ترجمة سورة الهمزة

الترجمة السنهالية
ترجمة معاني سورة الهمزة باللغة السنهالية من كتاب الترجمة السنهالية .
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

දොස් නගමින් නින්දා බස් කියන අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!
ඔහු ධනය රැස් කොට එය ගණන් කරන්නෙක්ය.
නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරනු ඇතැ යි ඔහු සිතයි.
එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.
හුතමා ව යනු කුමක්දැ යි නුඹලා ව දැනුවත් කළේ කුමක්ද?
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
එය සිත් මත එබිකම් කරයි. (පසාරු කරයි)
සැබැවින්ම එය,ඔවුන් වට කර ගන්නකි.
උස් කුලුනු තුළ (හිරකර)
Icon