ටිය ඇත්තා හා සවන් දෙන්නා මෙන් වෙයි. මොවුන් දෙදෙනා උපමාවෙන් සමාන වෙයි ද? එබැවින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
آية رقم 25
තවද සැබැවින්ම අපි නූහ් ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. නියත වශයෙන්ම මම නුඹලාට අවවාද කරන්නෙකු වෙමි. (යැයි ඔහු පැවසුවේය.)
آية رقم 26
නුඹලා අල්ලාහ් හැර (වෙනත් කිසිවෙකුට) ගැතිකම් නොකළ යුතුය. නියත වශයෙන්ම මම නුඹලා වෙත වේදනීය දිනයක දඬුවම ගැන බිය වෙමි. (යැයි තවදුරටත් පැවසුවේය.)
آية رقم 27
එවිට ‘නුඹ අප මෙන් මිනිසෙකු ලෙසින් මිස අපි නුඹ ව නොදකිමු. එමෙන්ම අපට වඩා පහත් ගම්බද අදහස් ඇති අය හැර වෙනත් කිසිවකු නුඹ ව අනුගමනය කරන බව ද අපි නොදකිමු. තවද අපට වඩා ශ්‍රෙෂ්ඨත්වයක් නුඹලාට ඇතැයි ද අපි නොසිතමු. නුඹලා මුසාවාදීන් බව අපි සිතන්නෙමු’ යැයි ඔහුගේ ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසූහ.
آية رقم 28
මාගේ ජනයිනි මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මම සිටීම ගැනද ඔහු වෙතින් මා හට කරුණාව පිරිනමා තිබීම ගැනද නුඹලා කුමක් සිතන්නෙහු ද? නමුත් නුඹලා වෙත අන්ධභාවය ඇති කරන ලදී. නුඹලා පිළිකුල් කරන්නන් ව සිටිය දී අපි නුඹලාට එය බල කරන්නෙමු ද?
آية رقم 29
තවද අහෝ මාගේ ජනයිනි, මේ වෙනුවෙන් මම නුඹලාගෙන් මුදලක් නොඉල්ලමි. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස නැත. තවද මම විශ්වාස කළවුන් පලවා හරින්නෙකු ද නොවෙමි. නියත වශයෙන්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපති ව හමු වන්නන්ය. එනමුත් මම නුඹලා ව දකිනුයේ අඥානකමින් කටයුතු කරන පිරිසක් ලෙසිනි.
آية رقم 30
තවද අහෝ මාගේ ජනයිනි, මම ඔවුන් ව පලවා හැරියේ නම් අල්ලාහ්ගෙන් (මා ආරක්ෂා වීමට) මට උදව් කරනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
آية رقم 31
මා වෙත අල්ලාහ්ගේ නිධන් වස්තු ඇතැයි මම නොකියමි. තවද මම ගුප්ත දැය නොදනිමි. සැබැවින්ම මම මලක්වරයකු යැයි ද නොකියමි. නුඹලාගේ ඇස් පහත් ලෙස දුටු උදවියට අල්ලාහ් කිසිදු යහපතක් පිරි නොනමනු ඇතැයි මම නොකියමි. ඔවුන් තුළ ඇති දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය. නියත වශයෙන්ම මම එවිට අපරාධකරුවන් අතුරින් වෙමි.
آية رقم 32
අහෝ නූහ්, සැබැවින්ම නුඹ අප සමග තර්ක කළෙහිය. අප සමග වූ තර්කය නුඹ අධික කළෙහිය. නුඹ සත්‍යවාදීන් අතුරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසුවෝය.
آية رقم 33
සැබැවින්ම අල්ලාහ් එය නුඹලා වෙත ගෙන එනුයේ ඔහු අභිමත කළේ නම් පමණි. තවද නුඹලා (එයින් මිදීමට) හැකියාව ඇත්තන් නොවන්නෙහුය.
آية رقم 34
නුඹලා ව නොමග යැවීමට අල්ලාහ් අපේක්ෂා කර සිටියේ නම් මම නුඹලාට උපදෙස් දීමට සිතුව ද නුඹලාට මාගේ උපදෙස ඵලක් නොවන්නේය. ඔහුය නුඹලාගේ පරමාධිපති. තවද ඔහු වෙතටමය නුඹලා නැවත යොමු කරනු ලබන්නේ.
آية رقم 35
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසති. (නබිවරය) නුඹ පවසනු. එය මම ගෙතුවේ නම් (මා කළ) මාගේ වැරුද්ද මට එරෙහිවය. තවද නුඹලා කරන වැරදි දැයින් මම ඉවත් වන්නෙමි.
آية رقم 36
තවද නුඹගේ ජනයා අතුරින් (පෙර) විශ්වාස කළවුන් හැර වෙනත් කිසිවකු විශ්වාස නොකරන්නෝමය. එබැවින් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව නුඹ දුක් නොවනු යැයි නූහ්ට පණිවිඩ දෙන ලදී.
آية رقم 37
තවද අපගේ අධීක්ෂණය හා අපගේ අණ පරිදි නුඹ නැව තනනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමග කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුහු ගිල් වනු ලබන්නෝමය.
آية رقم 38
තවද ඔහු නැව නිර්මාණය කරයි. ඔහුගේ ජනයා අතුරින් ප්‍රධානීහු ඔහු වෙත ගමන් කළ සෑම විටම ඔහු ගැන ඔවුහු සමච්චල් කළෝය. එබැවින් නුඹලා සමච්චල් කරන්නාක් මෙන්ම සැබැවින්ම අපි ද නුඹලා ගැන සමච්චල් කරන්නෙමු යැයි පැවසීය.
آية رقم 39
තමන් විනාශ කර දමන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැයි ද සදාතනික දඬුවම කවුරුන් වෙත ඇති වන්නේ යැයි ද නුඹලා මතු දැන ගනු ඇත. (ඔහු පැවසුවේය)
آية رقم 40
අවසානයේ අපගේ නියෝගය පැමිණ උදුනින් උතුරා ගිය විට එහි දෙදෙනෙකුගෙන් යුත් සෑම ජෝඩුවක් බැගින් ද තවද (දඬුවමේ) වදන කවුරුන් වෙත පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ සෙසු උදවිය ද විශ්වාස කළවුන් ද නැවට නංවා ගනුයි අපි පැවසුවෙමු. ඔහු සමග ස්වල්ප දෙනෙකු මිස විශ්වාස නොකළෝය.
آية رقم 41
නුඹලා එහි ගොඩ වනු. එය ගමන් ගන්නේ ද එය නතර වන්නේ ද අල්ලාහ්ගේ නාමයෙනි. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය යැයි ඔහු පැවසුවේය.
آية رقم 42
තවද ඔවුන් රැගෙන කඳු මෙන් වූ රළ අතර එය ගමන් ගත්තේය. නූහ් තම පුතණුවන් ඇමතුවේය. ඔහු (නැවෙන්) බැහැර ව සිටියේය. ‘මාගේ පුතණුවනි, අප සමග ඔබත් නැවට ගොඩවනු. තවද ඔබ දේව ප්‍රතික්ෂේපකයින් සමග නොවනු.
آية رقم 43
ජලයෙන් මා ආරක්ෂා කරන කන්දක් වෙත යමි යැයි ඔහු පැවසුවේය. කවුරුන් වෙත ඔහු කරුණාව පෙන්වූයේ ද ඔවුන් හැර අල්ලාහ්ගේ නියෝගයෙන් අද දින ආරක්ෂා කරන කිසිවෙකු නොමැත. ඔවුන් දෙදෙනා අතර රළ වට කර ගත්තේය. එවිට ඔහු ගිලී ගිය අතුරින් අයෙකු විය.
آية رقم 44
අහෝ මහපොළොව, ඔබේ ජලය ඔබ ගිල ගනු. අහෝ අහස, ඔබ (වැසි) නතර කරනු යැයි කියනු ලැබීය. ජලය අඩු වී ගියේය. නියෝගය තීන්දු විය. එය (නැව) ජූද් කන්ද මත රැඳිණ. අපරාධකාරී ජනයා දුරස් වේවා යැයි කියනු ලැබීය.
آية رقم 45
(එවිට) නූහ් තම පරමාධිපති අමතා මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මාගේ පුතණුවන් මාගේම පවුලේ කෙනෙකි. තවද නියත වශයෙන්ම ඔබගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබ තීරකයින් අතුරින් මහා තීරකය යැයි ප්‍රාර්ථනා කළේය.
آية رقم 46
අහෝ නූහ්, නියත වශයෙන්ම ඔහු නුඹගේ පවුලෙන් කෙනෙකු නොවේ. නියත වශයෙන්ම ඔහු දැහැමිභාවයෙන් තොර ව ක්‍රියා කළ අයෙකි. එබැවින් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුමක් නොමැත්තේ ද එය මගෙන් නුඹ නොඉල්ලනු. නියත වශයෙන්ම නුඹ අඥානයින් අතුරින් වීම ගැන මම නුඹට උපදෙස් දෙමි යැයි ඔහු පැවසීය.
آية رقم 47
මාගේ පරමාධිපතියාණනි, කවර දෙයක් ගැන මට දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබෙන් ඉල්ලීමෙන් මම ඔබගේ ආරක්ෂාව පතමි. ඔබ මට සමාව දී ඔබ මා හට කරුණා නොකරන්නේ නම් මම අලාභවන්තයින් අතුරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
آية رقم 48
අහෝ නූහ්, අපගෙන් වූ ආශිර්වාදය සමග ද ඔබ වෙත හා ඔබ සමග සිටි සමූහයන් වෙත වූ අභිවෘද්ධියන් සමග ද ඔබ ගොඩ බසිනු. තවත් සමූහයන් (වෙති), අපි ඔවුනට (මද කලකට) භුක්ති විඳින්නට සලස්වන්නෙමු. පසු ව අපගෙන් වූ වේදනීය දඬුවමක් ඔවුන් හසු කර ගනු ඇත.
آية رقم 49
මෙය ගුප්ත පුවත් අතුරිනි. අපි එය නුඹ වෙත දන්වා සිටිමු. මීට පෙර නුඹ හා නුඹගේ ජනයා එය දැන සිටියේ නැත. එබැවින් නුඹ ඉවසනු. නියත වශයෙන්ම යහපත් අවසානය දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් හටය.
آية رقم 50
තවද ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව ද (අපි එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැති කම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවිඳෙකු නොමැත. නුඹලා ගොතන්නන් මිස නැත යැයි ඔහු පැවසුවේය.
آية رقم 51
මාගේ ජනයිනි, ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය මා මැවූ අය වෙත මිස නැත. එබැවින් නුඹලා වටහා ගත යුතු නොවේ ද?
آية رقم 52
මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. පසු ව පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. ඔහු නුඹලා වෙත අහස් ජලය අඛණ්ඩ ව එවනු ඇත. තවද නුඹලාගේ බලයට බලය වර්ධනය කර දෙනු ඇත. තවද නුඹලා වැරදිකරුවන් ලෙසින් පිටු නොපානු.
آية رقم 53
අහෝ හූද්, නුඹ අප වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවේ නැත. තවද අපි නුඹේ කියමන අනුව අපගේ දෙවිවරුන් අතහරින්නන් නොවෙමු. තවද අපි නුඹ ව විශ්වාස කරන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසුවෝය.
آية رقم 54
අපගේ ඇතැම් දෙවිවරුන් නුඹට හානියක් සිදු කරනු ඇතැයි මිස අපි නොපවසන්නෙමු.’ ‘නියත වශයෙන්ම මම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ආදේශ තබන දැයින් ඉවත් වූවකු බවට අල්ලාහ් වෙත සාක්ෂි දරනු ලැබුවෙමි
آية رقم 55
එහෙයින් නුඹලා සියල්ල එක් ව මට ක්‍රමන්ත්‍රණ කරනු. පසු ව මට නුඹලා අවකාශ නොදෙනු.’ යැයි ඔහු පැවසුවේය.
آية رقم 56
නියත වශයෙන්ම මම මාගේ පරාධිපති වූ ද නුඹලාගේ පරමාධිපති වූ ද අල්ලාහ් වෙත (සියල්ල) භාර කළෙමි. කිසිදු ජීවියෙකු එහි නළල් කෙස් රොදින් ඔහු හසු කර ගන්නෙකු මිස නැත. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඍජු මාර්ගය මතය.
آية رقم 57
නමුත් නුඹලා පිටුපෑවෙහු නම් (දැන ගනු) මා නුඹලා වෙත කවර කරුණක් සමග එවනු ලැබුවෙම් ද එය මා නුඹලා වෙත සැබැවින්ම දැන්වූයෙමි. තවද මාගේ පරමාධිපති නුඹලා නොවන පිරිසක් නියෝජිතයින් බවට පත් කරයි. නුඹලා ඔහුට කිසිවකින් හානි සිදු කළ නොහැක. නියත වශයෙන්ම මාගේ පරමාධිපති සියලු දෑ සුරක්ෂා කරන්නාය.
آية رقم 58
අපගේ නියෝගය පැමිණි කල්හි අපගෙන් වූ ආශිර්වාදය තුළින් අපි හූද් හා ඔහු සමග වූ විශ්වාස කළවුන් මුදවා ගතිමු. තවද අපි ඔවුන් ව දැඩි දඬුවමින් මුදවා ගතිමු.
آية رقم 59
තවද එය ආද්(සමූහයා)ය. ඔවුහු තම පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළෝය. තවද ඔවුහු ඔහුගේ ධර්ම දූතවරුන්ට පිටුපෑහ. තවද ඔවුහු සෑම දෘඪ පාලකයකුගේම නියෝග පිළිපැද්දෝය.
آية رقم 60
තවද මෙලොවෙහි ද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයෙහි ද ශාපය ඔවුන් ලුහු බඳිනු ලබනු ඇත. දැන ගනු නියත වශයෙන්ම ආද් සමූහයා තම පරමාධිපති ප්‍රතික්ෂේප කළෝය. දැන ගනු හූද්ගේ ජනයා වූ ආද් (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස් වූහ.
آية رقم 61
තවද සමූද් (ජනයා) වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. නුඹලා ව මහපොළොවෙන් බිහි කළේ ඔහුය. තවද එහි (පදිංචි වීමට) නුඹලාට ආයු කාලයක් දුන්නේය. එබැවින් නුඹලා ඔහුගෙන් සමාව ඉල්ලා පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති සමීපය. පිළිතුරු දෙන්නාය.
آية رقم 62
‘අහෝ සාලිහ්, මීට පෙර ඔබ අප අතර බලාපොරොත්තු තැබිය හැක්කෙකු විය. අපගේ මුතුන් මිත්තන් ගැතිකම් කරන දෑට අප ගැතිකම් කිරීමෙන් නුඹ අප ව වළක්වන්නෙහි ද? නුඹ අප ව කුතුහලයක් ඇති කර වන දෑ වෙත අප ව ඇරයුම් කරන්නෙහි ද? නියත වශයෙන්ම අපි ඒ ගැන සැකයෙහි පසුවන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.
آية رقم 63
‘මාගේ ජනයිනි, මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මම හිඳිමින් ඔහුගෙන් වූ ආශිර්වාදයක් මට ඔහු පිරිනමා තිබිය දී මම ඔහුට පිටුපෑවේ නම් අල්ලාහ්ගෙන් තොර ව මට උපකාර කරනුයේ කවුරුන් දැයි යන වග නුඹලා සිතා බැලුවෙහු ද? නුඹලා මට අලාභ හානිය මිස වෙනත් කිසිවක් වැඩි කළේ නැත’ යැයි ඔහු පැවසුවේය.
آية رقم 64
අහෝ මාගේ ජනයිනි, මෙය නුඹලාට සංඥාවක් වශයෙන් (දෙන ලද්දා) වූ අල්ලාහ්ගේ ඔටු දෙනය. එබැවින් මහපොළොවේ උළා කන්නට නුඹලා ඌ අත හැර දමනු. යම් නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නොකරනු. එවිට සමීපයෙන් වූ දඬුවමක් නුඹලා ව හසු කර ගනු ඇත.
آية رقم 65
පසු ව ඔවුහු උගේ ගෙල නහර කපා දැමුවෝය. එවිට නුඹලා නුඹලාගේ නිවෙස් තුළ දින තුනක් භුක්ති විඳිනු. එය බොරු කළ නොහැකි ප්‍රතිඥාව යැයි ඔහු පැවසීය.
آية رقم 66
එවිට අපගේ (දඬුවමේ) නියෝගය පැමිණි කල්හි අපගේ ආශිර්වාදය තුළින් හා එදින අවමානයෙන් අපි සාලිහ් හා ඔහු සමග වූ විශ්වාස කළවුන් ව මුදවා ගතිමු. නියත වශයෙන්ම ඔබේ පරමාධිපති වන ඔහුය සර්ව බලධාරී අති බල සම්පන්න වන්නේ.
آية رقم 67
තවද මහා හඬ අපරාධ කළවුන් හසු කළේය. එවිට ඔවුහු උදෑසන තම නිවෙස් තුළ මළ කඳන් ලෙසින් සිටියහ.
آية رقم 68
ඔවුහු එහි කිසිවිටෙක පදිංචි නොවූවක් මෙනි. දැන ගනු. නියත වශයෙන්ම සමූද් (ජනයා) ඔවුන්ගේ පරමාධිපති ව ප්‍රතික්ෂේප කළෝය. දැන ගනු සමූද් (ජනයා අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස් වූහ.
آية رقم 69
අපගේ දූතයින් ශුභාරංචි සමග ඉබ්‍රාහීම් වෙත පැමිණ ‘ශාන්තිය අත් වේවා’ යැයි පැවසූහ. ඔහු ද ‘ශාන්තිය අත් වේවා ’ යැයි පැවසුවේය. එවිට (ආගන්තුකයින් සඳහා) බැඳපු වසු පැටවෙකු ගෙන ඒමට (ඔහුට) වැඩි වේලාවක් ගත නොවීය.
آية رقم 70
ඔවුන්ගේ අත් ඒ(ආහාරය) වෙත ළඟා නොවූ බව ඔහු දුටු විට ඔවුන් නාඳුනන අය බව වැටහිණි. ඔවුන් පිළිබඳ බියක් ඇති විය. ‘නුඹ බිය නොවනු. නියත වශයෙන්ම අපි ලූත්ගේ ජනයා වෙත එවනු ලැබූවන් වෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.
آية رقم 71
ඔහුගේ බිරිය ද සිට ගෙන සිටියාය. (මෙය ඇසූ) ඇය සිනහසුණාය. එවිට අපි ඇයට (ඉපදෙන්නට සිටින) ඉස්හාක් පිළිබඳ හා ඉස්හාක්ගෙන් පසු යඃකූබ් පිළිබඳ ශුභාරංචි දැන්වූයෙමු.
آية رقم 72
අහෝ මාගේ ඛේදය මම මැහැල්ලියෙකු ව සිටිය දී මේ මාගේ සැමියා වයෝවෘද්ධයෙකු ව සිටිය දී මම දරුවකු ප්‍රසූත කරන්නෙම් ද? නියත වශයෙන්ම එය පුදුම සහගත කරුණකි යැයි ඇය කීවාය.
آية رقم 73
අල්ලාහ්ගේ නියෝගය සම්බන්ධ යෙන් නුඹ පුදුම වන්නෙහි ද? අල්ලාහ්ගේ ආශිර්වාදය හා භාග්‍යය නිවැසියන් වන නුඹලා සතු වේවා නියත වශයෙන්ම ඔහු ප්‍රශංසා ලාභීය. අති කීර්තිමත්ය.
آية رقم 74
ඉබ්‍රාහීම්ගෙන් බිය පහ ව ගොස් (දරුවන් සම්බන්ධයෙන් වූ) ශුභාරංචි ඔහු වෙත පැමිණි කල්හි ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් ඔහු අප සමග වාද කළේය.
آية رقم 75
ﭼﭽﭾﭿﮀ
ﮁ
නියත වශයෙන්ම ඉබ්‍රාහීම් ඉවසන සුළු කරුණාවන්ත (අල්ලාහ් වෙත) නැඹුරුවන්නෙකි.
آية رقم 76
අහෝ ඉබ්‍රාහීම්, ඔබ මෙයින් වැළකෙනු. සැබැවින්ම ඔබගේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. තවද නියත වශයෙන්ම ඔවුන් වෙත ප්‍රතික්ෂේප කළ නොහැකි දඬුවමක් පැමිණ ඇත.
آية رقم 77
අපගේ දූතවරුන් ලූත් වෙත පැමිණි කල්හි ඔහු ඔවුන් පිළිබඳ කනස්සල්ලට පත් විය. තවද ඔවුන් පිළිබඳ ව බලවත් ලෙස පීඩනයට පත් විය. තවද මෙය දරුණු දිනයකි යැයි ඔහු පැවසුවේය.
آية رقم 78
තවද ඔහුගේ ජනයා ඔහු වෙත (ඔවුන් සමග වැරදි ලෙස හැසිරීමට) වේගයෙන් පැමිණියහ. තවද මීට පෙරද ඔවුන් නපුරුකම් සිදුකරමින් පසු වූහ. මාගේ ජනයිනි, මේ මාගේ දූවරුන්ය. මොවුන් නුඹලාට අති පිවිතුරුය. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. මාගේ ආගන්තුකයින් අතර මා අවමානයට පත් නොකරනු. යහ මග ලැබූ කිසිදු (බුද්ධිමත්) මිනිසෙකු නුඹලා අතුරින් නොවේ දැයි ඔහු විමසුවේය.
آية رقم 79
නුඹගේ දූවරුන් සම්බන්ධයෙන් (කිසිදු අවශ්‍යතාවක්) අපට නොමැති බව සැබෑ ලෙසින් නුඹ දන්නෙහිය. තවද අප අපේක්ෂා කරනුයේ කුමක් දැයි ද නුඹ නියත වශයෙන්ම දන්නෙහිය යැයි ඔවුහු පැවසූහ.
آية رقم 80
නුඹලාට එරෙහි ව (ක්‍රියා කිරීමට) නියත වශයෙන් මට බලයක් තිබුණේ නම් නැතහොත් බලවත් ආධාරකයක් වෙත පිහිට පතන්නට මට හැකි වන්නේ නම් යැයි ඔහු පැවසුවේය.
آية رقم 81
“අහෝ ලූත්, සැබැවින්ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතයෝ වෙමු. නුඹ වෙත ඔවුහු ළඟා නොවන්නෝමය. එබැවින් රාත්‍රිය අවසන් කොටසෙහි නුඹගේ පවුල රැගෙන රහසිගත ව පිටත් ව යනු. නුඹලා අතුරින් කිසිවකු හැරී නොබැලිය යුතුය. නුඹගේ බිරිය හැර. ඔවුනට අත්වන දෑ නියත වශයෙන්ම ඇයට ද අත්වනු ඇත. නියත වශයෙන්ම ඔවුන්ගේ ප්‍රතිඥත කාලය අලුයම් කාලයයි. අලුයම් කාලය සමීප ව නොවේ ද?” යැයි ඔවුහු පැවසූහ.
آية رقم 82
අපගේ නියෝගය පැමිණි කල්හි අපි එය උඩු යටිකුරු කළෙමු. තවද ඒ වෙත එකිනෙකට ඇමුණුනු පිලිස්සුණු ගල් වැස්සවීමු.
آية رقم 83
(එය) නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවකි. අපරාධකරුවන්ගෙන් එය දුරස් නොවීය.
آية رقم 84
මද්යන් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිඳු දෙවියකු නොමැත. කිරුම් හා මිනුම් වල අඩු නොකරනු. නියත වශයෙන්ම මම නුඹලාට යහපතම දකිමි. තවද නියත වශයෙන්ම මම සියල්ල ග්‍රහණය කරන දිනයක දඬුවම නුඹලා වෙත ඇති වීම ගැන බිය වෙමි.
آية رقم 85
අහෝ මාගේ ජනයිනි, නුඹලා කිරුම් මිනුම් යුක්ති ගරුක ලෙසින් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩුපාඩු නොකරනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස පහත් අයුරින් කටයුතු නොකරනු.
آية رقم 86
නුඹලා විශ්වාසවන්තයින් නම් අල්ලාහ්ගෙන් වූ ශේෂය නුඹලාට උතුම්ය. තවද මම නුඹලා වෙත වූ ආරක්ෂකයකු නොවෙමි.
آية رقم 87
අහෝ ෂුඅයිබ්, අපගේ මුතුන් මිත්තන් නමදින දෑ අප අත හැර දැමීමටත් අපගේ වස්තු වල අප කැමති පරිදි අප කටයුතු නොකිරීමටත් නුඹගේ සලාතය නුඹට අණ කරන්නේ ද? සැබැවින්ම ඉවසනු සුළු යහ මගහි ගමන් කරන්නා නුඹ (පමණ) දැයි විමසුවෝය.
آية رقم 88
අහෝ මාගේ ජනයිනි, මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී තවද ඔහු විසින් යහපත් පෝෂණය ඔහු මා වෙත පිරිනමා තිබිය දී නුඹලා ඒ ගැන කුමක් සිතන්නෙහු ද? මා නුඹලාට කවර දෙයක් තහනම් කළේ ද එයින් බැහැර ව නුඹලාට විරුද්ධ ව කටයුතු කිරීමට මම අපේක්ෂා නොකරමි. මට හැකි පමණින් (සමාජය) විධිමත් කිරීම මිස වෙනෙකක් මම බලාපොරොත්තු නොවෙමි. මාගේ පිළිගැනීම අල්ලාහ්ගෙන් මිස නැත. ඔහු වෙත මම (සියල්ල) භාර කළෙමි. තවද ඔහු වෙතට යොමු වෙමි.
آية رقم 89
තවද අහෝ මාගේ ජනයිනි, මා සමග වූ භේදය නූහ්ගේ ජනයාට හෝ හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට හෝ ඇති වූවක් මෙන් දෙයක් නුඹලාට ඇති වීම තරම් නුඹලා ව වැරදි කරුවන් බවට පත් නොකරත්වා තවද නුඹලා අතුරින් වූ ලූත්ගේ ජනයාට (සිදු වූ දඬුවම) ඈතක නොවේ.
آية رقم 90
තවද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා සමාව අයැද සිටිනු. පසු ව ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අපරිමිත දයාන්විතය. සෙනෙහෙවන්තය.
آية رقم 91
අහෝ ෂුඅයිබ්, නුඹ පවසන දැයින් බොහෝමයක් අපට වැට හෙන්නේ නැත. තවද ඔබ ව අප අතර දුර්වලයකු සේ නියත වශයෙන්ම අපි දකිමු. තවද නුඹේ පවුලේ අය නොවී නම් අපි නුඹට ගල් ගසා මරන්නෙමු. තවද නුඹ අප කෙරෙහි බලවතෙකු නොවේ යැයි ඔවුහු පැවසුවෝය.
آية رقم 92
අහෝ මාගේ ජනයිනි, අල්ලාහ්ට වඩා නුඹලා වෙත බලවත් වනුයේ මාගේ පවුලේ අය ද? තවද නුඹලා ඔහු ව නුඹලාගේ පසුපසින් පිටපැත්තට ගත්තෙහුය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නාය.
آية رقم 93
අහෝ මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. නියත වශයෙන්ම මම ද කටයුතු කරමි. කවුරුන් වෙත අවමානය ගෙන දෙන දඬුවම පැමිණෙන්නේ දැයි ද බොරු පවසන්නා කවරෙකු දැයි ද නුඹලා මතු දැන ගනු ඇත. නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම නුඹලා සමග බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.
آية رقم 94
අපගේ දඬුවම පැමිණි කල්හි අපි ෂුඅයිබ් හා ඔහු සමග විශ්වාස කළවුන් ව අපගේ ආශිර්වාදයෙන් අපි මුදවා ගත්තෙමු. තවද මහා හඬ අපරාධ කළවුන් ග්‍රහණය කළේය. එවිට ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට උදෑසන පත් වූහ.
آية رقم 95
ඔවුහු එහි වාසය නොකළාක් මෙනි. දැන ගනු. සමූද් ජනයා දුරස් වූවාක් මෙන් මද්යන් වාසීන් ද දුරස් වූහ.
آية رقم 96
ﯰﯱﯲﯳﯴﯵ
ﯶ
තවද සැබැවින්ම අපි අපගේ වදන් හා පැහැදිලි සාධක සමග මූසා ව එව්වෙමු.
آية رقم 97
ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. නමුත් ඔවුහු ෆිර්අවුන්ගේ නියෝගය පිළිපැද්දාහ. ෆිර්අවුන්ගේ නියෝගය නිවැරදි (බුද්ධිමත්) එකක් නොවීය.
آية رقم 98
මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ ඔහු ඔහුගේ ජනයාට පෙරමුණ ගනී. තවද ඔවුන් ව (නිරා) ගින්න වෙත ගෙන යයි. එසේ ගෙන යෑමත් ගෙන යනු ලබන ස්ථානයත් නපුරු විය.
آية رقم 99
තවද මෙහි දී ද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ දී ද ශාපයෙන් ඔවුන් ලුහුබඳිනු ලැබීය. තවද ප්‍රදානය කරනු ලැබූ ප්‍රදානය නපුරු විය.
آية رقم 100
මේවා පුරාණ ගම්වාසීන්ගේ පුවත් අතුරිනි. අපි නුඹ වෙත ඒවා කියවා පෙන්වන්නෙමු. එයින් ශේෂ ව පවතින දෑ ද මුලිනුපුටා දමනු ලැබූ දෑද ඇත.
آية رقم 101
අපි ඔවුනට අපරාධ නොකළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගත්හ. නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි කල්හි අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් අයැද සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් නොවීය. ඔවුහු අලාභ හානිය මිස වෙනෙකක් ඔවුනට වර්ධනය නොකළෝය.
آية رقم 102
ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය ඔහු ග්‍රහණය කළ විට නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය එලෙසය. නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගතය.
آية رقم 103
නියත වශයෙන්ම මතු ලොවෙහි දඬුවමට බිය වන්නන්හට එහි සංඥාවක් ඇත. එය ජනයා එක් රැස් කරනු ලබන දිනයකි. තවද එය සාක්ෂි පවසනු ලබන දිනයකි.
آية رقم 104
ﮭﮮﮯﮰﮱ
ﯓ
නියමිත කාලයකට මිස අපි එය ප්‍රමාද නොකරන්නෙමු.
آية رقم 105
එය පැමිණෙන දින කිසිදු ආත්මයක් ඔහුගේ අවසරයෙන් තොර ව කතා නොකරයි. ඔවුන් අතර අභාග්‍යවන්තයා ද භාග්‍යවන්තයා ද සිටියි.
آية رقم 106
අභාග්‍යවන්තයින් වූ කලී (ඔවුන්) නිරයෙහිය. ඔවුනට එහි කෙඳිරි ගෑම හා මොර දීම ඇත.
آية رقم 107
අහස් හා මහපොළොව පවතින තාක්කල් ඔවුන් එහි සදාතනිකයින්ය. නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහු සිතන දෑ සිදු කරන්නාය.
آية رقم 108
භාග්‍ය ලැබූවන් වූ කලී (ඔවුන් ස්වර්ග) උයන් තුළය. අහස් හා මහපොළොව පවතින තාක්කල් (ඔවුන්) එහි සදාතනිකයින්ය. නමුත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. එය නොකැඩෙන පිරිනැමීමක් වශයෙනි.
آية رقم 109
එබැවින් (නබිවරය,) මොවුන් ගැතිකම් කරන දෑ පිළිබඳ සැකයෙහි නුඹ නොසිටිනු. මීට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන් ගැතිකම් කරන්නාක් මෙන් මිස ඔවුන් ගැතිකම් නොකරති. සැබැවින්ම අපි ඔවුන්ගේ කොටස කිසිදු අඩුවකින් තොර ව පිරිනමන්නන් වෙමු.
آية رقم 110
තවද සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. නමුත් එහි මත භේදයට පත් වන ලදී. නුඹගේ පරමාධිපතිගෙන් පෙරටු වූ වදනක් නොවී නම් ඔවුන් අතර තීන්දු දෙනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන්ම ඔවුන් ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරන්නා වූ සැකයෙහි වෙති.
آية رقم 111
තවද නියත වශයෙන්ම සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්‍රියාවන්ට නුඹගේ පරමාධිපති ඔවුනට පූර්ණ ව (ප්‍රතිඵල) දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු ඔවුන් කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
آية رقم 112
නුඹට අණ කරනු ලැබූ පරිදි නුඹ හා නුඹ සමග පශ්චාත්තාප වී යොමු වූවන් ස්ථාවර ව සිටිනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
آية رقم 113
තවද නුඹලා අපරාධ කළවුන් වෙත නැඹුරු නොවනු. එවිට (නිරා) ගින්න නුඹලා ව ස්පර්ශ කරනු ඇත. අල්ලාහ්ගෙන් තොර ව භාරකරුවන් කිසිවකු නුඹලාට නොමැත. පසු ව නුඹලා උදව් කරනු නොලබන්නෙහුය.
آية رقم 114
දහවල් දෙකෙළවරෙහි හා රාත්‍රියෙන් කොටසක නුඹලා සලාතය විධිමත් ව ඉටු කරනු. නියත වශයෙන්ම දැහැමි දෑ නපුරු දෑ පහ කර දමයි. එය මෙනෙහි කරන්නන්හට මෙනෙහි කිරීමකි.
آية رقم 115
තවද නුඹ ඉවසා දරා ගනු. නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරනු ඇත.
آية رقم 116
ඔබලාට පෙර සිටි පරම්පරාවන් අතුරින් මහපොළොවේ කලහකම් වළක්වාලන බුද්ධිමතුන් සිටිය යුතු නොවේ ද? නමුත් ඔවුන්ගේ අපි මුදවාගත් ඇතැමුන් හැර. අපරාධ කළවුන් ඔවුන් කවර දෙයක සැප විඳිනු ලැබුවේද එය පිළිපදිමින් සිටියහ. තවද ඔවුහු වැරදිකරුවන් බවට පත් වූහ.
آية رقم 117
අපරාධ කරමින් සිටි ගමක් එහි වැසියන් ප්‍රතිසංවිධායකයින් ලෙස සිටිය දී එය අල්ලාහ් විනාශ නොකරයි.
آية رقم 118
නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් සියලු ජනයා එකම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. ඔවුහු භේද ඇති කර ගන්නවුන් ලෙසම සිටිති.
آية رقم 119
නමුත් නුඹගේ පරමාධිපති ආශිර්වාද කළ අය හැර. තවද ඒ වෙනුවෙන්ම ඔහු ඔවුන් ව මැව්වේය. තවද ‘ජින්නුන් හා මිනිසුන් අතුරින් වූ දෙපිරිසගෙන් නිරය පුරවන්නෙමි යන නුඹගේ පරමාධිපතිගේ වදන පූර්ණවත් විය.
آية رقم 120
ධර්ම දූතයින්ගේ පුවත් අතුරින් නුඹ වෙත අප දන්වා සිටි සියල්ල එය එමගින් නුඹගේ හදවත් ස්ථාවර කිරීමටය. මෙහි සත්‍යය ද දේව විශ්වාසවන්තයින් සඳහා වූ උපදෙස හා මෙනෙහි කිරීම ද නුඹ වෙත පැමිණ ඇත.
آية رقم 121
නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට ක්‍රියා කරනු. සැබැවින්ම අප ද ක්‍රියා කරන්නන් වෙමු යැයි විශ්වාස නොකරන්නන්හට (නබිවරය) නුඹ පවසනු.
آية رقم 122
ﮌﮍﮎ
ﮏ
තවද නුඹලා බලාපොරොත්තු වෙන් සිටිනු. නියත වශයෙන්ම අපි ද බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු.
آية رقم 123
අහස් හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතුය. සියලු කරුණු යොමු කරනු ලබනුයේ ඔහු වෙතටමය. එබැවින් නුඹ ඔහුට ගැතිකම් කරනු. තවද ඔහු වෙත සියල්ල භාර කරනු. නුඹගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ ව අනවධානියෙකු නොවේ.
تقدم القراءة