ترجمة معاني سورة البلد باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
ﰡ
آية رقم 1
ﭽﭾﭿﮀ
ﮁ
මෙම නගරය (මක්කාහ් ව) මත ද දිවුරමි.
آية رقم 2
ﮂﮃﮄﮅ
ﮆ
නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී
آية رقم 3
ﮇﮈﮉ
ﮊ
පියා හා ඔහු ජනිත කළ දෑ මත ද දිවුරමි.
آية رقم 4
ﮋﮌﮍﮎﮏ
ﮐ
සැබැවින්ම අපි මිනිසා ව දැඩි දුෂ්කරතාවක මැව්වෙමු.
آية رقم 5
ﮑﮒﮓﮔﮕﮖ
ﮗ
ඔහු කෙරෙහි කිසිවෙකු බලය නොදරනු ඇතැයි ඔහු සිතන්නේ ද?
آية رقم 6
ﮘﮙﮚﮛ
ﮜ
මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.
آية رقم 7
ﮝﮞﮟﮠﮡ
ﮢ
ඔහු ව කිසිවෙක් නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?
آية رقم 8
ﮣﮤﮥﮦ
ﮧ
අපි ඔහුට ඇස් දෙක ඇති නොකළෙමු ද?
آية رقم 9
ﮨﮩ
ﮪ
දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)
آية رقم 10
ﮫﮬ
ﮭ
තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
آية رقم 11
ﮮﮯﮰ
ﮱ
එනමුත් ඔහු අකබා ව තරණය කිරීමට වෑයම් නොකළේය.
آية رقم 12
ﯓﯔﯕﯖ
ﯗ
අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
آية رقم 13
ﯘﯙ
ﯚ
(එය) වහලෙකු නිදහස් කිරීම හෝ
آية رقم 14
ﯛﯜﯝﯞﯟﯠ
ﯡ
සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම වේ.
آية رقم 15
ﯢﯣﯤ
ﯥ
සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට හෝ (ආහාර සැපයීම වේ).
آية رقم 16
ﯦﯧﯨﯩ
ﯪ
අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම වේ.)
آية رقم 17
පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතුරින් කෙනෙකු බවට පත් වේ.
آية رقم 18
ﯵﯶﯷ
ﯸ
ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ.
آية رقم 19
ﭑﭒﭓﭔﭕﭖ
ﭗ
තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය වමත් පාර්ශවයින් වන්නෝ.
آية رقم 20
ﭘﭙﭚ
ﭛ
ඔවුන්හට මොළවන ලද (නිරයේ) ගින්න ඇත.
تقدم القراءة