ترجمة معاني سورة المؤمنون باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الإنجليزية - صحيح انترناشونال
المنتدى الإسلامي
الترجمة الإنجليزية
الترجمة الفرنسية - المنتدى الإسلامي
نبيل رضوان
الترجمة الإسبانية
محمد عيسى غارسيا
الترجمة الإسبانية - المنتدى الإسلامي
الترجمة الإسبانية (أمريكا اللاتينية) - المنتدى الإسلامي
المنتدى الإسلامي
الترجمة البرتغالية
حلمي نصر
الترجمة الألمانية - بوبنهايم
عبد الله الصامت
الترجمة الألمانية - أبو رضا
أبو رضا محمد بن أحمد بن رسول
الترجمة الإيطالية
عثمان الشريف
الترجمة التركية - مركز رواد الترجمة
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة التركية - شعبان بريتش
شعبان بريتش
الترجمة التركية - مجمع الملك فهد
مجموعة من العلماء
الترجمة الإندونيسية - شركة سابق
شركة سابق
الترجمة الإندونيسية - المجمع
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الإندونيسية - وزارة الشؤون الإسلامية
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الفلبينية (تجالوج)
مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الفارسية - دار الإسلام
فريق عمل اللغة الفارسية بموقع دار الإسلام
الترجمة الفارسية - حسين تاجي
حسين تاجي كله داري
الترجمة الأردية
محمد إبراهيم جوناكري
الترجمة البنغالية
أبو بكر محمد زكريا
الترجمة الكردية
حمد صالح باموكي
الترجمة البشتوية
زكريا عبد السلام
الترجمة البوسنية - كوركت
بسيم كوركورت
الترجمة البوسنية - ميهانوفيتش
محمد مهانوفيتش
الترجمة الألبانية
حسن ناهي
الترجمة الأوكرانية
ميخائيلو يعقوبوفيتش
الترجمة الصينية
محمد مكين الصيني
الترجمة الأويغورية
محمد صالح
الترجمة اليابانية
روايتشي ميتا
الترجمة الكورية
حامد تشوي
الترجمة الفيتنامية
حسن عبد الكريم
الترجمة الكازاخية - مجمع الملك فهد
خليفة الطاي
الترجمة الكازاخية - جمعية خليفة ألطاي
جمعية خليفة الطاي الخيرية
الترجمة الأوزبكية - علاء الدين منصور
علاء الدين منصور
الترجمة الأوزبكية - محمد صادق
محمد صادق محمد
الترجمة الأذرية
علي خان موساييف
الترجمة الطاجيكية - عارفي
فريق متخصص مكلف من مركز رواد الترجمة بالشراكة مع موقع دار الإسلام
الترجمة الطاجيكية
خوجه ميروف خوجه مير
الترجمة الهندية
مولانا عزيز الحق العمري
الترجمة المليبارية
عبد الحميد حيدر المدني
الترجمة الغوجراتية
رابيلا العُمري
الترجمة الماراتية
محمد شفيع أنصاري
الترجمة التلجوية
مولانا عبد الرحيم بن محمد
الترجمة التاميلية
عبد الحميد الباقوي
الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الأسامية
رفيق الإسلام حبيب الرحمن
الترجمة الخميرية
جمعية تطوير المجتمع الاسلامي الكمبودي
الترجمة النيبالية
جمعية أهل الحديث المركزية
الترجمة التايلاندية
مجموعة من جمعية خريجي الجامعات والمعاهد بتايلاند
الترجمة الصومالية
محمد أحمد عبدي
الترجمة الهوساوية
الترجمة الأمهرية
محمد صادق
الترجمة اليورباوية
أبو رحيمة ميكائيل أيكوييني
الترجمة الأورومية
الترجمة التركية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفرنسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإندونيسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفيتنامية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة البوسنية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإيطالية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفلبينية (تجالوج) للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفارسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
Dr. Ghali - English translation
Muhsin Khan - English translation
Pickthall - English translation
Yusuf Ali - English translation
Azerbaijani - Azerbaijani translation
Sadiq and Sani - Amharic translation
Farsi - Persian translation
Finnish - Finnish translation
Muhammad Hamidullah - French translation
Korean - Korean translation
Maranao - Maranao translation
Abdul Hameed and Kunhi Mohammed - Malayalam translation
Salomo Keyzer - Flemish (Dutch) translation
Norwegian - Norwegian translation
Samir El - Portuguese translation
Polish - Polish translation
Romanian - Romanian translation
Elmir Kuliev - Russian translation
Albanian - Albanian translation
Tatar - Tatar translation
Japanese - Japanese translation
محمد جوناگڑھی - Urdu translation
Ma Jian - Chinese translation
Turkish - Turkish translation
King Fahad Quran Complex - Thai translation
Ali Muhsin Al - Swahili translation
Abdullah Muhammad Basmeih - Malay translation
Hamza Roberto Piccardo - Italian translation
Indonesian - Indonesian translation
Bubenheim & Elyas - German / Deutsch translation
Bosnian - Bosnian translation
Hasan Efendi Nahi - Albanian translation
Sherif Ahmeti - Albanian translation
Sahih International - English translation
Czech - Czech translation
Abul Ala Maududi(With tafsir) - English translation
Tajik - Tajik translation
Alikhan Musayev - Azerbaijani translation
Muhammad Saleh - Uighur; Uyghur translation
Abdul Haleem - English translation
Mufti Taqi Usmani - English translation
Muhammad Karakunnu and Vanidas Elayavoor - Malayalam translation
Sheikh Isa Garcia - Spanish; Castilian translation
Divehi - Divehi; Dhivehi; Maldivian translation
Abubakar Mahmoud Gumi - Hausa translation
Mahmud Muhammad Abduh - Somali translation
Knut Bernström - Swedish translation
Jan Trust Foundation - Tamil translation
Mykhaylo Yakubovych - Ukrainian translation
Uzbek - Uzbek translation
Diyanet Isleri - Turkish translation
Ministry of Awqaf, Egypt - Russian translation
Abu Adel - Russian translation
Burhan Muhammad - Kurdish translation
Dr. Mustafa Khattab, The Clear Quran - English translation
Dr. Mustafa Khattab - English translation
الترجمة الإنجليزية - مركز رواد الترجمة
الترجمة الفرنسية - محمد حميد الله
الترجمة البوسنية - مركز رواد الترجمة
الترجمة الصربية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة الألبانية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة اليابانية - سعيد ساتو
الترجمة الفيتنامية - مركز رواد الترجمة
الترجمة التاميلية - عمر شريف
الترجمة السواحلية - عبد الله محمد وناصر خميس
الترجمة اللوغندية - المؤسسة الإفريقية للتنمية
الترجمة الإنكو بامبارا - ديان محمد
الترجمة العبرية
الترجمة الإنجليزية للمختصر في تفسير القرآن الكريم
الترجمة الروسية للمختصر في تفسير القرآن الكريم
الترجمة البنغالية للمختصر في تفسير القرآن الكريم
الترجمة الصينية للمختصر في تفسير القرآن الكريم
الترجمة اليابانية للمختصر في تفسير القرآن الكريم
ترجمة معاني القرآن الكريم - عادل صلاحي
عادل صلاحي
ﰡ
آية رقم 1
ﭑﭒﭓ
ﭔ
දෙවිඳුන් පිළිබඳ විශ්වාසය ඇත්තෝ සැබැවින්ම ජය ලැබුවෝය.
آية رقم 2
ﭕﭖﭗﭘﭙ
ﭚ
ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති.
آية رقم 3
ﭛﭜﭝﭞﭟ
ﭠ
තවද ඔවුහු වනාහි නිෂ්ඵල දැයින් වැළකෙන්නෝ වෙති.
آية رقم 4
ﭡﭢﭣﭤ
ﭥ
තවද ඔවුහු වනාහි සකාත් ඉටු කරන්නෝ වෙති.
آية رقم 5
ﭦﭧﭨﭩ
ﭪ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
آية رقم 6
නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් වහල් කාන්තාවන් (සමග) හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුහු දොස් නගනු ලබන්නන් නොවෙති.
آية رقم 7
එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද? එවිට ඔවුහුමය සීමාව ඉක්මවා යන්නෝ.
آية رقم 8
ﭾﭿﮀﮁﮂ
ﮃ
තවද ඔවුහු වනාහි ඔවුන් වෙත පැවරුණු පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් (නිසි අයුරින්) මෙහෙයවන්නෝ වෙති.
آية رقم 9
ﮄﮅﮆﮇﮈ
ﮉ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් කෙරෙහි සුරක්ෂාවෙන් සිටින්නෝ වෙති.
آية رقم 10
ﮊﮋﮌ
ﮍ
ඔවුහුමය උරුමක්කරුවෝ
آية رقم 11
ﮎﮏﮐﮑﮒﮓ
ﮔ
ෆිර්දවුස්(නම් ස්වර්ග)ය උරුම කර ගත්තෝ ඔවුන්ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
آية رقم 12
සැබැවින්ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු.
آية رقم 13
ﮝﮞﮟﮠﮡﮢ
ﮣ
පසු ව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණුවක් ලෙස තැන්පත් කළෙමු.
آية رقم 14
පසු ව අපි එම ශුක්‍රාණු ව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසු ව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසු ව අපි ඔහු ව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් මැවීම් අතුරින් වඩාත් අලංකාර වූ අල්ලාහ් අති උත්කෘෂ්ට විය.
آية رقم 15
ﯜﯝﯞﯟﯠ
ﯡ
ඉන් අනතුරු ව නියත වශයෙන්ම නුඹලා මරණයට පත් වන්නෝ වෙති.
آية رقم 16
ﯢﯣﯤﯥﯦ
ﯧ
පසු ව නියත වශයෙන්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නැගිටු වනු ලබති.
آية رقم 17
තවද නුඹලාට ඉහළින් මාවත් හතක් මැව්වෙමු. තවද මැවීම් පිළිබඳ ව අපි අනවධානීන් නොවූයෙමු.
آية رقم 18
තවද අපි අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කර මහපොළොවට පතිත කළෙමු. එමෙන්ම නියත වශයෙන්ම අපි එය පහ කිරීමටත් බලය ඇත්තෝ වන්නෙමු.
آية رقم 19
පසු ව අපි එමගින් නුඹලාට ඉඳි හා මිදියෙන් යුත් උයන් බිහි කළෙමු. එහි නුඹලාට අධික පලතුරුද ඇත. එමගින් නුඹලා අනුභව කරන්නෙහුය.
آية رقم 20
තවද තූර් සයිනා කන්දෙන් මතු වන ගසක් ද (අපි බිහි කළෙමු.) එය තෙල් හා අනුභව කරන්නන්හට රුචිය ද හට ගන්වයි.
آية رقم 21
තවද නියත වශයෙන්ම ගොවිපළ සතුන් තුළ නුඹලාට පාඩමක් ඇත. උන්ගේ උදරය තුළ ඇති දැයින් අපි නුඹලාට පානය සපයන්නෙමු. තවද නුඹලාට එහි බොහෝ ප්‍රයෝජන ද ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහුය.
آية رقم 22
ﮉﮊﮋﮌ
ﮍ
තවද ඒ මත ද නැව මත ද නුඹලා උසුලාගෙන යනු ලබන්නෙහුය.
آية رقم 23
තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු අහෝ ! මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ ද?
آية رقم 24
ඔහුගේ ජනයා අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් අතර වූ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලාට වඩා උසස් වන්නට ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් අභිමත කළේ නම් මලක්වරුන් පහළ කරන්නට තිබුණි. මේ පිළිබඳ ව අපගේ මුල් මුතුන් මිත්තන්ගෙන් පවා අප අසා නැත’ යැයි පැවසූහ.
آية رقم 25
ඔහු උමතු ව ඇති මිනිසකු මිස නැත. එහෙයින් ටික කලක් දක්වා ඔහු ගැන බලා පොරොත්තුවෙන් සිටිනු.
آية رقم 26
ﯧﯨﯩﯪﯫ
ﯬ
මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව ! යැයි ඔහු පැවසුවේය.
آية رقم 27
අපගේ අධීක්ෂණය හා අපගේ දේව පණිවිඩ අනුව නුඹ නැව තනනු යැයි අපි ඔහු වෙත දේව පණිවිඩ එව්වෙමු. අපගේ නියෝගය පැමිණි විට හා ලිප උතුරන විට සෑම දෙයක ජෝඩුවකින්ම දෙදෙනෙකු බැගින් ද ඔවුන් අතරින් කවරෙකු කෙරෙහි ප්‍රකාශය පෙරටු වූයේ ද එවන් අය හැර නුඹගේ පවුලේ සෙසු අය ද එහි කැටුවා ගෙන යනු. අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමග කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුහු ගිල් වනු ලබන්නන් වෙති.
آية رقم 28
නුඹ හා නුඹ සමග වූවන් නැව මත ස්ථාපිත වූ විට, ‘අපරාධකාරී ජනයාගෙන් අප මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා’ යැයි නුඹ පවසනු.
آية رقم 29
තවද මාගේ පරමාධිපතියාණනි, සමෘද්ධිමත් ස්ථානයකට මා ගොඩ බස්වනු මැනව ! තවද නුඹ ගොඩ බස්වන්නන් අතර ශ්‍රේෂ්ඨය යැයි නුඹ පවසනු.
آية رقم 30
නියත වශයෙන්ම එහි සංඥා ඇත. තවද සැබැවින්ම අපි පරීක්ෂා කරනු ලබන්නන් වූයෙමු.
آية رقم 31
ﭲﭳﭴﭵﭶﭷ
ﭸ
අනතුරු ව ඔවුන්ගෙන් පසු ව අපි වෙනත් පරපුරක් බිහි කළෙමු.
آية رقم 32
‘නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැ’යි විමසමින් අපි ඔවුන්ගෙන් වූ රසූල්වරයකු එවිට ඔවුන් අතරට එව්වෙමු.
آية رقم 33
ඔහුගේ ජනයා අතුරින් මෙලොව ජීවිතයෙහි අපි ඔවුනට දායාද කළ, පරමාන්ත දිනයේ හමු ව බොරු කළ දේව ප්රතික්ෂේපකයින් අතුරින් වූ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි’ යැයි පැවසුවෝය.
آية رقم 34
නුඹලා මෙන් වූ මිනිසකුට නුඹලා යටත් වූයේ නම් නියත වශයෙන්ම නුඹලා එවිට අලාභවන්තයෝ වන්නෙහුය.
آية رقم 35
නියත වශයෙන්ම නුඹලා මිය ගොස්, පස් හා අස්ථි බවට නුඹලා පත් වූ විට නියත වශයෙන්ම නුඹලා (ට නැවත ප්‍රාණය දී) බැහැර කරනු ලබන්නෝ යැයි ඔහු නුඹලාට අවවාද කරන්නේද ?
آية رقم 36
ﯖﯗﯘﯙﯚ
ﯛ
නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ ඉතා දුරස්ය. ඉතා දුරස්ය.
آية رقم 37
මෙය, අපගේ මෙලොව ජීවිතය හැර වෙනෙකක් නොවේ. අපි මිය යන්නෙමු. තවද අපි ජීවත් වන්නෙමු. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.
آية رقم 38
ඔහු අල්ලාහ් කෙරෙහි බොරුවක් ගොතා පවසන මිනිසෙකු මිස නැත. තවද අපි ඔහු ව විශ්වාස කරන්නන් නොවෙමු.
آية رقم 39
ﯴﯵﯶﯷﯸ
ﯹ
මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව !
آية رقم 40
ﯺﯻﯼﯽﯾ
ﯿ
මද කලකින් සැබැවින්ම ඔවුන් පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇතැයි ඔහු පැවසුවේය.
آية رقم 41
එවිට මහා හඬ නියම අයුරින් ඔවුන් ව හසු කර ගත්තේය. පසු ව වියළී ගිය ඉපැනැලි බවට අපි ඔවුන් පත් කළෙමු. අපරාධකාරී ජනයාට ශාපයක්ම වේවා !
آية رقم 42
ﰊﰋﰌﰍﰎﰏ
ﰐ
අනතුරු ව ඔවුන්ගෙන් පසු ව අපි වෙනත් පරම්පරාවන් බිහි කළෙමු.
آية رقم 43
කිසිදු සමූහයක් එහි නියමිත කාලය අබිබවා නොයයි. තවද ඔවුහු ප්‍රමාද ද නොවෙති.
آية رقم 44
පසු ව අපගේ දූතවරුන් අනුපිළිවෙළින් අපි එව්වෙමු. සමූහයක් වෙත එහි රසූල්වරයා පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝය. එහෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකු විසින් ඇතැමෙකුට (දඬුවම) අනුගමනය කෙරෙව්වෙමු. තවද අපි ඔවුන් පුරාණ කතා බවට පත් කළෙමු. එහෙයින් විශ්වාස නොකරන ජනයාට ශාපයක්ම වේවා!
آية رقم 45
පසු ව අපි අපගේ සංඥා හා පැහැදිලි අණ බලය සමග මූසා හා ඔහුගේ සහෝදර හාරූන් යැව්වෙමු.
آية رقم 46
ෆිර්අවුන් වෙත හා ඔහුගේ ප්‍රධානීන් වෙත. නමුත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අහංකාර පිරිසක් වූහ.
آية رقم 47
ඔවුන් දෙදෙනාගේ ජනයා අපට ගැතිකම් කරන්නන් ලෙස සිටිය දී අප මෙන් මිනිසුන් දෙදෙනෙකු අපි විශ්වාස කරන්නෙමු ද? යැයි ඔවුහු පැවසුවෝය.
آية رقم 48
ﮉﮊﮋﮌ
ﮍ
එහෙයින් ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝය. එවිට ඔවුහු විනාශ කරනු ලැබූවන් අතුරින් වූහ.
آية رقم 49
ﮎﮏﮐﮑﮒﮓ
ﮔ
තවද ඔවුන් ඍජු මග ලැබිය හැකි වනු පිණිස සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු.
آية رقم 50
තවද මර්යම්ගේ පුත් හා ඔහුගේ මව සංඥාවක් බවට අපි පත් කළෙමු. උල්පත් හා තැනිතලා සහිත උස් තලාවක ඔවුන් දෙදෙනාට අපි නවාතැන් දුනිමු.
آية رقم 51
අහෝ ! දූතවරුනි, පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද දැහැමි කටයුතු සිදු කරනු. නියත වශයෙන්ම මා නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
آية رقم 52
නුඹලාගේ මෙම සමාජය එකම සමාජයකි. තවද මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.
آية رقم 53
නමුත් ඔවුහු ඔවුන්ගේ කරුණ ඔවුන් අතර වෙන් වෙන් ව බෙදා වෙන් කර ගත්තෝය. සෑම පක්ෂයක්ම ඔවුන් සතු දෑ පිළිබඳ ව සතුටු වන්නෝ වූහ.
آية رقم 54
ﯣﯤﯥﯦﯧ
ﯨ
එහෙයින් මද කලකට ඔවුන්ගේ අඥානකමෙහි නුඹ ඔවුන් අත් හැර දමනු.
آية رقم 55
අප කවර දෙයක් ධනයෙන් හා දරුවන්ගෙන් ඔවුනට පිරිනමන්නේ ද එමගින්...
آية رقم 56
අපි ඔවුනට යහපත ඉක්මන් කරන්නෙමු යැයි ඔවුහු සිතන්නෝද? නැත. ඔවුහු (ඒ බව) නොහඟති.
آية رقم 57
නියත වශයෙන්ම ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපති ගැන වූ බිය හේතුවෙන් තැති ගන්නෝ වෙති.
آية رقم 58
ﰂﰃﰄﰅﰆ
ﰇ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් පිළිබඳ ව විශ්වාස කරන්නෝ වෙති.
آية رقم 59
ﰈﰉﰊﰋﰌ
ﰍ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ තබන්නන් නොවෙති.
آية رقم 60
නියත වශයෙන්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙත නැවත හැරෙන්නන් වනු ඇතැයි ඔවුන්ගේ හදවත් තැති ගනිමින් තිබිය දී ඔවුනට පිරිනැමූ දෑ ඔවුහු පිරිනමති.
آية رقم 61
යහකම් කිරීමෙහි යුහුසුලු වනුයේ ඔවුහුමය. තවද ඔවුහු ඒ සඳහා ඉදිරියෙන් සිටින්නෝ වෙති.
آية رقم 62
කිසිදු ආත්මයකට එහි ප්‍රමාණයට මිස අපි (කිසිවක්) නොපටවන්නෙමු. සත්‍යය කතා කරන පුස්තකයක් අප අතර ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
آية رقم 63
නමුත් ඔවුන්ගේ හදවත් මේ පිළිබඳ ව අඥානභාවයෙහි පවතී. තවද ඔවුනට මේ හැර වෙනත් ක්‍රියාදාමයන් ද ඇත. ඔවුහු එය සිදු කරන්නෝ වෙති.
آية رقم 64
අපි ඔවුන් අතර වූ උඩඟු වූවන් දඬුවමින් හසු කරගන්නා තෙක් එසේ පවතී. එවිට ඔවුහු බැගෑපත් වෙති.
آية رقم 65
අද දින නුඹලා බැගෑපත් නොවනු. නියත වශයෙන්ම නුඹලා අපගෙන් උදව් නොලබනු ඇත.
آية رقم 66
නුඹලා කෙරෙහි මාගේ වදන් පාරායනය කරනු ලබමින් තිබිණ. නුඹලා (එයින්) වැළකී නුඹලාගේ විළුඹු කරා නුඹලා හැරී පලා යමින් සිටියෙහුය.
آية رقم 67
ﮝﮞﮟﮠ
ﮡ
එවිට නුඹලා ඒ ගැන උඩඟුවන්නන් ලෙසින් රාත්‍රියේ පුහු කතා වල නිරතවෙමින් (සිටියෙහුය.)
آية رقم 68
එහෙයින් ඔවුහු එම ප්‍රකාශය පරිශීලනය නොකළෙහු ද? එසේ නැතහොත් ඔවුන්ගේ මුල් මුතුන් මිත්තන්හට නොපැමිණි දෑ ඔවුන් වෙත පැමිණ තිබේ ද?
آية رقم 69
එසේ නැතහොත් ඔවුන්ගේ ධර්ම දූතයාණන් ගැන ඔවුහු නොදැන, එහෙයින් ඔවුහු ඔහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?
آية رقم 70
එසේ නැතහොත් ඔහුට උමතු ව වැලඳ ඇතැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔහු ඔවුන් වෙත සත්‍යය සමග පැමිණියේය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වූහ.
آية رقم 71
සත්‍යය ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළේ නම් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති අය ද විනාශ වී යනු ඇත. එසේ නොව, ඔවුනට මෙනෙහි කිරීමක් අපි පිරිනැමුවෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ මෙනෙහි කිරීමෙන් වැළකෙන්නෝ වූහ.
آية رقم 72
එසේ නැතහොත්, නුඹලා ඔවුන්ගෙන් යම් කුලියක් ඉල්ලුවෙහි ද? නුඹගේ පරමාධිපතිගේ කුලිය ශ්‍රේෂ්ඨය. තවද ඔහු පෝෂකයින් අතුරින්ද ශ්රේෂ්ඨයාය.
آية رقم 73
ﯿﰀﰁﰂﰃ
ﰄ
තවද නියත වශයෙන්ම නුඹ ඔවුන් ඍජු මාර්ගය වෙත ඇරයුම් කරන්නෙහිය.
آية رقم 74
තවද නියත වශයෙන්ම මතු ලොව විශ්වාස නොකරන්නන් එම මාර්ගයෙන් හැරෙන්නෝ වෙති.
آية رقم 75
තවද අපි ඔවුනට කරුණාව දක්වා ඔවුනට වැලඳුණු පීඩාව අපි පහ කළේ නම් ඔවුහු ඔවුන්ගේ මුළාවෙහිම ව්‍යාකූලත්වයෙන් වෙළී එල්බ සිටිනු ඇත.
آية رقم 76
තවද සැබැවින්ම අපි ඔවුන් දඬුවමින් ග්‍රහණය කළෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටහත් නොවූහ. තවද ඔවුහු බැගෑපත් නොවූහ.
آية رقم 77
අපි ඔවුන් වෙත දැඩි දඬුවමින් යුත් දොරටු විවෘත කළ විට ඔවුහු එහි බලාපොරොත්තු සුන් වූවෝ වූහ.
آية رقم 78
නුඹලාට ශ්‍රවණය ද දෘෂ්ටීන් ද හදවත් ද ඇති කළේ ඔහුමය. නුඹලා කෘතඥ වනුයේ ස්වල්පයකි.
آية رقم 79
මහපොළොවේ නුඹලා ව මැව්වේ ඔහුමය. තවද ඔහු වෙතම නුඹලා රැස් කරනු ලබනු ඇත.
آية رقم 80
ජීවය දෙන්නා ද මරණයට පත් කරන්නා ද ඔහුය. රාත්‍රිය හා දහවල වෙනස් වීම ඔහු සතුය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නොවේ ද?
آية رقم 81
ﮔﮕﮖﮗﮘﮙ
ﮚ
එසේ නොව, මුතුන් මිත්තන් පැවසුවාක් මෙන් ඔවුහු ද පැවසුවෝය.
آية رقم 82
අපි මියගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෙමු දැයි ඔවුහු විමසූහ.
آية رقم 83
මීට පෙර අප හා අපගේ මුතුන් මිත්තන් මේ සම්බන්ධයෙන් ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය මුතුන් මිත්තන්ගේ ප්රබන්ධයන් මිස නැත.
آية رقم 84
නුඹලා දැන සිටියෙහු නම් මහපොළොව හා එහි ඇත්තන් කවුරුන් සතුදැ?යි නුඹ විමසනු.
آية رقم 85
ﯛﯜﯝﯞﯟﯠ
ﯡ
අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා මෙනෙහි කළ යුතු නොවේදැයි විමසනු.
آية رقم 86
අහස් හතෙහි හිමිපාණන් හා මහත් වූ අර්ෂ්හි හිමිපාණන් කවුරුන්දැයි නුඹ විමසනු.
آية رقم 87
ﯫﯬﯭﯮﯯﯰ
ﯱ
අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැ?යි නුඹ විමසනු.
آية رقم 88
සියලු දෑහි පාලනයන් තම අතෙහි ඇත්තා කවුරුන්දැයි නුඹ විමසනු. තවද ඔහු තීන්දු කරයි. නමුත් ඔහු වෙත තීන්දු කරනු නොලැබේ. නුඹලා දැන සිටියාහු නම් !
آية رقم 89
ﰁﰂﰃﰄﰅﰆ
ﰇ
අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා (නොමග වෙත) වශී කරනු ලබනුයේ කෙසේදැයි නුඹ විමසනු.
آية رقم 90
ﭑﭒﭓﭔﭕ
ﭖ
එසේ නොව, අපි ඔවුන් වෙත සත්‍යය ගෙන ආවෙමු. තවද නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
آية رقم 91
අල්ලාහ් කිසිදු දරුවකු නොගත්තේය. තවද ඔහු සමග කිසිදු දෙවියකු ද නොවීය. එසේ වූ විට සෑම දෙවියෙකුම ඔහු මැවූ දෑ සමග පහ ව යනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වනු ඇත. ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුපිවිතුරුය.
آية رقم 92
ﭲﭳﭴﭵﭶﭷ
ﭸ
ඔහු ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානීය. එහෙයින් ඔවුන් ආදේශ තබන දැයින් ඔහු උත්තරීතර විය.
آية رقم 93
ﭹﭺﭻﭼﭽﭾ
ﭿ
මාගේ පරමාධිපතියාණනි, ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන දෑ නුඹ මට මෙන් පෙන්වා දෙන්නේ නම් ! යැයි නුඹ පවසනු.
آية رقم 94
ﮀﮁﮂﮃﮄﮅ
ﮆ
මාගේ පරමාධිපතියාණනි, අපරාධකාරී ජනයා අතරට මා පත් නොකරනු මැනව!
آية رقم 95
තවද අප ඔවුනට ප්‍රතිඥා දෙන දෑ නුඹට අප පෙන්වීමට නියත වශයෙන්ම අපි බලය ඇත්තෝ වෙමු.
آية رقم 96
වඩාත් අලංකාර වනුයේ කුමක් ද එමගින් නුඹ නපුර වළක්වා ගනු. ඔවුන් වර්ණනා කරන දෑ පිළිබඳ ව අපි මැනවින් දන්නෙමු.
آية رقم 97
මාගේ පරමාධිපතියාණනි, ෂෙයිතානුන්ගේ පෙලඹවීම් වලින් මම නුඹගෙන් ආරක්ෂාව පතමි යැයි නුඹ පවසනු.
آية رقم 98
ﮢﮣﮤﮥﮦ
ﮧ
තවද මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා වෙත සම්මුඛ වීමෙන් මම නුඹගෙන් ආරක්ෂාව පතමි.
آية رقم 99
ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණි විට මාගේ පරමාධිපතියාණනි, නුඹ මා නැවත හරවා යවනු මැනව ! යැයි ඔහු පවසයි.
آية رقم 100
දැහැමි දෑ සිදු කරනු වස් (මා නැවත හරවා යවනු මැනව !) එසේ නොව නියත වශයෙන්ම එය ඔහු පවසන ප්‍රකාශයක් පමණි. ඔවුන්ගෙන් පසු ව ඔවුන් නැවත නැගිටු වනු ලබන දිනය දක්වා බාධකයක් ඇත.
آية رقم 101
එවිට හොරණෑවෙහි පිඹිනු ලැබූ විට එදින ඔවුන් අතර කිසිදු සම්බන්ධතාවක් නොපවතී. තවද ඔවුන් එකිනෙකා විමසා නොගනිති.
آية رقم 102
ﯱﯲﯳﯴﯵﯶ
ﯷ
එහෙයින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද එවිට ඔවුහුමය ජයග්‍රාහකයෝ.
آية رقم 103
තවද කවරෙකුගේ තුලාව බරින් සැහැල්ලු වූයේ ද එසේ වූ විට තමන්ටම අලාභහානි කර ගත්තෝ ඔවුහුමය. ඔවුහු නිරයේ සදාතනිකයෝ වෙති.
آية رقم 104
ﰃﰄﰅﰆﰇﰈ
ﰉ
(නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු දවාලයි. තවද ඔවුහු එහි තොල්පෙති විකෘති වූවෝ වෙති.
آية رقم 105
මාගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වනු නොලැබුවේ ද? එවිට නුඹලා එය බොරු කරමින් සිටියෙහුය.
آية رقم 106
අපගේ පරමාධිපතියාණනි, අපගේ අභාග්‍යය අපට ඉහළින් අබිබවා ගොස් ඇත. තවද අපි නොමග ගිය පිරිසක් වූයෙමු යැයි ඔවුහු පැවසූහ.
آية رقم 107
අපගේ පරමාධිපතියාණනි, අප ව ඉන් බැහැර කරනු මැනව! එසේ අපි හැරුණේ නම් එවිට නියත වශයෙන්ම අපි අපරාධකරුවෝ වෙමු.
آية رقم 108
ﭫﭬﭭﭮﭯ
ﭰ
නුඹලා එහි අවමානයෙන් ගත කරනු. තවද නුඹලා මට කතා නොකරනු යැයි ඔහු පවසයි.
آية رقم 109
නියත වශයෙන්ම මාගේ ගැත්තන් අතුරින් පිරිසක් විය. ඔවුහු අපගේ පරමාධිපතියාණනි, අපි විශ්වාස කළෙමු. එහෙයින් අපට සමාව දෙනු මැනව ! තවද අපට කරුණා කරනු මැනව ! තවද ඔබ කරුණාවන්තයින්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය යැයි පවසමින් සිටිති.
آية رقم 110
එවිට නුඹලා මා මෙනෙහි කිරීම ඔවුන් නුඹලාට අමතක කරවන තෙක් නුඹලා ඔවුන් සමච්චලයට ගත්තෙහුය. තවද නුඹලා ඔවුන් ගැන සිනහසෙමින් සිටියෙහුය.
آية رقم 111
ඔවුන් ඉවසීමෙන් සිටි බැවින් අද දින නියත වශයෙන්ම මම ඔවුනට ප්‍රතිඵල පිරිනැමුවෙමි. නියත වශයෙන්ම ඔවුහුමය ජයග්‍රාහකයෝ.
آية رقم 112
නුඹලා මහපොළොවෙහි කොපමණ වසර ගණනාවක් රැඳී සිටියෙහු ද?
آية رقم 113
දිනක් හෝ දිනක කොටසක් අපි රැඳී සිටියෙමු යැයි ඔවුහු පවසති. එහෙයින් නුඹ ගණන් කරන්නන්ගෙන් විමසනු.
آية رقم 114
නුඹලා ස්වල්ප කාලයක් මිස රැඳී නොසිටියෙහුය. නියත වශයෙන්ම නුඹලා දැන සිටියාහු නම් යැයි ඔහු පැවසුවේය.
آية رقم 115
නියත වශයෙන්ම අපි නුඹලා සහේතුවකින් මවා ඇතැයි ද නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?
آية رقم 116
එහෙයින් සත්‍ය රජු වූ අල්ලාහ් උත්තරීතරය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ගෞරවනීය අර්ෂ් හි හිමිපාණන්ය.
آية رقم 117
තවද කවරෙකු අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියසය. නියත වශයෙන්ම දේව ප්රතික්ෂේපකයෝ ජය නොලබනු ඇත.
آية رقم 118
මාගේ පරමාධිපතියාණනි, නුඹ සමාව දෙනු මැනව ! තවද කරුණා කරනු මැනව ! තවද නුඹ කරුණාවන්තයින්ගෙන් අති ශ්රේෂ්ඨයාණන්ය.
تقدم القراءة