ترجمة معاني سورة الأنعام باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الإنجليزية - صحيح انترناشونال
المنتدى الإسلامي
الترجمة الإنجليزية
الترجمة الفرنسية - المنتدى الإسلامي
نبيل رضوان
الترجمة الإسبانية
محمد عيسى غارسيا
الترجمة الإسبانية - المنتدى الإسلامي
الترجمة الإسبانية (أمريكا اللاتينية) - المنتدى الإسلامي
المنتدى الإسلامي
الترجمة البرتغالية
حلمي نصر
الترجمة الألمانية - بوبنهايم
عبد الله الصامت
الترجمة الألمانية - أبو رضا
أبو رضا محمد بن أحمد بن رسول
الترجمة الإيطالية
عثمان الشريف
الترجمة التركية - مركز رواد الترجمة
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة التركية - شعبان بريتش
شعبان بريتش
الترجمة التركية - مجمع الملك فهد
مجموعة من العلماء
الترجمة الإندونيسية - شركة سابق
شركة سابق
الترجمة الإندونيسية - المجمع
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الإندونيسية - وزارة الشؤون الإسلامية
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الفلبينية (تجالوج)
مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الفارسية - دار الإسلام
فريق عمل اللغة الفارسية بموقع دار الإسلام
الترجمة الفارسية - حسين تاجي
حسين تاجي كله داري
الترجمة الأردية
محمد إبراهيم جوناكري
الترجمة البنغالية
أبو بكر محمد زكريا
الترجمة الكردية
حمد صالح باموكي
الترجمة البشتوية
زكريا عبد السلام
الترجمة البوسنية - كوركت
بسيم كوركورت
الترجمة البوسنية - ميهانوفيتش
محمد مهانوفيتش
الترجمة الألبانية
حسن ناهي
الترجمة الأوكرانية
ميخائيلو يعقوبوفيتش
الترجمة الصينية
محمد مكين الصيني
الترجمة الأويغورية
محمد صالح
الترجمة اليابانية
روايتشي ميتا
الترجمة الكورية
حامد تشوي
الترجمة الفيتنامية
حسن عبد الكريم
الترجمة الكازاخية - مجمع الملك فهد
خليفة الطاي
الترجمة الكازاخية - جمعية خليفة ألطاي
جمعية خليفة الطاي الخيرية
الترجمة الأوزبكية - علاء الدين منصور
علاء الدين منصور
الترجمة الأوزبكية - محمد صادق
محمد صادق محمد
الترجمة الأذرية
علي خان موساييف
الترجمة الطاجيكية - عارفي
فريق متخصص مكلف من مركز رواد الترجمة بالشراكة مع موقع دار الإسلام
الترجمة الطاجيكية
خوجه ميروف خوجه مير
الترجمة الهندية
مولانا عزيز الحق العمري
الترجمة المليبارية
عبد الحميد حيدر المدني
الترجمة الغوجراتية
رابيلا العُمري
الترجمة الماراتية
محمد شفيع أنصاري
الترجمة التلجوية
مولانا عبد الرحيم بن محمد
الترجمة التاميلية
عبد الحميد الباقوي
الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الأسامية
رفيق الإسلام حبيب الرحمن
الترجمة الخميرية
جمعية تطوير المجتمع الاسلامي الكمبودي
الترجمة النيبالية
جمعية أهل الحديث المركزية
الترجمة التايلاندية
مجموعة من جمعية خريجي الجامعات والمعاهد بتايلاند
الترجمة الصومالية
محمد أحمد عبدي
الترجمة الهوساوية
الترجمة الأمهرية
محمد صادق
الترجمة اليورباوية
أبو رحيمة ميكائيل أيكوييني
الترجمة الأورومية
الترجمة التركية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفرنسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإندونيسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفيتنامية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة البوسنية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإيطالية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفلبينية (تجالوج) للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفارسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
Dr. Ghali - English translation
Muhsin Khan - English translation
Pickthall - English translation
Yusuf Ali - English translation
Azerbaijani - Azerbaijani translation
Sadiq and Sani - Amharic translation
Farsi - Persian translation
Finnish - Finnish translation
Muhammad Hamidullah - French translation
Korean - Korean translation
Maranao - Maranao translation
Abdul Hameed and Kunhi Mohammed - Malayalam translation
Salomo Keyzer - Flemish (Dutch) translation
Norwegian - Norwegian translation
Samir El - Portuguese translation
Polish - Polish translation
Romanian - Romanian translation
Elmir Kuliev - Russian translation
Albanian - Albanian translation
Tatar - Tatar translation
Japanese - Japanese translation
محمد جوناگڑھی - Urdu translation
Ma Jian - Chinese translation
Turkish - Turkish translation
King Fahad Quran Complex - Thai translation
Ali Muhsin Al - Swahili translation
Abdullah Muhammad Basmeih - Malay translation
Hamza Roberto Piccardo - Italian translation
Indonesian - Indonesian translation
Bubenheim & Elyas - German / Deutsch translation
Bosnian - Bosnian translation
Hasan Efendi Nahi - Albanian translation
Sherif Ahmeti - Albanian translation
Sahih International - English translation
Czech - Czech translation
Abul Ala Maududi(With tafsir) - English translation
Tajik - Tajik translation
Alikhan Musayev - Azerbaijani translation
Muhammad Saleh - Uighur; Uyghur translation
Abdul Haleem - English translation
Mufti Taqi Usmani - English translation
Muhammad Karakunnu and Vanidas Elayavoor - Malayalam translation
Sheikh Isa Garcia - Spanish; Castilian translation
Divehi - Divehi; Dhivehi; Maldivian translation
Abubakar Mahmoud Gumi - Hausa translation
Mahmud Muhammad Abduh - Somali translation
Knut Bernström - Swedish translation
Jan Trust Foundation - Tamil translation
Mykhaylo Yakubovych - Ukrainian translation
Uzbek - Uzbek translation
Diyanet Isleri - Turkish translation
Ministry of Awqaf, Egypt - Russian translation
Abu Adel - Russian translation
Burhan Muhammad - Kurdish translation
Dr. Mustafa Khattab, The Clear Quran - English translation
Dr. Mustafa Khattab - English translation
الترجمة الإنجليزية - مركز رواد الترجمة
الترجمة الفرنسية - محمد حميد الله
الترجمة الجورجية
الترجمة البوسنية - مركز رواد الترجمة
الترجمة الصربية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة الألبانية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة اليابانية - سعيد ساتو
الترجمة الفيتنامية - مركز رواد الترجمة
الترجمة التاميلية - عمر شريف
الترجمة السواحلية - عبد الله محمد وناصر خميس
الترجمة اللوغندية - المؤسسة الإفريقية للتنمية
الترجمة الإنكو بامبارا - ديان محمد
الترجمة العبرية
الترجمة الإنجليزية للمختصر في تفسير القرآن الكريم
الترجمة الروسية للمختصر في تفسير القرآن الكريم
الترجمة البنغالية للمختصر في تفسير القرآن الكريم
الترجمة الصينية للمختصر في تفسير القرآن الكريم
الترجمة اليابانية للمختصر في تفسير القرآن الكريم
ترجمة معاني القرآن الكريم - عادل صلاحي
عادل صلاحي
ﰡ
آية رقم 1
සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. ඔහු අහස් හා මිහිතලය මැව්වේය. තවද අන්ධකාරයන් හා ආලෝකය ඇති කළේය. පසුව (මෙසේ තිබිය දී) ප්‍රතික්ෂේපක යින් ඔවුන්ගේ පරමාධිපතිට (වෙනත් දෑ) සමාන කරති.
آية رقم 2
නුඹලා මැටියෙන් මවා පසුව නියමිත කාලයක් ද තීන්දු කළේ ඔහු ය. (විනිශ්චය සඳහා වූ) නියමිත කාලය ඇත්තේ ද ඔහු අබියසය. ඉන් පසුව ද නුඹලා සැක කරන්නෙහුය.
آية رقم 3
තවද අහස්හි හා මිහිතලයේ අල්ලාහ් ඔහුය. නුඹලාගේ රහස්‍ය දෑ ද නුඹලාගේ ප්‍රසිද්ධ දෑ ද ඔහු දන්නේය. නුඹලා උපයන දෑ ද ඔහු දන්නේය.
آية رقم 4
තම පරමාධිපතිගේ වදන් තුළින් කවර වදනක් ඔවුන් වෙත පැමිණිය ද එය ඔවුහු පිටුපාමින් සිටියා මිස නැත.
آية رقم 5
ඒ අනුව සත්‍යය ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝය. ඔවුහු කවර දෙයක් පිළිබඳ ව සමච්චල් කරමින් සිටියේ ද ඒ පිළිබඳ පුවත් ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.
آية رقم 6
ඔවුනට පෙර පරම්පරා ගණනාවක් අප කෙසේ විනාශ කර දැමුවේ දැ යි ඔවුහු නුදුටුවෝද ? නුඹලාට අප නොදුන් පහසුකම් අපි ඔවුනට මිහිතලයේ සලසා දුන්නෙමු. ඔවුන් වෙත අහස් ජලය නොකඩවා එවීමු. ඔවුනට පහළින් ගලා බස්නා ගංගාවන් ඇති කළෙමු. පසුව ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අපි ඔවුන් ව විනාශ කළෙමු. තවද ඔවුනට පසුව අපි වෙනත් පරම්පරාවක් බිහි කළෙමු.
آية رقم 7
පත්‍රිකාවක ලියන ලද පුස්තකයක් අපි නුඹ වෙත පහළ කොට එය ඔවුන් ඔවුන්ගේ අත් වලින් ස්පර්ශ කර බැලුව ද මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියහ.
آية رقم 8
මොහු වෙත (සාක්ෂි දැරීම සඳහා) මලාඉකාවරයෙකු පහළ කරනු ලැබිය යුතු නොවේ දැ යි ඔවුහු පැවසූහ. එසේ අපි මලාඉකාවරයෙකු පහළ කළේ නම් (ඔවුන්ගේ) විෂය තීන්දු කරනු ලබනු ඇත. පසුව ඔවුනට අවකාශ දෙනු නොලබනු ඇත.
آية رقم 9
අප එසේ මලාඉකාවරයෙකු පත් කළේ නම් මිනිසෙකුගේ ස්වරූපයෙන්ම ඔහු ව අපි පත් කරන්නෙමු. (දැන්) ඔවුන් ව්‍යාකූල ව සිටින අයුරින් ම (එවිට ද අප) ඔවුන් ව ව්‍යාකූලත්වයට පත් කරන්නෙමු.
آية رقم 10
(නබිවරය !) නුඹට පෙර සිටි රසූල්වරුන් ද සමච්චලයට ගනු ලැබූහ. කවර දෙයක් සම්බන්ධ යෙන් ඔවුහු සමච්චල් කරමින් සිටියෝ ද එයම එසේ උපහාස කළ අය ව ග්‍රහණය කළේය.
آية رقم 11
(නබිවරය!) මහපොළොවෙහි සැරිසරා පසුව බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ යි අවධානයෙන් බලනු යැයි නුඹ පවසනු.
آية رقم 12
අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ කවුරුන් සතු දැ යි නුඹ අසනු. සියල්ල අල්ලාහ් සතුය යැයි පවසනු. (අල්ලාහ්) තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු නුඹලා ව එක් රැස් කරනු ඇත. එහි කිසිදු සැකයක් නැත. තමන් තමන්ටම අලාභහානි කර ගත්තවුන් වන ඔවුහු විශ්වාස නොකරති.
آية رقم 13
තවද රාත්‍රියෙහි හා දහවලෙහි වාසය කරන දෑ ඔහු සතුය. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
آية رقم 14
අල්ලාහ්ගෙන් තොරව (වෙනත් කෙනෙකු) භාරකරු වශයෙන් මම ගන්නෙම්ද? (ඔහු) අහස් හා මිහිතලයේ නිර්මාපකයාය. තවද ඔහු ආහාර සපයයි. (කිසිවෙකු විසින්) ඔහුට ආහාර සපයනු නොලැබේ යැයි නුඹ පවසනු. සැබැවින්ම (අල්ලාහ්ට) අවනත වූවන්ගෙන් මා පළමු වැන්නා වීමට මම අණ කරනු ලැබුවෙමි. තවද නුඹලා කිසිකලෙක ආදේශ තබන්නන් අතුරින් (කෙනෙකු) නොවනු.
آية رقم 15
මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අති මහත් දිනයේ (නියම වන) දඬුවමට මම බිය වෙමි යැයි පවසනු.
آية رقم 16
කවරෙකු එදින එයින් (එම දඬුවමින්) වෙනතකට යොමු කරනු ලබන්නේ ද එවිට සැබැවින්ම (අල්ලාහ්) ඔහුට දයාව දැක්වීය. පැහැදිලි විජයග්‍රහණය එයයි.
آية رقم 17
යම් හිංසනයකින් අල්ලාහ් ඔබ ව ග්‍රහණය කරන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන වෙනත් කිසිවෙකු නොමැත. යම් යහපතකින් ඔබ ව ග්‍රහණය කරන්නේ නම් එවිට ඔහු සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය.
آية رقم 18
තම ගැත්තන්ට ඉහළින් සිට මැඩලන්නේ ඔහුය. තවද ඔහු ප්‍රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නාය.
آية رقم 19
(නබිවරය) සාක්ෂියේ වඩාත් ප්‍රබල වනුයේ කුමක් දැ යි නුඹ අසනු. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරු අල්ලාහ් වීම යැයි පවසනු. තවද මෙම කුර්ආනය මට වහී (දේව පණිවිඩ) වශයෙන් දෙනු ලැබීය. (එය) මෙමගින් නුඹලාට හා මෙය ලබන අයට මම අවවාද කරනු පිණිසය. අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු සිටිනු ඇතැයි සැබැවින්ම නුඹලා සාක්ෂි දරන්නෙහුද? (නැත. එලෙස) මට සාක්ෂි දැරිය නොහැකැයි නුඹ පවසනු. එකම දෙවියා ඔහු ම යැයි ද සැබැවින්ම මම නුඹලා ආදේශ තබන දැයින් නිදොස් යැයි ද නුඹ පවසනු.
آية رقم 20
කවරෙකුට අපි පුස්තකය පිරිනැමුවෙමු ද ඔවුහු තම දරුවන් හඳුනන්නාක් මෙන් මොහු (අල්ලාහ්ගේ දූතයාණන් බ)ව හඳුනති. තමන් තමන්ට ම අලාභහානි කර ගත්තවුන් වන ඔවුහු විශ්වාස නොකරති.
آية رقم 21
අල්ලාහ් වෙත බොරු ගොතන්නන් හෝ ඔහුගේ වදන් බොරු කරන්නන්ට වඩා මහා අපරාධකරුවෝ කවරහු ද? සැබැවින්ම අපරාධකරුවන් ජය නොලබති.
آية رقم 22
තවද එදින ඔවුන් සියලු දෙනා අප එක් රැස් කොට පසුව නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි (අල්ලාහ්ට ආදේශ වශයෙන් ගත්) නුඹලාගේ හවුල්කරුවන් කොහේ දැ යි අපි ආදේශ කළවුන්ගෙන් විමසන්නෙමු.
آية رقم 23
පසුව අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම අපි ආදේශ තබන්නන් ලෙස නොසිටියෙමු යැයි ඔවුහු පැවසීම හැර ඔවුන්ගේ අර්බුදය වෙනත් කිසිවක් නොවනු ඇත.
آية رقم 24
(නබිවරය!) තමන්ට එරෙහි ව ඔවුහු බොරු පවසනුයේ කෙසේ දැ යි බලනු. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව නොමඟ යැවීය.
آية رقم 25
තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන (මෙන් රඟපාන) අය ද වෙති. එය ඔවුනට නොවැටහෙන පරිදි අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයක් ද ඔවුන්ගේ කන් තුළ බිහිරි බව ද ඇති කළෙමු. තවද ඔවුහු සියලු සාධක දුටුවද ඒවා ඔවුහු විශ්වාස නොකරති. නුඹ වෙත ඔවුහු පැමිණි විට නුඹ සමඟ ඔවුහු වාද කරනු ඇත. මෙය මුතුන් මිත්තන්ගේ ගෙතූ දෑ මිස නැතැයි ප්‍රතික්ෂේප කළවුන් පවසති.
آية رقم 26
තවද ඔවුහු එයින්(සත්‍යයෙන්) වළක්වාලති. ඔවුන් ද එයින් දුරස් ව සිටිති. ඔවුහු විනාශ කරනුයේ ඔවුන් ව ම මිස නැත. තවද ඔවුහු (ඒ බව) වටහා නොගනිති.
آية رقم 27
නිරා ගින්නෙහි ඔවුන් සිටුවා තබනු ලැබූ විට නුඹ දුටුවේ නම් එවිට ඔවුහු “අහෝ! අපගේ විනාශය, අප නැවත හරවා යවනු ලබන්නේ නම් ! (කෙතරම් හොඳ ද ! එවිට) අපි අපගේ පරමාධිපතිගේ වදන් බොරු නොකරන්නෙමු. තවද අපි විශ්වාසවන්තයින් අතුරින් වන්නෙමු යැ’’ යි පවසා සිටිති.
آية رقم 28
නමුත් කලින් ඔවුන් සඟවමින් සිටි දෑ ඔවුනට හෙළි විය. තවද ඔවුන් නැවත හරවා යවනු ලැබුව ද කවර දෙයකින් ඔවුන් ව වළක්වනු ලැබුවේ ද ඒ වෙතටම හැරී යනු ඇත. තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝය.
آية رقم 29
තවද මෙය අපගේ ලෞකික ජීවිතය මිස නැත. තවද අප (මිය ගිය පසු) නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසුවෝය.
آية رقم 30
තවද ඔවුහු තම පරමාධිපති ඉදිරියේ සිටවනු ලැබූ විට නුඹ දකියි නම් මෙය සත්‍යය නොවේ දැ යි ඔහු විමසා සිටියි. අපගේ පරමාධිපතියාණන් මත දිවුරා පවසමු. (එය) එසේය යැයි පවසති. එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු යැයි ඔහු පවසනු ඇත.
آية رقم 31
සැබැවින්ම අල්ලාහ් මුණ ගැසීම බොරු යැයි ප්‍රකාශ කළවුන් අලාභ වින්දහ. අවසන් හෝරාව අනපේක්ෂිත ව ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔවුන්ගේ (පාප) බර ඔවුන්ගේ පිට මත ඔසවා ගනිමින් අහෝ ! අපි මෙ(ලොවෙ)හි අතපසු කළ දෑ හි විනාශය ! යැයි පවසති. ඔවුන් ඔසවා ගන්නා දෑ නපුරු නොවේ ද?
آية رقم 32
මෙලොව ජීවිතය කෙළිලොල් හා පුහුවක් මිස නැත. මතු ලොව නිවහන දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්ට වඩාත් ශ්‍රේෂ්ඨය. නුඹලා (ඒ බව) වටහා ගත යුතු නොවේ ද?
آية رقم 33
(නබිවරය !) ඔවුන් පවසන දෑ නුඹ දුකට පත් කරනු ඇතැයි සැබැවින්ම අපි දනිමු. සැබැවින්ම ඔවුහු නුඹ ව බොරු නොකළෝය. නමුත් අපරාධකරුවන් අල්ලාහ්ගේ වදන් පිටුපානු ඇත.
آية رقم 34
නුඹට පෙරද රසූල්වරුන් බොරු කරනු ලැබූහ. නමුත් අපගේ උදව් ව ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන් බොරු කරනු ලැබූ දෑ හා ඔවුන් හිංසා පීඩාවට ලක් වූ දෑ ඉවසා දරා ගත්හ. අල්ලාහ්ගේ වදන් වෙනස් කරන්නකු නොමැත. තවද සැබැවින්ම රසූල්වරුන්ගේ තොරතුරු ඔබ වෙත පැමිණ ඇත.
آية رقم 35
ඔවුන්ගේ පිටුපෑම නුඹ වෙත දරුණු වූයේ නම් එවිට මහපොළොවෙහි උමගක් සොයා හෝ අහසින් ඉණිමඟක් තබා ඔවුන් වෙත (එසේ) සාධකයක් රැගෙන ඒමට ඔබ හැකියාව දැරුවද (ඔවුන් පිටුපාමින්ම සිටිති.) තවද අල්ලාහ් කැමති වූයේ නම් (එවිට ද) යහමඟ මත ඔවුන් ව රැස් කරන්නට තිබුණි. එබැවින් නුඹ අඥානයින් අතුරින් නොවනු.
آية رقم 36
(ඔබගෙන්) පිළිතුරු පතනුයේ ශ්‍රවණය කරන්නන් වෙති. මියගිය ඇත්තන් අල්ලාහ් නැවත නැගිටුවා පසුව ඔහු වෙතට ඔවුහු යොමු කරනු ලබති.
آية رقم 37
තවද (අප කැමති පරිදි) ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු වෙත සාධකයක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැ යි විමසති. (නබිවරය !) සැබැවින්ම අල්ලාහ් එසේ සාධකයක් පහළ කිරීමට ශක්තිවන්තය. නමුත් ඔවුන් ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
آية رقم 38
ගොඩබිම සතෙකු හෝ වේවා තම තටු දෙක සලමින් පියාසර කරන පක්ෂියකු හෝ වේවා (උන් ද) නුඹලා මෙන් වූ සමූහයක් මිස නැත. පුස්තකයේ අපි කිසිවක් අත් නොහැරියෙමු. පසුව ඔවුන්ගේ පරමාධිපති වෙතට එක් රැස් කරනු ලබති.
آية رقم 39
අපගේ වදන් බොරු කළවුන් අන්ධකාරයන්හි බිහිරන් හා ගොළුවන් වෙති. අල්ලාහ් අභිමත කරන අය නොමඟ යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අය ඍජු මාර්ගය මත තබයි.
آية رقم 40
(නබිවරය) ‘නුඹලා වෙත අල්ලාහ්ගේ එය අපවිත්‍ර නොවන බව ඔබ දන්නා තාක් කල් දේව ප්‍රතික්ෂේපකයින්ගේ භාජන භාවිත කිරීමට අනුමැතිය ඇත. නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් දඬුවම පැමිණියේ නම් හෝ නුඹලාට අවසන් හෝරාව පැමිණියේ නම් හෝ (උදව් සඳහා) අල්ලාහ් නොවන (වෙනත්) අයෙකු අයැද සිටීම ගැන නුඹලා කුමක් සිතන්නෙහු දැ?යි (ඔවුන්ගෙන්) විමසනු.
آية رقم 41
එසේ නොව, නුඹලා අයැදින්නේ ඔහුවමය. නුඹලා ඔහු වෙත අයැද සිටින දෑ ඔහු අභිමත කළේ නම් ඉවත් කරනු ඇත. තවද නුඹලා ද ආදේශ කරන දෑ අමතක කර දමනු ඇත.
آية رقم 42
තවද සැබැවින්ම අපි නුඹට පෙර වූ සමූහයන් වෙත ද දූත පණිවිඩ එව්වෙමු. ඔවුන් යටහත් පහත් විය හැකි වනු පිණිස දුෂ්කරතාවන් හා පීඩාවන්ගෙන් ඔවුන් ව හසු කළෙමු.
آية رقم 43
එබැවින් ඔවුන් වෙත අපගේ දුෂ්කරතාවන් පැමිණි විට ඔවුන් යටහත් පහත් විය යුතු නොවේ ද? නමුත් ඔවුන්ගේ හදවත් දැඩි විය. ඔවුන් කරමින් සිටි දෑ ෂෙයිතාන් ඔවුන්ට අලංකාරවත් කළේය.
آية رقم 44
කවර දෙයක් පිළිබඳ ඔවුනට මෙනෙහි කරනු ලැබුවේ ද එය ඔවුහු අමතක කළ කල්හි (ප්‍රථමයෙන්) අපි සියලු දෑ හි දොරටු ඔවුන් වෙත විවෘත කළෙමු. අවසානයේ ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳ සතුටු වෙමින් සිටිය දී අපි ඔවුන් ව අනපේක්ෂිත ව හසු කළෙමු. එවිට ඔවුහු (සියලු කටයුතු වලදී) අසාර්ථක වූවන් බවට පත් වූහ.
آية رقم 45
පසුව අපරාධ කළවුන්ගේ මුල කපා හරිනු ලැබීය. තවද සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් සතුය.
آية رقم 46
අල්ලාහ් නුඹලාගේ සවන් හා නුඹලාගේ බැල්ම අත්පත් කර ගෙන නුඹලාගේ හදවත් මත මුද්‍රා තැබුවේ නම් එය නුඹලාට (නැවත) ගෙන එන්නට අල්ලාහ් නොවන වෙනත් දෙවිඳෙකු සිටින්නේ දැ යි නුඹලා දැනුම් දෙන්නැයි (නබිවරය!) නුඹ අසනු. එම සාධක අපි කෙසේ විස්තර කරන්නේ දැ යි අවධානයෙන් බලනු. පසුව ද ඔවුන් පිටුපාන්නන් වෙති.
آية رقم 47
නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවම අනපේක්ෂිත ව හෝ හෙළිපිට ම පැමිණියේ නම් අපරාධකාර ජනයා හැර වෙනත් කවරෙකු විනාශ කරනු ලබන්නේ දැ?’ යි නුඹලා මට දැනුම් දෙන්නැ’යි නුඹ පවසනු.
آية رقم 48
තවද ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් වශයෙන් මිස අපි රසූල්වරුන් ව නොඑව්වෙමු. එබැවින් කවරෙකු විශ්වාස කොට හැඩ ගැසෙන්නේද ඔවුනට කිසිඳු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත්වන්නෝද නොවෙති.
آية رقم 49
තවද අපගේ වදන් බොරු කළවුන් වන ඔවුනට ඔවුන් කරමින් සිටි පාපකම් හේතුවෙන් දඬුවම් අත් වනු ඇත.
آية رقم 50
අල්ලාහ්ගේ සම්පත් මා වෙත තිබෙන බව මම නුඹලාට නොපවසමි. තවද මම ගුප්ත දෑ නොදනිමි. මම මලාඉකාවරයකු ද නොවෙමි, මා වෙත හෙළිදරව් කරනු ලබන දෑ හැර වෙනත් කිසිවක් මම පිළි නොපදිමි යැයි මම නුඹලාට නොපවසමි යැයි (නබිවරය ඔවුනට) නුඹ පවසනු. අන්ධයා හා බැල්මැත්තා එක සමාන වන්නේ ද? එබැවින් නුඹලා වටහා නොගන්නෙහු දැ?යි ද නුඹ පවසනු.
آية رقم 51
තවද තම පරමාධිපති වෙත එක් රැස් කරනු ලැබීම ගැන බියවන්නන් හට මෙමගින් නුඹ අවවාද කරනු. ඔවුන් බිය හැඟීමෙන් යුක්ත විය හැකි වනු පිණිසය. ඔහු හැර ඔවුනට භාරකරුවකු හෝ මැදිහත්වන්නෙකු හෝ නොමැත.
آية رقم 52
උදේ සවස තම පරමාධිපතිට ඔහුගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඇරයුම් කරන්නන් ව නුඹ පලවා නොහරිනු. ඔවුන්ගේ විනිශ්ච යෙන් කිසිවක් නුඹ වෙත නොපැවරෙනු ඇත. එමෙන්ම නුඹගේ විනිශ්චයෙන් කිසිවක් ඔවුන් වෙත ද නොපැවරෙනු ඇත. එබැවින් නුඹ ඔවුන් ව පලවා හරින්නේ නම් එවිට නුඹ අපරාධකරුවන් අතුරින් වන්නෙහිය.
آية رقم 53
තවද අප අතුරින් තමන් වෙත අල්ලාහ් ආශිර්වාද කළ අය මොවුන් දැ යි ඔවුන් පවසනු පිණිස ඔවුන්ගෙන් ඇතැමෙකු ව ඇතැමෙකු විසින් අප පරීක්ෂාවට ලක් කළේ එලෙසය. කෘතවේදීන් පිළිබඳ ව මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද?
آية رقم 54
තවද අපගේ වදන් විශ්වාස කරන අය නුඹ වෙත පැමිණි විට නුඹලාට සලාම් (ශාන්තිය) යැයි නුඹ (ඔවුනට) පවසනු. නුඹලාගේ පරමාධිපති තමන් කෙරෙහි කරුණා ව නියම කර ගත්තේය. නියත වශයෙන්ම නුඹලා අතුරින් කවරෙක් නොදැනුවත්කමින් යම් නපුරක් කොට ඉන් පසුව පසුතැවිලි වී හැඩ ගැසුණේද එවිට සැබැවින්ම ඔහු (අල්ලාහ්) අති ක්ෂමාශීලීය. මහා කරුණා ගුණයෙන් යුක්තය.
آية رقم 55
ﭿﮀﮁﮂﮃﮄ
ﮅ
තවද වැරදිකරුවන්ගේ මඟ නුඹට පැහැදිලි වනු පිණිස එම වදන් අප පැහැදිලි කරනුයේ එලෙසය.
آية رقم 56
අල්ලාහ් හැර නුඹලා අයැදින දෑ මා නැමදීමට සැබැවින්ම මම තහනම් කරනු ලද්දෙමි යැයි (නබිවරය) නුඹ පවසනු. තවද නුඹලාගේ ආශාවන් මම පිළි නොපදිමි. එවිට (එසේ කළේ නම්) මම නොමඟ යමි. තවද මම යහමඟ ලැබූවන් අතුරින් (කෙනෙකු) ද නොවෙමි යැයි නුඹ පවසනු.
آية رقم 57
සැබැවින්ම මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත සිටිමි. නමුත් නුඹලා එය බොරු කළෙහුය. නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නේ ද සැබැවින්ම එය මා සතු ව නැත. නීතිය අල්ලාහ් හැර වෙනත් කිසිවකු සතු නැත. ඔහු සත්‍යය පවසයි. තවද ඔහු තීන්දු පිරිනමන්නන්ගෙන් වඩා ශ්‍රේෂ්ඨය.
آية رقم 58
“නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නෙහු ද එය මා සතු ව ඇත්නම් මා අතර හා නුඹලා අතර විෂයය තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ මැනවින් දන්නාය යැයි’ නුඹ පවසනු
آية رقم 59
ගුප්ත දෑ හි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නොදනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. ශාකයක කොළයක් පවා ඔහුගේ දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොව අන්ධකාරය තුළ ඇති බීජය තෙතමනය හෝ වියළිභාවය පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත.
آية رقم 60
තවද රාත්‍රියෙහි නුඹලා(ගේ ප්‍රාණය) අත්පත් කර ගන්නේ ඔහුය. තවද දහවලෙහි නුඹලා ඉපැයූ දෑ ද ඔහු දනී. පසු ව නියමිත කාලය තීන්දු කරනු ලබනු පිණිස ඔහු එහි නුඹලා ව අවදි කරවයි. පසු ව නුඹලාගේ නැවත යොමු වීමේ ස්ථානය ඔහු සතු ව ඇත. පසු ව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි.
آية رقم 61
තවද තම ගැත්තන්ට ඉහළින් සිට පාලනය කරන්නා ඔහුය. තවද ඔහු නුඹලා වෙත ආරක්ෂ කයින් (මලක්වරුන්) එවයි. අවසානයේ නුඹලාගෙන් කිසිවකු වෙත මරණය පැමිණි විට අපගේ දූතවරුන් ඔහු ව අත්පත් කර ගනිති. තවද ඔවුහු (තම වගකීම්) පැහැර නොහරිති.
آية رقم 62
පසු ව ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙතට නැවත යොමු කරනු ලබති. තීන්දුව ඔහු සතු යැයි දැන ගනු. තවද ඔහු විනිශ්චය කරන්නන්ගෙන් ඉතා වේගවත්ය.
آية رقم 63
ගොඩබිමේ හා මුහුදේ අන්ධකාර යන්ගෙන් (එහි නුඹලා යම් ආපදාවකට හසු වී) නුඹලා බැගෑපත් ව හා රහසිගත ව ඔහු අප ව මෙයින් මුදවා ගත්තේ නම් අපි කෘතවේදීන් අතුරින් වන්නෙමු යැයි පවසා ඔහුගෙන් නුඹලා අයැද සිටින විට නුඹලා ව මුදවා ගනුයේ කවුරුන්දැ යි (නබිවරය !) පවසනු.
آية رقم 64
එයින් ද සියලු ආපදාවන්ගෙන් ද නුඹලා ව මුදවා ගනුයේ අල්ලාහ්ය. නමුත් පසු ව නුඹලා ආදේශ තබන්නෙහුය යැයි (නබිවරය !) නුඹ පවසනු.
آية رقم 65
නුඹලාට ඉහළින් හෝ නුඹලාගේ පාද යටින් හෝ දඬුවමක් නුඹලා වෙත එවීමටත් නැතහොත් නුඹලා කණ්ඩායම් බවට පත් කොට නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ දරුණුකම විඳවන්නට සැලැස් වීමටත් බලය ඇත්තා ඔහුය යැයි (නබිවරය !) නුඹ පවසනු. තවද ඔවුන් වටහා ගත හැකි වනු පිණිස එම වදන් අප විස්තර කරනුයේ කෙසේදැ යි නුඹ අවධානයෙන් යුතු ව බලනු.
آية رقم 66
මෙය සත්‍ය ව තිබියදී නුඹේ සමූහයා එය බොරු යැයි පැවසීය. තවද නුඹ ‘(නබිවරයා වන) මම නුඹලාගේ භාර කරු නොවෙමි’ යැයි (ඔවුනට) පවසනු
آية رقم 67
ﯰﯱﯲﯳﯴﯵ
ﯶ
සෑම පණිවිඩයකටම නියමිත කාලයක් ඇත. තවද (එය) නුඹලා මතු දැන ගන්නෙහුය.
آية رقم 68
අපගේ වදන්හි (වාද විවාද වල) නිරත ව සිටින්නන් නුඹ දුටු විට ඒ හැර වෙනත් කතාවක ඔවුහු නිරත වන තෙක් ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු. නුඹට අමතක කරනුයේ ෂෙයිතාන්ය. එබැවින් මෙනෙහි වූවායින් පසු අපරාධකාර පිරිස සමඟ නුඹ වාඩි නොවනු.
آية رقم 69
ඔවුන් පිළිබඳ විනිශ්චය කිරීමේදී බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හට කිසිදු කොටසක් නොමැත. නමුත් ඔවුන් බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළ හැකි වනු පිණිස (ඔවුනට) මෙනෙහි කළ යුතු ව ඇත.
آية رقم 70
තම දහම සෙල්ලමට හා විහිළුවට ගත් අය නුඹ අතහැර දමනු. මෙලොව ජීවිතය ඔවුන් රවටා ඇත. යම් ආත්මයක් තමන් ඉපැයූ දෑ හේතුවෙන් (අල්ලාහ්ගේ දඬුවමට) නොපැටලෙනු වස් මෙමගින් නුඹ උපදෙස් දෙනු. අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ කිසිදු මැදිහත්කරුවකු හෝ එයට නොමැත. සියලු වන්දි වලට නුඹ වන්දි ගෙව්වද එය පිළි ගනු නොලැබේ. (හේතුව) තමන් ඉපැයූ දෑ හේතුවෙන් (දඬුවමට) පැටලුණු අය ඔවුහුය. ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් වේදනීය දඬුවමද නටන උණු පානයද ඇත.
آية رقم 71
අල්ලාහ් හැර අපට ප්‍රයෝජනයක් කළ නොහැකි තවද අපට හිංසාවක් කළ නොහැකි දෑ අප අයදින්නෙමු ද? අල්ලාහ් අපට මඟ පෙන්වූ පසු ව අපි අපගේ විලුඹු මත නැවත හැරී යන්නෙමු ද? (එසේ නම්) කෙනෙකුට මිතුරන් ව සිට අප වෙතට පැමිණෙන්නැයි ඔවුහු යහමඟ වෙතට ඔහු ව ඇරයුම් කරමින් සිටිය දී ෂෙයිතානුන් ඔහු ව මහපොළොවේ ඔබමොබ සැරිසරන්නන් මෙන් නොමඟ හැරියේ නම් එවැනි අයකු මෙන් වනු ඇත. යැයි (නබිවරය !) නුඹ පවසනු. සැබැවින්ම අල්ලාහ්ගේ යහමඟ වන එයමය නියම යහමඟ වනුයේ. තවද ලෝකයන්හි පරමාධිපතිට අප අවනත වනු පිණිස අණ කරනු ලැබුවෙමු යැයි (නබිවරය!) නුඹ පවසනු.
آية رقم 72
තවද නුඹලා සලාතය විධිමත් ව ඉටු කරනු. ඔහුට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු යැයි ද (අණ කරනු ලැබුවෙමු.) නුඹලා එක්රැස් කරනු ලබනුයේ ඔහු වෙතටමය.
آية رقم 73
යථාර්ථයෙන් යුතු ව අහස් හා මහපොළොව මැව්වේ ඔහුමය. කුන් යැයි පවසන දින එය සිදු වන්නේය. ඔහුගේ ප්‍රකාශය සත්‍යයකි. තවද සූර් (නම් හොරණෑව) පිඹිනු ලබන දින සියලු ආධිපත්‍යයන් ඔහු සතු වේ. ගුප්ත දෑ හා බාහිර දෑ පිළිබඳ මැනවින් දන්නාය. තවද ඔහු සියුම් ඥානය ඇති සර්ව ප්‍රඥාවන්තය.
آية رقم 74
තම පියා වන ආzදර්ට ඔබ දෙවිවරු ලෙස පිළිම ගන්නෙහි ද? සැබැවින්ම ඔබ හා ඔබගේ ජනයා පැහැදිලි මූළාවෙහි සිටිනු මම දකිමි යැයි ඉබ්‍රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 75
අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යයන් ඉබ්‍රාහීම්ට අප පෙන්වූයේ එලෙසය. තවද (එය) ඔහු තරයේ විශ්වාස කරන්නන් අතුරින් වනු පිණිසය.
آية رقم 76
රාත්‍රිය ඔහු ව (අන්ධකාරයෙන්) වෙළා ගත් කල්හි තරුවක් දැක මෙය මාගේ පරමාධිපති යැයි පවසා සිටියේය. නමුත් එය සැඟ වී ගිය කල්හි සැඟ වී යන්නන් මම ප්‍රිය නොකරමි යැයි පැවසුවේය.
آية رقم 77
පසු ව සඳු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටීය. නමුත් එය සැඟ වී ගිය කල්හි මාගේ පරමාධිපති මට මඟ පෙන්වූයේ නැතහොත් සැබැවින්ම මම මුළා වූ ජනයා අතුරින් වන්නෙමි යැයි පැවසීය.
آية رقم 78
පසු ව හිරු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපතිය. මෙය (සියල්ලට වඩා) අති විශාලය. යැයි පවසා සිටීය. නමුත් එයද සැඟ වී ගිය කල්හි මාගේ ජනයිනි, නුඹලා ආදේශ කරන දැයින් සැබැවින්ම මම නිදොස් වෙමි යැයි පැවසීය.
آية رقم 79
අහස් හා මහපොළොව මැවූ ඔහු වෙත මම මාගේ මුහුණ අවංක ලෙසින් හරවමි. තවද මම ආදේශ තබන්නන් අතුරින් නොවෙමි.
آية رقم 80
තවද තම ජනයා තමන් සමඟ වාද කළේය. සැබැවින්ම මට යහ මඟ පෙන්වා තිබිය දී අල්ලාහ් සම්බන්ධයෙන් මා සමඟ නුඹලා වාද කරන්නෙහුද? නුඹලා කවර දෙයකට ආදේශ කරන්නෙහුද ඒ ගැන මම බිය නොවෙමි. නමුත් මාගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් පුළුල් විය. නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද ?
آية رقم 81
කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා වෙත සාධකයක් පහළ නොකළේ ද එවන් දෑ සමඟ නුඹලා අල්ලාහ්ට ආදේශ කිරීමට නුඹලා නොබිය ව සිටිය දී නුඹලා ආදේශ කළ දෑට මා බිය වන්නේ කෙසේද? එබැවින් නුඹලා දැන සිටින්නෙහු නම් මෙම දෙපිරිසෙන් අභයදායිත් වයට වඩා සුදුසු වනුයේ කුම(න පිරිස)ක් ද?
آية رقم 82
විශ්වාස කොට තම විශ්වාසය සමඟ (ආදේශ කිරීමෙන්) කිසිදු අපරාධයක් මුසු නොකළේ ද එවැන්නන්ටමය අභයදායිත්වය ඇත්තේ. ඔවුහු යහමඟ ලද්දවු න්ය.
آية رقم 83
අපගේ සාධකය මෙයයි. තම ජනයාට එරෙහි ව ඉබ්‍රාහීම්ට අපි මෙය පිරිනැමුවෙමු. අප අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. සැබැවින්ම නුඹගේ පරමාධිපති සියුම් ඥානය ඇත්තාය. සර්වඥය.
آية رقم 84
තවද අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ් පිරිනැමුවෙමු. ඔවුන් සෑම කෙනෙකුටම අපි මඟ පෙන්වූ යෙමු. තවද අපි මීට පෙර නූහ්ට ද ඔහුගේ පරපුරෙන් වූ දාවූද්, සුලයිමාන්, අය්යූබ්, යූසුෆ්, මූසා හා හාරූන්ට ද මඟ පෙන්වූයෙමු. තවද අප දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙසය.
آية رقم 85
තවද සකරිය්යා, යහ්යා, ඊසා හා ඉල්යාස්ට ද (මඟ පෙන්වූයෙමු.) සියල්ලෝම සදැහැමියන් අතුරිනි.
آية رقم 86
තවද ඉස්මාඊල්, අල්යසඃ, යූනුස් හා ලූත්ට ද (මඟ පෙන්වූයෙමු.) තවද සියල්ලන් අප ලෝවැසියනට වඩා උසස් කළෙමු.
آية رقم 87
තවද ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ පරපුර හා ඔවුන්ගේ සහෝදරයන් අතුරින් ද (අතැමෙකු) විය. අපි ඔවුන්ව තෝරා ගෙන ඍජු මාර්ගය වෙත මඟ පෙන්වූයෙමු.
آية رقم 88
මෙය අල්ලාහ්ගේ මඟ පෙන්වීමය. තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට මෙමගින් මඟ පෙන්වනු ඇත. නමුත් ඔවුහු ආදේශ කළේ නම් ඔවුන් කරමින් ආ (යහපත්) දෑ ඔවුන්ගෙන් විනාශ වී යන්නට තිබුණි.
آية رقم 89
පුස්තකය, ප්‍රඥාව හා දූත මෙහෙය අපි පිරිනැමූ අය ඔවූහුය. එබැවින් (මක්කා වැසියන් වන) මොවූහු එය ප්‍රතික්ෂේප කරන්නේ නම් එය ප්‍රතික්ෂේප නොකරන පිරිසකට සැබැවින්ම අපි එය පවරන්නෙමු.
آية رقم 90
අල්ලාහ් මඟ පෙන් වූ අය ඔවුහුය. එබැවින් ඔවුන් ලැබූ මඟ පෙන්වීම අනුව නුඹ ද එය පිළිපදිනු. ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය ලෝවැසියනට උපදෙසක් මිස නැත යැයි (නබිවරය !) නුඹ පවසනු.
آية رقم 91
අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු අයුරින් ඔවුහු ඔහුට ගරු බුහුමන් නොකළහ. එවිට අල්ලාහ් මිනිසා වෙත කිසිවක් පහළ නොකළේ යැයි ඔවුහු පැවසූහ. ආලෝකයක් හා ජනයාට මඟපෙන්වීමක් ලෙසින් මූසා ගෙනා ආ පුස්තකය පහළ කළේ කවු දැයි අසනු. නුඹලා එය වෙන් වෙන් පොත් බවට පත් කොට ඒවා (සමහරක්) හෙළි කළ අතර බොහෝ දෑ නුඹලා සඟවන්නෙහුය. නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් නොදැන සිටි දෑ නුඹලාට (එමගින්) උගන්වනු ලැබීය. (නබිවරය ! එය පහළ කළේ) අල්ලාහ් යැයි පවසනු. ඔවුන් නිරතව සිටින දෑහි සෙල්ලම් කිරීමට ඔවුන් ව අතහැර දමනු.
آية رقم 92
මෙය අපි පහළ කළ තමන් අතර ඇති දෑ සත්‍ය කරවන භාග්‍යමත් පුස්තකයයි. තවද (එමඟින් මක්කාහ් නම්) මව් නගරයට හා ඒ අවට සිටින්නන්ට නුඹ අවවාද කරනු පිණිසය. තවද පරමාන්ත දිනය විශ්වාස කරන්නන් මෙය විශ්වාස කරති. තවද ඔවුහු තම සලාතයන් සුරක්ෂිත ව ඉටු කරති.
අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන්ට හෝ තමන් වෙත කිසිවක් දැනුම් දී නොතිබූ තත්ත්වයේ මා වෙත දේව පණිවිඩ දෙනු ලැබීය යැයි පවසන්නන්ට හෝ අල්ලාහ් පහළ කළ දෑ මෙන් මම ද පහළ කරමි යැයි පවසන්නන්ට වඩා අපරාධකරු කවරෙකු ද? එම අපරාධකරුවන් මරණ වේදනා වෙහි සිටිනු නුඹ දකින්නේ නම් මලක්වරු තම අත් විහිදුවා නුඹලාගේ ප්‍රාණ නුඹලාම බැහැර කරනු. අල්ලාහ් කෙරෙහි සත්‍ය නොවන දෑ පවසමින් සිටි හෙයින්ද ඔහුගේ වදන් පිළිබඳ ව අහංකාරකමින් සිටි බැවින් ද අද දින නින්දිත දඬුවම ප්‍රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය.
آية رقم 94
අපි නුඹලාට පිරිනමා තිබූ දෑ නුඹලාගේ පිටු පිටිපසට අත හැර දමා මුල් වරට නුඹලා ව අපි මැව්වාක් මෙන් සැබැවින්ම නුඹලා අප වෙතට (කිසිවක් නොමැති ව) තනි ව පැමිණ ඇත. සැබැවින්ම නුඹලා අතර සිටි (අල්ලාහ්ට) සමානයන් යැයි නුඹලා තරයේ විශ්වාස කළ අය නුඹලා වෙනුවෙන් මැදිහත් වන්නන් ලෙස නුඹලා සමඟ සිටිනු අපි නොදකින්නෙමු. නුඹලා අතර වූ සම්බන්ධතා සැබැවින්ම විසන්ධි විය. නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි දෑ නුඹලා ව මුළා කළේය.
آية رقم 95
සැබැවින්ම අල්ලාහ් බීජ හා ඇට පැළෙන්නට සලස්වයි. (එමඟින් පැළෑටි හට ගන්වයි.) තවද ඔහු මළ දැයින් ප්‍රාණික දෑ පිට කරයි. ප්‍රාණික දැයින් මළ දෑ පිට කරයි. එයයි අල්ලාහ් ! එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
آية رقم 96
අලුයම් කාලය උදා කරවන්නා ය. තවද රාත්‍රිය සැනසුම ලබන්නක් ලෙස ද හිරු හා සඳු කාල ගණනයක් ලෙස ඇති කළේය. මෙය සර්ව බලධාරී සර්වඥයාණන්ගේ සැලැස්ම වේ.
آية رقم 97
ගොඩබිමෙහි හා මුහුදෙහි අන්ධකාරයන් තුළ නුඹලා මඟ දැනගනු පිණිස නුඹලාට තරු ඇති කළේ ද ඔහුමය. වටහා ගන්නා ජනයාට සංඥාවන් අපි පැහැදිලි කර ඇත්තෙමු.
آية رقم 98
එකම ආත්මයකින් නුඹලා ව නිර්මාණය කොට පසු ව (පිය කොඳු නාරටිය) රැඳවුම් ස්ථානයක් ලෙස ද (මව් කුස) තැන්පත් ස්ථානයක් ලෙසද පත් කළේ ඔහුය. අවබෝධ කරන ජනයාට සංඥාවන් පැහැදිලි කර ඇත්තෙමු.
آية رقم 99
අහසින් (වැසි) ජලය පහළ කළේ ඔහුය. පසු ව එමගින් සියලු දෑහි පැළෑටි අපි හට ගැන්වූයෙමු. පසු ව එයින් සරුසාර දෑ හට ගැන්වූයෙමු. (කරලෙහි) එකට බැඳුණු ධාන්‍ය ද ඉඳි ගසින් එහි ඡද ශුකියෙහි එල්ලී පවතින ඉඳි පොකුරුද සම පෙනුමැති (රසයෙන්) සමාන නොවූ මිදි, ඔලිව් හා දෙළුම් උයන් ද එයින් අපි හට ගන්වන්නෙමු. පල ගැන් වී එය ඉදෙන විට එහි පලතුරු දෙස අවධානයෙන් බලනු. සැබැවින්ම විශ්වාස කරන ජනයාට මෙහි සංඥාවන් ඇත.
آية رقم 100
තවද ජින්නුන් අල්ලාහ්ට සමානයන් ලෙස ඔවුහු පත් කරති. ඔවුන් ව මවා ඇත්තේ ද ඔහුය. තවද ඔහුට පිරිමි දරුවන් හා ගැහැනු දරුවන් ඇති බව ද ඔවුහු උපකල්පනය කරති. ඔවුන් වර්ණනා කරන දැයින් ඔහු සුපිවිතුරුය අති උත්තරීතරය.
آية رقم 101
(ඔහු) අහස් හා පොළොව පූර්වාදර්ශයකින් තොර ව මැවූ මැවුම්කරුය. ඔහුට සහකාරියක් නොසිටිය දී ඔහුට දරුවකු ඇති වන්නේ කෙසේද? සියලු දෑ මැව්වේ ඔහුය. තවද සියලු දෑ පිළිබඳ ව ඔහු සර්වඥය.
آية رقم 102
ඔහුය අල්ලාහ්. නුඹලාගේ පරමාධිපතිය. ඔහු හැර නැමඳුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහුය.
آية رقم 103
කිසිදු දෘෂ්ටීන් ඔහුට ළඟා විය නොහැක. නමුත් ඔහු සියලු දෘෂ්ටීන් ග්‍රහණය කර සිටී. තවද ඔහු සියුම් ඥානීය. සර්ව ප්‍රඥාවන්තය.
آية رقم 104
නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධක නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු එය (අධීක්ෂණය කොට) බලන්නේද එය ඔහුටමය. නමුත් කවරෙකු (ඒ ගැන) අන්ධයකු මෙන් කටයුතු කරන්නේ ද එය ඔහුටම එරෙහිවය. තවද මම නුඹලාගේ ආරක්ෂකයා නොවෙමි (යැයි නබිවරය! පවසනු.)
آية رقم 105
නුඹ හැදෑරුවෙහි යැයි ඔවුහු පවසනු පිණිස ද එය වටහා ගන්නා ජනයාට අප පැහැදිලි කර දෙනු පිණිස ද මෙම වදන් අපි මෙලෙස විස්තර කරන්නෙමු.
آية رقم 106
නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත වහී වශයෙන් දෙනු ලැබූ දෑ නුඹ පිළිපදිනු. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. ආදේශ තබන්නන් පිටු දකිනු.
آية رقم 107
අල්ලාහ් සිතුවේ නම් ඔවුහු ආදේශ නොකරන්නට තිබුණි. ඔවුනට ආරක්ෂකයකු ලෙස අපි නුඹ ව පත් නොකළෙමු. තවද නුඹ ඔවුන් වෙත වූ භාරකරු ද නොවේ.
آية رقم 108
අල්ලාහ් හැර ඔවුහු අයැදින දෑට නුඹලා අපහාස නොකරනු. එවිට කිසිදු දැනුමකින් තොර ව සීමාව ඉක්මවා යමින් ඔවුහු අල්ලාහ්ටද අපහාස කරති. සෑම ප්‍රජාවකටම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාර වත් කළේ එලෙසය. පසු ව ඔවුන් නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ ඔවුන්ගේ පරමාධිපති වෙතය. එවිට ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු ඔවුනට දන්වා සිටී.
آية رقم 109
ඔවුහු ඔවුන්ගේ දිවුරීම් ස්ථීර ලෙස අල්ලාහ් මත දිවුරා තමන් වෙත සාධකයක් පැමිණි විට ඒ පිළිබඳ ව තමන් තරයේ විශ්වාස කරන බව පවසා සිටියහ. සැබැවින්ම සියලු සාධකයන් අල්ලාහ් වෙතින් යැයි (නබිවරය !) නුඹ පවසන්න. සැබැවින්ම ඒවා පැමිණි විට ඔවුන් විශ්වාස නොකරනු ඇතැයි නුඹලාට වටහා දුන්නේ කුමක්ද?
آية رقم 110
ඔවුන් එය මුල් වතාවෙහි විශ්වාස නොකර සිටියාක් මෙන් ඔවුන්ගේ හදවත් හා ඔවුන්ගේ දෘෂ්ටීන් අපි පෙරළා දමන්නෙමු. තවද ඔවුන් ඔවුන්ගේ සීමාව ඉක්මවා යෑමෙහි තටමන්නට අපි ඔවුන් අතහැර දමන්නෙමු.
آية رقم 111
තවද අප ඔවුන් වෙත මලක් වරුන් පහළ කළ ද මළවුන් ඔවුන් සමඟ කතා කළ ද සියලු දෑ ඔවුන් ඉදිරියේ අප එක්රැස් කළ ද අල්ලාහ් අභිමත කිරීමෙන් මිස ඔවුහු විශ්වාස කිරීමට (ඉදිරිපත්) නොවනු ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරය අඥාන ව සිටිති.
آية رقم 112
තවද එලෙසම අපි සෑම නබි වරයකුටම මිනිස් වර්ගයාගෙන් හා ජින් වර්ගයාගෙන් ෂෙයිතා නුන් (නපුරු බලවේගයන්) සතුරන් බවට පත් කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු රවටා ලනු පිණිස ආකර්ෂණීය වදන් කොඳුරා පවසති. නුඹගේ පරමාධිපති සිතුවේ නම් ඔවුහු මෙය නොකරන්නට තිබුණි. එබැවින් ඔවුන් ගොතන (අසත්‍ය) දෑ සමඟ ඔවුන් ව නුඹ අත හැර දමනු.
آية رقم 113
පරමාන්ත දිනය විශ්වාස නොකරන්නන්ගේ හදවත් ඒ (රැවටිලි සහගත ආකර්ෂණීය වදන්) වෙත නැඹුරු වීම සඳහා ද එය ඔවුහු පිළි ගනු පිණිස ද ඔවුන් කවර කරුණක නිරත වෙමින් සිටියේ ද එහි නිරත වනු පිණිස ද (ෂෙයිතාන් මෙසේ කළේය.)
آية رقم 114
අල්ලාහ්ගෙන් තොර ව විසදුමක් මා සෙවිය යුතුද? නුඹලා වෙත පැහැදිලි කරන්නක් ලෙස මෙම පුස්තකය පහළ කළේ ඔහුය. කවරෙකුට මෙම පුස්තකය අපි පිරිනැමුවෙමුද සැබැවින්ම මෙය සත්‍යයෙන් යුතු ව නුඹගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවක් බව දැන ගනිති. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නොවනු.
آية رقم 115
නුඹගේ පරමාධිපතිගේ වදන සත්‍යතාවෙන් හා සාධාරණත්ව යෙන් පූර්ණවත් විය. එම වදන් වෙනස් කරන්නෙකු නොමැත. ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
آية رقم 116
මහපොළොවේ සිටින බහුතර යක් දෙනාට නුඹ අවනත වන්නේ නම් නුඹ ව අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුහු නොමඟ යවනු ඇත. ඔවුහු අනුගමනය කරනුයේ හුදු අනුමානයන් මිස නැත. තවද ඔවුහු උපකල්පනය කරන්නන් මිස නැත.
آية رقم 117
තම දහමින් නොමඟ යනවුන් කවුරුන් දැ යි සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. තවද යහමඟ ලැබූවන් පිළිබඳවද මැනවින් දන්නාය.
آية رقم 118
නුඹලා ඔහුගේ වදන් පිළිබඳ විශ්වාසවන්තයින් ලෙස සිටියෙහු නම් (සතෙකු ආහාරය පිණිස කැපීමේ දී) ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ අනුභව කරනු.
آية رقم 119
තවද කවර දෙයක් කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබුවේ ද එය නුඹලා අනුභව නොකර සිටීමට නුඹලාට කුමක් වී ද ? තවද යමක් කෙරෙහි නුඹලා බල කරනු ලැබුවේ ද එය හැර නුඹලා වෙත තහනම් කර ඇති දෑ නුඹලාට සැබැවින්ම පැහැදිලි කර ඇත. තවද බොහෝ දෙනා කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ මනෝ ආශාවන් අනුව නොමඟ යති. සීමාව ඉක්මවා ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නා සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහුය.
آية رقم 120
තවද පාපයේ බාහිර දෑ හා එහි අභ්‍යන්තර දෑ නුඹලා අත හැර දමනු. සැබැවින්ම පාපය උපයන්නන් ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුනට මතු ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත.
آية رقم 121
තවද කවර දෙයක් කෙරෙහි අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු නොලැබුවේ ද එයින් නුඹලා අනුභව නොකරනු. තවද සැබැවින්ම එය පාපයකි. තවද සැබැවින්ම ෂෙයිතානුන් ඔවුන්ගේ හිතමිතුරන් නුඹලා සමඟ වාද කරනු පිණිස (ඔවුන්ගේ කනට) කොඳුරනු ඇත. තවද නුඹලා ඔවුනට අවනත වූයේ නම් සැබැවින්ම නුඹලා ආදේශ තබන්නන් වනු ඇත.
آية رقم 122
යමෙකු (දේව ප්‍රතික්ෂේපය හේතුවෙන්) මිය ගිය අයකු ව සිට පසු ව ඔහුට අපි (යහමඟ තුළින්) ප්‍රාණය ලබා දී ඔහුට ආලෝකය ද ඇති කොට එමගින් ජනයා අතර ඇවිද යන්නේද එවන් අයකු අන්ධකාරයන්හි සිට එයින් බැහැර ව යා නොහැකි අයකු මෙන් වන්නේද ? දේව ප්‍රතික්ෂේපකයින්ට ඔවුන් සිදු කරමින් සිටි දෑ අලංකාරවත් කර පෙන්වනු ලැබුවේ එලෙසය.
آية رقم 123
එලෙස සෑම ගමකම එහි කුමන්ත්‍රණය කරනු පිණිස එහි වැරදි කරන නායකයන් ඇති කළෙමු. ඔවුහු කුමන්ත්‍රණ කරනුයේ ඔවුන්ටම මිස නැත. තවද ඔවුහු (ඒ බව) නොහඟති.
آية رقم 124
ඔවුනට (මුහම්මද් තුමාණන්ගේ නබිත්වය තහවුරු කරමින්) යම් සාක්ෂියක් පැමිණි විට අල්ලාහ් ගේ දූතවරුන්ට පිරිනමනු ලැබූවාක් මෙන් යමක් අපටද පිරිනමනු ලබන තෙක් අපි විශ්වාස නොකරන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය. තම දූත මෙහෙවර කොතැනක තැබිය යුතු දැයි අල්ලාහ් මැනවින් දන්නාය. වැරදි කළවුන් ව ඔවුන් කුමන්ත්‍රණ කරමින් සිටි දෑ හේතුවෙන් අල්ලාහ් වෙතින් වූ අවමානයක් හා දැඩි දඬුවමක් හසුකර ගනු ඇත.
آية رقم 125
අල්ලාහ් යමෙකුට මඟ පෙන් වීමට සිතන්නේ ද ඔහුගේ හදවත ඉස්ලාමය වෙතට විවෘත කරනු ඇත. තවද ඔහු ව නොමඟ හැර දමන්නට ඔහු සිතන්නේද ඔහුගේ හදවත අහසට නගිනවාක් මෙන් දුෂ්කර ඉතා පටු (පීඩනයෙන් යුත් හදවතක්) බවට පත් කරයි. විශ්වාස නොකරන්නන්හට අල්ලාහ් දඬුවම් කරනුයේ මෙලෙසය.
آية رقم 126
මෙය නුඹගේ පරමාධිපතිගේ ඍජු මාර්ගය වේ. උපදෙස් ලබන ජනයාට සැබැවින්ම අපි මෙම සාධක පැහැදිලි කළෙමු.
آية رقم 127
ඔවුනට අල්ලාහ් වෙතින් වූ ශාන්තියේ නිවහන ඇත. ඔහු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ භාරකරු ඔහුම විය.
آية رقم 128
ඔවුන් සියල්ල එක්රැස් කරන දින අහෝ ජින් සමූහයනි! මිනිස් වර්ගයාගෙන් වැඩි දෙනා (නොමඟ යවා) නුඹලා අධික කර ගත්තෙහුය. මිනිසුන් අතුරින් වූ ඔවුන්ගේ සමීපතයින් අපගේ පරමාධිපතියාණනි, අපගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගෙන් භුක්ති වින්දහ. අප වෙත නුඹ නියම කළ කාල සීමාව ළඟා විය යැයි පවසති. (එවිට) නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. අල්ලාහ් අභිමත කළ (ඇතැම්) අය හැර ඔවුහු එහි සදා තනිකයින් වෙති. සැබැවින්ම නුඹගේ පරමාධිපති ප්‍රඥාවන්ත ය. සර්ව ඥානීය යැයි පවසයි.
آية رقم 129
තවද එලෙස අපි ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපරාධ කරුවන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට හිතමිතුරන් බවට පත් කරමු.
آية رقم 130
අහෝ ! ජින් හා මිනිස් සමූහයනි, මාගේ වදන් නුඹලාට කියා පා නුඹලාගේ මෙදින හමු වීම ගැන නුඹලාට අවවාද කරමින් නුඹලා අතුරින්ම වූ රසූල්වරු (ධර්ම දූතයින්) නුඹලා වෙත නොපැමිණියේද? (එවිට) ඔවුහු එසේය අපට එරෙහි ව අපිම සාක්ෂි දරන්නෙමු යැයි පවසති. මෙලොව ජීවිතය ඔවුන් ව රවටා දැමීය. සැබැවින්ම ඔවුන් ප්‍රතික්ෂේපකයින් ලෙස සිටි බව ඔවුන් ඔවුන්ටම එරෙහි ව සාක්ෂි දරනු ඇත.
آية رقم 131
එය (එසේ රසූල්වරුන් පහළ කිරීමට හේතුව) අපරාධයෙන් වෙළුණු ගමක් එහි ජනයා (ඒ ගැන) නොතකන්නන් ලෙස සිටිය දී නුඹගේ පරමාධිපති එය විනාශ කරන්නකු නොවනු පිණිස ය.
آية رقم 132
සෑම කෙනෙකුටම ඔවුන් කළ දෑ අනුව (විවිධ) තරාතිරම් ඇත. ඔවුන් කරන දෑ පිළිබඳ ව නුඹ ගේ පරමාධිපති අනවධානියකු නොවේ.
آية رقم 133
තවද අවශ්‍යතාවන්ගෙන් තොර වූ ද කරුණාවෙන් යුක්ත වූ ද නුඹගේ පරමාධිපති සිතන්නේ නම් වෙනත් සමූහයක පරම්පරා වෙන් නුඹලා ව බිහි කළාක් මෙන් නුඹලා ව පහකොට නුඹලාගෙන් පසු ඔහු සිතන පරිදි (නුඹලා වෙනුවට වෙනත්) නියෝජිතයින් පත් කරනු ඇත.
آية رقم 134
නියත වශයෙන්ම නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ පැමිණෙනු ඇත. තවද නුඹලා (එයින්) මිදෙන්නන් නොවෙති.
آية رقم 135
අහෝ ! මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ ස්ථානයේ සිටකටයුතු කරනු. සැබැවින්ම මම ද (මාගේ ස්ථානයේ සිට) කටුයුතු කරමි. මෙලොව අවසානය යහපත් වන්නේ කා හට දැ යි නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති යැයි (නබිවරය) නුඹ පවසනු.
آية رقم 136
ගොයමින් හා ගොවිපළ සතුන්ගෙන් බිහි කළ දැයින් අල්ලාහ්ට කොටසක් වෙන් කොට ඔවුන්ගේ කල්පිතය අනුව මෙය අල්ලාහ් වෙනුවෙනි, මෙය තමන්ගේ සම දෙවිවරුන් වෙනුවෙනි යැයි පවසති. ඔවුන්ගේ සම දෙවිවවරුන් වෙනුවෙන් වූ දෑ අල්ලාහ් වෙත ළඟා නොවනු ඇත. තවද අල්ලාහ් වෙනුවෙන් වූ දෑ ඔවුන්ගේ සම දෙවිවරුන් වෙත ළඟා නොවනු ඇත. ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
آية رقم 137
තවද එලෙසම ආදේශ තබන්නන්ගෙන් බහුතරයක් දෙනාට තම දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ හවුල්කාර දෙවිවරු අලංකාර කර පෙන්වීය. එය ඔවුන් (ෂයිතානුන්) ඔවුන් ව විනාශ කරනු පිණිස ද, ඔවුන්ගේ දහම ඔවුනට විකෘති කර පෙන්වනු පිණිසය. අල්ලාහ් සිතුවේ නම් ඔවුහු එය නොකරන්නට තිබුණි. එබැවින් ඔවුන් ගොතමින් සිටින දෑ සමඟ ඔවුන් ව නුඹ අත හැර දමනු.
آية رقم 138
මෙය තහනම් කරනු ලැබූ ගොවිපළ සතුන් හා කෙත්ය. ඔවුන්ගේ උපකල්පනය පරිදි අපි සිතන අය හැර (අන් කිසිවකු) මෙය අනුභව නොකළ යුතු යැයි ඔවුහු පවසති. තවද ඇතැම් ගොවිපළ සතුන් උන්ගේ පිට (ගමන් බිමන් යාමට) තහනම් කරනු ලැබ ඇතැයි ද ඇතැම් ගොවිපළ සතුන් මත අල්ලාහ්ගේ නාමය තමන් මෙනෙහි නොකරන්නේ යැයි ද ඔහු වෙත ගොතා පවසති. ඔවුන් ගොතමින් සිටි දෑ වෙනුවෙන් ඔවුනට ප්‍රතිවිපාක දෙනු ඇත.
آية رقم 139
මෙම ගොවිපළ සතුන්ගේ කුස තුළ ඇති දෑ පිරිමින්ට පමණක් සතුය. අපගේ සහකාරියන්හට තහනම් කරන ලද්දකි. එය මිය ගිය තත්ත්වයේ තිබේ නම් එහි ඔවුහු හවුල්කරුවන් වෙති යැයි ඔවුහු පවසති ඔවුන්ගේ මෙම ප්‍රකාශයට ඔහු ඔවුනට ප්‍රතිවිපාක දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු ප්‍රඥාවන්තය. සර්ව ඥානීය.
آية رقم 140
කිසිදු දැනුමකින් තොර ව අඥාන කමින් තම දරුවන් ඝාතනය කළවුන් සැබැවින්ම පාඩු වින්දහ. තවද අල්ලාහ් කෙරෙහි බොරු ගොතමින් අල්ලාහ් ඔවුනට පෝෂණය වශයෙන් පිරිනැමූ දෑ ඔවුහු තහනම් කර ගත්හ. ඔවුහු නොමඟ ගියහ. තවද ඔවුන් යහමඟ ලද්දන් නොවූහ.
آية رقم 141
(වට්ටක්කා වැනි පොළොවේ) විහිදී වැඩෙන උයන් ද (ඉඳි ගස් වැනි) විහිදුවීමකින් තොර ව වැඩෙන උයන් ද ඉඳි ද එහි ආහාරය විවිධ වූ පැළෑටි ද ඔලිව් ද දෙළුම් ද එකිනෙකට සමාන වශයෙන් හා එකිනෙකට සමාන නොවන වශයෙන් බිහි කළේ ඔහුය. නුඹලා එහි පල හට ගැණුනු විට එහි පල අනුභව කරනු. තවද එය නෙළා ගන්නා දින එහි උරුමය දෙනු. තවද නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්තිකාරයින් ව ප්‍රිය නොකරනු ඇත.
آية رقم 142
ගොවිපළ සතුන් අතුරින් ප්‍රවාහනය කරනු ලබන්නක් වශයෙන් හා ප්‍රවාහනය කළ නොහැකි වශයෙන් (බිහි කළේ ඔහුය) අල්ලාහ් නුඹලාට පෝෂණය වශයෙන් දුන් දැයින් නුඹලා අනුභව කරනු. ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරා වෙයි.
آية رقم 143
(ආහාරයට අනුමත සතුන් අතරින්) වර්ග අටක් ඇත. බැටළුවාගෙන් (ගැහැනු පිරිමි යන) දෙදෙනෙක් ද එළුවාගෙන් දෙදෙනෙක් ද වෙති. (මේවායින්) ඔහු තහනම් කර ඇත්තේ පිරිමි සතුන් දෙදෙනා ද? නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ද? එසේ නැතහොත් ගැහැනු සතුන්ගේ ගැබ් තුළ ඇති දෑ ද? නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් බුද්ධිමත් ව මට (මේ ගැන) දන්වා සිටින්නැයි නුඹ පවසනු.
آية رقم 144
තවද ඔටුවාගෙන් (ගැහැනු පිරිමි යන) දෙදෙනෙක් ද ගවයාගෙන් දෙදෙනෙක් ද වෙති. (මේවායින්) ඔහු තහනම් කර ඇත්තේ පිරිමි සතුන් දෙදෙනා ද? නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ද? එසේ නැතහොත් ගැහැනු සතුන්ගේ ගැබ් තුළ ඇති දෑ දැ යි අසනු. එසේ නැතහොත් මේ ගැන අල්ලාහ් නුඹලාට උපදෙස් දුන් අවස්ථාවේ නුඹලා සාක්ෂි කරුවන් ලෙස සිටියෙහු ද? ජනයා නොමඟ යවනු පිණිස දැනුමෙන් තොර ව අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා දරුණු අපරාධකරු කවරෙකු ද? සැබැවින්ම අල්ලාහ් අපරාධකාරී පිරිසට යහමඟ නොපෙන්වයි.
آية رقم 145
මිය ගිය දෑ, වහනය වන රුධිරය, ශූකර මාංශ - ඇත්තෙන්ම එය අපිරිසිදුය.- අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කවර දෙයක් කපන ලද්දේ ද එවන් පාපී දෑ වශයෙන් පවතින දෑ හැර අනුභව කරන්නෙකුට එය අනුභව කිරීමට තහනමක් ලෙස වෙන කිසිවක් මා වෙත දන්වා ඇති දෑ හි මා නුදුටුමි. නමුත් කවරෙකු හෝ බල කරනු ලැබුවේ නම් ඔහු සීමාව ඉක්මවා යන්නෙකු හෝ නැවත නැවතත් ඉටු කරන්නෙකු වශයෙන් හැර (එය අනුභව කිරීමට අනුමැතිය ඇත.) සැබැවින්ම නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
آية رقم 146
නියපොතු සහිත සෑම එකක්ම අපි යුදෙව්වූවනට තහනම් කළෙමු. තවද ගවයින් හා එළුවන්ගෙන් උන්ගේ පිටවල් හා බොකු හා අස්ථි සමඟ මුසු වූ දෑ හැර (අනෙකුත්) මේද ඔවුන් වෙත තහනම් කළෙමු. ඔවුන්ගේ අපරාධ හේතුවෙන් මෙලෙස අපි ඔවුනට ප්‍රතිවිපාක දුනිමු. තවද සැබැවින්ම අපි සත්‍යවාදීහු වන්නෙමු.
آية رقم 147
නමුත් ඔවුහු නුඹ ව බොරු කළේ නම් එවිට නුඹලාගේ පරමාධිපති කරුණාවෙන් හා විශාලත්ව යෙන් යුක්තය. වැරදිකාර පිරිස ගෙන් ඔහුගේ දඬුවම ප්‍රතික්ෂේප කරනු නොලැබේ යැයි නුඹ පවසනු.
آية رقم 148
අල්ලාහ් අභිමත කර ඇත්නම් අප හා අපගේ මුතුන්මිත්තන් ආදේශ නොකරන්නට තිබුණි. තවද කිසිවක් අප වෙත තහනම් නොකරන්නට තිබුණි යැයි ආදේශ කළවුන් පවසනු ඇත. මෙලෙස ඔවුනට පෙර සිටියවුන් ද අපගේ දඬුවම භුක්ති විඳින තෙක් බොරු කරමින් සිටියහ. නුඹලා වෙත යම් දැනුමක් එය අපහට දන්වා සිටින අයුරින් තිබේද? නුඹලා අනුගමනය කරනුයේ අනුමානය මිස නැත. තවද නුඹලා උපකල්පනය කරන්නන් මිස නැත.
آية رقم 149
පිරිපුන් සාධක අල්ලාහ් සතුය එබැවින් ඔහු අභිමත කළේ නම් නුඹලා සියල්ලන්ට යහ මඟ පෙන්වා දෙන්නට තිබුණි යැයි (නබිවරය) නුඹ පවසනු.
آية رقم 150
මෙය තහනම් කළේ සැබැවින්ම අල්ලාහ් යැයි සාක්ෂි දරන නුඹලාගේ සාක්ෂිකරුවන් ගෙන එනු යැයි (නබිවරය) නුඹ පවසනු. එවිට ඔවුහු සාක්ෂි දැරුවේ නම් එවිට නුඹ ඔවුන් සමඟ වී සාක්ෂි නොදරනු. අපගේ වදන් බොරු කළවුන්ගේ හා අවසානය විශ්වාස නොකරන්නන්ගේ ආශාවන් අනුගමනය නොකරනු. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට සමානකම් ඇති කරති.
آية رقم 151
එනු. නුඹලාගේ පරමාධිපති නුඹලාට තහනම් කළ දෑ මම නුඹලා වෙත පවසමි යැයි (නබිවරය) නුඹ පවසනු. එය නුඹලා ඔහුට කිසිවක් ආදේශ නොකරන බවටත්, දෙමාපියන්ට උපකාරශීලී ව කටයුතු කරන ලෙසත්, දිළිඳුකම හේතුවෙන් නුඹලාගේ දරුවන් ඝාතනය නොකරන ලෙසත්, -නුඹලාට හා ඔවුනට පෝෂණය දෙනුයේ අපමය.- එමෙන්ම නුඹලා අශික්ෂිත දැයින් මතුපිටින් පෙනෙන දෑ හා රහසිගත දෑට සමීප නොවන ලෙසත්ය. අල්ලාහ් නුඹලාට තහනම් කළ ආත්මයක් නුඹලා යුක්තියෙන් තොර ව මිස ඝාතනය නොකරනු. මෙසේ එය නුඹලාට ඔහු උපදෙස් දෙනුයේ නුඹලා වටහා ගත හැකි වනු පිණිසය.
آية رقم 152
අනාථයාගේ ධනයට ඔහු වැඩි විය පත් වන තුරු යුක්ති සහගත අයුරින් මිස සමීප නොවනු. තවද කිරුම් මිණුම් යුක්ති සහගත ලෙසින් පූර්ණ ව ඉටු කරනු. කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස අපි බර නොපටවන්නෙමු. සමීප ඥාතියකු වුව ද නුඹලා පවසන විට යුක්තිගරුක ව පවසනු. තවද අල්ලාහ්ගේ ගිවිසුම ඉටු කරනු. මේවා මෙමගින් නුඹලාට උපදෙස් දෙනුයේ නුඹලා මෙනෙහි කිරීමට හැකි වනු පිණිසය.
آية رقم 153
තවද නියත වශයෙන්ම මෙය මාගේ ඍජු මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. (වෙනත්) මාර්ග අනුගමනය නොකරනු. එවිට නුඹලා ව ඔහුගේ මාර්ගයෙන් එය වෙන් කරනු ඇත. මේවා මෙමගින් නුඹලාට උපදෙස් දෙනුයේ නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිසය.
آية رقم 154
පසු ව වඩාත් අලංකාර අයුරින් සෑම දෙයක්ම විස්තර කරන්නක් ලෙස ද මඟ පෙන්වීමක් ලෙස ද ආශිර්වාදයක් ලෙස ද එම පුස්තකය අපි මූසාට පිරිනැමුවෙමු. එය ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ඔවුන් විශ්වාස කිරීමට හැකි වනු පිණිසය.
آية رقم 155
තවද අපි පහළ කළ මෙම පුස්තකය භාග්‍ය සම්පන්නය. එබැවින් නුඹලා එය පිළිපදිනු. තවද නුඹලා කරුණා ව ලැබීමට හැකි වනු පිණිස නුඹලා බිය බැතිමත් වනු.
آية رقم 156
අපට පෙර පුස්තකය පහළ කරනු ලැබුවේ (යුදෙව් හා කිතුනු යන) දෙපිරිස වෙතමය. තවද අපි ඔවුන්ගේ ඉගැන්වීම් ගැන අපි අනවධානීන් ලෙස සිටියෙමු යැයි ඔවුහු නොපවසනු පිණිසය.
آية رقم 157
නැතහොත් සැබැවින්ම අප වෙත පුස්තකය පහළ කරනු ලැබුවේ නම් ඔවුනට වඩා අපි යහ මඟ ලැබූවන් වන්නෙමු යැයි ඔවුන් නොපවසනු පිණිසය. නමුත් නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පැහැදිලි සාධකය මඟ පෙන්වීම හා ආශිර්වාදය පැමිණි විට අල්ලාහ්ගේ වදන් බොරු කොට එය පිටු පෑ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? අපගේ වදන් පිටුපාන්නන්ට ඔවුන් පිටුපාමින් සිටි හේතුවෙන් නපුරු දඬුවමක් මතු අපි ප්‍රතිවිපාක වශයෙන් පිරිනමන්නෙමු.
آية رقم 158
මලක්වරුන් ඔවුන් වෙත පැමිණීම හෝ නුඹගේ පරමාධිපති ඔවුන් වෙත පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ සාධක සමහරක් පැමිණීම හෝ ඔවුන් බලාපොරොත්තු වන්නේ ද? නුඹගේ පරමාධිපතිගේ සාධක සමහරක් පැමිණෙන දින කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නොවනු ඇත. මීට පෙර එය විශ්වාස නොකළේය. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත. නුඹලා බලාපොරොත්තු වෙන් සිටිනු. සැබැවින්ම අප ද බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු යැයි (නබිවරය) නුඹ පවසනු.
آية رقم 159
සැබැවින්ම තම දහම බෙදා වෙන් කොට කණ්ඩායම් වශයෙන් පත් වූවන් ඔවුන් අතුරින් නුඹ කිසිදු විෂයයක නොවන්නෙහිය. සැබැවින්ම ඔවුන්ගේ විෂය සියල්ල අල්ලාහ් වෙතය. පසු ව ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු ඔවුනට දන්වයි.
آية رقم 160
කවරෙකු යහපතක් රැගෙන එන්නේ ද එවිට ඔහුට ඒ හා සමාන (ප්‍රතිඵල) දහයක් හිමිය. තවද කවරෙකු නපුරක් රැගෙන එන්නේ ද එවිට ඒ හා සමාන (ප්‍රතිවිපාක)යක් මිස වෙනෙකක් නොමැත. ඔවුහු අසාධාරණකම් කරනු නොලබති.
آية رقم 161
සැබැවින්ම මාගේ පරමාධිපති ඍජු දහමින් යුත් ඉබ්‍රාහීම්ගේ අවංක පිළිවෙතින් මා හට නිවැරදි මාර්ගය වෙත මඟ පෙන්වීය. සැබැවින්ම ඔහු ආදේශ කරන්නන් අතුරින් නොවීය.
آية رقم 162
සැබැවින්ම මාගේ සලාතය මාගේ නැමදුම මාගේ ජීවය මාගේ මරණය ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් සතුය.
آية رقم 163
ඔහුට සමාන කිසිවකු නොමැත. තවද මේ ගැන මම නියෝග කරනු ලද්දෙමි. තවද මම මුස්ලිම්වරුන්ගෙන් පළමු වැන්නා වෙමි.
آية رقم 164
සියලු දෑ හි පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී ඔහු හැර වෙනත් අයකු පරමාධිපතියෙක් ලෙස මම සොයන්නෙම් ද? සෑම ආත්මයක්ම එයට එරෙහි ව මිස වෙනෙකක් උපයන්නේ නැත. තවද උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර ද උසුලන්නේ නැත. පසු ව නුඹලා නැවත යොමු වන ස්ථානය නුඹලාගේ පරමාධිපති වෙතය. අනතුරු ව නුඹලා කවර විෂයක් මත භේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ පිළිබඳ නුඹලාට ඔහු දන්වා සිටියි.
آية رقم 165
මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා ව පත් කළේ ඔහුමය. තවද ඔහු නුඹලාට දුන් දෑ හි නුඹලා ව පරීක්ෂාවට ලක් කරනු පිණිස නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා තරාතිරම් වලින් උසස් කළේය. තවද සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
تقدم القراءة