ترجمة معاني سورة الصافات باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
පෙළින් පෙළට පෙළ ගැසී සිටින්නන්(මලක්වරු)මත දිවුරමින්.
آية رقم 2
තවද පසුපසින් මෙහෙයවා යන්නන් (මලක්වරු) මත දිවුරමින්.
آية رقم 3
තවද මෙනෙහි කිරීම පාරායනය කරන්නන් මත දිවුරමින්.
آية رقم 4
නියත වශයෙන්ම නුඹලාගේ දෙවියා එකමය.
آية رقم 5
අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. තවද නැගෙනහිරවල්හි ද හිමිපාණන්ය.
آية رقم 6
නියත වශයෙන්ම සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මගින් අලංකාරවත් කළෙමු.
آية رقم 7
තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන්ම ආරක්ෂාවක් වශයෙනි.
උසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකිය. තවද ඔවුහු සෑම පැත්තකින්ම පහර දෙනු ලබති.
آية رقم 9
(එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත.
آية رقم 10
(රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි.
“මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙන සුළු මැටියෙන් මැව්වෙමු.
آية رقم 12
නමුත් ඔබ පුදුම වූයෙහිය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති.
آية رقم 13
තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නොලබති.
آية رقم 14
තවද ඔවුහු සංඥාවක් දුටු විට සමච්චල් කරති.
آية رقم 15
තවද ඔවුහු මෙසේ පවසා සිටියහ. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”
آية رقم 16
“අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”
آية رقم 17
“අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද)”
آية رقم 18
“එසේය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි ඔබ පවසනු.
آية رقم 19
නියත වශයෙන්ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති.
آية رقم 20
තවද “අහෝ! අපගේ විනාශය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති.
آية رقم 21
“නුඹලා කවර දෙයක බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ.)
آية رقم 22
අපරාධ කළවුන් හා ඔවුන්ගේ ජොඩු ද අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් ගැතිකම් කරමින් සිටි දෑ ද නුඹලා එක්රැස් කරනු.
آية رقم 23
(අල්ලාහ්ගෙන් තොර ව) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.
آية رقم 24
තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝය.
آية رقم 25
නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් කර නොගන්නෙහුය.
آية رقم 26
එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝය.
آية رقم 27
ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.
آية رقم 28
නියත වශයෙන්ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි ඔවුහු පවසා සිටියහ.
آية رقم 29
“එසේ නොව නුඹලා දෙවියන් විශ්වාස කරන්නන් නොවූයෙහු” යැයි ඔවුහු පවසා සිටියහ.
නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නොවීය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.
آية رقم 31
එහෙයින් අපට එරෙහි ව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන්ම අපි (එය) රස විඳින්නෝ වෙමු.
آية رقم 32
එහෙයින් අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන්ම අප ද නොමග ගියවුන් වූයෙමු.
آية رقم 33
එහෙයින් නියත වශයෙන්ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.
آية رقم 34
නියත වශයෙන්ම අපි වැරදිකරුවන් සමග කටයුතු කරන්නේ එලෙසය.
“අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පැවසූ විට, නියත වශයෙන්ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියහ.
آية رقم 36
තවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමුදැ”යි ඔවුහු පවසා සිටිති.
آية رقم 37
නමුත් ඔහු සත්‍යය සමග පැමිණියේය. තවද ඔහු (පෙර සිටි) දහම් දූතයින් සත්‍යය කළේය.
آية رقم 38
නියත වශයෙන්ම (අෂිශ්ට ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝමය.
آية رقم 39
නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලාට ප්‍රතිඵල දෙනු නොලබනු ඇත.
آية رقم 40
නමුත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර.
آية رقم 41
තමන්ට නියම කරන ලද පෝෂණය ඇත්තෝ ඔවුහුමය.
آية رقم 42
පලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝය.
آية رقم 43
(ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි (සිටිති)
آية رقم 44
යහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති.
آية رقم 45
උල්පතින් වූ කුසලාන (ජලබඳුන්) ඔවුන් වටා යවනු ලැබේ.
آية رقم 46
එය සුදු පැහැතිය. පානය කරන්නන් හට ප්‍රණීතය.
آية رقم 47
එහි (සිහිවිකල් වන ආකාරයේ) උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් මත් බවට පත් කරනු ලබන්නෝ නොවෙති.
آية رقم 48
තවද දමිත බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති.
آية رقم 49
නියත වශයෙන්ම ඔවුන් සඟවා තබනු ලැබූ බිත්තර මෙනි.
آية رقم 50
ඔවුන් එකිනෙකා (මෙලොව කටයුතු කළ ආකාරය) විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත.
آية رقم 51
නියත වශයෙන්ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතුරින් ප්‍රකාශකයකු පවසනු ඇත.
آية رقم 52
නියත වශයෙන්ම ඔබ සත්‍ය කරන්නන් අතුරින් දැ?යි ඔහු පවසයි.
آية رقم 53
අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අප විමසනු ලබන්නේ දැ?(යි ද ඔහු විමසයි.)
آية رقم 54
නුඹලා එබී බැලිය යුත්තෝ දැයි ඔහු විමසයි.
آية رقم 55
එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත.
آية رقم 56
අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය.
آية رقم 57
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නොවී නම් මම (විනිශ්චය සඳහා) සම්මුඛ කරනු ලබන්නන් අතුරින් වෙමි.
آية رقم 58
එසේ නම් අප මිය යන්නන් ලෙස නොවන්නෙමු ද?
آية رقم 59
අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු.
آية رقم 60
නියත වශයෙන්ම මෙයමය අතිමහත් ජයග්‍රහණය.
آية رقم 61
මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!
آية رقم 62
සංග්‍රහයෙන් ශ්‍රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගසද?
آية رقم 63
නියත වශයෙන්ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු.
آية رقم 64
නියත වශයෙන්ම එය නිරය පතුලෙහි මතු වෙන ගසකි.
آية رقم 65
එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි.
آية رقم 66
එවිට ඔවුහු එයින් අනුභව කරන්නෝ වෙති. එවිට ඔවුහු එයින් කුසවල් පුරවාගන්නෝ වෙති.
آية رقم 67
පසු ව නියත වශයෙන්ම ඔවුනට එහි ලෝ දියෙන් යුත් පානයක් ඇත.
آية رقم 68
පසු ව නියත වශයෙන්ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙතය.
آية رقم 69
නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝය.
آية رقم 70
එහෙත් ඔවුහු ඔවුන්ගේ සලකුණු මත යන්නට යුහුසුළු වෙති.
آية رقم 71
ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින්ම නොමග ගියෝය.
آية رقم 72
තවද සැබැවින්ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු.
آية رقم 73
අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර අවවාද කරනු ලැබූ (නමුත් ඒවා ඉවත දැමු)වන්ගේ අවසානය කෙසේ වූයේ දැයි මැනවින් බලනු.
آية رقم 74
අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර
آية رقم 75
තවද සැබැවින්ම නූහ් අප ඇමතුවේය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නෝ වූයෙමු.
آية رقم 76
අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු.
آية رقم 77
තවද අපි ඔහුගේ පරපුර ඉතිරිවූවන් බවට පත් කළෙමු.
آية رقم 78
තවද පසු පරපුර අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.
آية رقم 79
ලෝවැසියන් අතර නූහ් ට ශාන්තිය අත්වේවා!
آية رقم 80
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
آية رقم 81
නියත වශයෙන්ම (නූහ් වන) ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් විය.
آية رقم 82
පසු ව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු.
آية رقم 83
තවද නියත වශයෙන්ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්‍රාහීම්.
آية رقم 84
සන්සුන් හදවතකින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 85
‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 86
“අල්ලාහ් හැර ව්‍යාජ දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”
آية رقم 87
“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”
آية رقم 88
එවිට ඔහු තාරකා අතර මනා බැල්මකින් අධීක්ෂණයෙන් බැලුවේය.
آية رقم 89
එවිට (ඔවුන්ගේ උත්සවයට සහභාගි වීම වළක්වනු පිණිස) ‘නියත වශයෙන්ම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේය.
آية رقم 90
එවිට ඔවුහු පිටුපාන්නන් ලෙසින් ඔහු වෙතින් හැරී ගියෝය.
آية رقم 91
පසු ව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ නැඹුරු වී “නුඹලා අනුභව නොකරන්නෙහුදැ”යි විමසා සිටියේය.
آية رقم 92
“නුඹලා කතා නොකර සිටීමට නුඹලාට කුමක් වීද?“
آية رقم 93
පසු ව ඔහු (ඉබ්‍රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේය.
آية رقم 94
ඔවුහු වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට පැමිණියෝය.
آية رقم 95
“නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහුදැ?”යි ඔහු විමසුවේය.
آية رقم 96
“තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මැව්වේය.“
آية رقم 97
“ඔහු වෙනුවෙන් ගොඩනැගිල්ලක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ.
آية رقم 98
එවිට ඔවුහු ඔහුට (ඉබ්‍රාහීම් ට) කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු.
آية رقم 99
“නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” (ගින්නෙන් මිදුනු) ඔහු පැවසුවේය.
آية رقم 100
මාගේ පරමාධිපතියාණනි! මා හට දැහැමියන් අතුරින් කෙනෙකු පිරිනමනු. (යැයි පැවසුවේය.)
آية رقم 101
එවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳ ව අපි ඔහුට ශුභාරංචි දුන්නෙමු.
ඔහු සමග ඇවිද යන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන්ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක්දැයි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතුරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසීය.
آية رقم 103
පසු ව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්‍රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහු ව මුණින් අතට පෙරළා දැමීය.
آية رقم 104
තවද ‘අහෝ ඉබ්‍රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු.
آية رقم 105
“සැබැවින්ම ඔබ සිහිනය සැබෑ කළෙහිය.” නියත වශයෙන්ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
آية رقم 106
නියත වශයෙන්ම පැහැදිලි පරීක්ෂාව මෙයමය.
آية رقم 107
මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු.
آية رقم 108
තවද සෙස්සන් අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.
آية رقم 109
“ඉබ්‍රාහීම් වෙත ශාන්තිය අත්වේවා!”
آية رقم 110
අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
آية رقم 111
නියත වශයෙන්ම ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් විය.
آية رقم 112
තවද අපි දැහැමියන් අතුරින් නබිවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට ශුභාරංචි දැන්වූයෙමු.
තවද අපි ඔහු වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ටම අපරාධ කර ගන්නා අය ද විය.
آية رقم 114
තවද සැබැවින්ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු.
آية رقم 115
තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්‍යසනයෙන් මුදවා ගත්තෙමු.
آية رقم 116
තවද අපි ඔවුනට උදව් කළෙමු. එහෙයින් ඔවුහු අබිබවා යන්නන් වූහ.
آية رقم 117
තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු.
آية رقم 118
තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූයෙමු.
آية رقم 119
තවද සෙස්සන් අතර ඔවුන් දෙදෙනා වෙත (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.
آية رقم 120
තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!
آية رقم 121
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ත්‍යාග පිරිනමනුයේ එලෙසය.
آية رقم 122
නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් වෙති.
آية رقم 123
තවද නියත වශයෙන්ම ඉල්යාස් දහම් දූතයින් අතුරිනි.
آية رقم 124
“නුඹලා බැතිමත් නොවන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු.
آية رقم 125
“මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටතයා අතහැර දමා නුඹලා (බඅල් නම්) වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද?
آية رقم 126
ඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය.
آية رقم 127
නමුත් ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වූහ.
آية رقم 128
නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
آية رقم 129
තවද සෙස්සන් අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.
آية رقم 130
ඉල්යාසීන් වෙත ශාන්තිය අත්වේවා!
آية رقم 131
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
آية رقم 132
නියත වශයෙන්ම ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් වෙයි.
آية رقم 133
තවද නියත වශයෙන්ම ලූත් දහම් දූතයින් අතුරිනි.
آية رقم 134
ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 135
ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර
آية رقم 136
පසු ව අපි සෙස්සන් සහමුලින්ම විනාශ කළෙමු.
آية رقم 137
තවද නියත වශයෙන්ම නුඹලා උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහුය.
آية رقم 138
රාත්‍රියෙහි ද (ඔවුන්ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන පසුකර ගමන් ගන්නෙහුය) එහෙයින් නුඹලා වටහා නොගන්නෙහු ද?
آية رقم 139
තවද නියත වශයෙන්ම යූනුස් දහම් දූතයින් අතුරිනි.
آية رقم 140
පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු.
آية رقم 141
එවිට කුසපත් ඇද්දේය. එවිට ඔහු කුසපත් ඇදීමෙන් තෝරා ගනු ලැබූවන් අතුරින් විය.
آية رقم 142
පසු ව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමීය.
آية رقم 143
නියත වශයෙන්ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතුරින් කෙනෙකු නොවී නම්
آية رقم 144
ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි.
آية رقم 145
එවිට ඔහු රෝගී ව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු.
آية رقم 146
තවද අපි ඒ මත වැල් වලින් යුත් (ලබු වැනි) ගසක් හට ගැන්වූයෙමු.
آية رقم 147
තවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත දහම් දූතයකු ලෙස එව්වෙමු
آية رقم 148
එවිට ඔවුහු විශ්වාස කළෝය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.
آية رقم 149
ඔබේ පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් දැයි ඔබ ඔවුන්ගෙන් කරුණු විමසනු.
آية رقم 150
එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?
آية رقم 151
දැන ගනු. නියත වශයෙන්ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ
آية رقم 152
අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
آية رقم 153
ඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේද?
آية رقم 154
නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
آية رقم 155
නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
آية رقم 156
නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි බලයක් තිබේ ද?
آية رقم 157
එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ (බල සහිත) පුස්තකය ගෙන එනු.
තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝය. තවද නියත වශයෙන්ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්නුන් සැබැවින්ම දැනගත්තෝය.
آية رقم 159
ඔවුන් ආරෝපණය කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
آية رقم 160
නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
آية رقم 161
එහෙයින් සැබැවින්ම නුඹලා හා නුඹලා නමදින දෑ
آية رقم 162
ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නුඹලා නැත.
آية رقم 163
නිරා ගින්නට පිවිසීමට කළින් නියම කරනු ලැබුවන් හැර
آية رقم 164
නියම කරනු ලැබූ ස්ථානයක් තමන්ට හිමිව ඇත්තන් මිස අප අතුරින් (කිසිවෙක්) නැත.
آية رقم 165
තවද නියත වශයෙන්ම අපමය පෙළගැසෙන්නෝ.
آية رقم 166
තවද නියත වශයෙන්ම අපමය පිවිතුරු කරන්නෝ.
آية رقم 167
ඔවුහු පවසමින් සිටියෝය.
آية رقم 168
මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින්ම අප වෙත තිබුණේ නම්
آية رقم 169
සැබැවින්ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝය.)
آية رقم 170
නමුත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
آية رقم 171
දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන් හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින්ම පෙරටු විය.
آية رقم 172
නියත වශයෙන්ම ඔවුහුමය උදව් කරනු ලබන්නෝ.
آية رقم 173
තවද නියත වශයෙන්ම අපගේ සේනාව වන ඔවුහුමය (අබිබවා යමින්) ජය ලබන්නෝ.
آية رقم 174
එහෙයින් ඔබ මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.
آية رقم 175
තවද ඔවුන් ගැන ඔබ බලා සිටිනු. එවිට ඔවුන් (ඔවුන්ගේ දඬුවම) මතු දකිනු ඇත.
آية رقم 176
එහෙයින් අපගේ දඬුවම ද ඔවුන් ඉක්මණින් පතනුයේ?
آية رقم 177
ඔවුන්ගේ මිදුලට එය පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය.
آية رقم 178
මද කලක් දක්වා ඔවුන්ගෙන් ඔබ ඉවත් ව සිටිනු.
آية رقم 179
තවද ඔවුන් ගැන ඔබ බලා සිටිනු. එවිට ඔවුන්(ගේ දඬුවම) මතු දකිනු ඇත.
آية رقم 180
ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.
آية رقم 181
සියලුම දහම් දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!
آية رقم 182
ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිය.
تقدم القراءة