ترجمة سورة المسد

الترجمة السنهالية
ترجمة معاني سورة المسد باللغة السنهالية من كتاب الترجمة السنهالية .
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා !
ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.
මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.
(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත)
ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳි වලින් යුත් කඹයකි.
Icon