ترجمة معاني سورة النّور باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة الإنجليزية - صحيح انترناشونال
المنتدى الإسلامي
الترجمة الإنجليزية
الترجمة الفرنسية - المنتدى الإسلامي
نبيل رضوان
الترجمة الإسبانية
محمد عيسى غارسيا
الترجمة الإسبانية - المنتدى الإسلامي
الترجمة الإسبانية (أمريكا اللاتينية) - المنتدى الإسلامي
المنتدى الإسلامي
الترجمة البرتغالية
حلمي نصر
الترجمة الألمانية - بوبنهايم
عبد الله الصامت
الترجمة الألمانية - أبو رضا
أبو رضا محمد بن أحمد بن رسول
الترجمة الإيطالية
عثمان الشريف
الترجمة التركية - مركز رواد الترجمة
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة التركية - شعبان بريتش
شعبان بريتش
الترجمة التركية - مجمع الملك فهد
مجموعة من العلماء
الترجمة الإندونيسية - شركة سابق
شركة سابق
الترجمة الإندونيسية - المجمع
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الإندونيسية - وزارة الشؤون الإسلامية
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الفلبينية (تجالوج)
مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الفارسية - دار الإسلام
فريق عمل اللغة الفارسية بموقع دار الإسلام
الترجمة الفارسية - حسين تاجي
حسين تاجي كله داري
الترجمة الأردية
محمد إبراهيم جوناكري
الترجمة البنغالية
أبو بكر محمد زكريا
الترجمة الكردية
حمد صالح باموكي
الترجمة البشتوية
زكريا عبد السلام
الترجمة البوسنية - كوركت
بسيم كوركورت
الترجمة البوسنية - ميهانوفيتش
محمد مهانوفيتش
الترجمة الألبانية
حسن ناهي
الترجمة الأوكرانية
ميخائيلو يعقوبوفيتش
الترجمة الصينية
محمد مكين الصيني
الترجمة الأويغورية
محمد صالح
الترجمة اليابانية
روايتشي ميتا
الترجمة الكورية
حامد تشوي
الترجمة الفيتنامية
حسن عبد الكريم
الترجمة الكازاخية - مجمع الملك فهد
خليفة الطاي
الترجمة الكازاخية - جمعية خليفة ألطاي
جمعية خليفة الطاي الخيرية
الترجمة الأوزبكية - علاء الدين منصور
علاء الدين منصور
الترجمة الأوزبكية - محمد صادق
محمد صادق محمد
الترجمة الأذرية
علي خان موساييف
الترجمة الطاجيكية - عارفي
فريق متخصص مكلف من مركز رواد الترجمة بالشراكة مع موقع دار الإسلام
الترجمة الطاجيكية
خوجه ميروف خوجه مير
الترجمة الهندية
مولانا عزيز الحق العمري
الترجمة المليبارية
عبد الحميد حيدر المدني
الترجمة الغوجراتية
رابيلا العُمري
الترجمة الماراتية
محمد شفيع أنصاري
الترجمة التلجوية
مولانا عبد الرحيم بن محمد
الترجمة التاميلية
عبد الحميد الباقوي
الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الأسامية
رفيق الإسلام حبيب الرحمن
الترجمة الخميرية
جمعية تطوير المجتمع الاسلامي الكمبودي
الترجمة النيبالية
جمعية أهل الحديث المركزية
الترجمة التايلاندية
مجموعة من جمعية خريجي الجامعات والمعاهد بتايلاند
الترجمة الصومالية
محمد أحمد عبدي
الترجمة الهوساوية
الترجمة الأمهرية
محمد صادق
الترجمة اليورباوية
أبو رحيمة ميكائيل أيكوييني
الترجمة الأورومية
الترجمة التركية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفرنسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإندونيسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفيتنامية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة البوسنية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإيطالية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفلبينية (تجالوج) للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفارسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
Dr. Ghali - English translation
Muhsin Khan - English translation
Pickthall - English translation
Yusuf Ali - English translation
Azerbaijani - Azerbaijani translation
Sadiq and Sani - Amharic translation
Farsi - Persian translation
Finnish - Finnish translation
Muhammad Hamidullah - French translation
Korean - Korean translation
Maranao - Maranao translation
Abdul Hameed and Kunhi Mohammed - Malayalam translation
Salomo Keyzer - Flemish (Dutch) translation
Norwegian - Norwegian translation
Samir El - Portuguese translation
Polish - Polish translation
Romanian - Romanian translation
Elmir Kuliev - Russian translation
Albanian - Albanian translation
Tatar - Tatar translation
Japanese - Japanese translation
محمد جوناگڑھی - Urdu translation
Ma Jian - Chinese translation
Turkish - Turkish translation
King Fahad Quran Complex - Thai translation
Ali Muhsin Al - Swahili translation
Abdullah Muhammad Basmeih - Malay translation
Hamza Roberto Piccardo - Italian translation
Indonesian - Indonesian translation
Bubenheim & Elyas - German / Deutsch translation
Bosnian - Bosnian translation
Hasan Efendi Nahi - Albanian translation
Sherif Ahmeti - Albanian translation
Sahih International - English translation
Czech - Czech translation
Abul Ala Maududi(With tafsir) - English translation
Tajik - Tajik translation
Alikhan Musayev - Azerbaijani translation
Muhammad Saleh - Uighur; Uyghur translation
Abdul Haleem - English translation
Mufti Taqi Usmani - English translation
Muhammad Karakunnu and Vanidas Elayavoor - Malayalam translation
Sheikh Isa Garcia - Spanish; Castilian translation
Divehi - Divehi; Dhivehi; Maldivian translation
Abubakar Mahmoud Gumi - Hausa translation
Mahmud Muhammad Abduh - Somali translation
Knut Bernström - Swedish translation
Jan Trust Foundation - Tamil translation
Mykhaylo Yakubovych - Ukrainian translation
Uzbek - Uzbek translation
Diyanet Isleri - Turkish translation
Ministry of Awqaf, Egypt - Russian translation
Abu Adel - Russian translation
Burhan Muhammad - Kurdish translation
Dr. Mustafa Khattab, The Clear Quran - English translation
Dr. Mustafa Khattab - English translation
الترجمة الإنجليزية - مركز رواد الترجمة
الترجمة الفرنسية - محمد حميد الله
الترجمة البوسنية - مركز رواد الترجمة
الترجمة الصربية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة الألبانية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة اليابانية - سعيد ساتو
الترجمة الفيتنامية - مركز رواد الترجمة
الترجمة التاميلية - عمر شريف
الترجمة السواحلية - عبد الله محمد وناصر خميس
الترجمة اللوغندية - المؤسسة الإفريقية للتنمية
الترجمة الإنكو بامبارا - ديان محمد
الترجمة العبرية
الترجمة الإنجليزية للمختصر في تفسير القرآن الكريم
الترجمة الروسية للمختصر في تفسير القرآن الكريم
الترجمة البنغالية للمختصر في تفسير القرآن الكريم
الترجمة الصينية للمختصر في تفسير القرآن الكريم
الترجمة اليابانية للمختصر في تفسير القرآن الكريم
ترجمة معاني القرآن الكريم - عادل صلاحي
عادل صلاحي

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

සූරතයකි. (පරිච්ඡේදයකි.) අපි එය පහළ කළෙමු. තවද අපි එය නියෝගයක් කළෙමු. තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස අපි එහි පැහැදිලි වදන් පහළ කළෙමු.
කාම අපචාරයේ යෙදුණු කාන්තාව හා කාම අපචාරයේ යෙදුණු පිරිමියා යන දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම කස පහර සියයක් බැගින් නුඹලා කසපහර දෙනු. නුඹලා අල්ලාහ් පිළිබඳ ව හා පරමාන්ත දිනය පිළිබඳ ව විශ්වාස කරමින් සිටියෙහු නම් අල්ලාහ්ගේ නීතිය තුළ ඔවුන් දෙදෙනා පිළිබඳ කිසිදු අනුකම්පාවක් නුඹලා ව ග්‍රහණය නොකළ යුතුය. ඔවුන් දෙදෙනාට දෙන දඬුවමෙහි දෙවියන් පිළිබඳ විශ්වාසය තැබූවන්ගෙන් පිරිසක් සාක්ෂි ලෙස සිටිය යුතුයි.
කාම අපාචාරයේ යෙදුණු පිරිමියා කාම අපචාරයේ යෙදුණ කාන්තාවකු හෝ දෙවියන්ට ආදේශ තැබූ කාන්තාවකු මිස විවාහ කර නොගනියි. තවද කාම අපචාරයේ යෙදුණු කාන්තාව වන ඇය ව කාම අපචාරයේ යෙදුණු පිරිමියෙකු හෝ දෙවියන්ට ආදේශ තැබූ අයකු මිස විවාහ කර නොගනියි. එවැන්නක් දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ට තහනම් කරනු ලැබූවකි.
පතිවත රකින කාන්තාවන්ට චෝදනා එල්ල කොට පසු ව සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුහු රැගෙන නොආවේ නම් එවිට නුඹලා ඔවුනට කසපහරවල් අසූවක් පහර දෙනු. කිසිවිටෙක ඔවුන් සඳහා කිසිදු සාක්ෂියක් නුඹලා පිළිනොගනු. තවද ඔවුහුමය පාපතරයෝ.
නමුත් ඉන්පසු ව පශ්චාත්තාපයේ නිරත වී හැඩගැසුණු අය හැරය. එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතයාණන්ය.
ඔවුන්ගේ බිරින්දෑවරුන්ට අපවාද එල්ල කොට ඔවුනට ඔවුන් හැර වෙනත් සාක්ෂිකරුවන් නොවී නම් ඔවුන් එක් අයකුගේ සාක්ෂිය වනුයේ තමන් සත්‍යවාදීන් අතුරින් යැයි අල්ලාහ් මත දිවුරා සිව්වරක් සාක්ෂි දැරීමය.
තවද තමන් මූසාවාදීන් අතුරින් නම් තමන් වෙත අල්ලාහ්ගේ ශාපය අත්වේවා යැයි පස්වැනි වරට සාක්ෂි දැරීමය.
නියත වශයෙන්ම ඔහු මුසාවාදීන් අතුරින් යැයි ඇය අල්ලාහ් මත සිව්වරක් සාක්ෂි දැරීමෙන් (ඇයට හිමි වන) එම දඬුවම ඇයගෙන් ඉවත් වෙයි.
තවද ඔහු (තම සැමියා) සත්‍යවාදීන් අතුරින් නම් තමන් වෙත අල්ලාහ්ගේ උදහස ඇතිවේවා! යැයි පස්වැනි වරට (ඇය) සාක්ෂි දැරීමය.
නුඹලා මත අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නොවී නම් (එය කෙතරම් අභාග්‍යයක් ද) තවද නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා ප්‍රඥාවන්තය.
නියත වශයෙන්ම අපවාදය රැගෙන ආවේ නුඹලා අතුරින් වූ පිරිසකි. නුඹලාට එය නපුරක් යැයි නුඹලා නොසිතනු. නැත, එය නුඹලාට යහපතකි. ඔවුන් අතුරින් සෑම කෙනෙකුටම තමන් පාපයෙන් උපයා ගත් දෑ සතුය. ඔවුන් අතුරින් එහි බහුතරයක් පවරා ගත් අයට මහත් වූ වේදනාවක් විය.
නුඹලා එය ඇසූ විට දෙවියන් පිළිබඳ විශ්වාසය තැබූ පුරුෂයින් හා දෙවියන් පිළිබඳ විශ්වාසය තැබූ කාන්තාවන් තමන් පිළිබඳ යහපතක් සිතා මෙය පැහැදිලි අපවාදයක් යැයි පැවසිය යුතු නොවේද?
ඒ වෙත සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුහු ගෙන ආ යුතු නොවේද? එසේ එම සාක්ෂිකරුවන් ඔවුන් නොගෙන ආ විට අල්ලාහ් අබියස ඔවුහුමය මුසාවාදීහූ.
මෙලොවෙහි හා මතු ලොවෙහි අල්ලාහ්ගේ අනුග්‍රහය හා ඔහුගේ කරුණාව නුඹලා වෙත නොවී නම් කවර විෂයක් සම්බන්ධයෙන් නුඹලා කතා කළෙහු ද එහි මහත් වූ දඬුවම නුඹලා ස්පර්ශ කරන්නට තිබුණි.
නුඹලාගේ දිවවල් වලින් නුඹලා එය දෙඩූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාට කවර දෙයක් පිළිබඳ දැනුම නොමැත්තේ ද එය නුඹලා නුඹලාගේ මුඛවල් වලින් පවසන්නෙහුය. තවද නුඹලා එය සුළු දෙයක් ලෙස සිතන්නෙහුය. නමුත් එය අල්ලාහ් අබියස අති බිහිසුණුය.
නුඹලා එයට සවන් දුන් අවස්ථාවේ, ‘මේ ගැන අපි කතා කිරීමට අපට සුදුසු නොවේ. (අල්ලාහ්) ඔබ සුවිශුද්ධය. මෙය අතිමහත් අපවාදයක් යැ’යි නුඹලා පවසන්නට තිබුණා නොවේ ද?
නුඹලා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් ලෙස සිටියෙහු නම් මෙවැනි දෙයකට නුඹලා නැවත හැරීමෙන් වැළැක්වීමට අල්ලාහ් නුඹලාට උපදෙස් දෙයි.
آية رقم 18
තවද අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරයි. තවද අල්ලාහ් සර්ව ඥානී මහා ප්‍රඥාවන්තය.
නියත වශයෙන්ම විශ්වාස කළවුන් අතර අපචාරය පැතිරීම ගැන ප්‍රිය කරන්නන් වනාහි ඔවුනට මෙලොව හා මතු ලොව වේදනීය දඬුවමක් ඇත. තවද අල්ලාහ් දනී. නමුත් නුඹලා නොදන්නෙහුය.
නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්‍රහය හා ඔහුගේ කරුණාව නොවී නම් (නුඹලා විනාශ වන්නට තිබුණි.) නමුත් නියත වශයෙන්ම අල්ලාහ් සානුකම්පිත මහා කරුණාන්විතය.
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ෂෙයිතාන්ගේ පියවර වල් අනුගමනය නොකරනු. තවද කවරෙකු ෂෙයිතාන්ගේ පියවර වල් අනුගමනය කරන්නේ ද එවිට ඔහු අශීලාචාර දෑ හා පිළිකුල් සහගත දෑ නියෝග කරන්නේය. තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්‍රහය සහ ඔහුගේ කරුණාව නොවී නම් නුඹලා අතුරින් කිසිවකු හෝ පිවිතුරු නොවනු ඇත. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අය පිවිතුරු කරයි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක සර්ව ඥානීය.
සමීප ඥාතීන්ට, දිළින්දන්ට, අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගියවුන්ට නොදෙන බවට නුඹලා අතුරින් භාග්‍ය සම්පන්නයින් හා වස්තුව ඇත්තන් දිවුරිය නොයුතුය. (ඔවුනට) ඔවුහු සමාව දෙත්වා ! තවද (ඒ ගැන)නොසළකා හරිත්වා! අල්ලාහ් නුඹලාට සමාව දීම ගැන නුඹලා ප්‍රිය නොකරන්නෙහු ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය.
නියත වශයෙන්ම දෙවියන් කෙරෙහි විශ්වාසය තබන, අහිංසක, පතිවත රකින කාන්තාවන්හට අවලාද පවසන්නන් වනාහි ඔවුන් මෙලොව හා මතු ලොව ශාප කරනු ලැබූවන්ය. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ දිවවල් ද ඔවුන්ගේ අත් ද ඔවුන්ගේ පාද ද ඔවුනට එරෙහි ව එදින සාක්ෂි දරනු ඇත.
එදින ඔවුන් ගැන සැබෑ විනිශ්චය අල්ලාහ් ඔවුනට පූර්ණ ව පිරිනමයි. නියත වශයෙන්ම අල්ලාහ් වනාහි ඔහුමය පැහැදිලි සත්‍යය වනුයේ යැයි ඔවුහු දැන ගනු ඇත.
අසභ්‍ය කාන්තාවෝ අසභ්‍ය පුරුෂයින් සඳහා වෙති. අසභ්‍ය පුරුෂයෝ අසභ්‍ය කාන්තාවන් සඳහා වෙති. තවද දැහැමි කාන්තාවෝ දැහැමි පුරුෂයින් සඳහා වෙති. දැහැමි පුරුෂයෝ දැහැමි කාන්තාවන් සඳහා වෙති. ඔවුහු ඔවුන් පවසන දැයින් නිදොස් වූවෝ වෙති. ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත.
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ නිවෙස් නොවන නිවෙස් වලට නුඹලා අවසර පතා එහි වැසියන්ට නුඹලා සලාම් පවසන තෙක් ඇතුළු නොවනු. එය නුඹලාට ශ්‍රේෂ්ඨය. නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස.
එහි කිසිවකු හෝ නුඹලා නොදුටුවේ නම් නුඹලාට අවසර දෙනු ලබන තෙක් එහි නුඹලා ඇතුළු නොවනු. නුඹලා හැරී යනු. යැයි නුඹලාට කියනු ලැබුවේ නම් එවිට නුඹලා හැරී යනු. එය නුඹලාට වඩාත් පිවිතුරුය. තවද නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය.
නුඹලාට අවශ්‍යතා ඇති එහි කිසිවකු වාසය නොකරන නිවෙස් වලට නුඹලා ඇතුළු වීම නුඹලා කෙරෙහි වරදක් නොවේ. තවද නුඹලා හෙළි කරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද අල්ලාහ් දනියි.
දෙවියන් ගැන විශ්වාස කරන පුරුෂයින්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන්ද ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන මෙන් ද නුඹ පවසනු. එය ඔවුනට වඩාත් පිවිතුරු වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
දෙවියන් කෙරෙහි විශ්වාස තැබූ කාන්තාවන්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන මෙන්ද ඔවුන්ගේ අලංකාරයන් එහි මතු පිටින් පෙනෙන දෑ හැර වෙනෙකක් හෙළි නොකරන මෙන් ද ඔවුන්ගේ ළැම පැති මතට ඔවුන්ගේ මොට්ටැක්කිලිය දමන මෙන් ද නුඹ පවසනු. තවද ඔවුන්ගේ අලංකාරය ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට හෝ ඔවුන්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ කාන්තාවන්ට හෝ ඔවුන්ගේ දකුණත් හිමිකරගත් අයට හෝ පිරිමින් අතුරින් කාමාශාවකින් තොර ව උපස්ථාන කරන්නන්ට හෝ ස්ත්‍රීන්ගේ රහස්‍ය පෙදෙස් ගැන (කාමාශාවක්) මතු නොවන දරුවන්ට මිස වෙනත් කිසිවකුට හෙළි නොකළ යුතුය. තවද ඔවුන්ගේ අලංකාරයෙන් ඔවුන් සඟවන දෑ දන්වා සිටිනු පිණිස ඔවුන්ගේ පාද නොගැසිය (තට්ටු නොකළ) යුතුය. තවද අහෝ දෙවියන් කෙරෙහි විශ්වාස තැබූවනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා සියල්ල පශ්චාත්තාප වී අල්ලාහ් වෙත නැඹුරු වනු.
තවද නුඹලා අතුරින් අවිවාහකයින්ට සහ නුඹලාගේ වහලුන් හා නුඹලාගේ වහලියන් අතුරින් දැහැමියන්ට නුඹලා විවාහ කර දෙනු. ඔවුන් දිළිඳුන් නම් අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුන් පොහොසත් කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය. සර්ව ඥානීය.
විවාහය සඳහා (යමක්) නොලබන්නන් අල්ලාහ් ඔහුගේ අනුග්‍රහයෙන් ඔවුන් පොහොසත් කරවන තෙක් පතිවත රැකිය යුතුය. නුඹලාගේ දකුණත් හිමිකරගත් (වහල්) අය අතුරින් (නිදහස්භාවය) ලියන්නට අපේක්ෂා කරන්නන්ට ඔවුන් අතර යහපත ඇතැයි දන්නෙහු නම් ඔවුනට නුඹලා (නිදහස්භාවය) ලියා දෙනු. නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ ධනයෙන් නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා මෙලොව ජීවිතයේ සම්පත සොයනු පිණිස පතිවත රකින්නට සිතූ වහල් තරුණියන් අපචාරය වෙත බල නොකරනු. තවද කවරෙකු ඔවුනට බල කරන්නේ නම් එසේ ඔවුනට බල කිරීමෙන් පසු ව ද නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලී මහාකරුණාන්විතය.
තවද සැබැවින්ම අපි නුඹලා වෙත පැහැදිලි කරන්නා වූ වදන් ද නුඹලාට පෙර ඉකුත් ව ගියවුන් පිළිබඳ උපමා ද බිය බැතිමතුන්හට උපදෙස් ද පහළ කළෙමු.
අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ආලෝකයයි. ඔහුගේ ආලෝකයට උපමාව පහනක් ඇති කුහරයක් මෙනි. එම පහන පළිඟුවක් තුළය. එම පළිඟු ව බැබළෙන තරුවක් මෙනි. අභිවෘද්ධිමත් ඔලිව් ගසින් දවාලනු ලබන්නකි. එය නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ අයත් නැත. ගින්න එ(ම ආලෝක)ය ස්පර්ශ නොකළ ද එය ආලෝකමත් කරයි. ආලෝකය මත ආලෝකයයි. අල්ලාහ් අභිමත කරන අයට එම ආලෝකය වෙතට මග පෙන්වයි. ජනයාට මෙම උපමාවන් අල්ලාහ් ගෙන හැර පාන්නේය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය.
(අල්ලාහ්ගේ) නිවෙස් තුළ ඔහුගේ නාමය උස් හඬින් පවසනු ලබන්නටත් එහි මෙනෙහි කරනු ලබන්නටත් අල්ලාහ් අවසර දුන්නේය. එහි උදේ සවස ඔහු ව සුවිශුද්ධ කරති.
අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ද සලාතය විධිමත් ව ඉටු කිරීමෙන් ද සකාත් පිරිනැමීමෙන් ද (තම) ව්‍යාපාරය හෝ ගනු දෙනුව හෝ ඔවුන් වෙනතකට යොමු නොකළ මිනිසුන්ය (උදේ සවස සුවිශුද්ධ කරනුයේ). එහි හදවත් හා දෘෂ්ටීන් පෙරළෙන දිනයකට ඔවුහු බිය වෙති.
එය ඔවුන් සිදු කළ වඩාත් අලංකාර දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල පිරිනැමීම පිණිසත් ඔහුගේ අනුග්‍රහය තුළින් ඔවුනට අධික කරනු පිණිසත්ය. තවද අල්ලාහ් අභිමත කරන අයට ගණනයකින් තොරව පෝෂණය කරයි.
දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් කාන්තාරයේ ඇති මිරිඟුවකට සමානය. පිපාසිතයා එය ජලය යැයි සිතයි. නමුත් ඔහු එහි පැමිණි විට ඔහු එය කිසිවක් ලෙස නොදකිනු ඇත. තවද ඔහු එහි අල්ලාහ් ව දකියි. ඔහුගේ විනිශ්චය අල්ලාහ් සම්පූර්ණ කළේය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
එසේ නැතහොත් ගැඹුරු මුහුදෙහි පවතින අන්ධකාරයන් මෙනි. ඊට ඉහළින් රළක් එය ආවරණය කරයි. ඊට ඉහළින් තවත් රළකි. ඊට ඉහළින් වලාකුලකි. අන්ධකාරයන් ඒවායෙහි සමහරක් සමහරකට ඉහළින් පවතී. ඔහු තම අත බැහැර කළ ද ඔහුට එය දැක ගත නොහැකි වෙයි. තවද අල්ලාහ් කවරෙකුට ආලෝකය ඇති නොකරන්නේ ද එවිට කිසිදු ආලෝකයක් ඔහුට නොමැත.
අහස්හි හා මහපොළොවේ ඇති දෑ ද තටු විහිදුවා ගත් පක්ෂීන් ද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ව සුවිශුද්ධ කරන වග නුඹ නොදුටුවෙහිද? ඔහුගේ නැමදුම හා ඔහු සුවිශුද්ධ කිරීම සම්බන්ධයෙන් සෑම කෙනෙකුම දනී. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
آية رقم 42
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතුය. තවද ගමනාන්තය අල්ලාහ් වෙතය.
අල්ලාහ් වලාකුළු සෙමින් ගමන් කරවා පසු ව ඒ අතර අමුණා පසු ව එය එකින් එක මත පිහිටන සේ පත් කරයි. එවිට ඒ අතුරින් බැහැර වන වර්ෂාව නුඹ දකිනු ඇත. අහසින් එහි ඇති (වලාකුළු) කඳු තුළින් සීත හිම ඔහු පහළ කරයි. එවිට එය ඔහු අභිමත කරන අයට ලබන්නට සලස්වන අතර ඔහු අභිමත කරන අයගෙන් එය හරවා යවයි. එහි අකුණු එළිය දෘෂ්ටීන් පැහැර ගන්නාක් මෙන් වෙයි.
අල්ලාහ් රාත්‍රිය හා දහවල පෙරළයි. නියත වශයෙන්ම දෘෂ්ටීන් ඇත්තන් හට එහි පාඩමක් ඇත.
තවද අල්ලාහ් සියලු සත්වයින් ජලයෙන් මැව්වේය. එනම් ඔවුන් අතුරින් උදරය මත බඩ ගා ගමන් කරන්නන් වෙති. තවද ඔවුන් අතුරින් දෙපා මත ගමන් කරන්නන් ද වෙති. තවද ඔවුන් අතුරින් සිව්පා මත ගමන් කරන්නන් ද වෙති. අල්ලාහ් අභිමත කරන දෑ මවන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
තවද අපි පැහැදිලි වදන් සැබැවින්ම පහළ කළෙමු. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට ඍජු මාවත වෙත මග පෙන්වනු ඇත.
අපි අල්ලාහ් හා රසූල්වරයා ගැන විශ්වාස කළෙමු. තවද අපි අවනත වූයෙමු යැයි ඔවුහු පවසති. ඉන් අනතුරු ව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියේය. ඔවුහු දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් නොවෙති.
අල්ලාහ් වෙත හා ඔහුගේ රසූල්වරයාණන් වෙත ඔවුන් අතර ඔහු තීන්දු දෙනු වස් ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් පිටු පා යන්නන් වූහ.
آية رقم 49
තවද නියමය ඔවුනට වී නම් ඔවුහු යටත් වූවන් ලෙස ඔහු වෙත පැමිණෙනු ඇත.
ඔවුන්ගේ හදවත් තුළ රෝගයක් ද? එසේ නැතහොත් ඔවුහු සැක කළෝද? එසේත් නැතහොත් ඔවුනට එරෙහි ව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අසාධාරණයක් කරතැයි ඔවුහු බිය වෙත්ද? එසේ නොව අපරාධකරුවෝ ඔවුහුමය.
ඔවන් අතර තීන්දු දීම පිණිස අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ ප්‍රකාශය වූයේ අපි සවන් දුනිමු, අවනත වූයෙමු යන්නය. ජය ලබන්නෝ ඔවුහුමය.
කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී අල්ලාහ්ට බිය වී ඔහුට බැතිමත් වන්නෝ ද එවිට ජය ලැබූවෝ ඔවුහුමය.
(යුද්ධය සඳහා) නුඹ ඔවුනට අණ කළෙහි නම් ඔවුන් පිටත් වන බවට ඔවුන්ගේ බලවත් දිවුරුම අල්ලාහ් මත දිවුරති. (එසේ) දිවුරුම් නොකරනු. අවනත වීම දන්නා දෙයකි. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තයා වෙයි.
නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. නමුත් නුඹලා (ඔවුන්ගෙන්) හැරුණේ නම් එවිට ඔහු මත පටවනු ලැබූ දෑ ඔහු කෙරෙහිය, නුඹලා මත පටවනු ලැබූ දෑ නුඹලා කෙරෙහිය. තවද නුඹලා ඔහුට අවනත වන්නෙහු නම් නුඹලා ඍජු මග ලබනු ඇත. රසූල් වරයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම මිස නැත.
නුඹලා අතුරින් දෙවියන් විශ්වාස කොට යහකම් කළවුනට ඔවුනට පෙර සිටියවුන්ට බලය ලබා දුන්නාක් මෙන් මහපොළොවේ ඔවුනට ද බලය ලබා දෙන බවද, ඔවුන් වෙනුවෙන් ඔහු පිළිගත් දහම (අනුගමනය කිරීමට) ඔවුනට ඉඩ සලසා දෙන බව ද ඔවුනට ඇති වූ බියෙන් පසු ව සුරක්ෂිත තත්ත්වයකට ඔවුන් වෙනස් කරන බව ද අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය. ඔවුහු මට ගැතිකම් කරති. මට කිසිවක් ආදේශ නොකරති. තවද මින් පසු ව කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට ඔවුහුමය පාපතරයෝ.
آية رقم 56
තවද නුඹලා දයාව ලබනු පිණිස නුඹලා සලාතය විධිමත් ව ඉටු කරනු. සකාත් ද පිරිනමනු. රසූල්වරයාට අවනත වනු.
දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් මහපොළොවේ (අල්ලාහ්ගේ සැලසුම්) නොහැකියාවට පත් කරන්නන් යැයි නුඹලා නොසිතිය යුතුය. ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්නය. තවද එම ගමනාන්තය නපුරු විය.
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ දකුණත් හිමිකරගත් අය ද වැඩිවියට ළඟා නොවූ අය ද නුඹලාගෙන් වාර තුනක් අවසර පැතිය යුතුය. එනම් ෆජ්ර් සලාතයට පෙර ද මධ්‍යහ්න කාලයේ නුඹලාගේ ඇඳුම් නුඹලා ලිහා තබන අවස්ථාවේ ද ඉෂා සලාතයෙන් පසු ද වේ. නුඹලාට එය පෞද්ගලික අවස්ථා තුනකි. ඒවාට පසුව නුඹලා කෙරෙහි හෝ ඔවුන් කෙරෙහි හෝ දොසක් නොමැත. නුඹලා වෙත නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු අතර සැරිසරන්නෝය. අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරනුයේ එලෙසය. තවද අල්ලාහ් සර්වඥානීය ප්‍රඥාවන්තය.
නුඹලා අතර වූ දරුවන් වැඩිවියට පත් වූ විට (වයසින්) ඔවුනට පෙර වූවන් අවසර පැතුවාක් මෙන් ඔවුන්ද අවසර පැතිය යුතුය. අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට පැහැදිලි කරනුයේ එලෙසය. තවද අල්ලාහ් සර්ව ඥානී මහා ප්‍රඥා වන්තය.
විවාහයක් අපේක්ෂා නොකරන කාන්තාවන් අතුරින් වයෝවෘද්ධ කාන්තාවන් වනාහි ඔවුන් අලංකාරය ප්‍රදර්ශයනය කිරීමෙන් තොර ව ඇඳුම් ගලවා තැබීම ඔවුන් කෙරෙහි වරදක් නොමැත. නමුත් ඔවුන් තැන්පත් බව රැකීම ඔවුනට වඩාත් උතුම්ය. තවද අල්ලාහ් සර්වශ්‍රාවක සර්වඥානීය.
නුඹලාගේ නිවෙස් වල හෝ නුඹලාගේ පියවරුන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව්වරුන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ පිය පාර්ෂවයේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ තම යතුරු තමන් සන්තකයේ ඇති අය හා නුඹලාගේ මිතුරන් සමග නුඹලා ආහාර ගැනීම අන්ධයා කෙරෙහි වරදක් නොමැත. එමෙන්ම කොරා කෙරෙහි ද වරදක් නොමැත. එමෙන්ම රෝගියා කෙරෙහිද වරදක් නොමැත. නුඹලා කෙරෙහි ද වරදක් නොමැත. නුඹලා එකට ආහාර ගැනීම හෝ කණ්ඩායම් වශයෙන් වෙන් ව ආහාර ගැනීම හෝ වරදක් නැත. නුඹලා නිවෙස් වලට පිවිසෙන්නෙහු නම් අල්ලාහ් අබියසින් වූ යහපත් අභිවෘද්ධිමත් පැතුමක් වශයෙන් නුඹලා වෙත සලාම් පවසනු. නුඹලා වටහා ගනු පිණිස එලෙසය අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරනුයේ.
දේව විශ්වාසීන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන්ය. තවද ඔවුහු ඔහු සමග යම් සාමුහික කරුණක සිටි විට ඔහුගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු නික්ම නොයති. නියත වශයෙන්ම නුඹගෙන් අවසර පැතූවන් වනාහි ඔවුහුමය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කරන්නෝ වන්නේ. එහෙයින් ඔවුන්ගේ ඇතැම් කරුණු සඳහා ඔවුහු නුඹගෙන් අවසර පැතූ විට ඔවුන් අතුරින් නුඹ අභිමත කරන අයට අවසර දෙනු. තවද ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය.
නුඹලා අතර රසූල්වරයා ඇමතීම නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට අමතන මෙන් නුඹලා පත් කර නොගනු. නුඹලා අතරින් සැඟ වී ලිස්සා යන්නන් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් දනී. ඔහුගේ අණට විරුද්ධවන්නන් ඔවුනට අර්බුදයක් ඇති වීම ගැන හෝ ඔවුනට වේදනීය දඬුවමක් ඇති වීම ගැන ප්‍රවේශම් විය යුතුය.
දැන ගනු. අහස්හි හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් සතුය. නුඹලා කවර දෙයක් මත සිටින්නෙහු ද එය ඔහු සැබැවින්ම දනියි. තවද ඔහු වෙත ඔවුන් යොමු කරනු ලබන දින ඔහු ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව ඔවුනට දන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
تقدم القراءة