ترجمة معاني سورة فصّلت
 باللغة السنهالية من كتاب الترجمة السنهالية
            .
            
                                    من تأليف: 
                                            فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
                                                            .
                                                
            
                                                                                                            ﰡ
                                                                                        
                    
                                                                                                                                        
                    
                                                                                    (මෙය) අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගෙන් වූ පහළ කිරීමකි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    දැනමුතුකම් ලබන ජනයාට එහි වදන් විස්තර කරනු ලැබූ අරාබි කියවීමකින් යුතු ග්රන්ථයකි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    (එය) ශුභාරාංචි දැනුම් දීමක් හා අවවාද කරන්නක් වශයෙනි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පිටුපෑහ. එහෙයින් ඔවුහු සවන් නොදෙති.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    ඔබ අප කවර දෙයක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ සම්බන්ධයෙන් අපගේ හදවත් වහන්තරාවකය. තවද අපගේ කන් තුළ බිහිරිය. අප අතර හා ඔබ අතර තිරයකි. එහෙයින් නුඹලා ක්‍රියා කරනු. නියත වශයෙන්ම අප ද ක්‍රියා කරන්නෝ වෙමු.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    නියත වශයෙන්ම මම නුඹලා මෙන් මිනිසෙකි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳා යැයි මට පණිවිඩ දෙන ලදී. එහෙයින් නුඹලා ඔහු වෙත ස්ථාවර ව සිටිනු. තවද නුඹලා ඔහුගෙන් සමාව අයැදිනු. ආදේශ කරන්නන්හට දැඩි දඬුවමක් ඇත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    ඔවුහු වනාහි zසකාත් පිරිනොනමති. තවද මතු ලොව පිළිබඳ ව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට අවසන් නොවන (නිත්‍ය) ප්‍රතිඵලයක් ඇත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    දින දෙකක් තුළ මහපොළොව මැවූ ඔහු ව නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු ද? තවද නුඹලා ඔහුට සමානයන් තබන්නෙහුය. ලෝකයන්හි පරමාධිපති ඔහුය. යැයි (නබිවරය) පවසනු.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද ඊට ඉහළින් එහි (පොළොවෙහි) කඳු ඇති කළේය. ඉල්ලන්නන්හට එක සමාන ලෙසින් දින හතරක් තුළ එහි සමෘද්ධිය ඇති කළේය. එහි පෝෂණය ඒ තුළ නිර්ණය කළේය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    පසු ව ඔහු අහස දෙසට යොමු විය. එය දුමක් මෙන් තිබීය. එවිට “ඔබ දෙදෙනා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ පැමිණෙනුයි” එයට හා මහපොළොවට ඔහු පැවසීය. “අපි අවනත වන්නන් ලෙසින් පැමිණියෙමු” යැයි ඒ දෙක පැවසීය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    පසු ව දින දෙකක් තුළ අහස් හතක් ලෙස ඒවාට ඔහු තීන්දු කළේය. තවද සෑම අහසකටම එහි න්‍යායය දන්වා සිටියේය. තවද පහළ අහස අපි පහන් මගින් අලංකාරවත් කළෙමු. තවද (එය) ආරක්ෂාවක් වශයෙනි. එය සර්ව ඥානී සර්ව බලධාරියාණන්ගේ සැකසුමයි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එහෙයින් ඔවුහු පිටුපැවේ නම්, “ආද් හා සමූද් ජනයාගේ අකුණු දඬුවම මෙන් අකුණු දඬුවමක් ගැන මම නුඹලාට අවවාද කර සිටිමි” යැයි ඔබ පවසනු.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    “නුඹලා අල්ලාහ්ට හැර (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකරනු” යැයි පවසමින් ඔවුනට ඉදිරියෙන් ද ඔවුනට පසු පසින් ද දහම් දූතවරුන් ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ, “අපගේ පරමාධිපති අභිමත කළේ නම් මලක්වරුන් ඔහු පහළ කරන්නට තිබුණි. එහෙයින් නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවෙහු ද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසූහ.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    ආද් ජනයා වූ කලී යුක්තියෙන් තොර ව ඔවුහු මහපොළොවේ උඩඟුකම් පෑහ.“අපට වඩා බලයෙන් දැඩි වූවෝ කවුරුන්දැයි” ඔවුහු පැවසූහ. නියත වශයෙන්ම ඔවුන් මැවූ අල්ලාහ් ඔවුනට වඩා බලයෙන් ඉතා දැඩි බව ඔවුහු නොදුටුවෝද? තවද ඔවුහු අපගේ සංඥාවන් ප්‍රතික්ෂේප කරමින් සිටියහ.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එවිට මෙලොව ජීවිතයේ නින්දිත දඬුවම අප ඔවුනට භුක්ති විඳවනු පිණිස අසුබ දිනයන්හි දැඩි හඬ සහිත සුළී සුළඟක් අපි ඔවුන් වෙත එව්වෙමු. තවද මතු ලොව දඬුවම වඩාත් නින්දනීයය. තවද ඔවුහු උදව් කරනු නොලබති.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද සමූද් ජනයා වූ කලී අපි ඔවුනට යහමග පෙන්වූයෙමු. නමුත් ඔවුහු යහමගට ඉහළින් අන්ධබව ප්‍රිය කළෝය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුකොට නින්දිත දඬුවමේ මහා හඬ ඔවුන් හසුකර ගත්තේය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද දෙවියන් විශ්වාස කොට (පාපකම් සිදුකිරීමෙන්) වැළකී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    අල්ලාහ්ගේ සතුරන් (නිරා) ගින්න වෙත එක්රැස් කරනු ලබන දින එවිට ඔවුහු පෙළ ගසා රැගෙන යනු ලබති.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    ඔවුන් ඒ (ගින්න) වෙත පැමිණෙන අවස්ථාව වන විට ඔවුන්ගේ සවන් ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුනට එරෙහි ව සාක්ෂි දරනු ඇත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    “අපට එරෙහි ව නුඹලා සාක්ෂි දැරුවේ ඇයි?” දැයි ඔවුහු ඔවුන්ගේ හම් වලින් විමසති. “සියලු දෑ කතා කෙරෙව්වා වූ අල්ලාහ් අපවද කතා කෙරෙව්වේය. තවද නුඹලා මුල්වරට මැව්වේ ඔහුය. තවද ඔහු වෙතමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ” යැයි ඒවා පවසා සිටිනු ඇත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    නුඹලාගේ සවන් හෝ නුඹලාගේ දෘෂ්ටීන් හෝ නුඹලාගේ හම් හෝ නුඹලාට එරෙහි ව සාක්ෂි දැරීමෙන් නුඹලා සැඟ වී සිටින්නන් නොවීය. එනමුත් නියත වශයෙන්ම නුඹලා සිදුකරන දැයින් බොහෝ දෑ අල්ලාහ් නොදන්නේ යැයි නුඹලා සිතුවෙහුය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද ඒවා නුඹලා නුඹලාගේ පරමාධිපති පිළිබඳ සිතූ නුඹලාගේ සිතුවිල්ලය. එය නුඹලා විනාශ කර දැමුවෙහුය. එහෙයින් නුඹලා පරාජිතයින් අතුරින් වූයෙහුය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එහෙයින් ඔවුහු ඉවසිලිවන්ත වුව ද නිරා ගින්න ඔවුනට සතු නිවහන වී ඇත. තවද ඔවුහු නැවත පිහිට පැතුව ද (එසේ) පිහිට දෙනු ලබන්නන් අතුරින් ඔවුහු නැත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද අපි ඔවුනට සහචරයින් පත් කළෙමු. එවිට ඔවුහු ඔවුන්ගේ අත් ඉදිරියේ ඇති දෑ ද ඔවුන්ගේ පසුපසින් ඇති දෑ ද ඔවුනට අලංකාර කර පෙන්වූහ. තවද ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් අතුරින් ඉකුත් ව ගිය සමූහයන් තුළ තිබූ (දඬුවමේ) ප්‍රකාශය ඔවුන් වෙත නියම විය. නියත වශයෙන්ම ඔවුහු පරාජිතයින් වූහ.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    “මෙම කුර්ආනයට සවන් නොදෙනු. ඒ තුළ නිෂ්ඵල කරනු. නුඹලා අබිබවා යා හැකි” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසීය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එහෙයින් සැබැවින්ම අපි ප්‍රතික්ෂේප කළවුනට දැඩි දඬුවමක් විඳින්නට සලස්වමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑහි නපුරට අපි ඔවුනට ප්‍රතිවිපාක පිරිනමන්නෙමු.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එය අල්ලාහ්ගේ සතුරන්ගේ ප්රතිවිපාකය වූ (නිරා) ගින්නය. ඔවුන් අපගේ වදන් හෙළා දකිමින් සිටි බැවින් ප්‍රතිවිපාක වශයෙන් එහි ඔවුනට සදා නිවහන ඇත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    “අපගේ පරමාධිපතියාණනි! ජින්නුන් හා මිනිසුන්ගෙන් අප ව නොමග යැවූ දෙවර්ගය අපහට පෙන්වනු මැනව! ඔවුන් දෙවර්ගය පහත් වූවන් අතරට පත්වනු පිණිස අපි අපගේ පාද යටට අපි පත් කරන්නෙමු” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    “නියත වශයෙන්ම අපගේ පරමාධිපති අල්ලාහ් යැයි පවසා පසු ව (එහි) ස්ථාවර ව සිටියවුන් වන ඔවුන් වෙත නුඹලා බිය නොවනු. තවද දුක් නොවනු. තවද නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි ස්වර්ගය පිළිබඳ ප්‍රීති වනු” යැයි (පවසමින්) මලක්වරුන් පහළ වනු ඇත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි නුඹලාගේ මිතුරන් අපි වෙමු. නුඹලාගේ සිත් ආශා කරන දෑ එහි නුඹලාට ඇත. තවද නුඹලා පතන දෑ ද එහි නුඹලාට ඇත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එය අතික්ෂමාශීලී මහාකරුණාන්විතයාණන්ගෙන් වූ සංග්‍රහයක් වශයෙනි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    “අල්ලාහ් වෙත ඇරයුම් කොට දැහැමි දෑ සිදු කොට නියත වශයෙන්ම මම මුස්ලිම්වරුන් අතුරින් වෙමි” යැයි පවසන අයට වඩා කතාවෙන් වඩාත් අලංකාර වනුයේ කවරෙකු ද?
                                                                         
                                                                                                                                        
                    
                                                                                    යහපත හා අයහපත සමාන නොවෙයි. වඩාත් අලංකාර දැයින් (අයහපත) වළක්වනු. එවිට ඔබ අතර හා ඔහු අතර සතුරුකමක් තිබුණ අය සමීප මිතුරෙකු මෙන් පත්වනු ඇත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද ඉවසිලිවන්ත වූවන්ට හැර එය පිරිනමනු නොලැබේ. තවද මහත් භාග්‍යයක් හිමි අයට හැර එය පිරිනමනු නොලැබේ.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    ෂෙයිතතාන්ගෙන් වූ යම් පොලඹවීමක් ඔබ පොලඹවීමට ලක් කළේ නම් එවිට ඔබ අල්ලාහ් වෙතින් ආරක්ෂාව පතනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්රාවකය. සර්ව ඥානීය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහුගේ සංඥා අතුරිනි. නුඹලා හිරුට හෝ සඳුට (හිස පහත් කරමින්) සුජූද් නොකරනු. තවද නුඹලා ඔහුට පමණක් ගැතිකම් කරමින් සිටියෙහු නම් ඒවා මැවූ අල්ලාහ්ට පමණක් (හිස පහත් කරමින්) සුජූද් කරනු.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එහෙයින් ඔවුහු උඩඟු වූයෙහු නම් (දැන ගනු) ඔබේ පරමාධිපති අබියස සිටින්නවුන් රාත්‍රියේ හා දහවලේ ඔහු පිවිතුරු කරති. තවද ඔවුහු වෙහෙසට පත් නොවෙති.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    මුඩු ලෙස ඔබ දකින මහපොළොව ද ඔහුගේ සංඥා අතුරිනි. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩෙයි. නියත වශයෙන්ම ඒවාට ජීවය දුන් අය මළවුනට ද ජීවය දෙන්නාමය. නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    නියත වශයෙන්ම අපගේ වදන්හි විකෘති කරන්නවුන් අප වෙතින් සැඟ ව යන්නන් නොවෙති. වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ (නිරා) ගින්නට හෙළනු ලබන්නා ද එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුරක්ෂිත ව පැමිණෙන්නා ද? නුඹලා කැමති දේ කරනු. නියත වශයෙන්ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂකය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    නියත වශයෙන්ම ඔවුන් වෙත උපදෙස් සහිත ග්‍රන්ථය පැමිණ කල්හි නියත වශයෙන්ම එය ප්‍රතික්ෂේප කළවුන් (මතු වටහා ගනු ඇත.) තවද නියත වශයෙන්ම එය අති බලවත් ග්රන්ථයකි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    එයට ඉදිරියෙන් හෝ එයට පසුපසින් හෝ අසත්‍ය දෑ ඒ වෙත නොපැමිණෙනු ඇත. එය මහා ප්‍රඥාවන්ත ප්‍රශංසා ලාභියාගෙන් වූ පහළ කිරීමකි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    ඔබට පෙර සිටි දහම් දූතවරුන්ට පවසනු ලැබූ දෑ මිස (වෙනෙකක්) ඔබ වෙත පවසනු නොලැබෙයි. නියත වශයෙන්ම ඔබේ පරමාධිපති සමාව සතු හා වේදනීය දඬුවම සතු අයයි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද එය අරාබි නොවන විදේශිය කුර්ආනයක් බවට අපි පත් කළේ නම්, “එහි වදන් විස්තර කරනු ලැබිය යුතු නොවේ ද? (නබිවරයා) අරාබිවරයෙකු ලෙස සිටියදී එය අරාබි නොවන්නක් ද? (යැයි ඔවුහු විමසති). “එය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සහනයකි. තවද විශ්වාස නොකරන්නන් වන ඔවුන්ගේ කන් තුළ බිහිරිභාවය ඇත. එමෙන්ම එය ඔවුන් වෙත අන්ධභාවයකි. දූර ස්ථානයකින් ඇරයුම් කරනු ලබන්නෝ ඔවුහුමය.”යැයි පවසනු.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. එවිට එහි මතභේද ඇති විය. ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් පෙරටු නොවී නම්, ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන්ම ඔවුන් ඒ ගැන සැකයෙහි කුතුහලයෙන් සිටින්නන් වෙති.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    කවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නපුරක් කළේද එය ඔහුට එරෙහිවය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවේ.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    අවසන් හෝරාව පිළිබඳ දැනුම යොමු කරනු ලබනුයේ (අල්ලාහ් වන) ඔහු වෙතමය. ඔහුගේ දැනුමෙන් තොර ව පලතුරු කිසිවක් එහි කෝෂ වලින් පිට නොවෙයි. තවද කිසිදු කාන්තාවක් පිළිසිඳ නොගනියි. එමෙන්ම ඇය ප්‍රසූත නොකරයි. “මට ආදේශ කළවුන් කොහේ දැ?යි” එදින ඔහු ඔවුන් අමතයි. (එවිට) “අපහට කිසිදු සාක්ෂිකරුවෙකු නැතැයි” ඔවුහු පවසා සිටිති.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    මීට පෙර ඔවුන් ඇරයුම් කරමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී ඇත. තමන්හට පලායන කිසිදු ස්ථානයක් නැතැයි ඔවුහු වටහා ගන්නෝය.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    යහපත පැතීමෙන් මිනිසා වෙහෙසට පත් නොවෙයි. තවද ඔහුට නපුර වැළඳුණු විට බලාපොරොත්තු සුන් කර ගනිමින් නිරායාසයට පත් වනු ඇත.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    ඔහුට වැලඳුණු පීඩිත තත්ත්වයෙන් පසු ව අපගෙන් වූ ආශිර්වාදයක් අපි ඔහුට විඳින්නට සැලැස්වූයේ නම් “මෙය මාගේය. අවසන් හෝරාව සිදුවන්නක් බව මම නොසිතමි. මාගේ පරමාධිපති වෙත මම යොමු කරනු ලැබුවේ නම් නියත වශයෙන්ම ඔහු අබියස මට යහපත ඇතැ”යි ඔහු පවසනු ඇත. ප්‍රතික්ෂේප කළවුනට ඔවුන් සිදු කළ දෑ නියත වශයෙන්ම අපි දන්වන්නෙමු. තවද දැඩි දඬුවමක් භුක්ති විඳින්නට අපි ඔවුනට සලස්වමු.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    තවද අපි මිනිසාට ආශිර්වාද කළ විට ඔහු එය පිටුපා වෙනත් දෙසකට හැරී (දුරස් වී) යයි. තවද ඔහුට නපුර ස්පර්ශ වූ විට ඔහු අධික ප්‍රාර්ථනාවෙන් යුක්ත වූවකු වෙයි.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    “එය (අල් කුර්ආනය) අල්ලාහ් අබියසින් වී පසුව නුඹලා එය ප්‍රතික්ෂේප කරන්නෙහුය. අන්ත භේද වල සිටින ඔහුට වඩා නොමග ගියවුන් කවුරුන් ද” යන්න නුඹලා සිතා නොබැලුවෙහු දැයි (නබිවරය) ඔබ විමසනු.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    නියත වශයෙන්ම (අල් කුර්ආනය වන) එය සත්‍යය බව ඔවුනට පැහැදිලි වන තෙක් ක්ෂිතිජය තුළ හා ඔවුන් තුළ අපගේ සාධක ඔවුනට අපි මතු පෙන්වන්නෙමු. නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය යන්න ඔබේ පරමාධිපති සම්බන්ධව ප්‍රමාණවත් නොවීද?
                                                                         
                                                                                                                                        
                    
                                                                                    දැන ගනු! නියත වශයෙන්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව පිළිබඳ සැකයෙහිය. දැන ගනු ! නියත වශයෙන්ම ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නාය.