ترجمة معاني سورة القيامة
 باللغة السنهالية من كتاب الترجمة السنهالية
            .
            
                                    من تأليف: 
                                            فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
                                                            .
                                                
            
                                                                                                            ﰡ
                                                                                        
                    
                                                                                    මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසමි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද තමන් මත අවලාද නගන ආත්මය මත දිවුරමි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    නමුත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    දෘෂ්ටිය (නීලංකාරවී) මුළාවී ගිය විට
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට
                                                                         
                                                                                                                                        
                    
                                                                                    පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    ඔහු කලින් කළ දෑ හා ඔහු ප්‍රමාද කොට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එසේ නොව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    පසු ව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන්ම අප වෙත පැවරුණු වගකීමකි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    නමුත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහුය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහුය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එදින ඇතැම් මුහුණු දීප්තියෙන් පවතී.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තම පරමාධිපති දෙස බලමින් සිටිති.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූප ව පවතී.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    කොඳු ඇට පෙළ කඩා දමන යමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැයි විමසනු ලැබු විට
                                                                         
                                                                                                                                        
                    
                                                                                    නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට
                                                                         
                                                                                                                                        
                    
                                                                                    කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    නුඹට ඛේදය වේවා! තවද ඛේදය වේවා!
                                                                         
                                                                                                                                        
                    
                                                                                    පසු ව ද නුඹට ඛේදය වේවා! තවද ඛේදය වේවා!
                                                                         
                                                                                                                                        
                    
                                                                                    නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?
                                                                         
                                                                                                                                        
                    
                                                                                    විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?
                                                                         
                                                                                                                                        
                    
                                                                                    පසු ව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසු ව ඔහු මවා සැකසුවේය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එය මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?