ترجمة سورة الطارق

الترجمة السنهالية
ترجمة معاني سورة الطارق باللغة السنهالية من كتاب الترجمة السنهالية .
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

අහස මත ද තාරික් මත ද දිවුරමින්.
තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
නිරීක්ෂකයෙකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.
කොන්ද හා පපු පෙදෙස අතරින් පිටවන
සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
රහස්‍ය දෑ පිරික්සනු ලබන දින.
එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
තවද (වර්ෂාව නැවත) නැවත ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්
පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්
සැබැවින්ම එය තීරණාත්මක වදනකි.
තවද එය සරදමක් නොවේ.
සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණය කරති.
මම ද සැලසුමක් සැලසුම් කරමි.
එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය සලසා දෙනු.
Icon